Tuesday, October 13, 2020

තරු ආකාහෙ යට | Under the Starred Sky


බබාෂැල් වී මැරි නව්?

වෙලාව මැදියම් රැයට ආසන්නයි. මං ඇහුවෙ වෙලාවට ගැලපෙන ප්‍රශ්නයක් නෙමෙයිද මංද. ඒත්, මට තව තත්පරයක්වත් නාස්තිකරන්න ඕනි උනේ නෑ.

නව්?

යාහ්අන්ඩර් දිස් ස්ටාර්ඩ් ස්කයි...

යාහ්ෂුවර්... ටේක් මයි හෑන්ඩ්...

ඩාලින්ආර් යු රෙඩි...

යර්ස්...


👦අන්ඩර්  ස්ටාර්ඩ් ස්කයි..

👧අන්ඩර්  ස්ටාර්ඩ් ස්කයි..

👦ඉන්ෆ්‍රන්ට් ඔෆ්  වෝල් වර්ල්ඩ්..

👧ඉන්ෆ්‍රන්ට් ඔෆ්  වෝල් වර්ල්ඩ්..

👦වී පොමිස් ඊච් අදර්..

👧වී පොමිස් ඊච් අදර්..

👦වී විල් ෂෙයාර් අවර් සෝරෝස්සෑඩ්නස් ඇන්ඩ් හැපිනස්..

👧අයි විල් බෙයාර් යුවර් සෝරෝස් සෑඩ්නස් ඔන් බිහාෆ් ඔෆ් යූ ඇන්ඩ් ෂෙයාර් අවර් හැපිනස්..


මං ඈ දිහා රවලා බැලුවා. ඈ මුව පොව්වෙක් වගේ මගේ ඇස් දිහා බලාන හිනා වෙනව, ඇස් වලින්...


👦ඊවන් ඉන් ටෆ් ටයිම්ස්..

👧ඊවන් ඉන් ටෆ් ටයිම්ස්..

👦ඇන්ඩ් ලුක් ආෆ්ටර් ඊච් අදර්..

👧ඇන්ඩ් ලුක් ආෆ්ටර් ඊච් අදර්..

👦අන්ටිල්  ඩෙත්..

👧අන්ටිල් වී ගෝ ටු  හෙවන්.. 😇


ඈ හරිම දස්සයි. ඒ වගේම හරිම රොමෑන්තිකයි. මගේ හිත කිව්වා...


ගංගාවිල් යූ මැරි මී💍

යර්ස් ඩාලින්අයි විල් මැරි යූ.. 🥺

අයි ලව් යූ සෝ මච් මයි ලව්..

අයි ලව් යූ ටූ මයි හනී..💋


ඒක ඒ විදියටයි සිද්ද උනේ. මං හරියටම දන්නෙ නෑ මට ඒ අයිඩියා එක මොන දීපංකරේක ඉදන් ඔලුවට කඩා පාත් උනාද කියලවත්. ඒත් කාත් කවුරුවත් නැති කට්ට කලුවර රැයක, අටෝරාසියක් තරු වලින් ගහන සුන්දර අහසක යට, මං ආත්මාර්ථකාමීවිදියට ඈව මගේම කරගත්තා. ඈ මගේ ආදරණිය බිරිද බවට පත්වුනා...


කුමටද උපමා ඉතිහාසයේ උන්

ප්‍රේමවන්තයින්ගෙන්..

කුමටද ආදරයේ පෙම් සැමරුම්

පෙම් පාරාදීසේ..

ඉමක් කොනක් නැති ආකාසේ

තරු පායා එන සේමා..

ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ

පෙම් සිතුවිලි බෝමා..


මං දන්නවා, ඈ මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල නොවන වග. ඒත්, ඈ හරිම ලස්සනයි. ඒ හිනාවට මං හරි ලෝබයි. ඒ දිලිසෙන ඇස් හරිම ආදරණියයි. ඒ වගේම මැචුව(ර්)ඩ් ගතියට, ඒ ඔක්කොටමත් වඩා කියවිල්ලට.... 😍


මං තාම කල්පනා කරන්නෙ අපි කොහොමද හමුවුනේ කියලා. ඒත් ඈ කල්පනා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අහලපහලම හිටියට, ඉස්සර හැමදාම උදේට හවසට දැක්කට, ඇයි මං එයාව හෙයාගෙන එන්න අවුරුදු බර ගාණක් ලේට් උනේ කියලා. ඒක හරිම රොමෑන්තික චෝදනාවක්!


මං ඒ වෙලාවට කරන්නෙ ඈ දිහා බලලා හිනාවෙන එක. ඊට පස්සෙ හිමීට දකුණතේ ඇගිලි තුඩු වලින් හිස පිරිමදින එක... ඒක එයාව මත් කරන්නෙ නෑ කියල කියන්න පුලුවන් කාටද?


ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා

ඔබේ කතා ළඟ සිත නැවතුනු දා

ප්‍රේමය හැදින්නෙමි

ප්‍රේමය හැදින්නෙමි

මේ ලෝ තලයේ...



Tuesday, September 15, 2020

අභිනික්මනට පෙරාතුව!

විදදරා ගනිමින් ‍‍
අනේක
දුක්ඛ දෝමනස්සයන්
රුදුරු අපහාසයන්
රැවුම් ගෙරවුම්
චිත්ත පීඩාවන්
ගතකලෙමි
කාලය
උදෙසා පමණක්
රන් කහවුණූ

නමුදු,
ගතවුවත් කාලය
උදේ රෑ යලි 
උදේ රෑ ලෙස
"හිර කූඩුවක"
වැටහුණි
මෙය නොවන බව
මාර්ගය "නිවන" ට

ඉදින් සොදුරිය
අවසරයි යන්නට
සොයා "නිවන"
සමග රැගෙන
අවධානම
අපහාසය සමගම

සොදුරිය,
පවසන් මට
ඉන්නවාද නුඹ
"ඕන රෙද්දකට"
මාත් සමගම?

Monday, July 27, 2020

ගිම්හානයක සේයා - දෙවන කොටස | The Trace of Summer - II



මචං මට මේ උදව්ව කරලා දියන් කොහොමහරි, එච්චරයි මං උගෙන් ඉල්ලුවෙ. උතුරු පලාතෙ වැඩ කරපු තැනේ හැටියට තව සති දෙක තුනකටවත් මට අලිමංකඩින් මෙහාට එන්න කිසිම චාන්ස් එකක් තිබුනෙ නෑ. ඒකයි මං මගෙ අතිජාත මිත්‍රයට කෝල් එකක් ගත්තෙ. ඒ වෙනකොට ගිමාගෙ ⁣ෆෝන් නම්බර් එකක්වත් වැඩ කරන තත්වෙක තිබුනෙ නෑ. එකම එක දවසක් ක්ලාස් එකේදි හම්බුන යාලුවෙක්ගෙන් මැසේජ් එකක් එවපු නොම්මරයක් ඉන්බොක්ස් එකේ තිබිලා ඒකට කතා කරලා වැද වැටිලා තමයි ⁣මේ කිව්ව විස්තර ටිකත් හොයාගත්තෙ. එයා කිව්වෙත් එයාලා "යාලුවො" නොවන බවත් එකම එක දවසක් එක ලගින් ඉදගත්ත යාලුවො(?) විතරක්ම බවත්...

පෙම්වතුන් උනාට පස්සෙ අපේ පලමු හමුවීම සිද්ධ වුනේ බස් එකක පෙම් මුල්ලකවත්, පාක් එකකවත් නෙමෙයි. ඒක හරිම අමුතු කතාවක්. කිලෝ මීටර් 159 ක් දිග ලස්සන ආදර කතාවක්. අපේ පලවෙනි නැවතුම උනේ කොත්මලේ යන අතරමග තිබුන වැල් පාලමක්. මං එයාව පරිස්සමින් වැල් පාලමින් එහාට මෙහාට එක්කගෙන ගියා. පහලින් ගලාගෙන ගිය ඔයයි, කාත් කවුරුවත් නැති මනස්කාන්ත පරිසරයි අපි දෙන්නයි, ඒක හරි ලස්සන ගැලපීමක් උනා. ආපහු එන ගමන් වැල් පාලම මැදදි, මං එයාගෙ නලලත සිපගත්තා. එයා ඇස් වහගත්තා. ඒක තමයි අපේ ආදරේ ප්‍රකාශිත මොහොත... පලමුවරට...

මං ලග සාක්ෂි විදියට කාටහරි පෙන්නන්න තියෙන්නෙ එදා මං ගත්ත ෆොටෝ කීපයකුත් මගේ මතකයත්, වට්සැප් මැසේජ් ටිකත් විතරමයි. ආරංචිය ආපු විදියට එයාගෙ තාත්තා හදිසියෙම අන්තරා වෙච්ච එකත් එක්ක එයා ෂොක් උනා වෙන්න බැරි නෑ. ඒත් එයාට මේ වෙලාවෙ මාව ඕනෙ. ඊටත් වඩා මං මේ වෙලාවෙ එයා ලග ඉන්නෝනි. 

ඉතිං ඒ නිසයි මං මගෙ අතිජාත මිත්‍රයාට මේ වැඩේ බාරදුන්නෙ... මිනිහා කොළඹ ගිහින් එන ගමන් මං දුන්න විස්තර ඔක්කොම ගලපලා කෑගල්ල ආදාල ඒරියා එක වටේම කරක්ගහන්න පටන්ගත්තාමං දුරකථනයේ එහා ‍කොනේ එල්ලිලා සර්චින් ඔපරේෂන් එක කෝඩිනේට් කරනව යමරෙටමිනිහා හතර වටේ ගෙවල් කීපයකින්ම ඇහුවත් පුදුමයට කාරණාව උනේ  කවුරුවත් එහෙම කෙනෙක්ව අදුරන්නෙවත් නැති එක.‍ කෙල්ල කෙසේ වෙතත් අඩුමගානේ තාත්තා ගැන විස්තරයක්වත්මේ විදියට පැයක් එකහමාරක් විතර හොයලා බලල හෙම්බත් උන මිත්‍රයාට හොයාගන්න පුලුවන් උනේ පොරගෙම වටෙන් ගොඩින් දන්නා අදුනන පවුලක් විතරමයිඒකත් ඌට චාන්ස් එකඅන්තිමට බැරිම තැන  මගෙන් ඇහුවා මොකද කරන්නෙ කියලාමං මේ වෙනකොටත් පුලුවන් හැම කාඩ් එකම ප්ලේ කරලයි තිබුනෙඅන්තිමට මං තීරණය කලා තුරුම්පු ආසියාත් ගේමට අතාරින්නඇගේ ෆොටෝ එකක්මං ලග තිබුන එකම එක සාක්ෂියමාත් එක්ක මොනර කන්දෙදි ගහපු ෆොටෝ එකමං ඉක්මනට ඒක මිත්‍රයාට යැව්වාඒ ක්ෂණයෙන් ආපහු මට කෝල් එකක් ආවාඋගෙන්....

මෙහ්දැන් උඹ කිව්ව හැම තැනම මං හෙව්වාලගපාත ගෙවල් වලින් අහල බැලුවාඑත් කවුරුවත්  ගැන කිසිම දෙයක් දන්නෙ නෑදැකලා නෑඅනිකඋඹට ෂුවර්ද...

උඹ මට විහිලුවක් නෙමෙයි නේද කරන්නෙ?
-පිස්සුද බංඇයි එහෙම අහන්නෙ.
මේ ෆොටෝ එකේ ඉන්නෙ උඹ විතරයිනේ!

Sunday, July 26, 2020

තරු කුමරිගේ (කෙටිම කෙටි) කතාවක්

මම දන්නෙ නෑ ඇයි එහෙම වුණේ කියන්න..,මම දන්නෙ නෑ එහෙම වෙනවට මගෙ අකමැත්තක් තියනවද කියනඑක..,මම දන්නෙ නෑ ඒ හැඟීමට දෙන නම මොකද්ද කියන්න..,අනික මම දන්නෙ නෑ ඒ හැඟීමට නමක් ඕනිද කියන එක...

නිකං මොංගල් වුනා වගේ නේ..හ්..
මටත් එහෙම තමයි......

මම ඒ සිංදුව අහන,(නැත්නම් ඇහෙන) සියවෙනි වතාවෙත් දහ පහලොස් ගුණයක් පහුකරල ටිකදවසක්..ඒත් මේ දැන් ආයෙම ඒක ඇහුනොත් ආයෙම මගෙ ඇස්වල කඳුලු පිරෙයි...
පටන්ගන්න කොටම ඇඟේ හීගඩු පිපෙන සිංදු කොහෙද තියෙන්නෙ..හිතල අඬන්නෙ නැතත් හෝ ගාල කඳුළු වැක්කෙරෙන,අකුරක් අකුරක් ගානෙ ජීවිතේ ලියවිලා තියන සිංදු....

මට හම්බවුණා එහෙම එකක්..

මම දන්නෙ නෑ උඹට ඒක කොහොම දැනෙනවද කියන්න,හැබැයි එතන....
මගෙ ජීවිතේම ලියවිලා තිබුන..

හැමෝටම තියනව තමන් කැමතිම පද පේලියක් එයාල ආස සිංදුවල...
ඒත් මේ විනාඩි තුනයි තත්පර පනස් හය ඇතුලෙ මට ආස නෑ කියන්න එක තත්පරයක්වත් නෑ..


මා..ගාවින් වුන්නේ හීන..
පාවෙලා යනවා දුර ඈත...

                                                                                                                                   තරු කුමරි...


                    

සබැදි: තරු කුමරිට පිළිතුරක්
          තරු කුමරි - දෙවන කොටස

Friday, March 6, 2020

ගිම්හානයක සේයා | The Trace of Summer


තවත් දවසක නිමාවක්. වෙනද වගේම කාර්යබහුල වැඩකටයුතු නිමා කරලා නිදහසේ හුස්මක් ගන්න කියලා හිතාන බෝඩිමට ඇවිත් ඉදගත්තා විතරයි. නාදුනන නොම්මරයකින් ඇමතුමක්. ඒ විදියට තමයි මේ කතාව පටන් ගන්නෙ, ඒ ඇමතුමේ ප්‍රතිඵලයක් විදියට අපිට සිද්දවෙනව හා හා පුරා කියලා අලුත් වට්සැප් ගෘප් එකක සාමාජිකයන් බවට පත්වෙන්න. හැමෝවම අදුරගන්න. විස්තර දැනගන්න, වල්පල් කියවන්න, ෆිට් වෙන්න වගේම අපේම කියලා අලුත් කල්ලියක් හදාගන්න ඒත්, පාලනාධිකාරියකින් වන පාලනයක් එක්කම.

********************************************************************

 මං මාවම කන්ට්‍රෝල් කරගන්න සෑහෙන උත්සාහ කලා. ඒත්.. මං දන්නෙ නෑ මේක මොන කරුමයක්ද කියලා. මං අවුට් ඔෆ් කන්ට්‍රෝල් කියලා විතරයි මට තේරුණේ. නින්දක් නැතිව සැනසීමක් නැතිව මං පිස්සෙක් වගේ හැසිරුනේ. මට තවදුරටත් මේ විදියට ඉන්න බෑ. මගේ දරාගැනීමෙ සීමාව ඉවරයි. මට සිද්ධවුනා ඇත්ත හොයාගෙන යන්න. මට මගෙ ජීවිතේ හම්බුන හොදම චාන්ස් එක මිස් කරගන්න ඕනෙ උනේ නෑ... ඇත්තමයි.

මං ඇදන් හිටපු ෂෝට පිටින්ම උඩට ටී ෂර්ට් එකක් දාගත්තා. ඉස්සරහ දොර ඇරගෙන ගරාජ් එකට ගිහින් වාහනේට ගොඩඋනා. නිව්ටල් එකේම පල්ලමේ වාහනේ පාරට දැම්මෙ කාටවත් වාහනේ සද්දෙ ඇහෙන්න ඕනෙ නැති නිසා. එක පාරින් ස්ටාර්ට් කරපු කාර් එක පලවෙනි ගියර් එකට දාලා විදින්න පටන් ගත්තා. පාර හරිම පාලුයි. වෙලාව පාන්දර 2ට විතර හින්දා වෙන්නැති. මං මිරිස්වත්ත කලර් ලයිට් එක ලගට එනකං කඩාගෙන බිදගෙන වාහනේ අරන් ආවා. පැයට කිලෝමීටර් බර ගණනක වේගයට විතරයි පුලුවන් වුනේ මගේ හදවත ගැහෙන ස්පීඩ් එකට සමාන වෙන්න. ඒ රිද්මය, ඒ වේදනාව අදුනගන්න. ගෙදරින් ආපු පාර වාහනේ තත්පර කීපයකට කියලා හරි නැවතුනේ රතු එළිය ලග විතරමයි. එතැන හරියටම මට තව තත්පර 59ක් ඉතිරි වෙලා තිබුනා. ඒක සමහරවිට මගේ ජීවිතේ දිගම විනාඩිය වෙන්න පුලුවන්. ඒ තරමට මං හදිසියෙන් හිටියෙ.

********************************************************************

මේක හරියන්නෙ නෑ. මෙහෙම බලාගෙන ඉදලා හරියන්නෙ නෑ.. මං ඇක්ෂන් එකක් ගන්නම ඕනෙ. මං කල්පනා කලා. මං ඉස්සෙල්ලාම ගත්තෙ කොලේකුයි පෑනකුයි. ඊටපස්සෙ වට්සැප් මැසේජ් ටික හාර හාර ඇවිස්සුවා. ඔව්.. මේ තියෙන්නෙ පොටක්. මට ඒක පෑදුනා. එයාට ක්ලාස් තියෙන්නෙ මේ මේ දවස්වලට... ගෙදරින් එන්නෙ අම්මත් එක්ක, බයික් එකේ. ම්.. ස්කූටියක්. ගෙදරින් ආපු වෙලාව මේක... පෑන දඩි බිඩියෙ මොන මොනවාදෝ කොලේ ලියලා පිරෙව්වා. ඔව් ඒක මැප් එකක්. නෑ, මිෂන් ප්ලෑන් එකක්. මේක තමයි එකම විදිය. අපි බලමු...

නුවර පාර දිගේ හැටට හැටේ ආපු වේගෙට මං දන්නෑ වාහනේ ඔරොත්තු දුන්නාද කියලවත්. ඒ තරම් වේගෙන් ඒ පාරේ ඒ වාහනෙන් මං ගිහින් තිබුනෙ නෑ කවදාවත්. වරකාපොල රෝඩ් බ්ලොක් ලග විතරයි යන්තමින් හරි වේගය අඩු උනානම් උනේ.කොහොමහරි පාන්දර 3 වෙද්දි මං නෙලුම්දෙනියෙ.ඒ වෙද්දි නම් පොඩියට මහන්සියක් නිදිමතක් මට දැනෙමින් තිබුනෙ. ගමනාන්තයට මහ ලොකු දුරක් නැති නිසාත්, උදේ 5ට තව පැය කීපයක් තියෙන නිසාත් පාර අයිනෙ පාලු තැනකට දාලා ලයිට් ඕෆ් කරලා දොර ජනෙල් ලොක් කරලා මං ටිකක් ඇලඋනා. එත්, 4.15ට එලම් එක තියන්නත් මං අමතක කලේ නෑ.

විදුලි වේගයෙක් ඇදුන කාර් එක නැවතුනේ කෑගල්ල ෂෙඩ් එක ලග. ම්.. මේක තමයි පාර. මං මගෙ ප්ලෑන් එක දිහා බැලුවා. ඒ පාරේ කීප දුරක් ගියාට හරියටම ගෙදර මොකක්ද කියලා හිතාගන්න එක නම් හරිම අමාරු වැඩක් උනා. ඒකට ප්ලෑන් එකේ විස්තර මැච් උනේ නෑ. සැක කටයුතු ගෙයක් තිබුනත් ඒක එතනින් එහාට විපරම් කරන්න තරම් පාන්දර 4.45 කියන්නෙ කල් වැඩියි තව. ඉතිං,... ආයෙත් මං පාරට ආවා, ම්.. බස් එක තියෙන්නෙ මේ පැත්තෙ. ඒ පැත්තටම වාහනේ දාලා තියාගත්තොත් හරවන්න යන ටයිම් එක ඉතුරුයි. මිස් වෙන්න තියෙන ඉඩ අවම කරන්න... නෑ.. කිසිම ඉඩක් තියන්න බෑ. මේක අන්තිම චාන්ස් එක. මං වාහනේ අනිත් පැත්තට දාලා අතුරු පාර ඉස්සරහින් එන විදියට කඩ කාමරයක් ඉස්සරහට රිවස් කලා.

ලාවට වැටෙන වැහි පොද අස්සෙන් මං කෙලින්ම අතුරු පාර දිහා බලන් ඉන්නවා. වෙලාව නං හරි, ඉස්සරහ පාරෙන් බයික් එකක් එන එන පාරට මං හෙඩ් එක ගහන්නෙ අඩුගානෙ එයා වාහනේවත් අදුරගනීවි කියලා හිතලා. ඒත් ගතවෙච්ච පැය බාගෙට ගියපු බයිසිකල් දෙකම ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. ඒ අස්සෙ කොහෙදෝ ඉදං ආපු බට්ටෙක් මගෙ දර්ශනපථය අවහිර වෙන්නම ගහලා පත්තර ලොට් එකක් බාලා කඩේ ඉස්සරහට දැම්මා. මං පට්ට මලෙන් හිටියෙ එයාව මට මිස්වෙයි කියලා.. බට්ටා ගියාටත් විනාඩි 15කට විතර පස්සෙ.. මං හිතුවා මේක හරියන එකක් නෑ කියලා. කොතැනක හරි මට එයාව මිස් උනා කියලා...

මං යන්න කියලා හිතාගෙන වින්ඩ්ස්ක්‍රීන් එකේ බැදුන මීදුම් ගුලි පිහදාන්න පටන් ගත්තා. ඒ මැද්දෙන් ඈතින්, අවපැහැ ගැන්වුන හැලජන් ආලෝකයක් විදුරුවෙ වැදිලා දිස්නෙ ගහන්න පටන් ගත්තා. මං ආයෙමත් හෙඩ් එක පාස් කලේ ඇගිල්ලෙන්...  බයිසිකලේ පිටිපස්සෙ හිටපු කෙනා මං දිහා හැරිලා බැලුවා..ආයෙත් බැලුවා. ඇත්තටම මං දිහා නෙමෙයි, අදුරෙ තිබුන කාර් එක දිහා. මං ක්ෂණිකව ක්‍රියාත්මක උනා. යතුර දාලා පණගන්වපු කාර් එක මොහොතකින් නුවර පාරට අවතීර්ණ වෙලා බයික් එක පස්සෙන් හඹායන්නට පටන් ගත්තා. බයිසිකලෙත් හිතුවට වඩා වේගයකින් අස්සෙන් මුල්ලෙන් දාලා කෑගල්ල ටවුන් එක පැත්තට ගමන් කලා. ඉතිං, මට සිද්ධවුනා ඊටත් වඩා වේගයකින් ඒක පස්සෙන් යන්න.  වේගයෙන් ගිය බයිසිකලය නැවතුනේ බස් එකක් පිටිපස්සෙ, මගෙ හිත තත්පරයට බිටු දහස් ගණනක වේගයෙන් වැඩ කරන්න ගත්තා...

හිත ඇතුලෙ තත්පරයෙන් දශමෙන් පංගුවට කරපු ආගිව් එකක ප්‍රතිඵලයක් විදියට මං බස් එක ඉස්සර කරලා පාර හරස් කරලා නැවැත්තුවා. එකක හරියට ඉංග්‍රීසි චිත්‍රපට ජවනිකාවක් වගේ.. ඇත්තමයි, මං දන්නෙ නෑ මට කොහොම ගටක් ආවද කියලා. එහෙම කරන්න. නුවර පාර මැද නවත්තපු කා⁣ර් එකේ පාක් ලයිට් දාලා හසාඩ් ඕන් කරලා මං බැහැල බස් එක පැත්තට ආවා. පිටිපස්සෙ දොර ලග බයික් එක නවත්තලා අම්මා ඉන්නවා. බස් එක අද්දනකං.  පිටිපස්සෙන් නැග්ගොත් හොයාගන්න අමාරුයි. මං ඉස්සරහින් නැග්ගෙ ඩ්‍රයිවර් අයියට ඇත්ත විස්තරේ කියන්න කියලා හිතාගෙන.ඒත්, ඌ මට හිනාවුනා. මං හිතන්නෙ පොරට මොනමහරි දෙයක ඉව වැටුනා. මං ඉස්සරහ ඉදන් ඇස කරකව කරකව පස්සට යනවා, ඒත් එයා නෑ. ඒත්... පිටිපස්සෙ දොර පැත්තෙ ලගම ෂීට් එකට වෙලා කෙල්ල ඉන්නව බය වෙලා.  මං එකපාරටම එයා ලගින් වාඩි උනා. 

නංගි, මොකද උනේ ඔයාට?
කෙල්ල වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහෙන්න පටන් ගත්තා...