Saturday, May 15, 2021

ක්ලයිමැක්ස් | Climax

 

මේක අලුත් කතාවක්. ඊටත් වඩා ගැලපෙනවා ඒක වෙනස්ම කතාවක් කිව්වොත්. මට ඕනි ඒ මට දැනෙන ක්ලයිමැක්ස් එකම ඔයාට දෙන්න. ඒක එතන ඉදන් අහන තරමට ඔයාට තේරුම්ගන්නත් ලෙසි වෙයි. මං කල්පනා කලා ඒ ෆෝ ප්ලේඑක ඔයාට දෙන විදියක් ගැන. ම්... වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි. පරිසරය හරිම නිහඩයි, ඒ වගේම අදුරුයි. හැබැයි උදේ ඉදන් චොර චොර ගගා වැටෙන වැහි වරුසාවෙ සද්දෙ ඇරෙන්න. මේ වෙලාවට මැච් වෙන්නත් එක්ක කෝපි කෝප්පයක් එක්ක මං ඇදේ හාන්සි උනා. ආහ් තව අඩුවක් පුරවන්න කසුන් කල්හාරගෙ ප්ලේ ලිස්ට් එකක් හොදටෝම ඇති. මං කෝපි රහත් එක්ක කල්පනා සාගරේ කිමිදුනා.

ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්. ජීවිතේදී අපි බලාපොරොත්තු වෙන දේම සිද්ද නොවෙනව වගේම අපි හීනෙන්වත් නොහිතන තැනක ඉදන් ආයෙ ආයෙ අපිවම රිවීව් කරන්න දෙන චාන්ස් එකටත් මං හරි ආසයි. ඒක හරියට හෙට දවසවත් හරියට ෂුවර් නැති ෆක්ඩ්සිටුවේෂන් එකක ඉදගෙන මං කෝපි කෝප්පයක් රසවිදිනව වගේ. මං මෙතන ඉදන්ම කාම් ෆීලින්ග් එකකින් පේරාදෙණිය පැත්තට යන්න පටන් ගත්තා.

මට දෙයක් කියන්න තියෙනව ඔයාට

ඒක අහපු පළමු වතාව නෙමෙයි මං. ඒ හින්දමද මංදා ඒක මට ෂොක් එකක් උනේ නෑ. පොඩ්ඩක්වත්. ඒත්, මං එක දෙයක් විශ්වාස කරනව. අපි හැමෝම ලග කවුරුවත් හරියටමනොදන්න රහස් කතාවක් තියෙනව කියලා. ඒක එකිනෙකාට වෙනස් යුනික්කතාවක්. ඉතිං මං ඒ කතාව අහන්න ලෑස්ති උනා.

මගේ ගෙවල් බුත්තල. බුත්තල xxx. මට අවුරුදු දෙකක් වෙද්දි මගෙ අම්මා නැති වෙනව. ඒක මොනව උනාද කියලා හරියටම දන්නෙ නැති උනාට මට ඒක ගැන සැකයි. පස්සෙ අපේ තාත්තා තව කසාදයක් කරගන්නවා. කුඩම්මගෙන් පුතාලා දෙන්නෙක් ඉන්නවා තාත්තට. මල්ලිලා දෙන්නෙක්. ඉතිං කුඩම්මා කෙනෙක් ඉද්දි මට ගෙදර තියෙන සැලකීම ගැන මං අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ ඔයාට. ඔහොම ඉද්දි මට රස්සාවක් හම්බුනා මොනරාගල. මං ඒ දවස්වල ගෙදර ඉදන් වැඩට ගියෙ. ඊටත් පස්සෙ මට ඒකෙම මහියංගනය බ්‍රාන්ච් එකට මාරුවීමක් ලැබුනා. එහෙදි තමයි මට එයාව අදුරගන්න ලැබුන, අපේ ඔෆිස් එකේ නුවර තිබ්බ මීටප් එකකදි. පස්සෙ එයා මාව කැන්ඩි බ්‍රාන්ච් එකට ගෙන්නගත්තා.

මං වීක් එන්ඩ් එකට ගෙදර ගියා. පුලුවන් හැම වෙලාවෙම. ඒ ගියපු වතාවක මට අමුතුම දෙයක් ගැන දැනගන්න ලැබුනා. කුඩම්මගෙ අලුත් සම්බන්ධයක් ගැන. ඒත් මං ඒ ගැන හොයන්න ගියෙත් නෑ කාටවත් කියන් ගියෙත් නෑ. කිව්වත් වැඩක් නෑ කියලා මට දැනුන නිසා. ඊටත් පස්සෙ දවසක මට අසනීප උනා. ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ නවතින්න උනා. දවස් ගානක් ඉස්පිරිතාලෙ ගතකලාට පස්සෙ මං ගෙදර අවා. ඒ හිටපු දවසක කුඩම්මා එක්ක අර මනුස්සයත් ගෙදර ආවා, මාව බලල යන්නත් එක්ක. ඒ මනුස්සයා මං ලගට ඇවිත් මාත් එක්ක විස්තර කතා කලා. ඒත් මට ඒ ආපු විදිය එච්චරම ඇල්ලුවෙ නෑ...

ඒ වෙනකොටත් අපේ ගෙදරින් මට ප්‍රපෝසල් ගේන්න පටන් අරන් තිබුනෙ. එදාට පස්සෙ දවසෙම එයා ඇවිත් ගෙදරට කෑ ගහලා මාව අරන් ගියා. මාව කාටවත් මැරි කරන්න දෙන්නෙ නෑ කියලා. ඒත් මට හිතුන විදියට එයා මාව අරන් ගිය එකට ගෙදරින් කැමැත්තෙන් හිටියෙ. කොහොමහරි එදා ඉදන් දවස් දෙක තුනක් මං එයාගෙ ගෙදර හිටියෙ. ඊටපස්සෙ මං බෝඩිමක් හොයාගත්තා, පේරා වලින්. අපේ කම්පැනි එකේ රූල්ස් වලට අනුව අපේ කම්පැනි එකේ දෙන්නෙක් අතර මැරි කරන්න බෑ. එහෙම වෙනවනම් එක්කෙනෙක් අයින් වෙන්න ඕනි. එයා දැනටමත් අවුරුදු ගානත් තිස්සෙ වැඩ කරපු තැන නිසා එයාගෙ කීම මත මං අයින් උනා ජොබ් එකෙන්.

මං ඈ දිහා බලලා නළලට කිස් එකක් දුන්නා.

මතක හැටියට එදා සිකුරාදාවක්. මං වැඩ අස්සෙ එයාට කෝල් එකක් දුන්නා. මං හෙට කැන්ඩි එනවා. වාහනේ පැත්තකට දාලා මං බස් එකේ නුවර ගියේ මොන හේතුවක් නිසාද කියන්න මං තාම දන්නෑ. ඒ වෙද්දිත් අපි නෙක්ස්ට් මන්ත් එන්ගේජ්මන්ට් එක ගන්න කතා කරගෙනයි හිටියෙ. ගැටඹේ පන්සලට මං එද්දිත් ගොඩාක් ලේට් වෙලා. ඈ මං එනකං බොහොම ඉවසීමෙන් වාඩිවෙලා බලාගෙන හිටියා.

පසුබිමෙන් ඇහෙන කල්හාරගෙ වොයිස් එක මාව ගල් කරන්න කලින් මං ආයෙමත් කෝපි උගුරකින් තොලකට තෙමාගත්තා.

 අතීතයෙ මා පෙම් බැඳි ළියන්ටයි
මේ ගීය ගයන්නේ
හමුවීම් වෙන්වීම් මැද ආදරයේ
බැඳිම් බිඳීම් අතර ජීවිතේ
ළඟ නොරැඳී රැඳී නික්මී ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
මේ ගීය ගයන්නේ

සිනාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හදින් නොමැකෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුහිරෙන්
ළඟ නොරැඳී රැඳී
නික්ම ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ

සීතල කඳුළකින්
ලියා ළය රහසක්
අප අපම වූ
අනන්ත නිමේශයන්
විඳ දරා හදවතින්
ළඟ නොරැඳී රැඳී
නික්මී ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ

5 comments:

  1. Replies
    1. තාම පැටලිල්ල ලෙහිලා ඉවර නෑ... ඉවසන්න...

      Delete
  2. හ්ම්ම් ,,❤️❤️❤️

    ReplyDelete
  3. හ්ම්ම් ,,❤️❤️❤️

    ReplyDelete