Thursday, March 19, 2015

බුකියෙන් බොගයට




බුකිය කියන්නේ දැන් කොල්ලොයි,බල්ලොයි හැම එකාම රිංගගෙන ඉන්න මෙව්ව එකක් කියලා ඔයාල දන්නවනේ.මාත් ඉතින් මෙච්චර කල් ඕකෙ ලැගගෙන තමයි හිටියේ ආයුබොවන්ඩ.ඉස්සෙල්ලම ඉතිහාස කතාව කියලා ඉන්නම්කෝ හිටං.

ඔන්න මං ඉස්සෙල්ලම කොම්පුටර් එකක් අල්ලන්න ගත්තේ මං 4 වසරෙදි ‍වගේ.ඒක අපේ නැන්දලගෙ ගෙදර තිබුන පෙන්ටියම් 3 වර්ගයේ එකක්,මට මතක හැටියට වින්ඩෝස් 2003 කොහේද තිබුනේ. කාලේ අපේ අයිය කෙනෙක් ඕකෙන් මරු කාර් ගේමක් එහෙම ගැහුවා මට හොදට මතකයි.මං ඉතින් හා හා පුරා කියලා කරේ පසල් ගේමක් ගහපු එක.
කාලය ගෙවිලා මලියා ශිෂ්‍යත්වේ එහෙම කරලා කාරිය 6 වසරේ ඉද්දි තමයි අපේ පියා අපිටම කියලා කොම්පුටර් එකක් ගේන්නේ.ඒක ගේන්නෙත් එයාගේ වැඩවලට‍.මට මතකයි මං ඉස්සෙල්ලම අත්පොත් තිබුබෙත් පින්තූරසාප්පුවට(Photoshop) (ඔන්න එහෙමයි කියලා මං Photoshop වැඩ්ඩෙක් නෙමේ හරිය)

ඉතින් පියාගෙන් වූ නොයෙකුත් බාධා මැද මාත් නානාපරකාර පණ්ඩිත වැඩ කරමින් නොබෝ කලකින් මං පරිගණක විෂයයේ කෙල පැමිණයෙකු උනා.( අතරේ මැෂිමටද කෙල වූ වාර අනන්තය) ඔය අතරේ 2008 විතර වෙනකොට මං අන්තර්ජාලයටද සම්බන්ද උනා.ඔහොම ඉන්නකොට තමයි මට බුකිය ගැන අහන්න ලැබෙන්නේ.මං වෙනකොට මොකක්ද කියලවත් දන්නේ නෑ.ඒත් ඉතින් තියෙන අමාරැව නිසාම මේ මොකක්ද බොලේ කියලා පොඩ්ඩක් විපරම් කරලා බැලුවා.ඔන්න එදා ඉදං තමයි මට සුකර්බර්ග් අයියගේ ඌරු උණේ ඇතිඋනේ.

ඉතින් කාලයත් සමග ඒක ඇබ්බැහියක් තරමටම වුන වෙලාවලුත් නැත්තේ නෑ.අවුරුදු ගානක් පුරාවට බුකියේ මං කලේ (ඉදල හිටලා Life event එකක් පොස්ට් කරොත් ඇරෙන්න) බිත්තිය දිගේ උඩට පහලට යන එක.නැත්නම් හැමොම ‍වගේ කෙල්ලන්ට Hi Hi! ගාන එක තමයි.අපි මේ සහෝදර පේමයට එහෙම කතාකරාම උනට පේන්නේ ඒක බදින්න අහනවා වගේ.ඉතින් කවදාවත් එහෙම වැඩකුත් හරි ගියේ නෑ.සමහරු ඔන්ලයින් ඉන්නව පෝස්ටුවක් දාන්නෙ නෑ,ලයිකක් දාන්නෙ නෑ,චැටක් දාන්නෙ නෑ මොකට න්නවද මන්දා..තව සමහරු ඉන්නවා %$&* දැම්මත් සෙල්පි ගහලා දාන උන්.




තව මරුමරු සෙට් ඉන්නවා බුකියේ.මේ තියෙන්නේ ගැන දාපු ලස්සන කතාවක්.....


ඉතින් මේ වගේ පිස්සෝ රැලක් එක්ක ඉන්න ගියම අපේ පිස්සු ඩබල් වෙන එක අහන්නති දෙයක්ද? එතකෙට තමයි බොග මගේ පිහිටට ආවේ.මං කාලයක් තිස්සෙම බ්ලොග් කියව කියව හිටියත් කවදාවත් හිතුවේ නෑ මෙහෙම එකක් මට පටන්ගන්න පුලුවන් වෙයි කියලා...ඕං නමෝවිත්තියෙන් මාත් මෙව්වා එකක් පටන්ගත්තා.මං හිතනවා හැමෝටම හොද දෙයක් දෙන්න මට පුලුවන් වෙයි කියලා...

No comments:

Post a Comment