Monday, July 27, 2020

ගිම්හානයක සේයා - දෙවන කොටස | The Trace of Summer - II



මචං මට මේ උදව්ව කරලා දියන් කොහොමහරි, එච්චරයි මං උගෙන් ඉල්ලුවෙ. උතුරු පලාතෙ වැඩ කරපු තැනේ හැටියට තව සති දෙක තුනකටවත් මට අලිමංකඩින් මෙහාට එන්න කිසිම චාන්ස් එකක් තිබුනෙ නෑ. ඒකයි මං මගෙ අතිජාත මිත්‍රයට කෝල් එකක් ගත්තෙ. ඒ වෙනකොට ගිමාගෙ ⁣ෆෝන් නම්බර් එකක්වත් වැඩ කරන තත්වෙක තිබුනෙ නෑ. එකම එක දවසක් ක්ලාස් එකේදි හම්බුන යාලුවෙක්ගෙන් මැසේජ් එකක් එවපු නොම්මරයක් ඉන්බොක්ස් එකේ තිබිලා ඒකට කතා කරලා වැද වැටිලා තමයි ⁣මේ කිව්ව විස්තර ටිකත් හොයාගත්තෙ. එයා කිව්වෙත් එයාලා "යාලුවො" නොවන බවත් එකම එක දවසක් එක ලගින් ඉදගත්ත යාලුවො(?) විතරක්ම බවත්...

පෙම්වතුන් උනාට පස්සෙ අපේ පලමු හමුවීම සිද්ධ වුනේ බස් එකක පෙම් මුල්ලකවත්, පාක් එකකවත් නෙමෙයි. ඒක හරිම අමුතු කතාවක්. කිලෝ මීටර් 159 ක් දිග ලස්සන ආදර කතාවක්. අපේ පලවෙනි නැවතුම උනේ කොත්මලේ යන අතරමග තිබුන වැල් පාලමක්. මං එයාව පරිස්සමින් වැල් පාලමින් එහාට මෙහාට එක්කගෙන ගියා. පහලින් ගලාගෙන ගිය ඔයයි, කාත් කවුරුවත් නැති මනස්කාන්ත පරිසරයි අපි දෙන්නයි, ඒක හරි ලස්සන ගැලපීමක් උනා. ආපහු එන ගමන් වැල් පාලම මැදදි, මං එයාගෙ නලලත සිපගත්තා. එයා ඇස් වහගත්තා. ඒක තමයි අපේ ආදරේ ප්‍රකාශිත මොහොත... පලමුවරට...

මං ලග සාක්ෂි විදියට කාටහරි පෙන්නන්න තියෙන්නෙ එදා මං ගත්ත ෆොටෝ කීපයකුත් මගේ මතකයත්, වට්සැප් මැසේජ් ටිකත් විතරමයි. ආරංචිය ආපු විදියට එයාගෙ තාත්තා හදිසියෙම අන්තරා වෙච්ච එකත් එක්ක එයා ෂොක් උනා වෙන්න බැරි නෑ. ඒත් එයාට මේ වෙලාවෙ මාව ඕනෙ. ඊටත් වඩා මං මේ වෙලාවෙ එයා ලග ඉන්නෝනි. 

ඉතිං ඒ නිසයි මං මගෙ අතිජාත මිත්‍රයාට මේ වැඩේ බාරදුන්නෙ... මිනිහා කොළඹ ගිහින් එන ගමන් මං දුන්න විස්තර ඔක්කොම ගලපලා කෑගල්ල ආදාල ඒරියා එක වටේම කරක්ගහන්න පටන්ගත්තාමං දුරකථනයේ එහා ‍කොනේ එල්ලිලා සර්චින් ඔපරේෂන් එක කෝඩිනේට් කරනව යමරෙටමිනිහා හතර වටේ ගෙවල් කීපයකින්ම ඇහුවත් පුදුමයට කාරණාව උනේ  කවුරුවත් එහෙම කෙනෙක්ව අදුරන්නෙවත් නැති එක.‍ කෙල්ල කෙසේ වෙතත් අඩුමගානේ තාත්තා ගැන විස්තරයක්වත්මේ විදියට පැයක් එකහමාරක් විතර හොයලා බලල හෙම්බත් උන මිත්‍රයාට හොයාගන්න පුලුවන් උනේ පොරගෙම වටෙන් ගොඩින් දන්නා අදුනන පවුලක් විතරමයිඒකත් ඌට චාන්ස් එකඅන්තිමට බැරිම තැන  මගෙන් ඇහුවා මොකද කරන්නෙ කියලාමං මේ වෙනකොටත් පුලුවන් හැම කාඩ් එකම ප්ලේ කරලයි තිබුනෙඅන්තිමට මං තීරණය කලා තුරුම්පු ආසියාත් ගේමට අතාරින්නඇගේ ෆොටෝ එකක්මං ලග තිබුන එකම එක සාක්ෂියමාත් එක්ක මොනර කන්දෙදි ගහපු ෆොටෝ එකමං ඉක්මනට ඒක මිත්‍රයාට යැව්වාඒ ක්ෂණයෙන් ආපහු මට කෝල් එකක් ආවාඋගෙන්....

මෙහ්දැන් උඹ කිව්ව හැම තැනම මං හෙව්වාලගපාත ගෙවල් වලින් අහල බැලුවාඑත් කවුරුවත්  ගැන කිසිම දෙයක් දන්නෙ නෑදැකලා නෑඅනිකඋඹට ෂුවර්ද...

උඹ මට විහිලුවක් නෙමෙයි නේද කරන්නෙ?
-පිස්සුද බංඇයි එහෙම අහන්නෙ.
මේ ෆොටෝ එකේ ඉන්නෙ උඹ විතරයිනේ!

Sunday, July 26, 2020

තරු කුමරිගේ (කෙටිම කෙටි) කතාවක්

මම දන්නෙ නෑ ඇයි එහෙම වුණේ කියන්න..,මම දන්නෙ නෑ එහෙම වෙනවට මගෙ අකමැත්තක් තියනවද කියනඑක..,මම දන්නෙ නෑ ඒ හැඟීමට දෙන නම මොකද්ද කියන්න..,අනික මම දන්නෙ නෑ ඒ හැඟීමට නමක් ඕනිද කියන එක...

නිකං මොංගල් වුනා වගේ නේ..හ්..
මටත් එහෙම තමයි......

මම ඒ සිංදුව අහන,(නැත්නම් ඇහෙන) සියවෙනි වතාවෙත් දහ පහලොස් ගුණයක් පහුකරල ටිකදවසක්..ඒත් මේ දැන් ආයෙම ඒක ඇහුනොත් ආයෙම මගෙ ඇස්වල කඳුලු පිරෙයි...
පටන්ගන්න කොටම ඇඟේ හීගඩු පිපෙන සිංදු කොහෙද තියෙන්නෙ..හිතල අඬන්නෙ නැතත් හෝ ගාල කඳුළු වැක්කෙරෙන,අකුරක් අකුරක් ගානෙ ජීවිතේ ලියවිලා තියන සිංදු....

මට හම්බවුණා එහෙම එකක්..

මම දන්නෙ නෑ උඹට ඒක කොහොම දැනෙනවද කියන්න,හැබැයි එතන....
මගෙ ජීවිතේම ලියවිලා තිබුන..

හැමෝටම තියනව තමන් කැමතිම පද පේලියක් එයාල ආස සිංදුවල...
ඒත් මේ විනාඩි තුනයි තත්පර පනස් හය ඇතුලෙ මට ආස නෑ කියන්න එක තත්පරයක්වත් නෑ..


මා..ගාවින් වුන්නේ හීන..
පාවෙලා යනවා දුර ඈත...

                                                                                                                                   තරු කුමරි...


                    

සබැදි: තරු කුමරිට පිළිතුරක්
          තරු කුමරි - දෙවන කොටස