Friday, March 27, 2015

රෙද්ද ගැලවීම හෙවත් සත්‍යාගාරය




මේ දිනවල ඉතාමත් මරු වැඩසටහනක් ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ.එහි නම සත්‍යාගාරය වේ.සන්නස්ගල මහතා විසින් මොහයවනු ලබන මෙම වැඩසටහන අයිටීඇන් එකේ විකාශය වූ(හා වන) පට්ටම ආකාරයේ දේශපාලනික වැඩසටහනකි.මෙපමණ කාලයක් කඩේ යාම තම ඩියුටිය කරගෙන සිටි ස්වාධීන(යැයි පැවසූ) රූපවාහිනිය මෙවැනි කර්තව්‍යකට අතගැසීම පිලිබදව අපේ ගෞරවය මුලින්ම එහි පාලනාධිකාරියට තුති පුදකල යුතුය.

පසුගිය සතියේ මෙම වැඩසටහනට සහභාගි වූ ජනාධිපති ජෝතීෂ්‍යය උපදේශක(එවකට) සුමනදාස අබේගුණවර්ධනයන්ගේ රෙදි ගැලවීමට පවා මෙම වැඩසටහන සමත්විය.ඒ පිලිබදව බුකියේ පවා විවිධාකාරයේ ප්‍රචාර දියත්විය.ඒ ආකාරයෙන් විකාශය වූ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් ඊයේ දිනයේදී විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සමග පැවැත්විනි.මේ එහිදී සිරිපාල රෙදි ගලවාගත් හැටි ගැන කියවෙන කෙටි සටහනකි.

මෙහිදි හොදම විහිලුවට කාරණය වූයේ පසුගිය මැතිවරණ සමයේදි එවකට ජනපති මහින්ද රාජපක්ෂ විසින් තම ප්‍රතිවාදියා වූ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට එරෙහිව මඩ ගැසීමක් සේ දියත්කල පහත්පෙලේ ඩමි ප්‍රචාරණ උප්‍රක්‍රමය  පිලිබදව සන්නස්ගල මැතිතුමා එල්ලකල චෝදනාව පිලිබදව කිසිවක් තමා නොදන්නා බව සිරිපාල මැතිතුමා පැවසීමයි.එහි උච්චතම අවස්ථාව වූ මහින්ද රාජපක්ෂ තම ජන්දය ප්‍රකාශ කිරීමට  යන අවස්ථාවේදී පවා එම ඩමියද රැගෙනයාම සජීවීව රූපවාහිනී නාලිකාවලින් දැකගත හැකිවූ අතර එය මෙරට ජනයාගේ දැඩි අප්‍රසාදයට ලක්විය.

එමෙන්ම තමා වාරිමාර්ග අමාත්‍යධූරය දරණ කාලයේ ජනපතිවරණයේදී යූඇන්පියට සහය දෙන කාර්යමණ්ඩල නිලධාරීන්ගේ නම් ලැයිස්තු ඉල්ලා තම සම්බන්ධිකරණ ලේකම්වරයෙකු යැවූ ලිපියක්ද සාක්ෂි සහිතව ඉදිරිපත්කල අවස්ථාවේදී තමා ඒ පිලිබදව කිසිත් නොදන්නා බව පැවසීමද එතුමාගේ නිරුවත එලිවු අවස්ථාවකි.එය එසේනම් තම දෙපාර්තුමේන්තුවේ ලෙටර්හෙඩ් දමා සකස්කල ව්‍යාජයැයි සිරිපාල මහතා පවසන කූඨ ලේඛණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවීම තුල එම කරුණ සත්‍ය බවට ජනතාවට සාධාරණ සැකයක් ඇතිවේ.

එමෙන්ම බදුල්ලේ ක්‍රියාත්මක වූ සාර්ථක වාරිමාර්ග ව්‍යාපෘතියකට හිමි සාර්ථකත්වයේ ගෞරවය තමාට හිමිවිය යුතුයැයි පවසන එතුමා දැනට වැලිමඩ ප්‍රදේශයේ ඉමහත් ගැටලුවකට මුහුණදී ඇති ව්‍යාපෘතියේ අසාර්ථකත්වය භාරගැනිම මගහැරීම තම දෙබිඩි පිලිවෙත මනාව ජනතාව  වෙත හෙලිකර සිටීමකි...

4 comments:

  1. (හාවන) කියන ප්‍රෝග්‍රෑම් එක බලලා නෑ මචෝ. හාවන ද භාවනා ද. පට්ටම කියන ප්‍රෝග්‍රෑම් එක මොන චැනල් එකේද ගියේ. මම දැකලා නෑ. අටපට්ටම නම් දැකලා තියේ. සුමනදාසගේ රෙදි ගැලවෙනවා දැක්කේ නෑ. ඌ අපූරුවට කලිසම් කමිස ඇඳගෙන හිටියේ. කොල්ලුපිටියේ සී වීව් ලේන් එකේ තියන බුකිය ගැනද උඹ කියන්නේ.

    ReplyDelete
  2. ස්තූතියි අදහස් දැක්වීමට..
    මොකක්ද ඔයා කියන හාවන,භාවනා කතාව?
    කොහොම උනත් ඔයා කියපු කතාවට හිනාවෙන්න ඕනද...හීහී..

    ReplyDelete
  3. මේ රටේ බහුතරයක් දේශපාලුවන්ට ඔය ලෙඩේ තියෙනවනෙ.. උන්ට කාලෙකදි මතක නෑ කරපු කියපු කිසිම දෙයක්.

    ReplyDelete
    Replies
    1. හිකිස්...දුමින්දගෙ ලෙඩේ බෝ වෙලා වගේ..මට මතක නෑනේ!

      Delete