meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/> මලියගෙ සටහන මලියගෙ සටහන: දරු පැටියෙක්!

Thursday, July 12, 2018

දරු පැටියෙක්!


මට දරු පැටියෙක් ඔනෙ!
- මේ දැන්?
දැන් නෙමෙයි මැට්ට‌ො, බැදපු ගමන්ම
- දෙන්නංකෝ පෝලිමක්ම,  පඩිපෙල වගේ
මං හිනාවුනා...

- තමුසෙ කොහෙද මෙච්චරකල් හිටියේ?
- මොන රෙද්දක් කලාද අතුරුදහන් වෙලා.
මං බැනගෙන බැනගෙන ගියේ ලොකුම ආවේගයකින්. ඒක ඇතුලේ හීනියට සතුටකුත් නොතිබුනා නෙමෙයි.
අඩුගානෙ ආයෙත් සැරයක් එයාව දකින්න ලැබුන නිසා. මං විනාඩි කීපයක් තිස්සේ ඈට බැන්නත් එයා සද්දයක්වත් කලේ නෑ, අහිංසක ඇස් දෙක තෙත් කරගෙන මං දිහා බලාන ඉන්න එක ඇරෙන්න.

අයිය‌ේ! අන්තිමට ඈ කතාකරන්න ගත්තා
- ම්....
මං ඔයාගෙන ඈත් වුනේ හේතුවක් තියෙන නිසා
- හැම කෙල්ලම කියන්නේ ඒක තමයි, මං අමුතු හිනාවක් දාලා කිව්වා
නෑ, මං අනිත් අය වගේ නෙමෙයි,
මං හැමදේම කියන්නම්, ඈ පොරොන්දු වුනා.

 මං ඈත ආකාහෙ දිහා ආයෙමත් බලන් හිටියා. අද වලාකුළු හරිම නිශ්චලයි, පාවෙන්න කම්මැලි කමටද... නැත්නම් ඒවාත් කම්පා වෙලාද? මගෙ පපුව වගේ!

මං ආයෙමත් දුම් උගුරක් කටේ පුරවගත්තා. මේ වගේ කම්පනයක් දරාගන්න නොමල් නිකොටින් දුමකට කොහොමත්ම බෑ. ඒකට ඊටත් වඩා ගැඹුරකට යන්න පුලුවන් වෙන්නම ඔනෙ. ඇග ඇතුලට හීනයට දාගත්ත ඒ දුම් උගුර මාවම පුච්චගෙන ගියෙ වේදනාව දෙගුණ තෙගුණ කරමින්. ඒක හරියට ඈ අවුරුදු ගානක් වින්ද දුක එක සැරේ ඇගෙන් හොරාගන්නවා වගේ වැඩක්.

ඔයා හොදටම දැනන් හිටියා, මං දරු පැටියෙක්ට කොච්චර ආස කාලද කියලා
- ඉතින්?
මට ඒ වාසනාව නෑ අයියේ,
- ඔයා කොහොමද දැන්ම එහෙම කියන්නෙ
මං දන්නවා, මට ඩොක්ට කිව්වා
- බය වෙන්නෙපා අපි මොකක් හරි විදියක් බලමු ඉතින්,
නෑ අයියෙ, ඒකට කරන්න දෙයක් නෑ... එදා වුන ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට දරු පැටියෙක් දරාගෙන ඉන්න බැරි....
- කට වහපන්! කමක් නෑ, අපෙ ලෙයින් පැටියෙක් හදමු.. ඔයාගෙ බඩෙ වෙන්නම ඕනෙ නෑනෙ
බෑ... බෑ... බෑමයි! මං කැමති නෑ මගෙ පැටියා වෙන තැනක උපදිනවට😡
- ඉතිං ළමයො...
බෑ අයියෙ, ඔයා යන්න... මට ඔයාව තාත්තා කෙනෙක් කරන්න තරම් වාසනාවක් නෑ.
- කමක් නෑ, මං ඉන්නම් ඔයත් එක්ක.
මෝඩයා, යනවා යන්න... ඉස්සසර වගේමයි, කියන දෙයක් අහන්නෙම නෑනෙ. මං යනවා අයියෙ...

ඔයා ඒ දේ දැනගන්න ඕනෙ නැති නිසයි මං කිව්වෙ නැත්තෙ. ඒ්ත් ආයෙත් කියන්න එපා මං  නොකියා ගියා කියලා.... ඈ ආයෙමත් විසන්ධි වුනා. ආපහු කවදාවත් කතා නොකර ඉදිවී කියලා මං හිතන්නෙ නෑ, ඒත් ඒ කවදද කියන්න මට හිතාගන්නත් බෑ, එයාට හිතාගන්නත් බැරිව ඇති.

 ඈ මගෙන් ගියේ හේතුවකට, ඔව් ලොකූ හේතුවකට. ඒත්... ඒක නෙමෙයි කරන්න තිබුනෙ. මං තාම විශ්වාස කරනවා එහෙම. ඊලග දුම් උගුරෙන් පෙනහලු පුච්චන ගමන් මං හිතුවා...

4 comments:

  1. ළමයිනම් මොනාද බං ඔය ඕනි තරම් ඉන්නෙ ජීවිතේ ඉල්ලන පොඩි උන්.

    ReplyDelete
    Replies
    1. ඒ වගේද බං තමන්ගෙම ලෙය කියන්නෙ... අපිත් මේ ඉන්නෙ උඹේ ඊලග ස්ටෙප් එක එනකං හැක්... බයික් පෙරඩ් එකක් එක්ක තෑගි අරන් එන්න

      Delete
  2. දේවානුභාවයෙන් බඩ කරනු ලැබේ............ මීට ටවුකන්ඩ දේවාලේ මහ කපුවා

    ReplyDelete
    Replies
    1. බඩ කරන එක නෙමෙයි බං අවුල, ගැබ දරාගෙන ඉන්ඩ බැරි එක

      Delete