මචං මට මේ උදව්ව කරලා දියන් කොහොමහරි, එච්චරයි මං උගෙන් ඉල්ලුවෙ. උතුරු පලාතෙ වැඩ කරපු තැනේ හැටියට තව සති දෙක තුනකටවත් මට අලිමංකඩින් මෙහාට එන්න කිසිම චාන්ස් එකක් තිබුනෙ නෑ. ඒකයි මං මගෙ අතිජාත මිත්‍රයට කෝල් එකක් ගත්තෙ. ඒ වෙනකොට ගිමාගෙ ෆෝන් නම්බර් එකක්වත් වැඩ කරන තත්වෙක තිබුනෙ නෑ. එකම එක දවසක් ක්ලාස් එකේදි හම්බුන යාලුවෙක්ගෙන් මැසේජ් එකක් එවපු නොම්මරයක් ඉන්බොක්ස් එකේ තිබිලා ඒකට කතා කරලා වැද වැටිලා තමයි මේ කිව්ව විස්තර ටිකත් හොයාගත්තෙ. එයා කිව්වෙත් එයාලා "යාලුවො" නොවන බවත් එකම එක දවසක් එක ලගින් ඉදගත්ත යාලුවො(?) විතරක්ම බවත්...
පෙම්වතුන් උනාට පස්සෙ අපේ පලමු හමුවීම සිද්ධ වුනේ බස් එකක පෙම් මුල්ලකවත්, පාක් එකකවත් නෙමෙයි. ඒක හරිම අමුතු කතාවක්. කිලෝ මීටර් 159 ක් දිග ලස්සන ආදර කතාවක්. අපේ පලවෙනි නැවතුම උනේ කොත්මලේ යන අතරමග තිබුන වැල් පාලමක්. මං එයාව පරිස්සමින් වැල් පාලමින් එහාට මෙහාට එක්කගෙන ගියා. පහලින් ගලාගෙන ගිය ඔයයි, කාත් කවුරුවත් නැති මනස්කාන්ත පරිසරයි අපි දෙන්නයි, ඒක හරි ලස්සන ගැලපීමක් උනා. ආපහු එන ගමන් වැල් පාලම මැදදි, මං එයාගෙ නලලත සිපගත්තා. එයා ඇස් වහගත්තා. ඒක තමයි අපේ ආදරේ ප්‍රකාශිත මොහොත... පලමුවරට...
මං ලග සාක්ෂි විදියට කාටහරි පෙන්නන්න තියෙන්නෙ එදා මං ගත්ත ෆොටෝ කීපයකුත් මගේ මතකයත්, වට්සැප් මැසේජ් ටිකත් විතරමයි. ආරංචිය ආපු විදියට එයාගෙ තාත්තා හදිසියෙම අන්තරා වෙච්ච එකත් එක්ක එයා ෂොක් උනා වෙන්න බැරි නෑ. ඒත් එයාට මේ වෙලාවෙ මාව ඕනෙ. ඊටත් වඩා මං මේ වෙලාවෙ එයා ලග ඉන්නෝනි.
ඉතිං ඒ නිසයි මං මගෙ අතිජාත මිත්‍රයාට මේ වැඩේ බාරදුන්නෙ... මිනිහා කොළඹ ගිහින් එන ගමන් මං දුන්න විස්තර ඔක්කොම ගලපලා කෑගල්ල ආදාල ඒරියා එක වටේම කරක්ගහන්න පටන්ගත්තා. මං දුරකථනයේ එහා කොනේ එල්ලිලා සර්චින් ඔපරේෂන් එක කෝඩිනේට් කරනව යමරෙට. මිනිහා හතර වටේ ගෙවල් කීපයකින්ම ඇහුවත් පුදුමයට කාරණාව උනේ ඒ කවුරුවත් එහෙම කෙනෙක්ව අදුරන්නෙවත් නැති එක. කෙල්ල කෙසේ වෙතත් අඩුමගානේ තාත්තා ගැන විස්තරයක්වත්? මේ විදියට පැයක් එකහමාරක් විතර හොයලා බලල හෙම්බත් උන මිත්‍රයාට හොයාගන්න පුලුවන් උනේ පොරගෙම වටෙන් ගොඩින් දන්නා අදුනන පවුලක් විතරමයි. ඒකත් ඌට චාන්ස් එක. අන්තිමට බැරිම තැන ඌ මගෙන් ඇහුවා මොකද කරන්නෙ කියලා. මං මේ වෙනකොටත් පුලුවන් හැම කාඩ් එකම ප්ලේ කරලයි තිබුනෙ. අන්තිමට මං තීරණය කලා තුරුම්පු ආසියාත් ගේමට අතාරින්න, ඇගේ ෆොටෝ එකක්. මං ලග තිබුන එකම එක සාක්ෂිය. මාත් එක්ක මොනර කන්දෙදි ගහපු ෆොටෝ එක. මං ඉක්මනට ඒක මිත්‍රයාට යැව්වා. ඒ ක්ෂණයෙන් ආපහු මට කෝල් එකක් ආවා, උගෙන්....
මෙහ්, දැන් උඹ කිව්ව හැම තැනම මං හෙව්වා. ලගපාත ගෙවල් වලින් අහල බැලුවා. එත් කවුරුවත් ඒ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. දැකලා නෑ. අනික, උඹට ෂුවර්ද...
උඹ මට විහිලුවක් නෙමෙයි නේද කරන්නෙ?
-පිස්සුද බං, ඇයි එහෙම අහන්නෙ.
මේ ෆොටෝ එකේ ඉන්නෙ උඹ විතරයිනේ!
wow.. niyamai
ReplyDeleteස්තූතියි ලිඛිතා...
Deleteඊලග පාට් එකත් දාමු. පට්ටම කතාවක්
ReplyDeleteහෙ හේ.. දාන්නම්කො...
Deleteට්විස්ට් නම් මලියා.. මලියා නම් ටෞකන ට්විස්ට්.. :))))
ReplyDeleteකමි අයියා.. ස්තූතියි හොදේ.. හුග කාලෙකින් මේ පැත්තෙ ආවට...
Deleteමලියෝ... ඒක.......🧡💛🖤
ReplyDelete