Friday, April 10, 2015

දුරකතන සංවාද




බෙල් අයියගේ කාලයේ සිට විවිධාකාරයෙන් දියුණුවීම්වලට ලක්වූ දුරකතනය වර්තමානය වනවිට සියලු දෙනා අතැති මෙවලමක් බවට පත්ව තියෙනවා.එමෙන්ම කිසිදු ජාති,ආගම්,කුලමල,පන්ති භේදයකින් තොරව සියලුදෙනා භාවිතාකරන ජංගමේ සමග බැදුනු අපූරු සිදුවීමද සමාජයේ දක්නට ලැබෙනවා...

මට පසුගිය බස්නාහිර පලාත් මැකිවරණ සමයේ අත්විදින්නට සිදුවූ යම් සිදුවීමක් කතාවට පූරුවිකාව කරගන්නට මට හිතෙනවා.එදා  වේයන්ගොඩ ගුවන්පාලම විවෘත කරන දවස.ඒකට මහින්ද ලොක්කත් ඇව්ත් හිටියා.එදා මං පන්ති ඉවරවෙලා වේයන්ගොඩින් ‍ට්‍රෙන් එකෙන් බහින වෙලාවෙ තමයි(මං හිතන්නේ 5ට විතර ඇති) ලොක්කගේ කතාව කරකර හිටියේ.මං ඉතින් ටිකක් වෙලා ඒකත් අහගෙන ඉදලා ගෙදර යන්න කියලා හිතාගෙන බස් එකට නැග්ගා.(ආරක්ෂාව තරකරලා තිබුන නිසා බස් එකක් අල්ලගන්න අඩි 10 දුර ගෙවන්න මීටර් 500ක් විතර දුරින් පාරකින් එන්න උනඑක වෙනම දෙයක්.ඒ වෙලාවෙ තිබුන මහන්සියට කා‍ගෙද මන්ද අම්මල මතක් උන එකත් වෙනමම කාරණයක්)කොහොමහරි බස් එකට නැගල ටිකදුරක් යද්දි කාගෙද මන්ද ෆෝන් එකක් රින් වෙනවා මහ හයියෙන්.

හලෝ...ආහ් ......
අපි මේ දැන් ගෙදර එන ගමන්...
අපි වේයන්ගොඩට ආවා...මහින්ද මහත්තයව බලන්න....

කවුදෝ ඇන්ටි කෙනෙක් කෑ ගහගෙන කාටද මන්ද කෝල්කරනවා.මට එකපාරටම බකස් ගාලා හිනා ගියා.මං ෂේප් එකේ වටපිට බලද්දි මුලු බස් එකම හිනා වෙනවා හීනියට(ඇයි යකූ,වැදගත් වැඩකට ආවනම් කමක් නෑ.හරි ආවා කියමුකෝ..ඔහොමත් කෑ ගහන සිරිතක් තියෙනවද?)ඉතින් දැන්කාලේ මේ වගේ සංවාද අපිට ඕන තරම් දකින්නට පුලුවන්.කතාකරන්න සද්දෙට ෆෝන් ඕනෙත් නෑ.ගෙදරටම ඇහෙනවා...


තවත් අපූරු දුරකතන සංවාද සිදුවන අවස්ථාවක් තමයි විනෝද චාරිකා(අධ්‍යාපනික,වන්දනා ඕන එකක් ආගන්න පුලුවන්.සුද්ද සිංහලෙන් කියනවනම් ට්‍රිප්).සමහරු ඉන්නව කොහේහරි ගියාම ඉස්සල්ලම කරන්නේ කාටහරි කෝල් එකක් ගන්න එක.අම්මා,තාත්තා,යාලුවා විතරක් නම් කමක් නෑ කියමුකෝ මුන්ට අල්ලපු ගෙදර නැන්දටයි,බාප්පටයි,පුංචිටයි,නැන්දටයි,කුස්සි අම්මටයි හැම එකාටම කතාකරන්න මතක්වෙන්නේ මේ වෙලාවට.ඒකත් කමක් නෑ කියමුකෝ,උන්ට කතාකරන්න වෙන වෙලාවක් නෑ වගේ සමහරු ඒ වෙලාවේ කතාකරන්නෙත් ජාතික ප්‍රශ්න ගැනයි, අල්ලපු ගෙදර අක්කා පැනලා ගිය එක ගැනයි එක එක ඕපාදූප..,.මේවා අහං ඉන්න එකත් මරු ආතල් වැඩක් ඉතින්.(ඕන් අපි අහනවා නෙමෙයි හොදේ,ඇහෙනව)

ආහ් අක්කේ,අපි ට්‍රිප් එකක් ආවනේ නුවර.......ඔව් ඔව්.....
ආහ්..පුංචි,අපි මේ දවල්ට කන ගමන්...බත් කන්නේ...‍බෝංචියි,පරිප්පුයි,....
අඩෝ..මොකද කරන්නේ...අපි ට්‍රිප් එකක් යනවා බන්...මරු


තව ජංගමේත් එක්ක ගනුදෙනු කරන සෙට් එකක් ඉන්නවා.එයාලට කියන්නේ අම්මලගේ රත්තරන් පුතාලා...කියලා.හේතුව කරන කියන හැම දෙයක්ම අම්මට කෝල් කරකර කියන එක තමයි උන්ගේ වැඩේ.(දුක කියන්නේ කෙල්ලොත් එහෙම නෑ.)

අම්මේ...මං ටිකට් ගත්තා..ඔව්..7ට තියෙන්නේ
අම්මේ...මං ට්‍රේන් එකට නැග්ගා...
අම්මේ...හරි අම්මේ..පරිස්සමින් යනවා අනේ..
අම්මේ....වඩේ කාරයෙක් යනවා..මං වඩේ ගන්නද?
අම්මේ...අර වඩේනම් මෙලෝ රහක් නෑ...
ඔව් අම්මේ..දැං තමයි පොල්ගහවෙලට ආවේ...
අම්මේ...හරි වැඩේනේ...ටික්කො පැන්නනේ...හරී..මං ටිකට් අරං හිටියේ...
අම්මේ...ඇති යන්තම් නුවරින් බැස්සා...හරි සෙනගනේ අද...


4 comments:

  1. මලියෝ............. අදයි මේ පැත්තට පය තිබ්බේ.... බ්ලොගයනම් නියමයි.. දිගට ම ලියමු..... වැදගත් දේවල් කීපයක්ම තියෙනවා මචං... මුල්ම දේ තමයි උඹ මේ ලියන විදිහට ම දිගට ම ලිවීම... දෙවැන්න තමයි අපේ කට්ටියගේ සින්ඩි වලට ඒකතු වීම.. අනික තමා සහෘදයන්ගේ බ්ලොග් වලට නිතර යෑම ඒම.... කරලා බලන්න ... සාර්ථක ප්‍රතිඵල අත්වේවි

    ReplyDelete
    Replies
    1. මම දැනටමත් සින්ඩි කිහිපයක ඉන්නවා.ඉස්සරහට තවත් සින්ඩිවලට ඇතුලත්වෙන්න බලාපොරොත්තු වෙනවා...මේ දවස්වල නම් වැඩිය කාගෙවත් බ්ලොග් වලට යන්න බැරිඋනා..ඒත් ඉඩ ලැ‍බෙන හැම වෙලාවකම යන්වා මං..
      උපදෙසට වගේම මේ පැත්තට ආවාටත් ගොඩාක් ස්තූතියි!

      Delete
  2. අඩෝ මට මේක මිස් වෙලානේ???දැනුයි දැක්කේ....
    ඇයි බන් අර මල් කඩ කඩ ඉන්නකොට එකපාරටම ස්පිකර් ෆොන් වැටෙන ඒවා....හරිම පජාතයි!

    ReplyDelete
    Replies
    1. හිකිස්..නෑනේ..එහෙමත් ඒවා වෙනවද?
      අත්දැකීමක් නම් නෑ තාම..ආසාවෙන් ඉන්නවා ඒකත් විදගන්න...

      Delete