Thursday, April 2, 2015

අවුරුදු මාකටින්



 

ඉස්සර අවුරුදු එනබව කීවේ කොහාය.දැන් ඒ බව කියන්නේ විද්‍යුත් නාලිකාවලින්ය.අපේ පැත්තටනම් තාම කොහා ආවේ නැත.බුකියේ නම් කියන්නේ මේ සැරේ ඌ දෙමලෙන්ද කොහෝ..කීමට පුරුදුවන නිසා ටිකක් ලේට් කියාය.ගිය වසරේදී බුකියේ කියවුනේ කොහාටත් උගේ ඩියුටිය කර එපාවී ඇති නිසා,ඌ විසින් එවා ඇති එම්.පී.ත්‍රී. එක බාගන්නා ලෙසය.කෙසේවුවද වර්තමානය වනවිට අවුරුද්දට අපටත් වඩා රෙඩි වන්නේ රූපවාහිනී නාලිකාය.අ‍ප්‍රෙල් මස ඇරඹිමත් සමගම තම තීමය වෙනස්කර ගැනීමෙන් ආරම්භවන අවුරුදු මාකටින් පාර පුරාණ ඇදුම් ආයිත්තම්වලින් සැරසී,කටුමැටි ගෙවල්වල සිට අමුතු ආකාරයේ ගේමක් දීමට ඔවුන් සමත්ය.

අවුරුද්දත් සමගම අතමිට සරුවන තවත් ප්‍රධානතම පිරිසක් ඇත.ඔවුන් නම් රෙදිපිලි වෙලෙන්දන්ය.චාරිත්‍රයක් නොවුනද පුරුද්දක් ලෙසට අවුරුදු සමයේ ෂොපින් යාමට මෙරට ජනයා පුරුදුව සිටී.ඉතින්,අතේ සතේ නැතිවනතුරු ඔවුහු සොපින් කරන්නෝය.එමෙන්ම තීන්ත වෙලඳාමද අවුරුද්දේ වෙනදාට සාපේක්ෂව සැලකියයුතු ලෙස ඉහල අගයක් ගනී.අවුරුදු දාද අපූරු වැඩක් සිදුවන්නේය..කිරි ඉතිරවීමේ සිට සියලුම චාරිත වාරිත සිදුවන්නේ අපේ වෙලාවට නොව මැදමුලන ටයිම් එකටය.(මෙවර නම් එය සිදුනොවනු ඇත)‍‍ අපිත් ඉතින් රූපවාහිනියේ පෙන්වන ආකාරයටම සිරිත්විරිත් ඉටුකරමින් මරු ආතල් එකක් ගන්නවාය.

ආහ්..තව මරු පොරක් මේ දවස්වලට කලඑලි බහිනවාය.මිනිහාට කියන්නේ අවුරුදු කුමාරයා කියාය.අවුරුදු උත්සවවල ඉන්නා ඩයල්එක නෙමෙයි.ඌ වෙනමම එකකි.ප්‍රවාදයේ කියන්නේ අවුරුදු අරන් එන්නේ ඌ කියාය.නමුත් අපට මිනිහාව බහුලවම දැකගත හැකිවන්නේ ප්‍රධානපෙලේ විදුලි උපකරණ කඩවලය. අවුරුදු කුමාරයා කරන්නේ අපට ගාන අඩුකර විදුලි උපකරණ ලබාදීමය. මට සීන් එක තේරුණේ පසුවය.අවුරුදු කාලයේ වියදම් සැර නිසා කුමාරයා ඒ කඩවල පාර්ට් ටයිම් ජොබක් කරනවාය.

අවුරුදු උත්සව ගැන මතක් කරනවිට කියන්නට ලස්සන කතා ඇත. අවුරුදු උත්සවවල මොනතරම් ක්‍රීඩා ඉසව් තිබුනත් අපේනම් හිතයන්නේ අවුරුදු කුමාරි දෙසටය.එතනට එන්නේ ගමේම ඉන්නා ලස්සනම කෑලි ටිකය.අපි ඉතින් අපේ සුවාධීන කැමැත්ත මත අපි කැමති අපේක්ෂිකාවට හුරේ පාර දමන්නේය.මහා පරිමාණ අවුරුදු උත්සවවලනම් අපට ඒවාට අයිතිවාසිකම් කීමට හැකියාවක් නැත.මොකද ඔවුන් නිලියන් වීමට පාර කපාගන්නේ එතනිනි.ඉන්පසුව ඔවුන් පොෂ්බඩුය.අපි නිකම්මුය.

අවුරුදු සමයේ කලඑලි බහින නියම අයිටම් වගයක් ඇත.ඒවානම් පුපුරණ ද්‍රව්‍යයි.මේ කාලයේදී අසල්වාසීන්ට,යාලුවන්ට වුවද මේවායින් බේරුමක් නැත.මං නම් අවුරුදු කාලයට ආස හේතු දෙකක් මතය.එකක් ඉහත සදහන් කල කරුණය.අනෙක,ගනුදෙනු කිරීමය.එය සිදුවන්නේ මෙසේය.අපි පොඩිඋන්ය.නෑදෑ ගෙදරකට ගොස් නැවත එනවිට බුලත් අත දී අවුරුද්දකට සැරයක් වදින වැදිල්ලෙන් දණගසා ලොවෙත් නැතිවන ලෙස වඳිනවාය.එවිට අපට සල්ලි ලැබෙනවාය..ගණන සලකා බලනවිට වැඳිල්ලත් පාඩු නැත.එක අවුරුද්දක මෙසේ නෑදෑ සනුහුරේටම වැදවැටී බරගණනක් මා උපයා ගත්තාය.නමුත් දැන් දැන් මට වැඩිය සල්ලි ලැබෙන්නේ නැත.ඒ නිසා දැන්නම් මට ඉස්සර තරම් අවුරුදු සරු නැත.

අවුරුදු සමයේ හිතමිතුරන් හමුවූවිට නොවැරදීම අසන පැනයක් ඇත.ඒ අවුරුදු සරුද? යන්නය.ඔවුන් එයින් නිවැරදිව අසනු ලබන්නේ කුමක්ද යන්න මට නම් එතරම් තේරුමක් නැත.නමුත් සරුබවේ තරම දන්නේ මාය.යන්තම්  ඕනවට වගේ ඇදුමක් අරගෙන,කැවුමක් කිරිබතක් හදාගෙන කරන්නන් වාලේ සිරිත්විරිත් ටික කර අවුරුදු ෂේප් කරගන්නා හැටි දන්නේ මාය.ඒත් ඉතින් හිතේ කහටක් නැතිව කටපුරා සරුයි සරුයි කියා මාරු වෙනවාය.මේ ආකාරයට විවිධාකාර ආතල් මැද තවත් අවුරුද්දක් නිමාවෙනවාය....

10 comments:

  1. මේ 198... ගණන්වල වැඩක්. අපේ පහල ගෙදර ඉන්න අක්කයි මල්ලියි දෙන්නා නෑදැ ගෙදර ගිහිං බුලත් දුන්නාම කොල්ලා පොඩි එකා නිසා රැපියල් 5 කාසියකුත්, අක්කට රැපියල් 2 කාසියකුත් දීලා තිබුණා. කොල්ලට හිතට මදි රැපියල් 5 කාසිය පොඩි නිසා . ඒකා රණ්ඩු වෙලා අක්කට රැ. 5 දීලා රැ. 2 අරගත්තා.

    ReplyDelete
    Replies
    1. හිකිස්..ඒකත් මරු කතාව..
      කොමන්ටුවට ස්තූතියි ඇනෝ..

      Delete
  2. මචං මේක සාමාන්‍යයි, මොකද නත්තල් කාලෙට නත්තල් සීයව මාකට් කරනවා.. වෙසක් පොසොන් වලට බුදු හාමුදුරුවන්ව , වැලන්ටයින් වලදි ආදරේ.. අවුරුදු කියල වෙනසක් නෑ.. සල්ලි හොයනවනම් අම්මා තාත්ත හරි කමක් නෑ කියන සමාජයක් මේක.

    ReplyDelete
    Replies
    1. කතාව සහතික ඇත්ත..වෙසක්,නත්තල් වගේ ආගමික කාලවලදී පවා ඒවාත් මාකට් කරන්න ගන්න කැත උත්සාහය දකිනකොට ඇත්තටම ලැජ්ජ හිතෙනවා...

      Delete
  3. ඔයගැන මොනව කතාකලත් වැඩක්නෑ මලියා.අපි ඔක්කොම විකිනෙන මිනිස්සු වෙලා ඉවරයි.ඕකෙන් ගැලවෙන්න කාටවත් බෑ.එහෙමනම් අපිට වනගත වෙන්නම වෙනවා.කරන්න තියන හොදම වැඩේ තමයි හොඳ ගානක් බලලා විකිනෙන එක.
    අපේ පවුල්වල පොඩිම එකා මම.මට කවුරුත් වඳින්නේ නෑ.මම හැම එකාටම වඳින්න ඕනේ.ඕකනිසා එහා ගෙදර නංගිට සල්ලි දීලා වන්දවගන්නවා මම අවුරුදු කාලෙට.

    ReplyDelete
    Replies
    1. ඒකෙත් ඇත්තක් තියෙනවා.අපි රස්සාවක් කරනවා කියන්නෙති එක්තරා ආකාරයකට අපිවම විකුණගැනීමක්නේ.

      Delete
  4. ලංකාවෙ මිනිස්සු මහා ලොකුවට සමරනවයි කිය කිය උඩ පනින එක උත්සවයක් වත් තමන්ට ඕනෙ විදිහට තමන්ගේ සිතුම් පැතුම් අනුව සමරනවද කියන එක අද කාලේ ගැටලුවක් වෙලා. මේ හැම උත්සවයක්ම කුමන හෝ වෙලඳ සමාගමකට උවමනා විදිහට ඒ ඒ වෙලාවට මාර්කටිං කරන විදිහට සමරන එකයි වෙන්නෙ. ටීවී එකෙන් අවුරුද්දට ලිප මොලවන හැටි කියලා දෙන්නෙත් වෙලඳ සමාගමකින්. අනික් හැමදේමත් මාර්කටිං වෙලා. මම හිතන්නෙ නෑ මේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනසක් වෙනකම් මේ දේ නතර වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ගොඩාාක් හිතන්න ඕන දෙයක්...ස්තූතියි කොමෙන්ටුවට

      Delete
  5. අවුරුදු කුමාරි තරගවල නම් කිසිම වැරුද්දක් නෑ....ඒවා තවත් වැඩිදියුණු වෙන්ඩ ඕනේ කියන එකයි මගේ මතය....
    මේ ම‍ාකටින් වලට හේතුව මිනිස්සු වෙනසක් කරන්ඩ මොහොතක් එනකම් බලන් ඉන්න එක...

    ReplyDelete
    Replies
    1. වෙනසක් කිව්වේ...මගේ පරිකල්පන මෙව්වා එකට වැඩිය තේරුනේ නෑ

      Delete