Wednesday, April 22, 2015

අපේ ගමේ අවුරුදු ආතල්




ඔන්න තවත් අවුරුද්දක් නිමාවුනාය.නමුත් මේ අවුරුද්දේත් රසවත් අත්දැකීම් කිහිපයක් අපට ලැබුනාය.අද මං කියන්‍න හදන්නේ අවුරුදු උත්සව හා බැදුනු අපූරු සිදුවීම් කිහිපයක් ගැනය. අවුරුදු උත්සව යන වචනය ඇසනු විටම අපිට සිහියට එන්නේ බයික් රේස්ය.ආහ්..නෑ..බයිසිකල් රේස්ය.බයිසිකල් රේස් එකක් නැති අවුරැදු උත්සවයක් යනු පරිප්පු නැති හෝටලයක් වගේය.ඒ තරමට එය අදවනවිට අවුරැදු උත්සව හා සමග බැදී තිබේ.

බයිසිකල් රේස් ගැන මතක් කරනවිට කියන්නට කතා බොහෝමයක් ඇත.මම නම් අවුරැදු උත්සවයකදී කැමතිම මෙව්වා එක මේ ඉවෙන්ට් එකය.අනේ ඒ වුනාට මලාට රේස් එකක් නම් පැද නැත්තේය.(අම්මටහුඩු..එකක් නම් හතිදාගෙන පැද ඇත.එදායින් පසුව පදින්නට හීනෙන්වත් හිතා නැත) කොල්ලෝ කුරුට්ටෝ කොරන ආතල්ම වැඩේ රේස් එක පස්සේන් යාමය.පස්සෙන් යන ආකාර කිහිපයක් ඇත්තේය.පලමු ක්‍රමය වන්නේ ප්‍රචාරක රථයේ නැගී මරහඩ දිදී කෙලගෙන යාමය.අපේ ගමේ මරු බුලට් එකක් ඉන්නවාය.මං හිතන්නේ මූ ඉදුල් කටගෑමේ දිනයේදීම අතතබා ඇත්තේ වාහනයකටය.මේකා සමග ගමනක් ගියොත් බහින්නේ කබරයා සෙට් කරගෙනය.ඒ තරම් ආරක්ෂාකාරී ලෙස මූ වාහන එලවනවාය.
දිනක් කොල්ලෝ කීපදෙනෙක් සමග බට්ටෙක් මත නැගී ප්‍රචාරක රථයේ පිටිපස අපි යනවාය.වට කීපයක් සාර්ථක ලෙස රේස් එක ගමන්ක‍ලාය.දැන් ඉතින් මග දෙපස හුදී ජනයා පස්වනක් ප්‍රීතියෙන් වතුර ගසන්නට මග රැක සිටිනවාය.එක්වරම මේ යකා වාහනේ වේගය වැඩිකරමින් කෙලගෙන යන්නට විය.එක්වරම මූ ඔයක් අසලින් වාහනය නතර කලාය.අම්මට හුඩු..ඒ අසල සිටි හුදී ජනයා අපිට කැත නැතිව වතුරවලින් සංග්‍රහ කලාය.පස්සේ දැනගත්පරිදි එය සැලසුම්සහගත ක්‍රියාවක් බව අපට හොදටෝම පසක්විය.

රේස් පස්සෙන් යන ආතල්ම ක්‍රමය වන්නේ බයික් එකක් සෙට්කරගෙන යාමය.දිනක් අපේ අයියා කෙනෙක්ගේ ටුවින් එකක නැගී අපි තිදෙනෙකු රේස් එක පස්සෙන් ගමන් කරමින් සිටියෙමු.ඒකේ ඩ්‍රයිවරයාද මොලෝ කමකට නැති එකකි.හිසට ඔලුවක්වත් නැතිව මං ගියේ පන බයේය.එහෙන් මෙහෙන් වෙට්ටු දමා යනවිට තවපොඩ්ඩෙන් පාපැදිකරුවෙක් චකබ්ලාස් වනවාය.ඒ යකාගේ මල ජම්ප් වී අපට අම්මා මුත්තා මතක්කර ජාතිය අමතන්නට විය.

මම පෞද්ගලිකවම රේස් පස්සේ යාමට ඇති ආසාවට තවත් හේතුවක් ඇත්තේය.වෙනදාට පාරේ යනවිට අපි යන්නේ නීතිරීති ගැන ඉතා සැලකිල්ලෙනි.එවා කඩන්නේ ඉතා කලාතුරකිනි.(අහිසකකමට නොව අයියලා මග දෙපස හැංගිමුත්තන් කොරන නිසාය) නමුත් මෙදින අපට නිදහස් දිනයකි.හෙඩ ගහගෙන,දකුණෙන් දාගෙන,ඉරි කපාගෙන,මරහඩ දීගෙන,හූ කියාගෙන,මංසන්ධි බ්ලොක්කරගෙන පාරේ අණසක පතුරවන එකෙත් අමුතුම ගතියක් ඇත්තේය.

අවුරුදු උත්සවය ගැන කතාකරන්නට පටන් ගත්තාට කතාව වෙනම පැත්තකට ඇදී ගියාය.මේ එක්කම සෙට්වෙන තවත් කතාවක් මට මතක් වෙනවාය.හැමතැනටම පිලිකාවක් සේ පැතිර ඇති දේසපාලනය මේකටද රිංගලාය.අපේ උනුත් අවුරුදු උත්සවේට දේසපාලනේ ගාවාගෙන වැ‍ඩේ ගූ කරගන්නවාය.එක් අවුරුද්දක ‍රේස් එකක් පටන්ගන්නට මෙරට පරසිද්ද කප්පම්කාර දේසපාලුවෙකුට ආරාධනා කොර ඒ යකා පරක්කු වී දවසම එපා කරවීය.

ආහ්..මේ සැරේ සිදූවූ මර සිදුවීමක් මට මතක් වෙනවාය.අපේ ගමේ මට වඩා අවුරුද්දක් විතර වැඩිමල් සූකිරි අක්ක කෙනෙක් ඉන්නවාය.වැඩිය පේන්න නම් සිටින්නේ නැතිවාය.ඒත් ඉදලා ඉදලා බහින්නේ අපේ මොලේ කුරුවල් වන ආකාරයටය. අවුරුදු උත්සවය පැවැත්වෙන වෙලාවේ ඒ අක්කියා පාරේ එහාට යනවාය..තව ටිකකින් ආයෙත් මෙහාට යනවාය...ආයෙත් කෙල්ලෙක් එක්ක කයියක් ගහගෙන එහාට යනවාය.(අම්මටසිරි..ඒ පාර වෙනම කිටක් ගහගෙනය) ආයෙත් ටික වේලාවකින් මෙහාට එනවාය.නිකම් පැෂන් ෂෝ එකක් වාගේය.මං හිතන්නේ දවසටම ඇදුම් 5ක් වත් යූස් කරන්න ඇත්තේය.අපේ උන්ට දැන්නම් අවුරුදු වගේය...

ඔන්න හවස අවුරුදු කුමරිය තේරීමේ තරගයය.ඒකි ‍තොරන්නත් ආවේ දේසපා ලියකි.කස්ටිය නම් එයාට කියන්නේ බබා කියලාය.බබා වගේ හිටියාට කරපුවා ගැනනම් එකඑක කතා තියෙනවාය.(අනේ අපිට නම් ඒවා ගැන කිසිම අමාරුවක් නැත්තේය) සමහර කොල්ලන්ට නම් සිහියක් පතක් නැත්තේය,කෙල බේරෙනවාය.. ඔන්න ටිකකින් අර කලින් කියපු සූකිරි අක්කියා තවත් නංගියෙක් සමග එතනට ආවාය.ආහ් එයාගේ අම්මාද කොහෙදත් ආවාය.දැන් ඇන්ටි බබාත් එක්ක මොන මොනවාදෝ හෙනට කතාවය..මෙලෝ දෙයක් අපට නම් ඇසෙන්නේ නැත.ඒ අතරේ අපේ එකෙක් කතාවට ගැනපෙන පරිදි එම කතාබහට හඩ කවනවාය..

අනේ බබා..මේ ඉන්නේ අපේ දුව(ඇන්ටි දුව පෙන්නයි)
ඔව් අනේ..එයාත් ආසයිලු ඔයා වගේ වෙන්න.දැක්කනේ දැනුත් **ව වගේ ඉන්න හැටි
හ්ම්..ඒකනම් දන්නේ නෑ..කඩා*** දන්නෙත් නෑ.විශ්වාස කරන්න පුලුවන්ද මුන්ව. මං ‍වගේම ඇතිනේ..

අපිට ***ත් හිනාය.මේ විදියට මේ සැරේ අවුරුදු උත්සවේත් ආතල්පිට නිමාවිය.

ප.ලි.- අනේ කාටවත් අපහාස කිරීමට මගේ තුන්හිතකවත් අදහසක් නැත.අහිංසක විහිලුවක් කරා පමණි.

4 comments:

  1. /* ප.ලි.- අනේ කාටවත් අපහාස කිරීමට මගේ තුන්හිතකවත් අදහසක් නැත.අහිංසක විහිලුවක් කරා පමණි. */

    අනවශ්‍ය කතාවක්. බ්ලොග් තියෙන්නේ තමන්ගේ අත්දැකීම් ලියන්නයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? මේකයි..මට හිතුනා මේක දැකපු කවුරුහරි රෙද්ද උස්සගෙන එයිද කියලා අන්තිමට කියපු කතාව නිසා.ඒකයි එහෙම දැම්මේ.
      අපි මෙහෙම කියමු..මේක මගේ බොග.මට ඕන දේ මං දානවා...
      නිවැරදි කිරීමට ස්තූතියි.

      Delete
  2. උඹ වගේම මමත් එක බයිසිකොල් රේස් එකක් පැද ඇත්තේය. එතැනින්ම සිද්ධිය එපා විය.
    මෙදා පොටේ අපේ ගම අවට කුඩා පරිමාණයේ අවුරුදු උත්සව පහක් පමණ තිබුනේය.
    ඒ එකකවත් බයිසි රේස් තිබුනේ නැත. නමුත් අනිකුත් තරඟ හරහා උපරිම ආතල් එකක් ගැනීමේ හැකියාව තිබුණි.
    අපේ සෙට් එකේ උන් කප් ගසා සිටින්නේ කඹ ඇදිල්ලටය...

    ReplyDelete
    Replies
    1. අපොයි..මම නම් කඹ ඇදිල්ලට කිසිසේත්ම සම්බන්ධ වන්නේ නැත.මක්නිසාද යත් සමහර අවස්ථාවලදී අනිත් උන් මාව කඹේට ගන්නා නිසාය.
      අදහසට ස්තූතියි ලොකු පුතා...

      Delete