Friday, March 6, 2020

ගිම්හානයක සේයා | The Trace of Summer


තවත් දවසක නිමාවක්. වෙනද වගේම කාර්යබහුල වැඩකටයුතු නිමා කරලා නිදහසේ හුස්මක් ගන්න කියලා හිතාන බෝඩිමට ඇවිත් ඉදගත්තා විතරයි. නාදුනන නොම්මරයකින් ඇමතුමක්. ඒ විදියට තමයි මේ කතාව පටන් ගන්නෙ, ඒ ඇමතුමේ ප්‍රතිඵලයක් විදියට අපිට සිද්දවෙනව හා හා පුරා කියලා අලුත් වට්සැප් ගෘප් එකක සාමාජිකයන් බවට පත්වෙන්න. හැමෝවම අදුරගන්න. විස්තර දැනගන්න, වල්පල් කියවන්න, ෆිට් වෙන්න වගේම අපේම කියලා අලුත් කල්ලියක් හදාගන්න ඒත්, පාලනාධිකාරියකින් වන පාලනයක් එක්කම.

********************************************************************

 මං මාවම කන්ට්‍රෝල් කරගන්න සෑහෙන උත්සාහ කලා. ඒත්.. මං දන්නෙ නෑ මේක මොන කරුමයක්ද කියලා. මං අවුට් ඔෆ් කන්ට්‍රෝල් කියලා විතරයි මට තේරුණේ. නින්දක් නැතිව සැනසීමක් නැතිව මං පිස්සෙක් වගේ හැසිරුනේ. මට තවදුරටත් මේ විදියට ඉන්න බෑ. මගේ දරාගැනීමෙ සීමාව ඉවරයි. මට සිද්ධවුනා ඇත්ත හොයාගෙන යන්න. මට මගෙ ජීවිතේ හම්බුන හොදම චාන්ස් එක මිස් කරගන්න ඕනෙ උනේ නෑ... ඇත්තමයි.

මං ඇදන් හිටපු ෂෝට පිටින්ම උඩට ටී ෂර්ට් එකක් දාගත්තා. ඉස්සරහ දොර ඇරගෙන ගරාජ් එකට ගිහින් වාහනේට ගොඩඋනා. නිව්ටල් එකේම පල්ලමේ වාහනේ පාරට දැම්මෙ කාටවත් වාහනේ සද්දෙ ඇහෙන්න ඕනෙ නැති නිසා. එක පාරින් ස්ටාර්ට් කරපු කාර් එක පලවෙනි ගියර් එකට දාලා විදින්න පටන් ගත්තා. පාර හරිම පාලුයි. වෙලාව පාන්දර 2ට විතර හින්දා වෙන්නැති. මං මිරිස්වත්ත කලර් ලයිට් එක ලගට එනකං කඩාගෙන බිදගෙන වාහනේ අරන් ආවා. පැයට කිලෝමීටර් බර ගණනක වේගයට විතරයි පුලුවන් වුනේ මගේ හදවත ගැහෙන ස්පීඩ් එකට සමාන වෙන්න. ඒ රිද්මය, ඒ වේදනාව අදුනගන්න. ගෙදරින් ආපු පාර වාහනේ තත්පර කීපයකට කියලා හරි නැවතුනේ රතු එළිය ලග විතරමයි. එතැන හරියටම මට තව තත්පර 59ක් ඉතිරි වෙලා තිබුනා. ඒක සමහරවිට මගේ ජීවිතේ දිගම විනාඩිය වෙන්න පුලුවන්. ඒ තරමට මං හදිසියෙන් හිටියෙ.

********************************************************************

මේක හරියන්නෙ නෑ. මෙහෙම බලාගෙන ඉදලා හරියන්නෙ නෑ.. මං ඇක්ෂන් එකක් ගන්නම ඕනෙ. මං කල්පනා කලා. මං ඉස්සෙල්ලාම ගත්තෙ කොලේකුයි පෑනකුයි. ඊටපස්සෙ වට්සැප් මැසේජ් ටික හාර හාර ඇවිස්සුවා. ඔව්.. මේ තියෙන්නෙ පොටක්. මට ඒක පෑදුනා. එයාට ක්ලාස් තියෙන්නෙ මේ මේ දවස්වලට... ගෙදරින් එන්නෙ අම්මත් එක්ක, බයික් එකේ. ම්.. ස්කූටියක්. ගෙදරින් ආපු වෙලාව මේක... පෑන දඩි බිඩියෙ මොන මොනවාදෝ කොලේ ලියලා පිරෙව්වා. ඔව් ඒක මැප් එකක්. නෑ, මිෂන් ප්ලෑන් එකක්. මේක තමයි එකම විදිය. අපි බලමු...

නුවර පාර දිගේ හැටට හැටේ ආපු වේගෙට මං දන්නෑ වාහනේ ඔරොත්තු දුන්නාද කියලවත්. ඒ තරම් වේගෙන් ඒ පාරේ ඒ වාහනෙන් මං ගිහින් තිබුනෙ නෑ කවදාවත්. වරකාපොල රෝඩ් බ්ලොක් ලග විතරයි යන්තමින් හරි වේගය අඩු උනානම් උනේ.කොහොමහරි පාන්දර 3 වෙද්දි මං නෙලුම්දෙනියෙ.ඒ වෙද්දි නම් පොඩියට මහන්සියක් නිදිමතක් මට දැනෙමින් තිබුනෙ. ගමනාන්තයට මහ ලොකු දුරක් නැති නිසාත්, උදේ 5ට තව පැය කීපයක් තියෙන නිසාත් පාර අයිනෙ පාලු තැනකට දාලා ලයිට් ඕෆ් කරලා දොර ජනෙල් ලොක් කරලා මං ටිකක් ඇලඋනා. එත්, 4.15ට එලම් එක තියන්නත් මං අමතක කලේ නෑ.

විදුලි වේගයෙක් ඇදුන කාර් එක නැවතුනේ කෑගල්ල ෂෙඩ් එක ලග. ම්.. මේක තමයි පාර. මං මගෙ ප්ලෑන් එක දිහා බැලුවා. ඒ පාරේ කීප දුරක් ගියාට හරියටම ගෙදර මොකක්ද කියලා හිතාගන්න එක නම් හරිම අමාරු වැඩක් උනා. ඒකට ප්ලෑන් එකේ විස්තර මැච් උනේ නෑ. සැක කටයුතු ගෙයක් තිබුනත් ඒක එතනින් එහාට විපරම් කරන්න තරම් පාන්දර 4.45 කියන්නෙ කල් වැඩියි තව. ඉතිං,... ආයෙත් මං පාරට ආවා, ම්.. බස් එක තියෙන්නෙ මේ පැත්තෙ. ඒ පැත්තටම වාහනේ දාලා තියාගත්තොත් හරවන්න යන ටයිම් එක ඉතුරුයි. මිස් වෙන්න තියෙන ඉඩ අවම කරන්න... නෑ.. කිසිම ඉඩක් තියන්න බෑ. මේක අන්තිම චාන්ස් එක. මං වාහනේ අනිත් පැත්තට දාලා අතුරු පාර ඉස්සරහින් එන විදියට කඩ කාමරයක් ඉස්සරහට රිවස් කලා.

ලාවට වැටෙන වැහි පොද අස්සෙන් මං කෙලින්ම අතුරු පාර දිහා බලන් ඉන්නවා. වෙලාව නං හරි, ඉස්සරහ පාරෙන් බයික් එකක් එන එන පාරට මං හෙඩ් එක ගහන්නෙ අඩුගානෙ එයා වාහනේවත් අදුරගනීවි කියලා හිතලා. ඒත් ගතවෙච්ච පැය බාගෙට ගියපු බයිසිකල් දෙකම ඒකට කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. ඒ අස්සෙ කොහෙදෝ ඉදං ආපු බට්ටෙක් මගෙ දර්ශනපථය අවහිර වෙන්නම ගහලා පත්තර ලොට් එකක් බාලා කඩේ ඉස්සරහට දැම්මා. මං පට්ට මලෙන් හිටියෙ එයාව මට මිස්වෙයි කියලා.. බට්ටා ගියාටත් විනාඩි 15කට විතර පස්සෙ.. මං හිතුවා මේක හරියන එකක් නෑ කියලා. කොතැනක හරි මට එයාව මිස් උනා කියලා...

මං යන්න කියලා හිතාගෙන වින්ඩ්ස්ක්‍රීන් එකේ බැදුන මීදුම් ගුලි පිහදාන්න පටන් ගත්තා. ඒ මැද්දෙන් ඈතින්, අවපැහැ ගැන්වුන හැලජන් ආලෝකයක් විදුරුවෙ වැදිලා දිස්නෙ ගහන්න පටන් ගත්තා. මං ආයෙමත් හෙඩ් එක පාස් කලේ ඇගිල්ලෙන්...  බයිසිකලේ පිටිපස්සෙ හිටපු කෙනා මං දිහා හැරිලා බැලුවා..ආයෙත් බැලුවා. ඇත්තටම මං දිහා නෙමෙයි, අදුරෙ තිබුන කාර් එක දිහා. මං ක්ෂණිකව ක්‍රියාත්මක උනා. යතුර දාලා පණගන්වපු කාර් එක මොහොතකින් නුවර පාරට අවතීර්ණ වෙලා බයික් එක පස්සෙන් හඹායන්නට පටන් ගත්තා. බයිසිකලෙත් හිතුවට වඩා වේගයකින් අස්සෙන් මුල්ලෙන් දාලා කෑගල්ල ටවුන් එක පැත්තට ගමන් කලා. ඉතිං, මට සිද්ධවුනා ඊටත් වඩා වේගයකින් ඒක පස්සෙන් යන්න.  වේගයෙන් ගිය බයිසිකලය නැවතුනේ බස් එකක් පිටිපස්සෙ, මගෙ හිත තත්පරයට බිටු දහස් ගණනක වේගයෙන් වැඩ කරන්න ගත්තා...

හිත ඇතුලෙ තත්පරයෙන් දශමෙන් පංගුවට කරපු ආගිව් එකක ප්‍රතිඵලයක් විදියට මං බස් එක ඉස්සර කරලා පාර හරස් කරලා නැවැත්තුවා. එකක හරියට ඉංග්‍රීසි චිත්‍රපට ජවනිකාවක් වගේ.. ඇත්තමයි, මං දන්නෙ නෑ මට කොහොම ගටක් ආවද කියලා. එහෙම කරන්න. නුවර පාර මැද නවත්තපු කා⁣ර් එකේ පාක් ලයිට් දාලා හසාඩ් ඕන් කරලා මං බැහැල බස් එක පැත්තට ආවා. පිටිපස්සෙ දොර ලග බයික් එක නවත්තලා අම්මා ඉන්නවා. බස් එක අද්දනකං.  පිටිපස්සෙන් නැග්ගොත් හොයාගන්න අමාරුයි. මං ඉස්සරහින් නැග්ගෙ ඩ්‍රයිවර් අයියට ඇත්ත විස්තරේ කියන්න කියලා හිතාගෙන.ඒත්, ඌ මට හිනාවුනා. මං හිතන්නෙ පොරට මොනමහරි දෙයක ඉව වැටුනා. මං ඉස්සරහ ඉදන් ඇස කරකව කරකව පස්සට යනවා, ඒත් එයා නෑ. ඒත්... පිටිපස්සෙ දොර පැත්තෙ ලගම ෂීට් එකට වෙලා කෙල්ල ඉන්නව බය වෙලා.  මං එකපාරටම එයා ලගින් වාඩි උනා. 

නංගි, මොකද උනේ ඔයාට?
කෙල්ල වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ගැහෙන්න පටන් ගත්තා...

Tuesday, December 3, 2019

පාස්පෝට් | Passport



යමුද අයියෙ?
හ්ම්...

මං වෙන මොකුත් කියන්න ගියේ නෑ. කට වහගෙන එතනින් එළියට ආවා. ඇවිත් හෙල්මට් එකත් ඈට දීලා සද්ද නැතිවම බයික් එකට නැග්ගා. හීමිජ්ජා වගේ ඒකිත් පිටිපස්සට නැග්ගට පස්සෙ මං හරවලා ආපහු යන්න පටන් ගත්තා. මං දන්නෙ නෑ මොනවද වෙන්නෙ කියන එකවත්. ඇගේ මූණ පෙන්න හරවලා තිබුන සයිඩ් කන්නාඩියෙන් මං ඈ දිහා බලන් හිටියා. එයත් එහෙමයි. ඒ බැල්ම රැවිල්ලක් වගේ එයාට තේරුණාද කියලා මං දන්නෙ නෑ. ඒත්.. එයා ටික වෙලාවකින් අහක බලාගත්තා. මං එහෙන්මම වැව රවුමට බයිසිකලේ දාලා නැවැත්තුවෙ ඒ ගැන කතා කරන්න හිතාගෙන.

******************************************

මිස් එන්න ඇතුලට, ඔෆීස් එකේ හිටපු කෙල්ල අපිට කතා කලා. මං එළියට වෙලා ඈට ඇතුලට යන්න කිව්වත් ඈට ඕන උනා මාවත් එක්කන් යන්න. ඉතිං ඈ මගේ අ⁣තින් ඇදගෙන ඔෆිස් එක ඇතුලට ගියා. 

මට ඒ මොහොතෙ ඉදන් දැන් වෙනකං මතක් වෙන්නෙ ඒ සිදුවීම. ඒ කම්පනය. ඒක මට හීනියට වධ දෙන්න පටන් ගත්තා. මං හීනෙන්වත් හිතපු නැති විදිවට මේ කෙල්ල කොහේදොා් පඩංගුවක තිබිලා එකපාරට එළියට අරන් දුන්න පාස්පෝට් එක. මං එකපාරටම කෙල්ලගෙ අතින් අල්ලගත්තෙ නොදැනුවත්වම වගේ.

හසී... 
ම්.. අයියෙ
මොකක්ද මේ විකාරේ තේරුම?

මං ඇගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් නොවුනත් ඈ දිහා බලාන හිටියා. මං දැනගෙන හිටියා මේ වගේ වෙලාවට කවදාවත් කෙල්ලෙක් වචනයක් එළියට පිට නොකරන බව. ඒ වගේම ඇගේ  ඇස් වේදනාව පිට නොකරන්නට මහත් වෑයමක් ගත්තා. නමුත් ඒක මගෙ ඇස් වලට වහන් කරන්න ඈට පුලුවන් වුනේ නෑ. මං ඇගේ ඇගිලි තුඩු වලින් අල්ලගත්තා...

ඔයාගෙ අම්මටයි ඔයාටයි ජීවත් වෙන්න සල්ලි කීයක් ඕනෙද?
මං දන්නවා ඒක පරිපූර්ණ ප්‍රශ්නයක් නොවෙන විත්තිය. ඒත් මට පටන් ගන්න වෙන තැනක් තිබුනෙ නෑ. ඒකි මූණ කොනින් හිනාවුනා. වැහි වලා අටෝරාසියකට පස්සෙ ඉර එළියක් වැටුනා වගේ.
අයියා සල්ලි දෙන්නද, ම්...

මාත් දැනන් හිටියා මට ඒක කරන්න බැරි විත්තිය හොදටම, ඒත්.. මගෙ ලග ඒකට විකල්පයක් තිබුනා.
මට පුලුවන් ඔයාව මැරි කරන්න.
එයා මං දිහා බැලුවා.
මැරි කරා කියලා ප්‍රශ්නෙ විසදෙනවාද?
නෑ, ඒත් ප්‍රශ්නෙ මෙච්චර දුරදිග යන්⁣නෑ.
ඔයාට පුලුවන් මගෙ ගෙදර ඉන්න අම්මවත් එක්ක ඇවිත්. ඔයාගෙ පඩියෙන් පුලුවන් අම්මව බලාගන්න. මට පුලුවන් ඔයාව බලාගන්න. ගෙදර ප්‍රශ්නෙත් ඉවරයි, අම්මගෙ ප්‍රශ්නෙත් ඉවරයි. ඔයා ඔච්චර දුක් විදින්න ඕනිත් නෑ.

ඈ මං දිහා බැලුවා.
හදිසියෙ තීරණ ගන්න බෑනෙ අයියෙ
හදිසියක් නෑ.. හිතලා බලන්න... මොකද කියන්නෙ, ම්....
මෙහෙම කියලා බෑනෙ ඉතිං...
කොහොමද කියන්න ඕනි ඔයාට, මං ඒ විදියට එන්නම්කො. එතකොට හරිනෙ.
පිස්සු ඔයාට... සමහරවිට, ඒත්
අද මං ඔයාගෙ මූනෙ හිනාවක් දැක්කා. ඒකට හේතුවත් මං දන්නවා.
මොකක්ද?
ඔයාම කියන්න, ම්... කවුද කියලා
අයියා හරි, ඒත්...
මං කියන්නෙ නෑ මං ඔයාට සැප පහසුව දෙන්නම් කියලා, ඒත් මට පුලුවන් ඔයාව සතුටින් තියන්න...

ඒත් මං කැතලික් එක...
හසී...
ම්... අයියෙ,
මතකද 21 බ්ලාස්ට් එකට කලින් අපි මීට් උන දවස. එදා වගේ පුලුවන් හැමදාම පන්සලුත් යමු, චර්ච් එකටත් යමු. 

ඈ මගෙ ඇගිල්ලක් අත ගගා කල්පනාවට වැටුනා. ඒත්... ⁣මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ ඈ කල්පනා කර කර හරි දුක් විදනවටවත්.
මට ඕන උනා එයාව කතාවට අල්ලගන්න, මං ලග ඉන්න වෙලාවෙවත් අඩුම. දුක ඈත් කරලා තියන්න.

දන්නවද දෙයක්?
ම්...
මං මේ කල්පනා කලේ... සල්ලිවලට කරන්න පුලුවන් දෙයක්!
ඈ මං දිහා බැලුවා. ඔයා වගේම...


Sunday, October 27, 2019

කලු කෝපි | Black Coffee


අයියේ, ම්...
මොනවද බොන්න කැමති තේද, කෝපිද?
කලු කෝපි... 

හුග කාලෙකින් බිව්වෙ නැති නිසා මං එහෙම කිව්වා. මං දිහා අමුතු ආදරණීය බැල්මක් දාපු ඈ දඩි බිඩියට බෑග් එකෙන් ගත්තු අඩුම කුඩුම මේසය මතින් තියලා වැඩ පටන් ගත්තා. ටවල් එකත් ඇදන් හනි හනිකට ඈ කෝපි හදන දිහා මං බලාන හිටියෙ හරිම සැහැල්ලු හැගිමකින්. මට ඇගෙන් දිස්වුනේ හරිම පරිණත බවක්. හරියට මාතුභාර්යාවක් වගේ... පැය ගණනක ඇසුරක් උනත් ඒ පැය ගණනට මං ගොඩක් ආදරේ කරන්න ගත්තා. ඒක ලිංගිකත්වය විතරක් කියලා අවතක්සේරු කරන්න හදන්නෙපා. ඈ මට සළකපු විදියට, මට කෙයාරින් කරන විදියට මං ගොඩක් ආදරේ කලා... ආශා කලා...

******************************************


කරන්න කිසිම වැඩක් නැතිව ගෙදර ඉන්න කම්මැලි කමටම ටවුන් එකට ආපු මං පැය තුනක් හතරක් විතර ටවුමෙ රස්තියාදු ගැහුවෙ වෙන කරන්න දෙයක් නැතිම තැන. කරුමෙට වගේ එකපාරටම සෙට් උන කවදාවත් දැකලා නැති තවත් රස්තියාදුකාරයෙක් එක්ක දුමක් එහෙම දාලා කාරිය තව පැය කීපයක් කලු කරපු මං හැන්දෑවෙ 6ට විතර ගෙදර යන්න කියලා බයිසිකලේට නැග්ගා. බස් ස්ටෑන්ඩ් එක ලගින් මේන් රෝඩ් එකට දාන්න හදද්දිම එකපාරට පාර හරහා පැන්න මරිමෝඩ  කපල් එකක් නිසා මට බයික් එකේ ස්පීඩ් එක අඩු කරන්න සිද්ද උනා. ඒ සැනින් පාරෙ දකුණු පැත්තෙන් බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් ගෑණු ළමයි දෙන්නෙක් කතා කරකර ඉස්සරහට ගියා. කඩාගෙන බිදගෙන යන තරමේ වේගයකින් ගියපු මං එයාව දැක්කෙ මොන විදියකටද කියලා මට තාමත් තේරුම්ගන්න බෑ එත්... මීටර් කීපයක් ඉදිරිය⁣ට ගියපු බයිසිකලේ ක්ෂණිකව යූ ටර්න් එකක් ගහලා නැවැත්තුවේ ඇගේ කකුල් දෙක ලග. ඒ ආපු ස්පීඩ් එක⁣ට ඇගේ යාලුවා පාරෙන් පැත්තකට පැන්නා. 

"හලෝ..." 
මං හිතුවේ ඈ මාව අදුරගනීවි කියලා, මං නැතත් අඩුමගානේ බයිසිකලේවත්. එහෙම පාටක් පේන්න තිබුනෙ නැති නිසා මං හිමීට හෙල්මට් එක ගලවල අතට ගත්තා.

නංගි,...
ඈ මං දිහා බලාන උන්නා විතරමයි. මං කලෙත් ඒක. දෙනෝදහක් මැද අපි දෙන්නා  අපි දෙන්නාගෙ ඇස් දිහා බලාන කොච්චර වෙලාවක් හිටියද කියන එක මට හරියටම මතක නෑ. ඒ තරම⁣ටම අපි දෙන්නා ගල් වෙලා හිටියේ, මට වඩා ඈ. විනාඩි කීපයකට පස්සේ ඈ පලමු වතාවට හෙල්ලුනා... හෙල්ලුනා නෙමෙයි ගැහෙන්න ගත්තා, හරියට මූදෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ. ඈ හිනාවෙන්න සෑහෙන බැරෑරුම් ආයාසයක් ගත්තා. අන්තිමට වෙව්ල වෙව්ල හිනාවුනා, යන්නම් අයියෙ. ඈ කිව්වෙ එච්චරයි.


"ඉන්න, මට ටිකක් කතා කරන්න ඕනි." මං දන්නෙ නෑ ඒ හයිය මට කොහෙන් හම්බුනාද කියලා. එයත් කට්ට නෑ, මං කෝල් එකක් දෙන්නම් අයියෙ. එහෙම කියලා මාරු වෙන්න! මං ඈ ගැන හොදට දන්නවා, හොදටම... රෑ වැටුන වගේ දවල් වැටෙන්න මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.

"දැන් මිස් එකක් ගහන්න, දැන්ම..."
එයා ෆොන් එක අරන් මගෙන් නොම්මරේ ඉල්ලුවා. නෝට් සෙවන් සික්ස්... මගෙ ⁣ෆෝන් එක රින් වෙනකං ඈට ලිස්සලා යන්න මං ඉඩ දුන්නෙ නෑ. යංතං නොකියා ටියුන් එකෙන් කලිසම් සාක්කුව වයිබ්‍රේට් වෙද්දිම ඈ ගියෙ මෙහෙම කියාගෙන.. මං ලග ඔයාගෙ නම්බර් එක තියෙනව අයියෙ. මගෙ පැත්තට දික් කරපු ඇගේ ෆෝන් එකේ මං දැක්කා මගෙ ෆොටෝ එකකුත් එක්කම නම සේව් වෙලා තියෙනවා.. තාමත් xxxx අයියා කියලා...


******************************************


ඔයා එදා බෙහෙත් බිව්වෙ නැ නේද නංගි, මං වසරකට පෙර මතකයක් අවදි කලා. ඒකට එයාට දෙන්න උත්තර තිබුනෙ නෑ. ඒ ඇස් කදුලින් තෙත් වෙලා තිබුනා විතරයි. ඇයි එහෙනම් එදා මට බොරු කිව්වෙ, බිව්වා කියලා. 
මට ඕනෙ වුනා ඔයාව මට ලැබුනෙ නැතත් ඔයාගෙන් මට ලැබුනු වටිනාව වස්තුව පරිස්සම් කරගන්න. විනාස කරගන්න නෙමෙයි. ඒත්...ඒත්?
ඇත්ත.. ඒත් එදායින් පස්සෙ මට බැරිවුනා ඒ ගැන අහන්න. බිව්වාට පස්සෙ මං හිතාන හිටියේ හැමදේම හරියයි කියලා. ඒත් මට දැනුනා මං ගොඩාරියක් ලොකු වරදක් කරලා තියෙන විත්තිය. ඈ මං නිසා කොච්චරක් නම් දුකක් විදල ඇත්ද, තාමත්... කොච්චර නම් දුකක් විදිනවද?

මට මැවිලා පෙන්න ගත්තා, බයික් එකෙන් කැම්පස් එකේ ගේට් එකෙන් ඇතුලට දාපු තැන ඉදන් ගර්ල්ස් හොස්ටල් එක ලගට යනකං වෙච්ච හැමදේම, පාරේ හිටපු කොල්ලෙ කෙල්ලො ගාන.. උන් බයික් එක දිහා ඇස් ගෙඩි ලොකු කරන් බලන් උන්නු විත්තිය. මං හොස්ටල් එක ලගටම වේගයෙන් ඇවිත් ගේට් එකේ සිකියුරිට් ඇන්ටි ලගම ඈ සිපගත්ත හැටි, සමුදුන්න හැටි.. හැමදේම... එත් ඉන්පසුව මං ලග තියෙන්නෙ ඇගේ අත්දැකීම්වල මතකය විතරමයි... 

එදා පටන් දින දෙක තුනක් යනතුරු ඈ අසනීපෙන් හිටපු හැටි. වේදනාත්මක කෙදිරිලි හඩ පපුව කකියවන හැටි. ඇගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව ගර්භාෂ බිත්තිය සමග ගැලවී වේදනාව පමණක් ඉතිරි කරමින් දෙකකුල් අතරින් ගලා ආ හැටි. ඒ වනවිටත් ඒ කිසිවක් හාන්කවිසියක්වත් නොදැන කිලෝමීටර් සිය ගණනක් මෙහා මා සිටි හැටි. ඒත්.. ඒක මිස් වීමක් නෙමෙයි. ප්ලෑන් එකක්. ඒ ප්ලෑන් එක මගෙ නෙමෙයි කියලා විතරයි මං දැනන් හිටියෙ.


හැතැම්ම සිය ගණනකට එහායින් ඇහෙන සජීවී නමුත් වේදනාත්මක කෙදිරිලි හඩ දරාගෙන ඉන්න එක මට ලේසි උනේ නෑ. ඒත්, වසර හතරක් පුරාවට දකින්නටවත් දැතිව, ආරංචියක්වත් නැතිව පොඩ්ඩක්වත් අඩුවකුත් නැතිව ආදරේ කරනව කියන්නේ ලේසි පාසු වැඩක්ද? ඒ කැපකිරීම කරපු සහ දරනටමත් රහසිගතව කරන ඒ ගැහැණිය වෙනුවෙන් මා ලග සිටිය යුතු නොව්ද? හිත මාත් එක්කම තර්ක කරන්න ගත්තා. ඔව්, මං තිරණයක් ගත්තා, වයිෆ් වෙනුවෙන්...
වයිෆ්?👀ඔව්, මේ තරම් කැපකිරීමක් මා වෙනුවන් කල එකම පිටස්තර කාන්තාව,  ඈ මගෙ නෝනා මහත්තයා නෙමෙයිනම් වෙන කවුද? මා අගේ සුරත දැඩිව ග්‍රහණය කරගත්තා... 


අයියේ, මං ලගට එන්න එපා. මං අදටත් ආදරේ කරනව, ඔයා ම⁣ට දීපු වස්තුවට. ඒත්... මට බැරිවුනා ඒක රැකගන්න. ඒත් මගෙ ජීවිතේ ලස්සනම දවස මට දුන්නාට
 "ඔයාට පිං"...