Saturday, July 25, 2015

චන්දෙ දෙන්නෙ කාටද? මගේ මතය හා කුහකත්වය





ඊයේ රෑ මොනවද බැලුවේ?
රතුඉර
ආහ්..රෝසිගෙ බොරු අහන් හිටියා නේද?
නෑ බන්දුල ඇත්ත කියනව අහන් හිටියා :P
මෙයා අලියෙක්ද?
නෑ අලියෙක් නෙමෙයි හරකෙක්!


ඔන්න ඕකයි මට අහන්න වුනේ..හු**.මට කියන්නනං වචන ආවා.වැඩිහිටියෙක් හින්දා සද්ද නැතිව හිටියා.

එයා හිතන්නෙ එයා තමයි හැම දෙයක්ම දන්නෙ,එයා හිතන හැමදේම හරි,එයාට ඕනෙ විදියට තමයි අපි ජීවත් වෙන්න ඕනෙ කියල.ඔයා එක එකාට ඕනේ විදියට ජීවත්වෙන එක ගැනනම් මගේ පලවෙනි පෝස්ට් එකේ දාලා තියෙනවා සිහින කුලියට දීම කියල.ගිහින් බලන්නකො.


ඒක ඇත්ත,ඔයා මට වඩා කාලයක් ජීවත් වෙලා තියෙනවා.මට වඩා දේශපාලන ලෝකයෙ වෙලා තියෙන දේවල් දන්නව.ඒත් ඒකෙන් අදහස් වෙනවද ඔයා කියන දේම මං පිලිගන්න ඕනෙ කියල?බැරිවෙලාවත් ඔයා එහෙම හිතනවනම් ඔයාට වැරදිලා.මං එහෙම කෙනෙක් නෙමෙයි.මටත් මොලයක් කියලා එකක් තියෙනවා.අඩුගානෙ අම්මා,තාත්තා කිව්වත් අන්ධ බක්තියෙන් අදහන/පිලිගන්න කෙනෙක් නෙමෙයි මම.මටත් තියෙනවා විචාර බුද්ධියක් කියලා එකක්.මොන පක්ෂෙකට චන්දෙ දුන්නත් උන් කියන සුරන්ගනා කතාවලට රැවටිලා නෙමේ චන්දෙ දෙන්නෙ.සාපෙක්ෂව ගන්න පුලුවන් හොදම තීරනයයි ගන්නෙ.ඔයාගෙයි,මගෙයි දේශපාලන මත වෙනස් වෙන්න පුලුවන්.ඒක සාමාන්‍ය දෙයක්.ඒ පිලිබදව වාද තියෙන්නත් පුලුවන්.නමුත් ඒවා තර්ක මගින් බිදහෙලන එකයි කරන්න ඕනේ.නැතුව පුද්ගලිකව මඩ ගහන එක නෙමෙයි.එත් මං ඒ ගැන පුදුම වෙන්නෙ නෑ.මොකද ඔයාලගෙ "අප්පච්චි"ත් කලේ ඒකමනෙ.මාධ්‍ය යොදාගෙන අමු අමුවෙ මඩ ගහපුව අමතක නෑ අපිට.මැරිච්ච මිනිස්සුන්ට මොකුත් කියන්න මං කැමති නෑ.ඒත් මේක නොකියා ඉන්නත් බෑ.මහින්ද අබේසූරිය මැරුනෙත් ඔය කරපු කැ* වැඩවල දිඨ්ඨ ධම්ම කරුමෙ පලදීල තමයි.ඒ වගේ රජෙකුට වන්දනාමාන කරන වැඩවසම් වහල්ලුත් උගේ ක්‍රමේ අනුගමනය කරන එක පුදුමයක්ද?


********************************************************************************
මේ සැරේ චන්දෙ දෙන්නෙ කාටද?
ඒක මොකටද ඔයාට...
කාට දුන්නත් කමක් නෑ අලියට දෙන්න එපා.


මං දන්නවා ඒ මොකද කියලා...වේටෙක්ස් එක වැහුවා.සතොස වික්කා.රවී සල්ලි කෑවා..මං දන්නවා හැම දෙයක්ම.ඒ ඔක්කොම මං අහපු දේවල්.මොකද එක්කො ඒ කාලෙ මං පොඩියි,නැත්නම් ඉපදිලාවත් නෑ.


 ඒ හැම දෙයක්ම කවුරුහරි මට කියපුවා.නැතිනම් ඇහිච්ච ඒවා.මං කියන්නෙ නෑ ඒවා හරී කියල.වැරදි දෙයක් කවුරු කලත් වැරදියි.ඒ ගැන කියන්න කොන්ද පන තියෙන්න ඕනෙ.මං දන්නවා,රනිල්ට බටලන්දෙ චෝදනා තියෙනවා.ජෙප්පන්ට භීෂණ සමයේ චෝදනා තියෙනවා.

ඒත්,වාසනාවටද අවාසනාවටද මන්ද මං ජීවත් වෙන්නෙ 21වෙනි සියවසේ.මට දැනුම තියෙන්නෙ,අත්දැකීම් තියෙන්නෙ මේ ආණ්ඩු සමය ගැන.ඉතින් මං චන්දෙ දෙන්නෙ මගේ අත්දැකීම් එක්ක.අනිත එක රටක් කවදාවත් අතීතයේ රැදිලා තියෙන්නෙ නෑ නේද? අතීතය වැදගත්,පාඩම් ඉගෙනගන්න.එහෙම කියලා අතීතයේ කරපු එක හොදක් නිසා ඒ පක්ෂෙ තමයි හොදම එක වෙන්නෙ නෑනේ.එහෙමනම් අපේ රටට නිදහස ගන්න පුරෝගාමී උනේ ඩී.එස්. කියලා සන්දාන කාරයොත් තාම යූඇන්පි යට චන්දෙ දෙන්න එපැයි.ඒ වගේම තමයි,මහින්ද යුද්දෙ දින්නා කියලා රට එයාට කන්න දෙන්නත් බෑනෙ.පහුගිය කාලෙ මංගල කියපු ලස්සන කතාවක් මතක් වෙනවා.(ඌ සමරිසියෙක් කියලා මඩ ගහන්න පටන්ගන්න එපා මොකද ඒක එයගෙ පුද්ගලික කාරනයක්.අනික හොදට හෝ නරකට මිනිහා මරු මොලකාරයෙක්)

මිනිහෙක් වතුරට වැටුන ගැහැනියක් බේරාගත්තද,ඇයව දූෂණය කිරීමට අයිතියක් නැත.


 ඉතින් ඒ වගේ තමයි යුද්දෙ දින්නා කියලා රට කන්න දෙන්න බෑනේ.ඒ දවස්වල මං අප්පච්චිගෙ පිංතූරයක් මගේ කාමරේ බිත්තියේ ගහගෙන හිටියෙ,ඒ තරම් ආදරයක්,ගෞරවයක් තිබුනෙ මට මහින්ද ගැන.ඒත් ඉතින් පහු පහුවෙන්න කොහු කොහු වෙන්න පටන් ගත්තා.ඒකට ඉතින් වගකියන්න ඕනෙ අලිබබා සහ හොරු හතලිහම තමයි.


 ප.ලි.- භීෂණ සමය ඇතිවීමට හේතුව හා ඒ සම්බන්ද අත්දැකීම් ඇත්නම් අදහස් පලකරන මෙන් ඉල්ලා සිටිමි.ඔබගෙ අදහස එකහෙලා පිලිගන්නේ යැයි මින් අදහස් නොවනමුත්,එය මගේ දැනුමට ඉවහල් වනු ඇත.



Saturday, July 18, 2015

තලවාකැලේ ආතල් සමග සොදුරු මඩක්


සිකුරාදා හවස මං කෝච්චියට නැග්ගේ මොකටවත් නොව තලවාකැලේ යාමටය.හිතුවක්කාරී පැවසූ පරිදි හිමිදිරි පාන්දර 4ට පොට් එකට යාමට අපේ ගෙදර සිට එලුකොප්පරයක්වත් ඕන වෙනවාය.ඉතින් අපි එදා රෑ කමි අයියාගේ(වැඩිහිටියන්ට ගරු කරන්නත් එපැයි) වාඩියේ ලැගුම් ගන්නට සූදානම් වී සිටියෙමු.
මං තාම බොග දාන්න අලුත්ය.ඉතින් බොගර්ස්ලා මොකෙක්වත් හැබැහින් දැක නැතිවාය.මගේ වාසනාවට රාගමින් රූපේ හා අලුපාට රනා සෙට් උනාය.ඉතින් පොඩි කයියක් එහෙම ගහගෙන කාරිය ඇවිත් අපි තුන්දෙනා මරදානින් බැස්සාය.ධවලගිරියෙන් තෝසේ පාරක් ගිලපු අපි තිදෙන කමියාගේ බජව් කාමරේ සොයා පියමන් කරාය.මග සලකුනු අනුව පැමිනි අපසැම සාදරයෙන් කමියා විසින් පිලිගනු ලැබුවාය.ටික වේලාවකින් මෙතනට මදුරුවෙක් ගොඩවැදුනාය.හෙතෙම නමින් ඇනෝපිලිස් විය.මූ හෙන නාකි පොරක්ය.කොච්චර නාකිද කියනවානම් මයිල් ගහක් නෑර සුදුවී ගොසින්ය.එතැන් පටන් දිගඇරුනු සාකච්චා මණ්ඩපය නිමාවී නින්දට යනවිට පාන්දර 1.30 පමන විය.

 පසුදා උදෑසන 4වනවිට අවදිවුන අපිලා 6 පමන වනවිට කෙසේ හෝ ලංකා ඩේලී බසයට ගොඩවැදුනාය.ඒ සමගම වගේ ගමන් ඇරඹූ බසය තුල අපි සද්ද නැතිව හිටියාය.ටික වේලාවකින් එතුල සිටි අයියලා සමග පිට් වූ අප කයියක් ගහගෙන ගමන්කරන්නට විය.ටික වේලාවකින් අපගේ බඩ පනුවන් ආහාර ඉල්ලා උද්ගෝශනයක් අරඹන්නට විය.නොයෙක ආකාරයෙන් ඉල්ලීම් ඉදිරිපත්කරනු ලැබූවද පාලනාධිකාරියෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය.ඉතින්,අපි ඇතුලු පසුපෙල ක්‍රීඩකයන් අපව බඩගින්නේ තැබීමේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයට එරෙහිව නැගී සිටින්නට වූවාය.මේ සදහා පෙරමුන ගත්තේ රූපෙය.නමුත්...අවාසනාවක මහත! අප සිටියේ පසුපස සීට්වල බැවින් හිතුවක්කාරිට අපව දර්ශනය නොවීය.අවසානයේ දුන්නොත් කනවා යැයි හිත හදාගන්නට අපට සිදුවිය.

සෑහෙන වෙහෙසකර ගමනකින් පසුව තලවාකැලේ ටවුම වෙත සැපත් වීමට අපට හැකිවිය.ටවුම මැද මොකටද මන්දා ටික වේලාවක් බසය නවතා තිබෙන අතර හිතිවක්කාරී අතුරුදහන් උනාය.ඔය අතරෙ ඈට සිදුවූ පුරාන අකරතැබ්බයක් ගොසිප් අප්ඩේට් එකක් ලෙස සවනට වැටුනාය.
 දිනක් හිතුවක්කාරී වඩේ ගැනීමට  කියා සිතාලා වඩේ කරත්තයක් අසල සිටිනවාලුය.සල්ලි සල්ලි කියාල බලන්නේ නැතුව 1000කොලයක් අතේලුය.ලාබ බඩුවේ හිලක් ඇති බැවින් හිල් නැති වඩේ තේරීම සදහා ඇගේ බෙල්ල වඩේ කරත්තයට දික්කරගෙන සිටින අතර දෑත පිටිපස්සට දික්කොරගෙන ඉන්නවාලුය.ඔව් ඉතින් ඒ ගැන කියා වැඩක් නැතිවාය.කවුදෝ පෙම්වන්තයෙක් දාහට විදලාලුය.අයියෝ සල්ලිය.

 කොහෙදෝ සිට ඈ පැමිනි පසු නැවත ගමන් ඇරඹුවාය.තවත් ටික වේලාවකට පසු බස් රථය ප්‍රධාන මාර්ගයෙන් ඉවත්ව වතුපාරවල් දිගේ ඇදී යන්නට විය.එම පාරවල් කොච්චර කුඩාද කිවහොත්,සමහර තැන්වලදී බසය රෝද 3න් ගමන් කල තැන්ද විය.එය තනිකරම ඩ්‍රයිවර් අයියාගේ දස්සතාවය විය.අහල පහල උදවිය කටවල් ඇරගෙන,අත් ඔලුවේ ගහගෙන බලාසිටින්නට උනාය.


දෙයියන්ගේ පිහිටෙන් කිසිදු හෙලකට නොවැටී අතුරු ආන්තරාවකින් තොරව නවාතැන්පොල වෙත ලගා වූ විගස මැච් එකක් බලන්නට වූයෙන් ගමන් මහන්සිය ටිකක් අඩුවී ගියාය.ටික වේලාවකින් ඉස්කෝලෙ පොඩිවුන්(අපටත් වැඩිය පොඩිඋන්) අප කණ්ඩායම එනතෙක් මගබලා ඉන්නවායැයි ආරන්චියක් කන වැකුන හෙයින් මහංසිය නොබලා පාසල කරා ඇවිදයන්නට විය.


විජෙයි වගේ ඉන්න විජේ(පලනි) අයියා ඉස්කෝලේ මේ ලග යැයි පැවසුවද,ඒ පැත්තේ මේ ලගට යාමට පැය බාගයක් පමන ගතවිය.එම කුඩා පාසලට එක එකා ඇතුලුවන වාරයක් පාසා පොඩිඋන් ටික වෙල්කම් සෑර්/මැඩම් යැයි තොරතෝංචියක් නැතිව කෑ ගැසීම පවු යැයි සිතූ අපි සියල්ලෝම එකසැරේ ඇතුල්වූයෙමු.අප ඈදිගත් පසුව කමියා විසින් මං පාසල් කාලයේදී ඇසීමටවත් අකමැති වූ ඒ වාක්‍ය පවසන ලදී.

දුවලා,පුතාලා දැන් සින්දුවක් කියන්න බලන්ට....

 ටික වේලාවක් ඔවුන් සමග ගතකිරීමෙන් අනතුරුව අප කණ්ඩායම තෑගිබෝග ලබාදී නැවත එන්නට පිටත් විය.ඇත්තෙන්ම ඔවුන් සමග ගතකල ඒ මොහොත ඉතා සුන්දර විය.තෑගිබෝග බැලීමට හා නිශාන්ත අයියා සමග ඔවුන් පෙනීසිටි ඡායාරූප නැරඹීමට ඔවුන් දැක්වූ උනන්දුව බලා සිටින්නට තරම් සංවේදී දසුනක් විය.මේ වනවිටත් හිතුවක්කාරිගේ මැතිවරන ප්‍රචාරන කටයුතු කාටත් හොරා ඇඹරී-ඇරඹී තිබුනි.කොහෙන්දෝ කැලෑවකින් රැගෙන ආ බිස්කට් පැකට් දෙකක් පොඩිඋන් අත තැබූ ඈ නැවත අප හා එක්විය.

අපේ දුක දැක ඔහුගේ දෙනයන උපන් කදුලින් සේදිලා....විජේ අයියා අපිට සුපිරි වෑන් ඒකක් සෙට් කල නිසා හොදට හිටියාය.ඔහුට පිං දෙමින් පොල් පැටෙව්වා සේ හෝ වෑනයට ගොඩවැදුන අප අනෙක් පාසල කරා ගමන් කලාය.එම ගමන ගැනනම් පුද්ගලිකව මං තෘප්තිමත් වන්නේ නැතිවාය.එතැන සිටි ලමුන් පිරිස හා සසදන කල්හි,ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වීමක් මා අපේක්ශා කලාය.

 නමුත් අපේ අනාගත මැතිවරණ අපේක්ශිකාවගේ තවත් ප්‍රචාරණ වැඩපිලිවෙලක් අතිසාර්තක ලෙස ක්‍රියාත්මක වූයේ මෙතැනදීය.උම්මා දෙනවා,පොටෝ ගන්නවා,මොට්ටු තියනවා....එක විකාරයයිය.තව අවුරුදු 10කින් මේ ඡන්ද ඔක්කොම හිතුවක්කාරිගේය.
ඉන්පසු යාන්තම් පනකෙන්ද බේරාගෙන පෙරේතකමින් පැමිණි අප ලන්ච් එක හවස 4ත් පසුවී ගිලදමන ලදි. සමහරුන්ගේ නම් අදහස වූයේ මෙය කණ්ඩායමේ බර අඩුකර ඔවුන්ගේ සරීරත් තමාගේ මට්ටමට ගැනීම සදහා හිතුවක්කාරී විසින් කරන ලද හිතුවක්කාර වැඩක් බවය.නමුත් එයිනුත් අසරනයට පත්වූයේ මං වැනි දුගී දුප්පත් ජනයාය.

ඉන්පසුව නා කියාගෙන කාරිය,අල්ලාප සල්ලාපයේ හා ප්‍රවෘත්ති බැලීමට පටන් ගත්තාය.පුවත් විකාශ 3ක් පමන එකදිගට බැලීමෙන් අනතුරුව කස්ටිය කොටු කොටු දර්ශන වාරයක් සදහා සෙට් විය.මං තාම පොඩි එකා නිසා සහ ගමන් මහන්සියත් නිසා රෑ කෑම ගැනීමෙන් පසු මා බ්ලැන්කෙට්ටුවක් තුලට වී ගුලිවිය.නමුත් අවාසනාවට,මැදියම් රැයේ සිදුවූ දරුනු වාග් ප්‍රහාර මාලාවක් නැරඹීමේ අවස්තාව මට මිස් විය.(කටුස්සාට හා ඇනෝපිලිස්ට නම් ඕවා මතක නෑලු ය.එබැවින් ඔවුන්ගෙන් විමසීමෙන් වලකින්න)

එම අවස්ථාව්දී ගන්නා ලද ඡායාරෑපයක්
 
පසුදා උදෑසන 8 පමන වනවිට ලකලැහැස්ති වූ අප උනු උනු පාන් අනුභව කොට පිටත් වන්නට විය.බසය තුල පොඩි බජව්වක්ද දැමීමෙන් අනතුරුව කිරිකැට් තරගාවලිය තිබෙන ස්ථානයට අප සැපත් උනාය.පිට්ටනිය දුටු විගස අපේවුන් පැවසුවේ මේකේ 6 පාරවල් ගහන එක කජ්ජක් බවය.අපි ටික පිට්ටනියට ගොඩවැදුන පසු පලමුව කලේ පිච් රිපෝට් එක ලබාදීමය.වෙල්කම් ටු ද අයි.සී.සී. වුමන්ස් ට්‍රොපි සීරීස් ඔෆ් උඩරට කදුකර..සිරියා පරදන....බ්ලා බ්ලා බ්ලා...

 සාම්ප්‍රදානුකූල වැඩටිකකින් පසුව හිරිපොද වැස්සේ උවද පලමු තරගය ආරම්ඹ විය.එය නම් ඉතාමත් දැකුම්කලු,බලාසිටින්නට ආසා හිතෙන මට්ටමේ තරගාවලියක් විය.මුල් ටික ටිකක් බොරින් උවද අවසානය තරග කීපය පට්ට පට පට විය.මුල් තරගවලදී හොදින් ක්‍රීඩාකල,සිංහල ක්‍රීඩිකාවන් කීපදෙනෙක්ද සිටි ඩ්‍රැගන් කණ්ඩායම තරගයෙන් ඉවත්වද්දී අවසාන වටය සදහා සුදුසුකම් ලැබුවේ ආදරණීය ටජ්මහල් සමග අප හීනෙන්වත් බලාපොරොත්තු නොවූ කුඩා කණ්ඩායමකි.මේ පිලිබදව වැඩි විස්තර කටුස්සා පලකර ඇති බැවින් මං මොකුත් කියන්නට යන්නේ නැතුවාය.

ආහ්...ෆයිනල් මැච් එකට පෙර අපේ සුහද කිරිකැට් මැච් එකක්ද තිබුනාය.අප නම් බලාපොරොත්තුව සිටියේ කෙල්ලන් සමග සෙල්ලම් කිරීමටය.නමුත් අපේ බලාපොරොත්තු සුන්කර දමමින් අඩයාලම් කණ්ඩායම අප සමග තරගයට බටහ.පලමු ඕවරය අවුලක් නැතිව ගියාය.දෙවැනි එක දැම්මේ සත්සර අයියාය.ඔහු දැමූ එක් අහස්කූරු පන්දුවක් කීපරයාට සිටි මාගේ හිසටත් ඉහලින් ප්‍රක්ශිප්ත විය.පිටිපස තිබූ දැල නොතිබෙන්නට නෝ බෝල් කෙසේ වෙතත් බෝලය නම් නැති වෙනවා සුවර්ය.තුන්වන ඕවරය දැම්මේ අපේ සුද්දා ජෙරම්ය.මූ බේස්බෝල් දාන විදියට බෝල දැමීම නිසා පිට්ටනියම සිනා සාගරයක් විය.ඒත් කමක් නෑ එක බෝලයක්වත් විකට්ටුව අහලින්වත් නොගියාය.ඔක්කොම ලොවෙත් වයිඩ්ය.අපේ පලනි අයියා "යකෝ මෙහෙට බෝලෙ දාපිය" යැයි (ඉංගිරීසියෙන්) කිව්වද පලක් නොවූ තැන ඌ දාන තඩි වයිඩ් පන්දුවලටද පැන පැන පහරදී අපේ ඕවර් ඉවර කලාය.ඉන්පසුව අපේ පිලට බැට් කරන්නට අවස්තාව උදාවූ අතර ඕවර 2ක් පමණක් ක්‍රීඩාකර තරගය නවත්වන ලද්දේ අපේ ආත්ම ගෞරවය සේදීයාම වැලැක්වීමටය.

ඉන්පසුව පැවති අන්තිම ලාස්ට් ෆයිනල් මැච් එක ගැන කතාකිරීම දුක්ඛදායකය.මක්නිසාද යත් අපි සප් එක දුන් ටජ්මහල් කණ්ඩායමට ශෝකජනක ඉරනමක් අත්වීමය.පසුව මං හිතුවක්කාරිට යෝජනා කලේ බියුටි ඔෆ් ද සීරීස් සම්මානය යෝගේශ්වරීට දෙමුදැ කියාය.නමුත් ඈ සිත්පිත් නැති එකියක සේ මගේ ඉල්ලීම ඉවත
දැමීය.
 

තෑගිබෝග බෙදාදීමෙන් අනතුරුව අඩයාලම් කණ්ඩායම හා ටජ්මහල් ටීම් එක සමග පොටෝ වලටද මුහුනදුන් අප නැවත බඩගින්නේ කෑම කන්න පොට් එකක් සොයා ගමන් ඇරඹීය.ටික දුරක් පැමිනි පසු පාලමක් අසල පාර අයිනේ නැවතුන බසයෙන් බට අප පාලමේ ඇන්දට ගොඩවැදී ආහාර අනුභව කරන්නට විය.ඉන්පසු නැවත ගමරට බලා පිටත්වන්නට වූ අතර ඒ අතර සිදුවූ විශේෂ සිදුවීම් කටුස්සා පලකර ඇත.

ඉන්පසුව නිදිකිරමින් අප කොලඹ බලා ගමන්කල අතර මහ රෑ ගෙවල් බලායාමට කෝච්චියක් නොමැතිකමින් අසරණ වූ මංතුමා,රූපේ හා අලුරනා තම සරණාගත කදවුර වෙත ගෙනයාමට කටුස්සා පියවර ගත්තේය.එදින රාත්‍රිය එහි ගතකල අප උදෑසන බොරැල්ල තෙක් පැමින කටුස්සාට සමුදුන්නාය.

 ප.ලි.-රන්දුනු සහෝදරයාගේ ලිපියට මෙතනින් ගොඩවන්න..

Friday, July 10, 2015

මේ තරම් සියුමැලිද කලුගල්...


දම්මි..අර
මොකක්ද?
අර බලනවකෝ..

විනීතා පෙන්වූ දසුනින් දම්මිගේ ගත හිරිවැටී ගියේය.සුගත් තම යහලුවන්ද සමග රැස්වීම් බූමියට පැමිනෙමින් සිටියේය.

මචන්..දම්මි ඉන්නවා.අර අරෙහෙ බන්.

සුමිත් යහලුවාට පවසන්නට විය.

කට වහගෙන වරෙන්
.
සුගත්ගේ පිලිතුර විය. මිතුරාට එසේ පැවසූ නමුත් සුගත් ඒ වනවිටත් ඇය දෙස හොරෙන් බලා අවසන්ය.හෙමිහිට ඇයව මගඇරෙන සේ රැස්වීම් පෝලිමට එකතු වූ සුගත් මිතුරන් සමග කතාවට වන්නට විය.
ගතවූයේ විනාඩි කිහිපයකි.නිකමට මෙන් කතාබහ අතරතුර පසෙකට හැරුනු සුගත්ට දැකගත හැකිවූයේ තමා දෙස අහිංසක ලෙස බලාසිටින දම්මිය.තත්පරයක් දෙකක් එදෙස බලාසිටි ඔහු රුදුරු ලෙස නෙත් ඉවතට ගත්තේය.දම්මිගේ සිතට ආවේ එසේ මෙසේ දුකක් නොවේ.තමා මෙච්චර ආදරය කරන තම පෙම්වතා තමාව නොසලකා හැරීමට තරම් නපුරු උනේ ඇයිදැයි ඇය සිතන්නට විය.

මං දන්නවා දම්මි.ඔයා හිතනවා ඇති මට තියෙන්නෙ ගල් හිතක් කියලා.ඒත් ඒක ඇත්ත නෙමෙයි.මං ඔයාට තාමත් ආදරෙයි,ඉස්සරටත් වඩා.කලින් දගල දගල හිටපු ඔයාට වඩා ඔයා දැන් ඉන්න විදියට මං කැමතියි.ඒත් මොනවා කරන්නද? අපිට වෙන්වෙන්න උනා,ගොඩාක් හේතු නිසා.මං තරහා නෑ ඔයත් එක්ක,පොඩ්ඩක්වත්.ඒත් මං මෙහෙම ඉන්නෙ අපි දෙන්නගෙම හොදට.ඔයාගෙ අහින්සක ඇස්දෙක දැක්කම මට පිස්සු හැදෙනවා.ආයෙත් ඔයා ලගට දුවගෙන එන්න හිතෙනවා.ඒ නිසයි මං ඔයා දිහා නොබලන්නේ,නැතිව තරහකට නෙමෙයි.ඒත් අපි ඇත්තට මුහුණ දෙන්න එපැයි.අපි වෙන්වුනේ නොගැලපීම් නිසයි.අපේ වැරදි නිසයි.ඒ වගේම අනාගතය ගැන හිතලා.අතලග විබාගයක් එනවා මට.ඒක වෙනුවෙන් වැඩ කරන්නත් ඔනිනේ.සුගත් සිතිවිලි යායක පාවී යන්නට විය.

පාසල ඇරඹීමට පෙර,විවේක කාලයේ හා නිදහස් කාලච්ඡේද වලදීද දම්මිගේ වත ඔහුගේ නෙත ගැටුනද ඇය දෙස නොබැලීමට සුගත් පරෙස්සම් විය.නමුත් ඈට නොදැනෙන්නට,ඇය දෙස බලාසිටිමට ඔහු ප්‍රියකලේය.

 වසර කිහිපයකට පසු,එදින උදාවිය.නොඉවසිලිවන්තකමකින් සුගත්ගේ සිත පිරී පැවතිනි.උදෑසනම ලකලැහැස්ති වූ සුගත් පාසල කරා ඉක්මන් ගමනින් පියනැගීය.ඒ වනවිටත් දම්මි ඔහු එනතුරැ බලාපොරොත්තු දල්වා බලාසිටියාය.මොහොතකුදු පමා නොවූ සුගත් ඇය කරා පියනගන්නට විය.දම්මිත් ඉක්මන් ගමනින් ඔහු වෙත දිව ආවාය.නිමේශයක් ගතවීමට මත්තෙන් දෙදෙන තරයේ සිප වැලදගන්නට විය.


මං ගොඩාක් පාලුවෙන් හිටියේ,ඔයා නැතිව..
මාත්...

කතාබහ කරන්නට අවකාශයක් නොවීය.දම්මිගේ හා සුගත්ගේ කාන්තිමත් දෙනෙත් බොහෝ දෑ පවසන ලදී.
සුගත් තවත් බෝතලයත් අතට ගත්තේය.නැවත කල්පනා ලෝකයට වැටුනේය.ආදරයක් වෙනුවෙන් තම ජීවිත අරමුණ  කැපකල හැටි,නමුත් තම කදුලු මතින් ඒ ආදරයම පැනගිය හැටි,ඒ නිසාම තමාට මානසික රෝගියෙකු වන්නට වූ හැටි, අවසානයේ තම ජීවිතය පවා විනාශ වූ සැටි මැවී පෙනෙන්නට විය.එහෙත්,ඈ කෙරෙහි තරහක් ඔහු සතුව නොතිබුනි.ඔහු සිනාසුනි...හදපුරා නැගෙන වේදනාව සගවා සිනාසුනි.

 මචං,හෙටත් ගාමන්ට් යන්න ඕනෙ නේද?අදට ඔය හොදටම ඇති.වරෙන් යන්න උබව ගෙදරට එක්කන් යන්න.
 මිතුරා එසේ පවසන විටත් සුගත් සිහිසුන් වී සිටියේය.

ප.ලි.-සත්‍ය කතාවක් ඇසුරිනි.නම්,ගම් මනඃකල්පිතයි.

Monday, July 6, 2015

ඔව් සුබා..මේක ඔයා වෙනුවෙන්!



මං එදා හදිසි තීරනයක් ගත්තා.පහුවෙනිදම බණ්ඩාරවෙල යන්න.මං හිතුවා ඈත දුරකට ගියාම මට පොඩ්ඩක් හරි සැනසීමක් ලැබෙයි කියලා.ඉතින් පහුවෙනිදාම මං ගියා.ගිහින් සතියක්  විතර හිටියට මොකද කිසිම වෙනසක් වුනේ නෑ.ඒ දවස්වල මරු චැට් සර්විස් එකක් මට සෙට් උනා.ඒකත් මට ඉන්ට්‍රොඩියුස් කලේ රුකායි,ශෙනියයි..ඔව්,උබලා තමයි.කාලකන්නි හැ**.

ඉතින් ඒකට පිං සිද්දවෙන්න ටයිම් පාස් කරකර හිටපු මට අහම්බෙන් වගේ ඔයා මීට් උනා.විස්තර ටිකක් අහද්දි ඔයාත් බණ්ඩාරවෙල සයිඩ් එකේ කියලා දැනගත්තම මට හිතුනෙ,අපරාදෙ මං කලින් ආවෙ,තව ටික දවසක් හිටියනම් ඔයාව හම්බවෙලාම එනවනේ කියලා.

ජීවිතයේ හොදම හරිය අවුල්වෙලා යද්දී
තමා අතට  තම අතවත් සෙවනක් නැති වෙද්දී
විරිත්තන්න දහස් ගනන් මගබලාන ඉද්දී
නුබට සැපක්දෝ....මේ ඇස් කදුලින් තෙත්වෙද්දී

ටික දවසක් යද්දි අපි යාලුවො උනා.නිකම් යාලුවො නෙමෙයි,මැන්ගො ෆ්‍රෙන්ඩ්ස්ලා.ඒ දවස්වලනම් වැඩිපුරම කියෙව්වෙ මං තමයි.ඔයා අහගෙන හිටියා.මට උත්තර හොයලා දුන්නා.මාව තේරුම්ගත්තා,කාටවත්ම වැඩිය හොදට.එදා ඉදන් තාමත්,උදේ ඇහැරෙන වෙලාවෙ ඉදන්....මහ රෑ නිදාගන්නකම්...තොරතෝංචියක් නැතිව ගිරවියක් වගේ කතාකරන එකට මං හරි ආසයි.

ඒ විතරක් නෙමෙයි.හැම දෙයක්ම දිහා බැලුවම මට හිතෙනවා,මං මෙච්චරකල් හෙව්වෙ ඔයාවද කියලත්...සමහර අය යශෝදරාව පරමාදර්ශී චරිතය කරගන්නවා වගේ,මගේ පරමාදර්ශී චරිතය වෙන්නෙ ඔයා..ආඩ්ම්බරයි මට, ඔයා ගැන..ඒ වගේම සතුටු වෙනවා ඔයා වගේ මිතුරියක් ලැබීම ගැන....

මිලාන ජීවිතය
මැලවී යන්නට නොදී
රැගෙන එය දෝතටම
හුස්ම පිබ ආදරෙන්
දලු දමන ජීවිතය
තුටින් සිනාසෙන අයුරු
බලා සිටි අපූරුව...
හැරනොයා කිසිවිටෙක
හදපතුලෙ රැදි ඔබව
අමතන්නෙ මා කෙලෙස
සොදුරු දෙව්දුවක මිස.. .