Saturday, March 21, 2015

චන්ද්රකුමාර ඇහෙනවද?






 මේ දිනවල රටේ කතාබහට ලක්වන වෙලද දැන්විමකින් අද කතාව ආරම්භ කරන්න හිතුවා. මෙරට කාලයෙන් කාලයට කතාබහට ලක්වෙන ආකාරයේ නිර්මාණාත්මක වෙලද දැන්වීම් නිර්මාණය වෙනවා. මේ දිනවල සමාජජාලවල පවා කතාබහට ලක්වන දෙයක් තමයි චන්දුරකුමාරගේ ගෙදර හොයාගෙන එන ඒලියන් කෙනෙක් වටා ගෙතුන අපුර්ව දැන්වීම.අප කවුරුත් දන්නා පරිදි අභ්යවකාශයට ගමන්කරන චන්දරේගේ අතින් ගිලිහෙන බිස්කට් පැකට්ටුවක රූපරාමු සහතව තිරගත වූ මෙහි පලමු දැන්වීමත් විශාල පේක්ෂක ආකර්ෂණයක් දිනාගත්තා. 
 
 මෑතකාලීනව කතාබහට ලක්වන තවත් දැන්වීමක් තමයි ආදරණියයන්ඔබේ පලමු රාජකාරිය කරගන්න යන මැයෙන් වූ සංවේදී දැන්වීම.මෙරට දැන්වීම් කලාවේ විප්ලවයක් සිදුකල, තම වෙලදාම කෙරෙහි පමණක් නොව මානුෂීය සබදතා කෙරෙහි මිනිසුන්ගේ අවධානය යොමුවන ආකාරයේ දැන්වීම් කිහිපයක්ම මෑත ඉතිහාසයේ අපට ඇකගත හැකිඋනා.ලංකාබෙල් දැන්වීම් පෙල එහි පලමු සාර්ථකත්වය ලබාගත්තා. 
 මේවගේ නිර්මාණාත්මක දැන්වීම් අතරට හාත්ස්යෝත්පාදක දැන්වීම්ද ඇතුලත්.සුපර්මෑන් දැන්වීම,පාත්තයා හා තාරාවා දැන්වීම,ආදිය ඊට නිදසුන්.ඒවා බොහෝ තරුණයන් අතර විශාල කතාබහකට ලක්වුනා.පෞද්ගලිකව මගේ සිත්ගත් අපූරු නිර්මාණයන්. 
 මෙවන් නිර්මාණ අතර අපේ භාශාවෙන් කියනවනම් ගොන් ටයිප් ඇඩ්ද නැත්තේ නොවේ. මෑතකාලයේ  සිට විකාශය වන හැපි හැපෙයි දැන්වීමද මෙලෝ රහකට නැති එකකි. චන්ඩි බන්ඩි සීන් එකද ප්රාතමික ආකාරයේ ලැජ්ජා හිතෙන මෙව්ව එකකි. 

  මේ දිනවල විකාශය වන ඉඩම් ඔප්පු හා තේ සබැදි දැන්වීම ඇසුරින් කල අපූරු නිර්මාණයක් මගේ නෙතගැටුනේ තරුණයා පුවත්පතෙන්.මගේ මතකයේ හැටියට එය මෙසේය. 
  >මෙන්න පුතේ තේක 
  >මගේ හොද...අම්මා  
  >මෙන්න...මේකත් ඔයාට 
  >මේ මොකක්ද අම්මේ..ඉඩම් ඔප්පුවක්!
  >ඔව්..මේක ඔයාගෙ අනාගතයට 
  >හා..දැං මං මේක කාලාද තේක බොන්න ඕනෙ,ඇයි බිස්කට් නැද්ද?
 (උපුටා ගැනීමකි.ගෞරවය කතෘ සතුයි)

2 comments:

  1. මේකනම් පට්ට.. බිස්කට් නැද්ද?

    ReplyDelete
    Replies
    1. හිකිස්..ක්‍රෙඩිට් ගෝස් ටු ඒකෙ සත්‍යය කතෘට...

      Delete