අලුත් අවුරුද්ද පහුවෙලා දවස් කීපයයි.අවුරුදු උණුසුමේම
අපේ නෑදෑ අයියා කෙනෙක්ට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ.ශිෆ්ට් ක්රමේට එයා ලග ඉන්න
මල්ලිලා ටික සෙට්උනා.එදා මගෙ දවස.උදේ පාන්දරම ඉස්පිරිතලෙට ගිහින් වැඩ බාරගත්තා.පැයෙන්
පැයට මුත්රා ප්රමාණය මනින්නයි.ටෙස්ට් කරන්න සාම්පල් අරගෙන ලැබ් එකට දුවන්නයි,ආයෙත්
රිපෝට් ගේන්නයි වැඩ ගොඩයි..මේ විදියටම උදේවරුව ගතවුනා..එකපාරටම ඔයාගෙන් මැසේජ්
එකක්.
මගේ ෆොටෝ එකක් එෆ්බී
දැම්මා..බලන්න..
මට ඔයාගෙ ෆොටෝ එකක් දෙනවද? ඔයාට මාව මීට් වෙන්න එන්නත්
බැරි එකේ මට බලබලවත් ඉන්න...
ම්..හා...ඒත් ඉන්න මං ලස්සන ෆොටෝ එකක් ගන්නකම්.බැරිවෙලාවත්
ඔයාගේ යාලුවෙක්වත් ඒක දැක්කොත් මං ලස්සනට ඉන්න එපැයි.මේ ඉන්නේ මගේ ලස්සන කෙල්ල
කියලා ඔයාට කියන්න පුලුවන්නේ එතකොට...
මං ඒ දවස වෙනකම් බලාගෙන හිටියා.මගෙ රත්තරන් කෙල්ලගෙ සුදු
මූණ බලාගන්න..ඒත්..අවාසනාවට..ඒ දවස කවදාවත්ම උදාඋනේ නෑ.
තාම ලස්සන ෆොටෝ එකක් ගන්න බැරිඋනා අනේ...
හැමදාම ඔයාගේ උත්තරේ උනේ ඒක.
ඔයා කොච්චර කැතට ෆොටෝ එකට හිටියත් මට ඔයාව ලස්සනයි.මට
ඔයාව දකින්නේ නැතිව ඉන්න බෑ...
කටින් නොකිව්වට හැමදාම
මගේ හිත කිව්වේ ඒක.
ඔයාට පිස්සුද?මේ වෙලාවේ මට නෙට් යන්න විදියක් නෑ.ඉක්මනට
ඕක අයින් කරන්න..
අවුරුදු ගානක් බුකියේ රස්තියාදු ගහලා පුරුදු මම දන්නවා
කෙල්ලෙග්ගේ ෆොටෝ එකක් බුකියෙ දැම්මොත් මොකද වෙන්නේ කියලා.ඒත් එක්කම මට ලොකූ ප්රශ්නයක්
ආවා.මං ඉල්ලුවම කවදාවත් මට එවපු නැති ෆොටෝ එකක් හදිසියෙම මොකද අප්ලෝඩ් කරල
තියෙන්නේ කියලා.මට මාරම අප්සෙට්.ඔය විදියට යන්තම් 6 වෙනකම් ඉදලා ශිෆ්ට් එක තව
එකෙකුට බාරදීලා මං රාගම ඉදලා ගෙදර ආවා..ගෙදර ආවට ගෙදරත් මට ඔන්ලයින් යන්න
මැෂිමක්වත් තිබුනේ නෑ ඒ දවස්වල.
රෑ 8ට 9ට විතර,යාලුවෙක්ගෙ
ගෙදර ගිහින් උගේ ගැලැක්සිය ඉල්ලගෙන ඇවිත්,බුකියට ලොග් උනා.ඔයාගෙ පාස්වඩ් එකත් මට
ලග තිබුන නිසා මං ලොග් උනේ ඔයාගේ අකවුන්ට් එකට..ලස්සන ෆොටෝ එකක් දාලා තිබුනා තමයි.මං
සැකේට වගේ ඔයාගේ ඉන්බොක්ස් එකට රිංගුවා.
තව ටිකක් ඉන්නකෝ...මට පාලුයිනේ ඔයා නැතිව...
මට නිදිමතයි අනේ...මං නිදාගන්නවා
වෙනදට රෑ 12,1 වෙනකම්
මාත් එක්ක කියවන කෙනාට ලගදි ඉදන් මාර නිදිමතක් හැදිලා..මට ඒකට සෑහෙන්න තරහ ගියා
තමයි.මං ඔයාට බැනලත් තියෙනවා.ඒත් පස්සේ මට හිතෙනවා පව්,මේ කෙල්ලට මහන්සිත් ඇතිනේ...කියලා....
කව්ද මේ කොල්ලා...
කවුද???
.......... *$@!%$@!%*..............
මං දන්නේ නෑ...
මට ඇත්ත කියනවා......
ආහ්..එයා මේ යාලුවෙක්...
ලියතඹරා මල ඔබද ලදේ
මා වසගයක් කෙරූ
විෂ බදුනක් ගෙන මදුවිතය කියා
මා ගත සනසාලූ...
අවිහංසක දෑසේ කදුලැල් දැක
මා ගැනවත් නොසිතා
මිතුරන් කීවත් නාසා ඔබ ගැන
සහසක් පැතුම් පතා
පුදදුන් සෙනෙහස එතනම මියැදී
මා වූවාද මුලා...
කෙනෙක් ඇසුරුකර තවකෙක් පතනා
ඔබ යයි මගක මුලා
සුපිපුන හදමල් මෙලෙසින් සිදබිද
යන්නේ ඇයිද පෙලා
මෙතුවක් බැදි සෙනෙහස මාගේ
ඔබ වෙතට දෙමි සමා...
ගොඩක් ජීවිත විනාශ වෙලා තියෙන්නේ දුරකථනයයි අන්තර්ජාලයයි නිසා.. මිනිස්සු මේවා හරියට භාවිතා කරන්නෑ..... අගේ අැති කතාව... ගීතයත් නියමෙට ගැලපෙනවා
ReplyDeleteතාක්ෂණයත් එක්ක ගනුදෙනු කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්...
Deleteමගේ ජීවිතයටම ගැනපෙන ගීත ගොඩක් තියෙනවා!
බුකියේ තවත් ඛේදවාචකයක්....
ReplyDeleteහම්..වාසනාවටද අවාසනාවටද කියන්න දන්නේ නෑ,
Deleteඒත් බුකිය නිසා සිදුවුන මරණ අතරට එකතුවෙන්න මට ලැබුනේ නෑ..
කවිය තේරුම්ගන්න මේක කියවන්න ආවෙ.ඔන්න ඕකයි අපි බුකිය ගැන මෙහෙම කිව්වෙ..
ReplyDeletehttp://gaslabba.blogspot.com/2015/12/blog-post.html
ජයවේවා..!!