Monday, April 6, 2015

මලගෙදර නැට්ටුක්කාරයෝ




මේ සිදුවීම උනේනම් මේ අවුරුද්දේ මුල වගේ.එදා අපේ යාලුවෙක්ගේ  තාත්තාගෙ මලගෙදර.යාලුවෙක් කිව්වට ලගම යාලුවෙක් නෙමෙයි,අදුරන කෙනෙක්.අපි ඉතින් සාමාන්‍යයෙන් මලගෙවල්,දානෙගෙවල් අතඅරින්නේ නෑනේ.ඉතින් අපි කස්ටියක්(6ක විතර පොඩි ගැන්ග් එකක්) රෑ 7ට විතර සෙට් වෙලා මලගෙදර නයිට ගහන්න යන්න සෙට්උනා.අපේ ගෙවල්වල ඉදලා කි.මී.2ක් විතර දුර තිබුනේ මලගෙදර.ඉතිං කස්ටිය මගදිගට ගල් පැලෙන බොරු එහෙම කියකිය ගමනාන්තයට සැපත් උනා.ගිය වෙලාවේ ඉදං අපිට කරන්න වැඩද නැත්තේ,අවසන් ගෞරව දක්වන එක පැත්තක තියලා (සාමාන්‍යයෙන් මලගෙදරක කොච්චර නයිට් ගැහුවත් කවදාවත් මං මිනිය දැකලා නෑ) සමහරු ඕමි ගහනවා,තවත් උන් කැරම් ගහනවා,තවත් උන් ෆෝන් ඔබඔබ මොනවද මන්ද බලනවා,තවත් කට්ටියක් බෙරිහන්දීගෙන එකඑකාව පජාත කරනවා..එක විකාරයයි..මෙහෙම කාලය ගෙවිලා යද්දි අපිට හිතුනා පොඩ්ඩක් රස්තාපාරක් ගහන්න නිදිමත මැකෙන්නත් එක්ක.ඒ ඒරියා එක ඇවිල්ලා වෙන්දේසිවත්තක්.වත්තක් කිව්වට වතුජාලයක්.ඉතින් පාරවල්වලින් එහෙම කිසි අඩුවක් නෑ.

ඉතින් අපේ මහා සංචාරය අරඹන්න ඕනෙත් වැදගත් වැඩකින් නිසා අපේ එකෙක් මහ පජාත වැඩක් කලා.පාර අයිනේ නවත්තලා තිබුන අපේ එකෙක්ගෙම(ඒ යකා ඒ වෙලාවේ කාඩ් ගහනවා) මදුරුවා බයික් එකක් උස්සගෙන ඇවිත් කැත නැතුව පාර මැද්දෙන් දැම්මා. අපිත් ඉතින් ඒක ඒ වෙලාවේ වැඩිය සිරා හිතුවේ නෑ.අපේ කරුමෙටද මන්දා ඒ වෙලාවෙම පාරදිගේ කාර් එකක් ආවා.අපි ඉතින් අරූට අතිසබ්‍ය විදියට බැනබැන එතතින් ඩෝන්ගාලා මාරුඋනා.කාර්එක ඇවිත් හෝන් ගගහ මලගෙදර දෙවනත් කරනවා.එතන ඉන්නඋන්ට ගානක්වත් නෑ.බැරිමතැන කාර්කාරයා වාහනෙන් බැහැලා ඇවිත් බැනබැන මදුරුවා අයින්කරලා යන්නගියා...

ඉතින් ඕකගැන කතාකර හිනාවෙවී අපි සෑහෙන්න දුරක් ඇවිදන් ආවා.එතකොටයි මගේ කුඩාමොලයට මතක්උනේ අපේ පන්සලේ කඨින පින්කම එදාකියලා.කඨිනේ තිබ්බ ගෙදරත් තිබ්බේ ඒලග.ඒ පැත්තට පොඩ්ඩක් මූණදාලා එනවා කියලා හිතලා කස්ටියක් එක්ක ගෙවල් හොයාගෙන ගියා.එතකොට පාන්දර එකට විතර ඇති.රෑට කාලාත් සෑහෙන වෙලා නිසා හැමොටම මාර බඩගින්නක් තිබුනේ.කඨිනේ ගෙදරින්වත් මොනවහරි ආමාෂගත කරගන්න පුලුවන් කියලා හිතලා එතනට ලංඋනා.මොන අවාසනාවකටද මන්දා අපේ කඨිනේ උනාට තිබුන ගෙදර තියෙන්නේ අපේගමේ නෙමෙයි.ඉතින් මොකාවත් අදුරන්නේ නෑ.ටිකක් එහෙමෙහෙ කැරකුණාට කෑමක් පේන්නවත් නෑ.ඔහොම ඉන්නකොට එතනට කස්ටියක් ආවා.අපිට තේරුණවිදියට නැටුම් කණඩායම.එයාල ලගපාත තිබුන ගෙදරකට ඇදගන්න කියලා ගියා.දැං මට බඩගින්න ඉවසන්න බෑ.තව දෙන්නෙක් එක්ක ඕන දෙයක් වෙච්චදෙන් කියලා කඨින ගෙදර මිදුලට ගියා.(අනිත්උනට එන්න ලැජ්ජයි කියලා පාර ලග නැවතුනා)එතන වයසක ඩයල් එකක් හිටියා.අපේ ඉතින් කට කහනවට වගේ අපි ඇහුවා/ අංකල් කීයටද පෙරහැර පටන්ගන්නේ කියලා.මේ යකා එකපාරටම අපි දිහා බලල කියනවා 
/ආහ් ඔයාලද...ඔයාලගේ අතේ තමයි වැඩේ තියෙන්නේ කියලා
අපි ඉතින් තක්බීර්,මොකක්ද යකෝ මේ හරුපේ කියලා හිතහිත ගොන් හිනාවක් දැම්මා.ඒපාර අරූ අපිට කතාකරලා
 /කෑවේ නෑ නේද,ඇවිත්කන්න 
කිව්වා.මේයකා හිතලා තියෙන්නේ අපි නැටුම් කණ්ඩායමේ කියලා
අපිත් මොකද ඉතින් අඩන්න හිටපු මිනිගේ ඇහැට ඇගිල්ලේන් ඇන්නා වගේ පිනා චාන්ස් එකක්නේ අපිට ලැබුනේ,කෙලලා ඇරියා මදි නොකියන්න.අපි එහෙම කකා ඉද්දි ටික වෙලාවක් යද්දි ඇගපත එහෙම තියෙන ලොකුමිනිහෙක් එක්ක කට්ටියක් එතනට ආවා.අපිට තේරුණා වැඩේ අනාගන්න තමයි වෙන්නේ කියලා.(අපිට ගහන්න ආවා නෙමෙයි.මුන් තමයි සිරා නැටුම් කණ්ඩායම,ගුරාත් එක්ක එන්ටර්උනේ)
අපි ඉතින් දෙයියනේ කියලා ගුටි නොකා ඉක්මනටම එතනින් පැනගත්තා.ආයෙත් අපේ කස්ටියට සෙට් වෙලා වෙච්ච දේ කියකිය ආයෙත් ප්‍රධාන පාරට ආවා විතරයි,මහ වැස්සක් ඇදහැලුනා.මුවා වෙන්න තැනකුත් නැති වෙලාවේ...අපේ හිටපු එකෙක්ගේ ඔලුවට ආපු අපූරු අදහසකට අනුව පාර අයනේ කනුවල ගහල තිබුන කටවුට් දෙකතුනක් ගලවල‍ගෙන උඩින් තියාගත්තා.අම්මේ..දැනුන සනීපේ..කුඩ කැලේ මේවත් එක්ක බැලුවම.

ඔහෙම එනකොට පොලීසය ඉස්සරහින් තමයි අපි ගියේ.එතන තිබුන ඉඩමක හිටපු බල්ලෙක් අපි දැකලා බුරන්න පටන්ගත්තා ඒ පාර.අපි ඉතින් ඌට ගල් කිහිපයකින් ප්‍රහාර එල්ලකරද්දි, මොකෙකද එකෙක්(කලුවරේ මොකදෙ කියලා පේනවද) ‍පොලිසීයේ බෝඩ් එකට ගල් ගහමුද කියලා ඇහුවා.(ඌ බීලත් නෙමෙයි හිටියෙ) උගෙ ....මතක් කරකර අපි එතනින් මාරුඋනා.ඊට පස්සේ හම්බෙන්නේ ආයෙත් වෙන්දේසි වත්ත.ඒ හරියෙන් අපි කෑ ගගහ ගිහින් ලග තිබුන ගෙදරක බෙල් එක ගහගහ ඉද්දි එපාරටම කස්ටිය කෑ ගහගෙන දුවන්න පටන් ගත්තා(පස්සෙයි දන්නේ,අපි බෙල් එක ගගහ ඉද්දි ඒ ඉස්සරහ තිබුන තව ගෙදරක ඉදන් කවුද හොම්බ දැම්මලු) අපිත් ඉතින් උන්හිටි තැන් අතඇරලා දිව්වා දිවිල්ලක්.එතන පොඩි හන්දියක් ලගටදුවගෙන එද්දි යාලුවෙක් ඇහුවා කොයි පාරෙන්ද යන්නේ කියලා.මාත් පණඩිතයා වගේ පාරක් පෙන්නුවා(මේක ඇවිල්ලා මලගෙදරට යන හොර පාරක්.මං මීට අවුරුදු බර ගැනකට කලින් මේ පාරෙ ඇවිත් තියෙන නිසයි පෙන්නුවේ) දුවගෙන ගියාම පාර ඉවරයි.අරුන් ඉතින් මට බැනබැන අයෙත් පාර හොයාගෙන ගිහින් අන්තිමේදී යහතින් හිරේ යන්නේ නැතුව මලගෙදරට සැපත් උනා...

6 comments:

  1. මලගෙදරක නයිට ගහපු හැමෝටම මේ වගේ අත්දැකීම නම් ඕනෙ තරම් ඇති.... මොනා කලත් පරිස්සමට ආපු එක නම් ලොකු දෙයක්....

    ReplyDelete
    Replies
    1. හිකිස්...කොල්ලෝ කියන්නේ එහෙමනේ...

      Delete
  2. එල එල..... පොලිසියට නම් අහුවෙන්ඩ එපා....
    කාලකන්නි කූඩුවට දානවා....

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියා..අවුලක් නැතිව ආපු නිසා හොදට ගියා..
      ඔයාට නම් හිරබත් කාලා පලපුරුදුයි වගේ!

      Delete
  3. මට දැන් කටෙනුයි , අරකෙනුයි දෙකෙන්ම හිනා යනවා......

    ReplyDelete
  4. උඹ ඒක කිව්ව විදියනම් මට එච්චර ඇල්ලුවේ නෑ...
    කොහොමඋනත් කියන්න එපැයි,උඹත් අපිත් එක්ක ආවා නේද?

    ReplyDelete