Monday, June 16, 2025

දිලිහෙන ඇස් | Glowing Eyes


මං ඇගේ සියුමැලි බදින් හිමීට අල්ලගෙන ඈව පපුවට ලංකරගත්තා. ඈ මගේ ගෙල වටින් අතදාල හරිම ආදරණීය විදියට බදාගත්තා. දෙනෝදහක් ගැවසෙන ටවුම මැද්දෙදි අපි අපේ දෙතොල් සිපගත්තා...

ඒ් තමයි මට ඈ ගැන තියෙන ආදරණීයම මතකය... ඔව්, ඒක හරිම ලස්සන කතාවක්!

එදා වැසි දවසක්! නෑ.. වැසි දවසකුත් නෙමෙයි, හොදට ඉර පායලා තිබිලා ඈ එනකොටම පොඩි මන්දාරම් වැස්සක් කඩාපාත්වුනා. හරියට මල් වැස්සකින් අපිට ආශිර්වාද කරන්න වගේ. ඒ් මං ඈව පියවි ඇහැට දැක්ක පලවෙනි මොහොත. ඈත තියාම මාව දැකලා ඇගේ ඇස් වලින් චූටි හිනාවක් දාපු ඈ හිමිහිට හිමිහිට මං ලගට ආවා...

මං මගෙ ලග තිබුනු එකම ජැකට්ටුව ඈට දුන්නා. මට ඕන උනේ නෑ ඈව අසනීප කරන්න.
"ලොකු වැඩී වගේද?" ඈට හෙල්මට් එක දාන ගමන් මං ඇහුවා.
"හ්ම් ටිකක්.. අනිත් දවසෙ පොඩි එකක් ගෙන්න.. බබාලට දාන එකක්!" ඈ හුරතල් වෙවී කියෙව්වා.

මට සෑහෙන්න මහන්සි වෙන්න උනා හෙල්මට් එකේ පටිය කොට කරන්න. මං ඒ්ක කරලා ඉවර වෙනකං ඈ මං දිහා බලාන හිටියා.
"දැන්නං ගගණගාමියෙක් වගේ!" මං ඈට කියලා හිනාවුනා.

අපි කිසිම තේරුමක් නැතිව පාරවල් දිගේ හිමීට ඔබමොබ සැරිසැරුවා. තේරුමක් නැතිවමත් නෙමෙයි, මට ඕන කලේ ඈත් එක්ක කාලය ගතකරන්න. ඇගේ මූණට හිනාවක් ගේන්න. ඈව සතුටින් තියන්න...

"දැන් හිමින් යන්න.." ඈ එකපාරටම එහෙම කිව්වා.
"තව හිමින්?"
"හ්ම්.. නැත්තං ඉක්මනටම යැවෙනවනෙ.."

ඈව පරිස්සමට බස් හෝල්ට් එකට දාපු මම තවත් පැයක් විතර ඈ එක්ක ඉදලා යන්න සූදානම් උනා.
"පරිස්සමින් යන්න..."
ඈ මූණ ඇද කලා..
"අදට යන්න, මං ආයෙම එන්නම් ඔයාව බලන්න"

මං ඇගේ සුමුදු මුව අතගාලා කිව්වා. ඈ මගේ උණුහුමට තුරුලු උනා. මා ඇගේ නලලත හාදුවක් තිබ්බා...

"අයියා.."
"ම්..."
"ඔයාට පුලුවන්ද මං ගැනත් ලියන්න?" ඈ ඇගේ සුපුරුදු හුරතල් හඩින් මගෙන් ඇහුවා.
"ලියන්න? මට පුලුවන් ඔයා ගැන පිටුවක් නෙමෙයි, පොතක් වුනත් ලියන්න.."

මං ඒක කිව්වෙ නෑ. ඇගේ දිලිහෙන ඇස් දිහා බලාගෙන හිනාවුනා විතරයි.

Friday, September 13, 2024

පුපුරන මතක | Wiped Away


ඒක හරිම නිස්කලංක හැන්දෑවක්! මිනිස්සු සල්ලි හොයලා හැල්මෙ ගෙදර දුවලා ඉවරයි. ඉරත් එයාගෙ රාජකාරිය අහවර කරලා හැංගිලා ගිහින්. අපේ තනියට හිටියෙ තරුවක්වක් පායලා නැති කලුවර අහසයි‍, පෙන බුබුලු නංවන රළ පහරවලුයි විතරමයි. ඉදලා හිටලා පැය බාගයකට විතර සැරයක් එහාට මෙහාට යන කෝච්චියත් හූම් සද්දයක් නැතිව අපිව පහුකරන් ගියේ‍, බාගදා අපිට කරදරයක් වෙයි කියලා හිතලා වෙන්නැති...

ඈව පළමු වතාවට දැකපු මොහොත මට තාම මතකයි! හෙල්මට් එක අස්සෙන් ඇගේ නෙත් ගෑවුන මොහොත.. ඇගේ ඇගිලිතුඩු වලින් මා වෙලාගත් විදිහ... ඒක හරිම රොමෑන්තික මතකයක්!

ඔයාට මං පොඩි දෙයක් ගෙනාව. ඈ මොකුත්ම අරන් එන්න තහනම් කලා කියල දැන දැනත් මං බෑග් එකෙන් එලියට ගත්කෙ ලස්සනම ලස්සන රතු රෝස මලක්! ජීවිතතේ පලමු වතාවට ගෑණු ළමේකුට දෙන කුළුදුල් රෝස මල මං ඈ අතින් තිබ්බා. ඈ අනෙකතින් ඇස් දෙක වහගත්තා... ඒක තරහකට නම් නොවන වග මට විශ්වාසයි....

මං පොරොන්දු වෙනව! පුපුරන්න තරම් පීඩනයක් එන හැම වෙලාවකම මං ඒක අකුරු කරනව කියලා‍, මුතුබෙල්ලා මුතු බිහිකරනව වගේ.. කවදාවත් ඒක ඔයාගෙ පිටින් යන්න දෙන්නෑ කියලත්...

ඈ ඇගේ සිනිදු ඇගිලිතුඩු වලින් මගෙ බාහුව බදාගෙන මා දිහා බැලුවා. ඇගේ දිලිසෙන ඇස්‍ මොන මොනවදෝ කියන්න යත්න දැරුවා. මං ඇගිලි වලින් හිමීට ඇගේ කම්මුල අතගෑවා.

"දන්නවද? මේ ලෝකෙ ලස්සනම හිනාව තියෙන්නෙ ඔයාට" මං ඈ දිහා බලන් කිව්වා. ඒක ඇත්ත.. ඈට තිබ්බෙ හරිම ලස්සන හිනාවක්!!!

කොහේදෝ ඉදන් ලැජ්ජාවක් ඇවිත් ඈ මූණ හංගගෙන මගෙ උරහිසින් ඔලුව තියාගත්තා...

Thursday, November 16, 2023

කුණු ලේ | Echoes of Regret



වෙනදා වගේම 138 බස් එක චැතැම් ස්ට්‍රීට් එක ලග වංගු දෙක "චරා..ස්" ගාලා බොඩිය අතුල්ලගෙන ගත්තා. ‍‍‌‌ටෙලිකොම් හෝල්ට් එක පහුකරද්දිම පුරුද්දට වගේ සෙනග මැද්දෙන් මං ඉස්සරහට ගියෙ ඊලග කෝච්චිය අල්ලගන්න කොට කොටා ගියත් තවත් වෙලාව තියෙන බව සහසුද්දෙන්ම දැනගෙනමයි. දොර දෙකේ ලේලන්ඩ් බස් එකේ ඉස්සරහ දොර ලගට ඇවිත් ෆුට් බෝඩ් එකට අඩිය තියන්න හදනකොටම මං ඇහුනෙ කටහඩක්!

"ඉස්සරහින් බහිනවද?"

"ඔව්"

"මේක පොඩ්ඩක් අල්ලගන්නවද?"

වම් පැත්තෙ ඉස්සරහම සීට් එකේ ජනේලෙ ලග වාඩිවෙලා හිටපු වයසක සීයා කෙනෙක් මට පිළිතුරක් දෙන්න ඉඩ නොතියාම මගේ අතට ක්ලචස් දෙකක් දුන්නා.

‌ඉස්සර කඩාගෙන බිදගෙන, මිනිස්සු හප්පගෙන, බස්කාරයොත් එක්ක බැනගෙන ගියපු මං මේ මොන අටමංගල්ලෙකට නැවතුනාද කියල මටම හිතාගන්න බැරිඋනා. ඒ් විලම්බීත ඔලුවෙ කැරකෙන්න ඉඩක් නොතියම බස් එක කොටුව ඉස්ටේසන් එක ලගට ලංවුනා. 

"නැගිටින්න පුලුවන්ද?"

අමාරුවෙන් ජනේලෙ අල්ලන් නැගිටින්න ට්‍රයි කරන ඒ් මනුස්සයගෙන් මං ඇහුවෙ  අත දික්කරන ගමන්.

"පුලුවන්..." හිතේ හයියට වාරු අරන් තනි කකුලෙන් ඒ් මනුස්සය බහින ටිකට මං ක්ලචස් දෙකත් අරන් බිමට බැහැලා බලන් හිටියා. පහුකරන් බැස්ස ගෑණු ලමයි දෙන්නෙකුට පස්සෙන් ඒ් මනුස්සයා ගෙන්දගම් පොලොවට ආයෙත් දෙපය.. නෑ.. පය තිබ්බා. ක්ලචස් දෙක දුන්න මං නැවත වැඩ ඇරිලා දුවන "රේස් එකට" එකතු උනා.

ඒ් ගැන හිත හිතා මං මහවෙ ජනේලෙකින්  දෙමටගොඩ සිහිල් සුලං රැලි විදින්න පටන්ගත්තා. ඒ්ත් එක්කම කොටුව දෙසට පිඹගෙන ආපු සීග්‍රගාමී දුම්රියක් මගේ මතකය ආයෙත් ආපු වේගයෙන්ම ආපහු මරදානට විසික්කරා...

ඒ්ක රෝසපාට S11 සෙට් එකක්. වෙලාව දහවල් 1ට විතර ඇති. මං හොදටෝම පරක්කුවෙලා වැඩට යනව. මං මදිවට කෝච්චියත් පරක්කුයි. හෑන්ඩ් ෆ්‍රී ඒකත් කනේ ඔබාගෙන කරවෙච්ච අව්වෙ කැරකැවෙන්නැති ෆෑන් තට්ටක් යටට වෙලා චිල් එකේ ‌ඈත පේන වෙල් යායෙ ඉදන් ඇස් ඇතුලට ගන්නකොටම... මට දැනුනා මොකක්දෝ අමුත්තක්! එක්කෝ ඒක මගේ මනෝ විකාරයක්, නැත්තං ඇස්වල දෝසයක්... එහෙමත් නැත්තං... කුණුහරුප ඇත්තක්!!! ඒ් නන්නාදුනන මහත ගෑණු ලමයගෙ ඇස්වලින් කදුලු සට සට ගාලා වැක්කෙරෙනවා. තොල්පට හපාගෙන අඩන මූණ හංගන්න හරිම අසාර්ථක උත්සාහයක යෙදෙනව.

මගෙ කනේ එක ඇබයක් අතට ආවෙ මට නොදැනිමයි. "ආර් යූ ඔකේ?" මගෙ හිතට ඒ්ක අහන්න ඔනවුනා. ඒත් කාගෙ හෝ කරුමයකට, ඒ් වචන අතර පරතරයට මීටර් ගණනාවක බාධකයක් තිබුනා. නමුත් ඒ්ක හරිම ස්පෙසිෆික් "අවුල් සහගත හැගීමක්" කියලා විතරක් මගේ රෝම කූප වලට තදින්ම දැනුනා. "අනුන්ගෙ ප්‍රශ්න අපිට මොකටද? ඔවා අහන්න ගිහින් නිකං බැනුම් අහගන්න වෙන්නෙ. කොටුවෙන්ම බැස්සොත් අහනව.. " මං පරාජය බාර අරන් එහෙම හිතුවා. ඒ්ත් නොහිතපු විදියට මරදානෙන් ඒ් ලමයා කලබලයෙන් බැහැලා යන්න ගියා. මාත් පුරුදු විදියටම වැඩට ගියා.

ඒ්ත් පස්සෙ මට හිතෙන්න ගත්තා, මං මොන අලගෙඩියක් වෙන්න හරි කියලා "ඔයා හොදින්ද?" කියලා විතරක්වත් ඇහුවනං... බාගදා මරදාන පොලොව ‌කුණු ලේ පැල්ලම් වෙනුවට කදුලු වලින් විතරක් තෙමෙන්න ඉඩ තිබුනා කියලා...

Saturday, September 2, 2023

මං නළුවෙක්!

කට් කට් කට්!!!

ඩිරෙක්ටර්ගේ කෑ ගැහිල්ලත් එක්කම මීයට පිම්බාක් මෙන් නිහඩව තිබූ වටපිටාව එකම කලබගෑනියක් බවට පත්වුනා. දිගු හුස්මක් පපුව පිරෙන්න ඉහලට ඇද්ද මං ඒ සුසුම් පහලට හෙලුවේ උදේ ඉදන්ම එක දිගට කරපු ෂූටිං වල මහන්සිය ගතින් ඉවතට මුදාහරිමින්. 

“සර් සර්.. මේක බොන්න”

තරුණ කොලු ගැටයෙක් උස්සන් ආපු ෆ්රෙෂ් මික්ස් ජූස් එක තොලගාන ගමන් මං චේන්ජිං රූම් එක පැත්තට ඇදෙන්න ගත්තා. මට ඕන උනා ටිකක් තනියම ඉන්න. මේ කලබලකාරී පරිසරයෙන් බේරිලා දුවන්න…

මං චේන්ජින් රූම් එකේ සුවපහසු සෝෆා එකේ ඇලවෙලා ජනේලෙ අස්සෙන් එළිය බැලුවා. ඈතින් මට පෙනුනා නවක නිළි නතාෂා වැඩකටයුතු අහවර කරලා ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඈව එක්කන් යන්න ඇගේ ඩැඩී ඇවිත් හිටියා. ස්ටාෆ් එකට සමුදුන් ඈ කිරිල්ලියක සේ තම “ඩැඩීගේ” වාහනයට ගොඩවෙලා සැනෙකින් අතුරුදහං උනා.

මං ලොකු හුස්මක් පිට කරලා සිගරට්ටුවක් පත්තු කලා. ඉහලට ඇද්ද නිකොටින් දුමාරය පපු කුහරය අස්සෙන් පෙනහලු වලට කා වැදුනේ හදවත පාරමින්. මගේ මතකය අවුරුදු බර ගණනක අතීතයට විසිවෙලා ගියා.

“මට නළුවෙක් වෙන්න ඕනෙ!”

මං කිව්වෙ එච්චරයි…

“තොට ඔල්මාදෙද? විභාගෙ පාස්වෙලා ආණ්ඩුවෙ රස්සාවක් හොයාගනිං.දුක් විදලා උඹට කන්ඩ බොන්ඩ දුන්නෙ උඹේ ඔය විකාර බලන්ඩද?”

අම්මා කෑ ගහනව ඉවරයක් නෑ.

යංතං ඒ ලෙවල් කරපු කාලේ ඉදං මට තිබ්බෙ නළුවෙක් වෙන පිස්සුව! ඉස්කෝලේ නාට්‍ය කණ්ඩායමක් නැති උනත් මම ගමේ පන්සලේ, සිදාදියේ තිබුන එක ටීටර් එකක්වත් මිස් වෙන්ඩ ඉඩ දුන්නෙ නෑ. තාත්තගෙ කමිස සාක්කුවට අත දාලා සල්ලි කොල දෙකක් අරන් ගාමිණි සර්ගේ චිත්‍රපටියක් බලන්න ගිය එක මාට්ටු වෙලා තමයි අම්මා මට දෙහි කපන්න පටන්ගත්තේ.

ඒත් වෙනදාට කොහු පොල්ල අරං මට තඩිබාන අප්පච්චි අද මං දිහා හැරිලා බැලුවෙවත් නැතිව ඈත අහස දිහා බලාන උන්නා. ගුටිකන්න සරීර සුදානමෙන් හිටපු මට අප්පච්චිගෙ හැසිරීම හරිම උභතෝකෝටියක් උනා. අම්මාටත් ඒක එහෙමම බව කියන්න වෙනම අටුවා ටීකා ටිප්පනි උවමනා උනේ නෑ.

එදා රෑ හරිම දිගු රාත්‍රියක් උනා. හේන් ගොවිතැන් කරලා අලි, ඌරෝ එක්ක හරි හරියට ඔට්ටු වෙලා හේන් රැකලා ගන්න සොච්චම් කාසි කොල මං හොරකම් කරපු එක ගැන මටම ඇතිවුනේ ලොකු වේදනාවක්! ලොකු ලැජ්ජාවක්! අවුරුදු ගානකින් හේන පැත්ත පලාතෙක ගිය නැති මං හෙට ඉදන්වත් කැත්ත උදැල්ල අතට ගන්නව කියලා කල්පනා කලා.

පහුවදා උදේ මං ඇහැරුනේ අප්පච්චිගේ ගොරහැඩි කටහඩට.

“පුතේ.. පුතේ..” 

කවදාවත් නැතිව අප්පච්චි මගේ ඉහ ඉද්දර හිටගෙන හිටියා. අප්පච්චිගෙ කරගැට පිරුණු අත්වල ඔප්පු කොලයක් ගුරු පාටට දිලිහුණා.

“ලෑස්ති වෙයන් මයෙ පුතේ කොළඹ යන්ඩ”

අප්පච්චි කිව්වෙ එච්චරයි!!!

Saturday, June 10, 2023

ස්පර්ශ | The Reveal of the Truth




මං ඇගෙන් බලාපොරොත්තු උනේ සියුම් සංතර්පණයක් විතරයි. විතරමයි!!! දිගු හුස්මක් වා තලයට මුසු කරමින් අඩක් දැවීගිය සිගරට්ටුව අලු බදුන මත හොවා මං පෑන අතට ගත්තා.

මට උවමනා කලා ඇගේ නියුවත් පයෝධරයන් මගේ පපුතුර හොවාගෙන ඈව සනහන්න. ඇගේ හිස අතගාන්න. ඇගේ ජීවිතේ කඩතොලු මතින් මගේ ආදරයේ පොටි තවරන්න.... ඈව සුවපත් කරන්න.

මගේ සුදුවන් පැහැති ඔපිස් කමිසයකින් උඩුකයද මගෙම කලිසම් කෑල්ලකින් යටිකයද  වසාගත් ඈ මා පපුතුර ඇලවුනේ මුවැත්තියක් විලසින්. බොත්තම් නොදැමූ කමිසයෙන් මතුව පෙනෙන රෝස පැහැති තනපට ඇගේ නිදහස, මා කෙරේ ඈතුල වූ විශ්වාසය මට තර කලා...

වර්ෂ දෙදහස් ගණනක් වූ  දුරුතු මස 27 වන සිකුරාදා
ස්ථානය- සැවෝයි සිනමා ශාලාව, බම්බලපිටිය

මං සැවෝයි සිනමා ශාලාවෙන් එලියට ආවෙ ඇත්තටම ගොඩාක් ලොකු සතුටකින්. මාස ගාණකට පස්සෙ හිතට සහනයක් දැනුන පැය කිහිපයක ඇවෑමෙන් ඔෆිස් එකේ කොල්ලො ටිකත් එක්ක චිත්‍රපටියක් බලලා පොඩි ආතල් එකක් අරගෙන ගෙදර යන්න හිතාගෙන. ඒ්ත් එක්කම දුරකතනයට ආපු නොටිෆිකේෂන් එකක් මගේ ජීවිතේ මෙච්චර කාලකණ්නි කරයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ.

-අයියෙ, ඔයාට ගෑණු ලමයෙක් ඉන්නවද?
+ඇයි එහෙම අහන්නෙ?
-මං දන්නව ඒ වේදනාව. ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක මැසේජ් කරනව කියල දැනගත්තම ඇතිවෙන වේදනාව.
+මං දන්නව නංගි. මං විදලා තියෙනව! මට එහෙම කෙනෙක් නෑ. මට ඔන ඔයා ලගින් ඉන්න. ඔයාට අමාරු වෙලාවෙ....
-හ්ම්. මගෙ නම්බර් ඒක 075....

වර්ෂ දෙදහස් ගණනක් වූ  දුරුතු මස 28 වන සෙනසුරාදා
ස්ථානය- බස් නැවතුම්පල අසල, ප්‍රසිද්ධ අගනගරයක්

මං එන්න ටිකක් පරක්කු උනා, විනාඩි 5ක් විතර. මං බයික් එක නවත්තලා එයාව අදුරගන්න ට්‍රයි කලා. නිල් පැහැ සුදු පැල්ලම් සහිත උඩු ඇදුමකින්ද, කලු පැහැති කලිසමකින්ද සැරසී සිටි යුවතියක් මා දෙස බලා මදහස පෑවා. ඇගේ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා තිබුනෙ. මං ඒ්කට ආසා කලා... ගොඩාක් ආස කලා...

-දන්නවද? ඔයා මාව තේරුම් ගන්නව. මාව අහන් ඉන්නව
+ම්..
-මට ආදරේ දැනෙනවා
+හැමෝම එහෙම නැද්ද ඉතිං
-අනේ මන්ද. මට ඔනෙ ඔයාව විතරයි. වෙන කිසිම කෙනෙක් මට ඔන නෑ. අනික...
+මොකක්ද?
-ඔයා මාව කිස් කරනකොට මාව ඇවිස්සෙනවා!
+නලලට කිස් ඒකක් දුන්නත්?
-ඔව්, මැජික් කිස් ඒකක් ඒ්ක නම්!!!

ස්පර්ශ | The Reveal of the Truth - ලගදීම | Will be Published Soon

Monday, January 31, 2022

එකම එක හදවතක්! | A heart only for you



මං ඈට දුන්නෙ රෝස මලක්වත්, චොකලට් එකක්වත් නෙමෙයි. පෑනක්!
ඒත් ඈ ඒකට ගොඩක් ආස උනා. 
ඈ ආසාවෙන් ඒක අරගෙන අතේ මොන මොනවාදෝ කුරුටු ගෑවා.

"තුඩ හීනි පෑනක්! මං හරි ආසයි ඒවට. 'සැහැල්ලුවෙන්' ලියන්න පුලුවන්."

ඈ කීවෙ එහෙම. මම එයා දිහා බලාගෙන හිනාවුනා. යන්තමට වගේ.
එයාත් මගෙ ඇස් දිහා බැලුවා. 

ඔය ඉතිං...!
-ටෙලිපතිද? 

මං ඇහුවෙ මේ තරම් ඉක්මන්ට හිත් කියවන්න ඈට මා තරම්වත් මට ඈ තරම්වත් වෙන කවුරුවත් කවදාවත් නොසිටි බවත්, කවදාවත් නොසිටින බවත් හොදටෝම දැනගෙන...

*********************************

කිලෝමීටර් සියගණනක් යතුරුපැදිය එක හුස්මට පැදගෙන ආපු මම වේගය හොදටෝම අඩුකරලා පාර අයිනෙ ‌හෙවනක නැවැත්තුවෙ පැය ගාණක මහන්සිය නිවන්න හිතාගෙන. කකුල් දෙකයි පස්සයි හොදටම රිදෙන හින්දා බයික් එකෙන් බැහැලා මං කකුලට පොඩි එක්සයිස් එකක් දෙන්න පටන්ගත්තා.
ඒත් එක්කම කෝල් එකක්! හිතපු නැති වෙලාවක හිතපු නැති කෙනෙක්ගෙන්.

අයියේ!
-ම්...
මොකද කරන්නෙ? 
-පාරෙ ඉන්නෙ මං
පාරට වෙලා මොකද කරන්නෙ
-මතක අහුලනවා
ඇයි පාරේ? මතක අහුලන්න යන්න අපේ ලිෆ්ට් එක ලගට, ස්ටෙයාක‌ේස් එකට... 
ඈ කිව්වෙ හරිම රොමෑන්තික විදියට.

-මට ඔනෙ මතක හදන්න. මං උත්තර දුන්නා.
ඒ කොහොමද?

එක පාරටම ඈ වීඩියෝ කෝල් එකක් ගත්තා. 
කොහෙද යන්නෙ?
-දිග... ගමනක්! කිලෝමීටර් සියගාණක් ඈතට.
මට කියන්න බැරි ගමනක්ද? ඒක අහපු විදියට මගෙ පපුව පිච්චිලා ගියා.
මං තත්පර කීපයක් ගොලු උනා.

-මං කියන්නෙ නෑ ඔයාට. ඒත් දැනෙන්න දෙන්නම්.
ඒ කොහොමද?

මං හිනාවුනා විතරයි. මං හිනාවුනා...

                                                      *********************************

මං හෙල්මට් එක ගැලෙව්වා. ඈ මං දිහා කට ඇරගෙන බලාන හිටියා. 
ඒක අපේ ඇගිලි තුඩු පලමුවරට වැදුනම ආපු කරන්ට් එක වගේ තිස් තුන්දාස් ගුණයට වැඩි මිසක් අඩු නොවන විත්තිය විතරයි මං දැනං හිටියෙ. ඒ තරමට ඒ කෙල්ල ‌ශොක් වෙලා හිටියෙ.

"පිස්සුද?" මූණට ආපු ‌එළිය හං‌ගගෙන නපුරු මූණක් බලෙන් හදාගෙන ඈ කිව්වා.
-ඔයා දන්නවනෙ!
"හොදටම පිස්සු!"
මෙච්චර වෙලාවක් තදකරන් හිටපු නපුරු මූණ කඩාගෙන සන්තෝසයයි, ලැජ්ජාවයි මික්ස් වෙච්ච ලස්සනම මූණක් මං ඒ වෙලාවෙ දැක්කා. තාමත් මට ඒක මැවිලා පේන තරමට ඒක මගෙ මතකයට වැදුනා.




Saturday, May 15, 2021

ක්ලයිමැක්ස් | Climax

 

මේක අලුත් කතාවක්. ඊටත් වඩා ගැලපෙනවා ඒක වෙනස්ම කතාවක් කිව්වොත්. මට ඕනි ඒ මට දැනෙන ක්ලයිමැක්ස් එකම ඔයාට දෙන්න. ඒක එතන ඉදන් අහන තරමට ඔයාට තේරුම්ගන්නත් ලෙසි වෙයි. මං කල්පනා කලා ඒ “ෆෝ ප්ලේ” එක ඔයාට දෙන විදියක් ගැන. ම්... වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි. පරිසරය හරිම නිහඩයි, ඒ වගේම අදුරුයි. හැබැයි උදේ ඉදන් චොර චොර ගගා වැටෙන වැහි වරුසාවෙ සද්දෙ ඇරෙන්න. මේ වෙලාවට මැච් වෙන්නත් එක්ක කෝපි කෝප්පයක් එක්ක මං ඇදේ හාන්සි උනා. ආහ් තව අඩුවක් පුරවන්න කසුන් කල්හාරගෙ ප්ලේ ලිස්ට් එකක් හොදටෝම ඇති. මං කෝපි රහත් එක්ක කල්පනා සාගරේ කිමිදුනා.

ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්. ජීවිතේදී අපි බලාපොරොත්තු වෙන දේම සිද්ද නොවෙනව වගේම අපි හීනෙන්වත් නොහිතන තැනක ඉදන් ආයෙ ආයෙ අපිවම රිවීව් කරන්න දෙන චාන්ස් එකටත් මං හරි ආසයි. ඒක හරියට හෙට දවසවත් හරියට ෂුවර් නැති “ෆක්ඩ්” සිටුවේෂන් එකක ඉදගෙන මං කෝපි කෝප්පයක් රසවිදිනව වගේ. මං මෙතන ඉදන්ම කාම් ෆීලින්ග් එකකින් පේරාදෙණිය පැත්තට යන්න පටන් ගත්තා.

“මට දෙයක් කියන්න තියෙනව ඔයාට”

ඒක අහපු පළමු වතාව නෙමෙයි මං. ඒ හින්දමද මංදා ඒක මට ෂොක් එකක් උනේ නෑ. පොඩ්ඩක්වත්. ඒත්, මං එක දෙයක් විශ්වාස කරනව. අපි හැමෝම ලග කවුරුවත් “හරියටම” නොදන්න රහස් කතාවක් තියෙනව කියලා. ඒක එකිනෙකාට වෙනස් “යුනික්” කතාවක්. ඉතිං මං ඒ කතාව අහන්න ලෑස්ති උනා.

මගේ ගෙවල් බුත්තල. බුත්තල xxx. මට අවුරුදු දෙකක් වෙද්දි මගෙ අම්මා නැති වෙනව. ඒක මොනව උනාද කියලා හරියටම දන්නෙ නැති උනාට මට ඒක ගැන සැකයි. පස්සෙ අපේ තාත්තා තව කසාදයක් කරගන්නවා. කුඩම්මගෙන් පුතාලා දෙන්නෙක් ඉන්නවා තාත්තට. මල්ලිලා දෙන්නෙක්. ඉතිං කුඩම්මා කෙනෙක් ඉද්දි මට ගෙදර තියෙන සැලකීම ගැන මං අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ ඔයාට. ඔහොම ඉද්දි මට රස්සාවක් හම්බුනා මොනරාගල. මං ඒ දවස්වල ගෙදර ඉදන් වැඩට ගියෙ. ඊටත් පස්සෙ මට ඒකෙම මහියංගනය බ්‍රාන්ච් එකට මාරුවීමක් ලැබුනා. එහෙදි තමයි මට එයාව අදුරගන්න ලැබුන, අපේ ඔෆිස් එකේ නුවර තිබ්බ මීටප් එකකදි. පස්සෙ එයා මාව කැන්ඩි බ්‍රාන්ච් එකට ගෙන්නගත්තා.

මං වීක් එන්ඩ් එකට ගෙදර ගියා. පුලුවන් හැම වෙලාවෙම. ඒ ගියපු වතාවක මට අමුතුම දෙයක් ගැන දැනගන්න ලැබුනා. කුඩම්මගෙ අලුත් සම්බන්ධයක් ගැන. ඒත් මං ඒ ගැන හොයන්න ගියෙත් නෑ කාටවත් කියන් ගියෙත් නෑ. කිව්වත් වැඩක් නෑ කියලා මට දැනුන නිසා. ඊටත් පස්සෙ දවසක මට අසනීප උනා. ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ නවතින්න උනා. දවස් ගානක් ඉස්පිරිතාලෙ ගතකලාට පස්සෙ මං ගෙදර අවා. ඒ හිටපු දවසක කුඩම්මා එක්ක අර මනුස්සයත් ගෙදර ආවා, මාව බලල යන්නත් එක්ක. ඒ මනුස්සයා මං ලගට ඇවිත් මාත් එක්ක විස්තර කතා කලා. ඒත් මට ඒ ආපු විදිය එච්චරම ඇල්ලුවෙ නෑ...

ඒ වෙනකොටත් අපේ ගෙදරින් මට ප්‍රපෝසල් ගේන්න පටන් අරන් තිබුනෙ. එදාට පස්සෙ දවසෙම එයා ඇවිත් ගෙදරට කෑ ගහලා මාව අරන් ගියා. මාව කාටවත් මැරි කරන්න දෙන්නෙ නෑ කියලා. ඒත් මට හිතුන විදියට එයා මාව අරන් ගිය එකට ගෙදරින් කැමැත්තෙන් හිටියෙ. කොහොමහරි එදා ඉදන් දවස් දෙක තුනක් මං එයාගෙ ගෙදර හිටියෙ. ඊටපස්සෙ මං බෝඩිමක් හොයාගත්තා, පේරා වලින්. අපේ කම්පැනි එකේ රූල්ස් වලට අනුව අපේ කම්පැනි එකේ දෙන්නෙක් අතර මැරි කරන්න බෑ. එහෙම වෙනවනම් එක්කෙනෙක් අයින් වෙන්න ඕනි. එයා දැනටමත් අවුරුදු ගානත් තිස්සෙ වැඩ කරපු තැන නිසා එයාගෙ කීම මත මං අයින් උනා ජොබ් එකෙන්.

මං ඈ දිහා බලලා නළලට කිස් එකක් දුන්නා.

මතක හැටියට එදා සිකුරාදාවක්. මං වැඩ අස්සෙ එයාට කෝල් එකක් දුන්නා. මං හෙට කැන්ඩි එනවා. වාහනේ පැත්තකට දාලා මං බස් එකේ නුවර ගියේ මොන හේතුවක් නිසාද කියන්න මං තාම දන්නෑ. ඒ වෙද්දිත් අපි නෙක්ස්ට් මන්ත් එන්ගේජ්මන්ට් එක ගන්න කතා කරගෙනයි හිටියෙ. ගැටඹේ පන්සලට මං එද්දිත් ගොඩාක් ලේට් වෙලා. ඈ මං එනකං බොහොම “ඉවසීමෙන්” වාඩිවෙලා බලාගෙන හිටියා.

පසුබිමෙන් ඇහෙන කල්හාරගෙ වොයිස් එක මාව ගල් කරන්න කලින් මං ආයෙමත් කෝපි උගුරකින් තොලකට තෙමාගත්තා.

 අතීතයෙ මා පෙම් බැඳි ළියන්ටයි
මේ ගීය ගයන්නේ
හමුවීම් වෙන්වීම් මැද ආදරයේ
බැඳිම් බිඳීම් අතර ජීවිතේ
ළඟ නොරැඳී රැඳී නික්මී ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
මේ ගීය ගයන්නේ

සිනාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හදින් නොමැකෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුහිරෙන්
ළඟ නොරැඳී රැඳී
නික්ම ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ

සීතල කඳුළකින්
ලියා ළය රහසක්
අප අපම වූ
අනන්ත නිමේශයන්
විඳ දරා හදවතින්
ළඟ නොරැඳී රැඳී
නික්මී ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ

Monday, January 18, 2021

පරිත්‍යාග | Nor The Abandoment


ඔව්, මං සතුටින්!
මේ ලෝකෙ ඉන්න කාටත් වඩා සතුටින්. කෑලි කපන්න පුලුවන් කට්ට කලුවරයි, උණහුම් සයනයයි, නිනව්වක් නැතිව ඇදහැලෙන මහ වරුසාවෙ සද්දෙයි... ඒ ඔක්කොම අස්සෙ මං ඉන්නෙ මත් වෙලා. මේ වැස්සෙ බයික් එකේ කොහෙවත් නැති පාරක රස්තියාදු ගහනවට වඩා, කෑම්පින් ටෙන්ට් එකක් අස්සෙ සීතලෙ ගැහෙනවට වඩා ඇදේ ගුලිවෙලා නිදාගන්න පුලුවන් උන එක ගැන මං දෙවියන් වහන්සේට ස්තූති කරනව. ඒත්... මීට මොහොතකට කලින්, ඒක එහෙමම නෙමෙයි තිබුනෙ. සම්පුර්ණයෙන් කණපිට පෙරලිලා....

මං ඩන්හිල් එක පත්තු කරලා දුමක් ඇද්දා.. ආයමත්? ඔව් ආයෙමත්. ඒක ආතල් එකට ඇද්ද දුමක් නොවන බව මට ආයෙ ආයම මතක් වෙන්න ගත්තා. සරමත් කැහැපට ගහගෙන ඉස්සරහ තිබුන පෝටිකෝව උඩින් කකුල් දෙකත් උස්සල තියාගෙන මං ආකාහෙ දිහා බැලුවා. ඈතින් කඩා හැලෙන හද එලිය රෑස්ස ගහක් අස්සෙන් පෙරිලා යාන්තමට බිමට පාත්උනා. වෙනද වගේ අදහස් හෝ ගාලා ගලාගෙන එන්න ඉඩදීලා මං බලාන හිටියා. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තිබුනෙ නෑ.. පපුව මොකක්දෝ මංදා හේතුවකට බරවෙන්න ගත්තා. දුං පාරවල් ඔලුව ඇතුලෙ කැරකෙන්න ගත්තා. වරදකාරී හැගීමකින් මාව වෙලාගත්තා.. දිල්... මට එච්චරයි මතක් උනේ.

මං ඇවිත් ඉන්නෙ පාර ගාවට..
ආහ් එන්න අයියෙ ඇතුලට. මං ඉක්මනට ඉන්නම්.

මං ගෙදර අයගෙ පිලිගැනීම මැද්දෙන් ගේ ඇතුලට ගිහින් වාඩි උනා. ගේ කිව්වට, ඒක යංතං කාමරයයි, කුස්සියයි, ලොබි කෑල්ලකුයි විතරක් තියෙන ගරාවැටුන පරණ ගොඩනැගිල්ලක් විතරයි. විනාඩි කීපයක අවෑමෙන් ඈ එකපාරම මං ඉස්සරහින් තුවා කෑල්ලකුත් දවටගෙන කාමරේට දිව්වා. ඒක තමයි මං ඈව දැකපු පලමු වතාව. සුදුවන්, සිහින් සිරුරැති ඈව බොදවෙන තරම් රෑපයකින් මිස නිවැරදිව ග්‍රහණය කරගන්න ඇහේ ෂටර් ස්පීඩ් එක සමත් උනේ නෑ.

ඇගේ සුසුම් වල උණුහුමෙන් ගිණියම් වූ මා  ඇගේ ගතේ සෑම තැනක්ම රසවින්දා. ඒ තරමට මා ඇගේ සිහින් සිරුරැති නිරුවතට ආලය කලා.. මුලු හදවතින්ම. මගෙ සතුට වෙනුවෙන් සියල්ලම කැප කල ඈ මුවැත්තියක සේ කදුලු වගුරවමින් මා ගතට ගුලි උනා. අපි ගොඩාක් සතුටින් ජීවිතේ ගතකලා. පුලු පුලුවන් හැමතිස්සෙම හමුවුනා. ඇවිදින්න ගියා.  ඇගේ තොරතෝංචියක් නැති කියවිල්ල අහන් හිටියා. ඇගේ ආදරණීය දසවද ඉවසුවා. දෙවියන් වහන්සේ අපිව හැම දවසක්ම සතුටින් තිබ්බා. ඒත් එකම එක දවසක් තිබුනා, ඒ හැමදේම අනිත් පැත්තට පෙරලුනු.

සාතන්.. ඔව් ඒ සාතන්. එහෙමත් නැතිනම් ලුසිෆර්. ඌ මගෙ ඇගට වැහුණා. හැමදෙයක්ම අනිත් පැත්තට පෙරලුවා. මාවනැතිකලා. මං දන්නෙ නෑ මොන මගුලක්ද උනේ කියලවත්. ඒත්... ඌ මාව කෑවා. මං ඊට පස්සෙ මාස ගානකට රට රැකියාවකට ගියා. දිල් හැමදාම මාත් එක්ක කතා කලා. මට එයාට කතා කරන්න බැරි උනත්. අඩුම ගානෙ මට නත්තලට එයාට විෂ් කරන්න බැරි උනත් එයා මට කතා කලා. එක්කෝ ඒක හීනයක් නැතිනම් ඒක හරිම ලස්සනට පිටපත් රචනය කල රගපෑමක්! මට නත්තලෙන් පස්සෙ ලංකාවට ආවා. මට ඕන උනා දිල්ව හම්බෙන්න ආයෙම. ඒත්.. මට දැනුනෙ හිස්ට්‍රි එක රිපීට් වෙනව වගේ. එගේන් ඇන්ඩ් එගේන්... එයා අල්ලගන්න එක ලේසි උනේ නෑ. එහෙම නැතිනම් එයා එහෙම වෙන්න ඉඩ සැලැස්සුවා.

ඇයි උඹ එහෙ ගියෙ?
එයාව මීට් වෙන්න
එයා දැන් මගෙ
හහා.. කොච්චර කල් ඉදන්ද
මාස හයක් විතර
බොරු කියන්න එපා බං. මට ඒකිව හම්බෙලත් මාස හයක් නෑ තාම...

මං ඒ ඇමතුම බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. ඒක මට විශේෂ දෙයක් උනේ නෑ ඒත්... ඊලග ඇමතුම, ඒක එහෙම උනේ නෑ.

ඇයි ඔයා මට කරදර කරන්නෙ?
මං සද්ද නැතිව හිටියා. නෑ.. ඇත්තටම මං ගොලුවෙන්නැති. මට කියන්න දෙයක් තිබුනෙ නෑ. මං දැනගෙන හිටියේ ඒක ස්පීකර්දාලා ගත්ත ඇමතුමක් කියලා විතරයි.

ඒ කියන්නෙ මං ඉස්සෙල්ලාම ඔයාගෙ ගෙදර එද්දිත් ඔයා එයා එක්ක යාලුවෙලා හිටියා කියලද?
මාස ගාණක් මට බොරුකලා කියලද?
ඔයා විතරක් නම් කමක් නෑ, ගෙදර අයත්, අම්මත්???
මට ඒකට හරි හමන් උත්තරයක් ලැබුනෙ නෑ.

ඇයි එහෙනම් මං අන්තිම පාරට ගෙදර ආවමවත් ඒ ගැන කිව්වෙ නැත්තෙ. 
අම්මෝ කියන බොරු. මෙයා අපේ ගෙදර ආවලු. කවද්ද ආවේ?
ඒකනේ, ඒ මනුස්සසා බොරු කියන්නෙ...

මට කට කොනකින් හිනාවක් ගියා. නෑ.. මම මටම හිනාවුනා. මං හිමීට ආහාහෙ දිහා බැලුවා. ජේසුස් වහන්සේ මං දිහා බලානඋන්නා...

Tuesday, October 13, 2020

තරු ආකාහෙ යට | Under the Starred Sky


බබා, ෂැල් වී මැරි නව්?

වෙලාව මැදියම් රැයට ආසන්නයි. මං ඇහුවෙ වෙලාවට ගැලපෙන ප්‍රශ්නයක් නෙමෙයිද මංද. ඒත්, මට තව තත්පරයක්වත් නාස්තිකරන්න ඕනි උනේ නෑ.

නව්?

යාහ්, අන්ඩර් දිස් ස්ටාර්ඩ් ස්කයි...

යාහ්, ෂුවර්... ටේක් මයි හෑන්ඩ්...

ඩාලින්, ආර් යු රෙඩි...

යර්ස්...


👦අන්ඩර් ද ස්ටාර්ඩ් ස්කයි..

👧අන්ඩර් ද ස්ටාර්ඩ් ස්කයි..

👦ඉන්ෆ්‍රන්ට් ඔෆ් ද වෝල් වර්ල්ඩ්..

👧ඉන්ෆ්‍රන්ට් ඔෆ් ද වෝල් වර්ල්ඩ්..

👦වී පොමිස් ඊච් අදර්..

👧වී පොමිස් ඊච් අදර්..

👦වී විල් ෂෙයාර් අවර් සෝරෝස්, සෑඩ්නස් ඇන්ඩ් හැපිනස්..

👧අයි විල් බෙයාර් යුවර් සෝරෝස් සෑඩ්නස් ඔන් බිහාෆ් ඔෆ් යූ ඇන්ඩ් ෂෙයාර් අවර් හැපිනස්..


මං ඈ දිහා රවලා බැලුවා. ඈ මුව පොව්වෙක් වගේ මගේ ඇස් දිහා බලාන හිනා වෙනව, ඇස් වලින්...


👦ඊවන් ඉන් ටෆ් ටයිම්ස්..

👧ඊවන් ඉන් ටෆ් ටයිම්ස්..

👦ඇන්ඩ් ලුක් ආෆ්ටර් ඊච් අදර්..

👧ඇන්ඩ් ලුක් ආෆ්ටර් ඊච් අදර්..

👦අන්ටිල් ද ඩෙත්..

👧අන්ටිල් වී ගෝ ටු ද හෙවන්.. 😇


ඈ හරිම දස්සයි. ඒ වගේම හරිම රොමෑන්තිකයි. මගේ හිත කිව්වා...


ගංගා, විල් යූ මැරි මී? 💍

යර්ස් ඩාලින්, අයි විල් මැරි යූ.. 🥺

අයි ලව් යූ සෝ මච් මයි ලව්..

අයි ලව් යූ ටූ මයි හනී..💋


ඒක ඒ විදියටයි සිද්ද උනේ. මං හරියටම දන්නෙ නෑ මට ඒ අයිඩියා එක මොන දීපංකරේක ඉදන් ඔලුවට කඩා පාත් උනාද කියලවත්. ඒත් කාත් කවුරුවත් නැති කට්ට කලුවර රැයක, අටෝරාසියක් තරු වලින් ගහන සුන්දර අහසක යට, මං ආත්මාර්ථකාමීවිදියට ඈව මගේම කරගත්තා. ඈ මගේ ආදරණිය බිරිද බවට පත්වුනා...


කුමටද උපමා ඉතිහාසයේ උන්

ප්‍රේමවන්තයින්ගෙන්..

කුමටද ආදරයේ පෙම් සැමරුම්

පෙම් පාරාදීසේ..

ඉමක් කොනක් නැති ආකාසේ

තරු පායා එන සේමා..

ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ

පෙම් සිතුවිලි බෝමා..


මං දන්නවා, ඈ මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල නොවන වග. ඒත්, ඈ හරිම ලස්සනයි. ඒ හිනාවට මං හරි ලෝබයි. ඒ දිලිසෙන ඇස් හරිම ආදරණියයි. ඒ වගේම මැචුව(ර්)ඩ් ගතියට, ඒ ඔක්කොටමත් වඩා කියවිල්ලට.... 😍


මං තාම කල්පනා කරන්නෙ අපි කොහොමද හමුවුනේ කියලා. ඒත් ඈ කල්පනා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අහලපහලම හිටියට, ඉස්සර හැමදාම උදේට හවසට දැක්කට, ඇයි මං එයාව හෙයාගෙන එන්න අවුරුදු බර ගාණක් ලේට් උනේ කියලා. ඒක හරිම රොමෑන්තික චෝදනාවක්!


මං ඒ වෙලාවට කරන්නෙ ඈ දිහා බලලා හිනාවෙන එක. ඊට පස්සෙ හිමීට දකුණතේ ඇගිලි තුඩු වලින් හිස පිරිමදින එක... ඒක එයාව මත් කරන්නෙ නෑ කියල කියන්න පුලුවන් කාටද?


ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා

ඔබේ කතා ළඟ සිත නැවතුනු දා

ප්‍රේමය හැදින්නෙමි

ප්‍රේමය හැදින්නෙමි

මේ ලෝ තලයේ...