Thursday, April 16, 2015

නොනගතයේ මගේ කරුමය




බ්ලොග් සමාජයේ සැරිසරන හැමෝටම වගේම ලක්වාසී හැමෝටමත් සිත් තුටින් බරවන පැතු පැතුම් ඉටුවන සිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්රාර්ථනා කරමින්ම අද සටහන ආරම්භ කරන්න හිතුවා ඕං... වගේමයි අවුරැද්දට අපි වැඩ අල්ලන නැකතටම නමෝ විත්තියෙන්ම මේ පෝස්ටුව පබිලිස් කොරන්න හිතුවා!!!

ම්..දැන් මං කියන්න යන්නේ අද උදේ නොනගතය වෙලාවේ මට උන සීන් එකක්.හැමදාමත් වගේ අදත් උදේ ඉදන්ම මගේ කොම්පීටරේ දාගෙන ඒකේ එක එක වැඩ කොරකොර තමයි මං හිටියේ.වෙලාව උදේ 9 විතර ඇති.මගේ සීපීයූ එක සම්පූර්ණයෙන්ම මස් කොරලා,කෑලි කෑලි අටවලා තමයි තියෙන්නේ.යන්තම් හරි කකුල බිම තියාගෙන මැෂිම ඇල්ලුවොත් 33,000 චුට්ටක් අඩුවෙන් හීනියට වදිනවා.අපේ ගෙදරින් හැමතිස්සෙම බනිනවා ඔය මගුල හරියට හදාගන්නවකෝ..කියලා..ඉතින් ලගදි ඉදං මට කාමර මාරුවක් ලැබුන නිසා මෙන්න මේ විදියටයි මැසිම අටවල තියෙන්නේ...



හරිනේ...මේකයි කතාව..ඔහොම මේක ඔබ ඔබ ඉද්දි..මට ඇහුනා මියෑව් මියෑව් කියාගෙන අපේ පූස් පැටියා බෙරිහන් දෙනවා.බලද්දි මේ යකා බිත්තිය උඩ නැගලා බැහැගන්න බැරිව මොරදෙනවා.අනේ පව්නේ යකෝ කියලා මාත් ඉතින් සබ් එක ලග බිත්තිය ලගින් පුටුවක් තියලා උඩට නැග්ගා....ම්ම්හ්..උස මදි..ඊට පස්සේ හිමීට ඔය දකුණු පැත්තේ තියෙන සබ් එකේ ස්ටූල් එකට පය තියලා ඉස්සුනා.....

නිකම් ලෝකෙ හෙල්ලුනා වගේ දැනුනා..බලද්දි ස්ටූල් එක පැත්තකට ඇලවීගෙන ආවා.මං ඉතින් දන්න වැඩකිඩ දාලා පැන්නට මොකද දඩෝං ගාලා(සද්දේ නම් මතක නැතුවා..)මාව ස්ටූල් දෙක මැද්දට වැටුනා.(බිම වැටුනේ නෑහ් වෙලාවට)හීනියට වයිබේට් පාරකුත් උනා..ඒක කමක් නෑ කියමුකෝ..බැලින්නම් සීපීයූ එක තිබුන ස්ටූලේ කකුල් දෙකක් බිම..ඌප්ස්...අනිත් එකත් බිම..අයියෝ..සල්ලී...
වැටුන සද්දේට ගෙදර හැමෝම සන්දර්ශනයක් බලන්ට වගේ මාව වටකරගෙන..නොනගතේ වෙලාවේ උඩ නැග්ගේ මොන රෙද්දටද?...කියලා මාව කන්න හදනවා.ගහෙන් වැටුන මිනිහට මොකාද ඇන්න කිව්වලු,අනේ දෙවියනේ,උඩ නගින්නත් නැකත් බලහල්ලකෝ!
 
.ලි.-කොහොමඋනත් ඒකත් හොදයි.මොකද මොනවද ලියන්නේ කියලා හිත හිත හිටපු මට ඒකෙන්වත් චුට්ටි මාතෘකාවක් සෙට් උනා නොවැ...
තවත් දෙයක් කියන්න තියෙවා..මං හිතං හිටියේ වැඩ අල්ලන වෙලාවම මේක පෝස්ට් කරන්න,කොහෙද ඉතින් මොන කරුමෙකටද මන්ද ඒ වෙලාවෙම මැෂිමේ කාර්මික දෝෂයක් ආවා නොවැ..ඉතින් අල්ලල දැම්මා...

4 comments:

  1. ඔයින් බේරුනා මදැයි.....

    ReplyDelete
  2. බ්ලොගර් ෆලෝ වරය දාහංකෝ

    add a Gadget වලට ගිහින් more Gadget ක්ලික් කරල එන පලවෙනි පිටුවේ අන්තිමටම තියන එක Followers , (more Gadget පළවෙනි පිටුවේ 30 වෙනි ගැජට් එක)

    ReplyDelete
    Replies
    1. තැන්කූ අටම් අයියා..මං ඕක හොය හොය හිටියේ,ඒත් දාලා තියෙන්නේ වෙන රෙද්දක්නේ! ඔන්න දැම්මා...

      Delete