Sunday, July 26, 2020

තරු කුමරිගේ (කෙටිම කෙටි) කතාවක්

මම දන්නෙ නෑ ඇයි එහෙම වුණේ කියන්න..,මම දන්නෙ නෑ එහෙම වෙනවට මගෙ අකමැත්තක් තියනවද කියනඑක..,මම දන්නෙ නෑ ඒ හැඟීමට දෙන නම මොකද්ද කියන්න..,අනික මම දන්නෙ නෑ ඒ හැඟීමට නමක් ඕනිද කියන එක...

නිකං මොංගල් වුනා වගේ නේ..හ්..
මටත් එහෙම තමයි......

මම ඒ සිංදුව අහන,(නැත්නම් ඇහෙන) සියවෙනි වතාවෙත් දහ පහලොස් ගුණයක් පහුකරල ටිකදවසක්..ඒත් මේ දැන් ආයෙම ඒක ඇහුනොත් ආයෙම මගෙ ඇස්වල කඳුලු පිරෙයි...
පටන්ගන්න කොටම ඇඟේ හීගඩු පිපෙන සිංදු කොහෙද තියෙන්නෙ..හිතල අඬන්නෙ නැතත් හෝ ගාල කඳුළු වැක්කෙරෙන,අකුරක් අකුරක් ගානෙ ජීවිතේ ලියවිලා තියන සිංදු....

මට හම්බවුණා එහෙම එකක්..

මම දන්නෙ නෑ උඹට ඒක කොහොම දැනෙනවද කියන්න,හැබැයි එතන....
මගෙ ජීවිතේම ලියවිලා තිබුන..

හැමෝටම තියනව තමන් කැමතිම පද පේලියක් එයාල ආස සිංදුවල...
ඒත් මේ විනාඩි තුනයි තත්පර පනස් හය ඇතුලෙ මට ආස නෑ කියන්න එක තත්පරයක්වත් නෑ..


මා..ගාවින් වුන්නේ හීන..
පාවෙලා යනවා දුර ඈත...

                                                                                                                                   තරු කුමරි...


                    

සබැදි: තරු කුමරිට පිළිතුරක්
          තරු කුමරි - දෙවන කොටස

2 comments: