අයියේ, ම්...
මොනවද බොන්න කැමති තේද, කෝපිද?
කලු කෝපි...
හුග කාලෙකින් බිව්වෙ නැති නිසා මං එහෙම කිව්වා. මං දිහා අමුතු ආදරණීය බැල්මක් දාපු ඈ දඩි බිඩියට බෑග් එකෙන් ගත්තු අඩුම කුඩුම මේසය මතින් තියලා වැඩ පටන් ගත්තා. ටවල් එකත් ඇදන් හනි හනිකට ඈ කෝපි හදන දිහා මං බලාන හිටියෙ හරිම සැහැල්ලු හැගිමකින්. මට ඇගෙන් දිස්වුනේ හරිම පරිණත බවක්. හරියට මාතුභාර්යාවක් වගේ... පැය ගණනක ඇසුරක් උනත් ඒ පැය ගණනට මං ගොඩක් ආදරේ කරන්න ගත්තා. ඒක ලිංගිකත්වය විතරක් කියලා අවතක්සේරු කරන්න හදන්නෙපා. ඈ මට සළකපු විදියට, මට කෙයාරින් කරන විදියට මං ගොඩක් ආදරේ කලා... ආශා කලා...
******************************************
කරන්න කිසිම වැඩක් නැතිව ගෙදර ඉන්න කම්මැලි කමටම ටවුන් එකට ආපු මං පැය තුනක් හතරක් විතර ටවුමෙ රස්තියාදු ගැහුවෙ වෙන කරන්න දෙයක් නැතිම තැන. කරුමෙට වගේ එකපාරටම සෙට් උන කවදාවත් දැකලා නැති තවත් රස්තියාදුකාරයෙක් එක්ක දුමක් එහෙම දාලා කාරිය තව පැය කීපයක් කලු කරපු මං හැන්දෑවෙ 6ට විතර ගෙදර යන්න කියලා බයිසිකලේට නැග්ගා. බස් ස්ටෑන්ඩ් එක ලගින් මේන් රෝඩ් එකට දාන්න හදද්දිම එකපාරට පාර හරහා පැන්න මරිමෝඩ කපල් එකක් නිසා මට බයික් එකේ ස්පීඩ් එක අඩු කරන්න සිද්ද උනා. ඒ සැනින් පාරෙ දකුණු පැත්තෙන් බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් ගෑණු ළමයි දෙන්නෙක් කතා කරකර ඉස්සරහට ගියා. කඩාගෙන බිදගෙන යන තරමේ වේගයකින් ගියපු මං එයාව දැක්කෙ මොන විදියකටද කියලා මට තාමත් තේරුම්ගන්න බෑ එත්... මීටර් කීපයක් ඉදිරියට ගියපු බයිසිකලේ ක්ෂණිකව යූ ටර්න් එකක් ගහලා නැවැත්තුවේ ඇගේ කකුල් දෙක ලග. ඒ ආපු ස්පීඩ් එකට ඇගේ යාලුවා පාරෙන් පැත්තකට පැන්නා.
"හලෝ..."
මං හිතුවේ ඈ මාව අදුරගනීවි කියලා, මං නැතත් අඩුමගානේ බයිසිකලේවත්. එහෙම පාටක් පේන්න තිබුනෙ නැති නිසා මං හිමීට හෙල්මට් එක ගලවල අතට ගත්තා.
නංගි,...
ඈ මං දිහා බලාන උන්නා විතරමයි. මං කලෙත් ඒක. දෙනෝදහක් මැද අපි දෙන්නා අපි දෙන්නාගෙ ඇස් දිහා බලාන කොච්චර වෙලාවක් හිටියද කියන එක මට හරියටම මතක නෑ. ඒ තරමටම අපි දෙන්නා ගල් වෙලා හිටියේ, මට වඩා ඈ. විනාඩි කීපයකට පස්සේ ඈ පලමු වතාවට හෙල්ලුනා... හෙල්ලුනා නෙමෙයි ගැහෙන්න ගත්තා, හරියට මූදෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ. ඈ හිනාවෙන්න සෑහෙන බැරෑරුම් ආයාසයක් ගත්තා. අන්තිමට වෙව්ල වෙව්ල හිනාවුනා, යන්නම් අයියෙ. ඈ කිව්වෙ එච්චරයි.
"ඉන්න, මට ටිකක් කතා කරන්න ඕනි." මං දන්නෙ නෑ ඒ හයිය මට කොහෙන් හම්බුනාද කියලා. එයත් කට්ට නෑ, මං කෝල් එකක් දෙන්නම් අයියෙ. එහෙම කියලා මාරු වෙන්න! මං ඈ ගැන හොදට දන්නවා, හොදටම... රෑ වැටුන වගේ දවල් වැටෙන්න මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.
"දැන් මිස් එකක් ගහන්න, දැන්ම..."
එයා ෆොන් එක අරන් මගෙන් නොම්මරේ ඉල්ලුවා. නෝට් සෙවන් සික්ස්... මගෙ ෆෝන් එක රින් වෙනකං ඈට ලිස්සලා යන්න මං ඉඩ දුන්නෙ නෑ. යංතං නොකියා ටියුන් එකෙන් කලිසම් සාක්කුව වයිබ්‍රේට් වෙද්දිම ඈ ගියෙ මෙහෙම කියාගෙන.. මං ලග ඔයාගෙ නම්බර් එක තියෙනව අයියෙ. මගෙ පැත්තට දික් කරපු ඇගේ ෆෝන් එකේ මං දැක්කා මගෙ ෆොටෝ එකකුත් එක්කම නම සේව් වෙලා තියෙනවා.. තාමත් xxxx අයියා කියලා...
******************************************
ඔයා එදා බෙහෙත් බිව්වෙ නැ නේද නංගි, මං වසරකට පෙර මතකයක් අවදි කලා. ඒකට එයාට දෙන්න උත්තර තිබුනෙ නෑ. ඒ ඇස් කදුලින් තෙත් වෙලා තිබුනා විතරයි. ඇයි එහෙනම් එදා මට බොරු කිව්වෙ, බිව්වා කියලා.
මට ඕනෙ වුනා ඔයාව මට ලැබුනෙ නැතත් ඔයාගෙන් මට ලැබුනු වටිනාව වස්තුව පරිස්සම් කරගන්න. විනාස කරගන්න නෙමෙයි. ඒත්...ඒත්?
ඇත්ත.. ඒත් එදායින් පස්සෙ මට බැරිවුනා ඒ ගැන අහන්න. බිව්වාට පස්සෙ මං හිතාන හිටියේ හැමදේම හරියයි කියලා. ඒත් මට දැනුනා මං ගොඩාරියක් ලොකු වරදක් කරලා තියෙන විත්තිය. ඈ මං නිසා කොච්චරක් නම් දුකක් විදල ඇත්ද, තාමත්... කොච්චර නම් දුකක් විදිනවද?
මට මැවිලා පෙන්න ගත්තා, බයික් එකෙන් කැම්පස් එකේ ගේට් එකෙන් ඇතුලට දාපු තැන ඉදන් ගර්ල්ස් හොස්ටල් එක ලගට යනකං වෙච්ච හැමදේම, පාරේ හිටපු කොල්ලෙ කෙල්ලො ගාන.. උන් බයික් එක දිහා ඇස් ගෙඩි ලොකු කරන් බලන් උන්නු විත්තිය. මං හොස්ටල් එක ලගටම වේගයෙන් ඇවිත් ගේට් එකේ සිකියුරිට් ඇන්ටි ලගම ඈ සිපගත්ත හැටි, සමුදුන්න හැටි.. හැමදේම... එත් ඉන්පසුව මං ලග තියෙන්නෙ ඇගේ අත්දැකීම්වල මතකය විතරමයි...
එදා පටන් දින දෙක තුනක් යනතුරු ඈ අසනීපෙන් හිටපු හැටි. වේදනාත්මක කෙදිරිලි හඩ පපුව කකියවන හැටි. ඇගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව ගර්භාෂ බිත්තිය සමග ගැලවී වේදනාව පමණක් ඉතිරි කරමින් දෙකකුල් අතරින් ගලා ආ හැටි. ඒ වනවිටත් ඒ කිසිවක් හාන්කවිසියක්වත් නොදැන කිලෝමීටර් සිය ගණනක් මෙහා මා සිටි හැටි. ඒත්.. ඒක මිස් වීමක් නෙමෙයි. ප්ලෑන් එකක්. ඒ ප්ලෑන් එක මගෙ නෙමෙයි කියලා විතරයි මං දැනන් හිටියෙ.
හැතැම්ම සිය ගණනකට එහායින් ඇහෙන සජීවී නමුත් වේදනාත්මක කෙදිරිලි හඩ දරාගෙන ඉන්න එක මට ලේසි උනේ නෑ. ඒත්, වසර හතරක් පුරාවට දකින්නටවත් දැතිව, ආරංචියක්වත් නැතිව පොඩ්ඩක්වත් අඩුවකුත් නැතිව ආදරේ කරනව කියන්නේ ලේසි පාසු වැඩක්ද? ඒ කැපකිරීම කරපු සහ දරනටමත් රහසිගතව කරන ඒ ගැහැණිය වෙනුවෙන් මා ලග සිටිය යුතු නොව්ද? හිත මාත් එක්කම තර්ක කරන්න ගත්තා. ඔව්, මං තිරණයක් ගත්තා, වයිෆ් වෙනුවෙන්...
වයිෆ්?👀ඔව්, මේ තරම් කැපකිරීමක් මා වෙනුවන් කල එකම පිටස්තර කාන්තාව, ඈ මගෙ නෝනා මහත්තයා නෙමෙයිනම් වෙන කවුද? මා අගේ සුරත දැඩිව ග්‍රහණය කරගත්තා...
අයියේ, මං ලගට එන්න එපා. මං අදටත් ආදරේ කරනව, ඔයා මට දීපු වස්තුවට. ඒත්... මට බැරිවුනා ඒක රැකගන්න. ඒත් මගෙ ජීවිතේ ලස්සනම දවස මට දුන්නාට
"ඔයාට පිං"...
අපි මේ වගේ දේවල් ලිව්වට ප්‍රායෝගිකව මේ වගේ දේවල් වලට අපි වුණත් මුහුණ දෙන් නෑ නේද කියල හිතෙනවා.... උඩදාගෙන ඔය වගේ ඒවා ලිව්වට.... මේ වගේ දේකදී එන ප්‍රායෝගික ප්‍රශ්න කොයි තරම්ද කියලා මං නිකමට හිතුවා.... ❤❤
ReplyDeleteThis comment has been removed by the author.
Deleteප.ලි.- මචං කිව්වෙ කොල්ලෙක් කියලා හිතලා නෙමෙයි. වැරදිලාවත් නෙමෙයි.තරහකිනුත් නෙමෙයි. ඒත්, ඔය කියපු කතාව ඔයා ගැනම බැලුවොත් උඹ ලියපු හැමදේම ෆැන්ටසි විතරයි නේද, යතාර්ථය හැම තිස්සෙම උඹට දුරින් තියෙන්නෙ කෙල්ලෙ. ගොඩක් දුරින්.
Deleteෆැන්ටසිය හොඳටම වින්දා.. අර අන්තිම වචනෙ ඇරුණාම...
ReplyDeleteගොඩක් ස්තූතියි මලියො...
ස්තූතියි ඩ්‍රැකී අදහස් දැක්වීමට, ඔයාට දැනුන විදිය කොහොමද දන්නෙ නෑ.. ඒත් අන්තිම වචනෙත් මේකට අයිති දෙයක්.ඒක දැනෙන විදි දෙකක් තියෙනව කියලා හිතෙනව මට...
Deleteනෑ නෑ ඒ වචනෙ කිසිම අවුලක් නෑ. ඒක මට දැනුණ විදිහ. එච්චරයි...
Deleteආදරෙයි.. ලියවිල්ලට <3 <3
ReplyDeleteස්තූතියි කමි අයියා, හුග කාලෙකින් දැක්කෙත් නෑ.. දකින්නත් ආසයි..
Delete