Monday, June 4, 2018

තිත්ත | The Bitter Truth


සමහර දේවල් තියෙනවා
අපි කැමතිම දේ නොවුනත්
අපිට කරන්න වුන දේවල්...
හොදකට හරි නරකට හරි
ඒත්, ඇයි අපි
ඒක අතාරින්නෙ නැත්තෙ?
අපි බයයි
අපිට නැතිවෙයි කියලා
උන්න අත්තයි, පය ගහපු අත්තයි
දෙකම...
කොච්චර දුක් වින්දත්
කොච්චර කරන්න වුනත්
අකමැති දේවල්,
අපි තාමත් පෙන්නනවා
හැමෝටම
අපි ඉන්නෙ
හරිම සතුටින් කියලා
සමාජෙට...
ඒක උඹටත් පොදුයි, මටත් පොදුයි...
සමහර දේවල් තියෙනවා
කියන්නට හිතුනත්
කෙතරම්,
කියන්නට බැරි දේවල්
එකම හේතුව;
කවුද කැමති පෙන්නන්න
අපි ඉන්නෙ
මඩ වලක කියලා
රස්සාව වෙන්න පුලුවන්,
ඉගෙනගන්න එක වෙන්න පුලුවන්,
ව්‍යාපාරය වෙන්න පුලුවන්
තමන්ගෙ ජීවිතේ
මොකක් හරි කොටසක්
වෙන්න පුලුවන්,
උඹ කෙතරම්
උගත් වුනත්
සල්ලිකාරයෙක් වුනත්
මොන ඉහල තානාන්තරයක උන්නත්
මේ උඹේ කතාව නෙමෙයිද?
දුක කියනවා වෙනුවට
අපි පුරුදු වෙනවා
හිනාවෙන්න එ්කට
පෙන්නන්නට
පට්ට ආතල් ජීවිතයක් කියලා
අපි හැමෝම ගතකරන්නෙ,
එකට එකතුවෙලා
ඒත්... ඒක
ව්‍යාජ හිනාවක්!
ඒක දන්නෙ
උඹම විතරයි
ගතින් හිනා වුනාට
හිත අඩන බව
දන්නවා උඹ
හැමෝම එකතුවෙලා
කදේ දාගෙන
"අපි" , "අපේ" කියලා
මහ හයියෙන් කිව්වට
ඒක බොරුවක්ම
විතරයි කියලා
උඹේ හිත දන්නවා
කරදයක් වුනාම
පේන්න රගන හැමෝම
උණුසුම ගියාම
හොයන්නවත් නැතිවෙනවා කියලා
උඹ දන්නවා
උඹට ඕනෙ
මේකෙන් මිදෙන්න
උඹ ඉන්නවා
අල්ලගෙන ඒත්
බොරුවට
සතුටු වෙවී;
අඩුගානෙ
එහෙම පෙන්නලා...
ඒක හරියට,
අස්සයා පිටේ
කැන්දන් යන්නට
ඉන්නවා වගේ
එනකං කුමාරයෙක්...
ඔව්,  අල්ලාන ඉමු
එතකං...
හැබැයි එක දෙයක්!
පරිස්සම් වෙන්න
ඒ වෙනකං වත්
එකට ඉන්න උන්ගෙ
චාටුවට අහුනොවෙන්න
මතක තියාගන්න
සැනසීම තියෙන්නෙ
"එකම එක තැනක"
විතරක්ම බව...


7 comments:

  1. //මතක තියාගන්න
    සැනසීම තියෙන්නෙ
    "එකම එක තැනක"
    විතරක්ම බව...//

    නියමයි මිත්‍රයා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා...

      Delete
  2. බෙහතක් කියෙනව ඕකට
    කන්ඩා ලියලත් තිබ්බ
    "ෆකිටෝල්"

    ReplyDelete
  3. ටිකක් එබිල බැලුවොත් ... මේ ජීවිතේ සැප කියල දෙයක් නෑ. දුක නිසා අපි ඒකේ අනික් පැත්තට ලගා වෙන්න බලනව. එතන අපි හොයන ඒ සහනය ඇති කියල.

    ReplyDelete
  4. මෙච්චර දිගට මේක ලියන්න සෑහෙන්න සංයමයක් තියෙන්න ඕනි.. ඒකම ඇති!

    ReplyDelete
    Replies
    1. එ්ක නැතිවුනා මගෙ අතින්, ඒත්... මං ඒක හදාගෙන පෙන්නනවා... ඉකමනටම

      Delete