Monday, April 20, 2015

නිදි දෙව්දුවට ආදරයෙන්...




දන්නවද..ඉස්සර මං ඔයා ගැන දන්නෙවත් නෑ.දැනගන්න ඕනකමක් තිබුනෙත් නෑ.මොකද මට ඔයා ගැන හොයලා බලන්න,හිතන්න තරම් කාලයක් තිබුනෙ නැතිනිසා. සතුටින් කියලා කියන්නම බැරි උනාට මට දවස ගතකරන්න ගොඩාක් වැඩ තිබුනා.උදේම නැගිටලා ඉස්කෝලේ ගිහින් යාලුවොත් එක්ක පිස්සු කෙලින්න ගියාම වෙලාව ගතවෙනවා තේරෙන්නේවත් නෑ.ගෙදර ඇවිත් කාලා බීලා නාලා එහෙම ඉවර උනාම ටීවී බලල නිදාගන්නවා.ඒක තමයි ඒ කාලේ මගෙ සරලම කාලසටහන උනේ.

පස‍්සේ කාලෙක තමයි දැනගත්තේ ඔයා ඇත්තටම ඉන්නවා කියලා.හේතුව උනේ,ඔයා විතරක් හිටපු මගේ හිත වෙන කවුදෝ හොරකම් කලාට පස්සේ.ඒත් ඒක මට වැඩිය ගානක් උනේ නැත්තේ ඔයා නැතුව හිටියත් මගේ හිත තිබුනේ සෑහෙන ඈතක නිසා..මං හිටියේ සුන්දර මතකයන් ගොඩක සහ මනහ්කල්පිත ලොකවල නිසා.තනියම හිනාවෙවී ඒවා බලනකොට ටයිම් පාස්කරන එක දෙයක් නෙමෙයි.

පස්සේ පස්සේ මං ඔයාට කෙනෙහිලිකම් කරන කාලයක් ආවා.මං ඔයාට විරුද්ධව වැඩකලා.ඔයාව බලෙන් එලවලා දැම්මා.ඒ මොකටවත් නෙමෙයි,පාඩම් කරන්න.මතකද ඉස්සර මං ඉස්කෝලේ ගිහින් ඇවිත් මහ දවල් 2ට විතර බලෙන් නිදාගන්නවා.(ඒකට ක්‍රමයක් තියෙනවා) ඊට පස්සේ රෑ 8ට විතර ඇහැරිලා වැඩ කරන්න ගන්නවා.ආ‍යෙත් ඔයාට මං ලගට එන්න දෙන්නේ පාන්දර 3ත් පහුවෙලා.රේඩියෝ එකත් දාගෙන ඔයාට විරුද්ධව සෑහෙන්න මහන්සි උනාම මට මාර සතුටක් දැනෙනවා.මං හිතුවා ඒක තමයි ජීවිතේ කියලා.කොහොම උනත් සෑහෙන්න සතුටකින් හිටියේ මං ඒ කාලේ.ඊටත් කලින් කාලයක් මං පාන්දර 2ට විතර ඇහැරලා නිදිමත යන්න මූණ හොදගෙන(සමහර වෙලාවට බාත්රූම් එකේම නින්ද ගිය වෙලාවලුත් තියෙනවා) උදේ පාන්දර ඉදන් ඔයාව එලවන්න හැදුවා.

මට මේ අත්විදින්න වෙලා තියෙන්නේ ඒකේ ඵලවිපාකද? දන්නවද..අවුරුද්දක ඉදන් මං ඔයාව හොයනවා.හැමදාම පාන්දර 3 විතර වෙනකම් ඔයා එනකම් බලන් ඉන්නවා මං,කරන්න  කිසිම දෙයක් නැතිව..දන්නවද, මං කාලයක් ඒකට හොද විසදුමක් හොයාගත්තා.ඒකාලේ රාත්‍රිය සුන්දරයි කියලා හිතං හිටියට ඊටපස්සේ මං අකමැතිම කාලය උනේ රාත්‍රිය.ඉතින් මං ගියා වැඩකරන්න,මහ රෑ.. 

හවස 6 ශිෆ්ට් එකට ඇතුගට ගිය වෙලේ ඉදන් සීතලේ ගැහි ගැහි ‍ඩීෆීසර් සුද්ද කරන්නයි,අයිස් පැක් කරන්නයි,ඉතිරි සුන්බුන් අයිස් බකට් පිටින් උස්සන් විසිකරන්නයි තමයි මට සිද්ධඋනේ.මං කරපු දේ කාටවත්ම දැනගන්න ඉඩක් තිබ්බේ නෑ මං.මේ ගැන දැනගෙන හිටපු අයට හිටියේ මගේ හොදම යාලුවෝ දෙන්නෙක් විතරයි.මං මොනවා කරන්නද රත්තරන්? ඒ වෙලාවේ මට කරන්න තිබුන හොදම දේ උනේ ඒක.විවිධ‍ හේතු මත පස්සේ කාලෙක එතනින් ඉවත් උනත් ඒත් ඔයාට මං ගැන කිසිම අනුකම්පාවක් තිබුනේ නෑ.මං ඒකෙන් හොදටම දුක් වින්දා.තාමත් එහෙමමයි!

මට බෑ සටන අතහරින්න..ඔයා මං ලගට එනකං මං බලාගෙන ඉන්නවා.බැරිම උනොත් ආයෙත්පරණ ක්‍රමේම අනුගමනය කරන්න වෙයි...

4 comments:

  1. කාපන් බන් පැලෙන්ඩ....
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....

    ReplyDelete
    Replies
    1. නෑනේ..එහෙමද?
      බලමු ඒකත් ට්‍රයි කොරලා...

      Delete
  2. මොකක්ද බන් පරණ ක්‍රමේ...???

    ReplyDelete