Tuesday, September 15, 2020

අභිනික්මනට පෙරාතුව!

විදදරා ගනිමින් ‍‍
අනේක
දුක්ඛ දෝමනස්සයන්
රුදුරු අපහාසයන්
රැවුම් ගෙරවුම්
චිත්ත පීඩාවන්
ගතකලෙමි
කාලය
උදෙසා පමණක්
රන් කහවුණූ

නමුදු,
ගතවුවත් කාලය
උදේ රෑ යලි 
උදේ රෑ ලෙස
"හිර කූඩුවක"
වැටහුණි
මෙය නොවන බව
මාර්ගය "නිවන" ට

ඉදින් සොදුරිය
අවසරයි යන්නට
සොයා "නිවන"
සමග රැගෙන
අවධානම
අපහාසය සමගම

සොදුරිය,
පවසන් මට
ඉන්නවාද නුඹ
"ඕන රෙද්දකට"
මාත් සමගම?

2 comments:

  1. රෙසිග්නේශන් දුන්නද? මොනවා උනත් හරියි කියල හිතෙන දේ කරන්න කොම්ෆර්ට් සෝන් එකෙන් එළියට යන්න බයවෙන්න එපා. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා ඒ් වචනෙට හරි. මට ඔයාගෙ උදව් ඔ්න වේවි...ඉස්සරහට...

      Delete