Saturday, October 8, 2016

මායාවී...



ඔව්..ඒක දීර්ඝ මූදු ගමනක්.ගමන් මහන්සියටත් ව‍ඩා හිතට දැනෙන මොකක්දෝ අවුල් ගතිය නිසාම... නැවෙන් බැස්ස ගමන්ම මං ගියෙ ලගම තිබ්බ තැබෑරැමට. “ඩේවිඩ්ස් වයින් ස්ටොර්ස්” ඒකෙ නම තිබ්බෙ නම් එහෙමයි. රෙඩ් රම් බෝතලයකුයි කෝක් බෝතලයකුයි බයිට් එකට චිකන් ඩෙවල් එකකුයි ඇනවුම් කරපු මම තැබෑරැම භූමියටම අයත් වෙරල තීරයටම ගිහින් ඈත කොනක වූ මේසයක වාඩි උනේ කලබලකාරී මේ ජීවිතයෙන් තනිවෙන්න හිතාගෙනමයි.

වේටර්වරයා ගෙනවිත් දුන මදුවිත තොලගාන අතරතුර මං ඈත පේන මූද දිහා බලං හිටියෙ හරිම ආසාවෙන්.එකපාරටම මට හිනාවක් ගියෙ ලස්සන දෙයක් මතක වෙලා.365 දවසම මූදෙ හිටියට... අපේ ජීවිතේට මූද කොච්චර සමීප උනත් මොකද.. කොච්චර බලං හිටියත් ඒක එපාවෙන්නෙ නෑ.ඒ විදියට කල්පනා කර කර උන්නු මගේ දෑන බිදුනෙ නාහෙ කඩාගෙන යන තරමෙ සුවදක් දැනුනු නිසයි.ඒත් එක්කම හීනියට ඉරාපු තුන්ඩු කෑල්ලක් මේසෙ උඩ තියපු සුන්දර යුවතියක්.. ආපහු තැබෑරැම ඇතුලට රිංගුවෙ හිතාගන්නවත් බැරි තරමෙ කාලයකින්....

ඇය කියපු මං සලකුනු අනුව මුඩුක්කු පේලිය දිගේ ඉස්සරහට ගිය මට එම නිවස හොයාගන්න එච්චර ආයාසයක් ගන්න ඕන උනේ නෑ.කලින් කියපු විදියටම දෙවරක් තට්ටු කල සැනින්ම විවෘත උන දොරින් මං ඇතුලට ගියෙ හරියට පුරැදුකාරයෙක් වගේ.දුහුල් ඇදුමකින් සැරසී ඉදිරියට පැමිණි ඈ දුටුවනම මා ගත හිරිවැටුනෙ.. ඒ මොකද කියලා අදටත් මට හිතාගන්න බෑ.ඒ තරම් ලස්සනයි ඇය.

ඒ මොහොත ඒ විදියට නිමා උනා.හරි නම්..ඒක අතීතයක් විතරයි.අතීතයේ එක් නිමේෂයක් විතරයි.ඒත් මොකක්දෝ හේතුවකට..ඒ සුන්දර මතකය ගෙවෙන හැම තත්පරයක් පාසාම මට වද දුන්නා.ඔව්..ආදරණීය වදයක්.ඒ මතකය කවදාකවත් නැති විදියට මගෙ ජීවිතේ වෙනස් කලා.සැනසීමක් ගෙනාවා.. ඔයාට දැනිලා තියෙනවද ඒක.දෑස පියාන හොද හුස්මක් අරන් පිටකරාට පස්සෙ හිතට දැනෙන සැහැල්ලුව.හිතල බලන්න මොන තරම් වටිනවද කියලා ඒක.විශේෂයෙන් තෙහෙට්ටුවෙන් හෙම්බත් උන කර්කෂ ජීවිතයකට.

ටිකෙන් ටික මං ඈට ලං උනා.ගතින් පම‍නක් නෙමෙයි දුරබනුවෙනුත්..මට දැනුනා..මගෙ හිත ඈට ආදරේ කරන්නට පටන් අරන් කියලා.ඇය ගැන සියලුම තතු දැන දැනත්.. ඔව්..පිස්සුවක් මේක.ගනුදෙනුවකට එහා ගිය ආදර කතාවක්.දවසේ වැඩකොටස නිමාවෙලා නින්දට යන්න හදන හැම මැදියකම පහේ දුරකතනය දිහා ඔහේ බලන් හිටියෙ ඇමතුමක් නැතිවත් කෙටි ප‍ණිවිඩයක්වත් එවතැයි බලාපොරොත්තුවෙන්.ඒත් කවදාවත් ඒක එහෙම උනෙත් නෑ..මං බලාපොරොත්තු තියාගන්න එක අතහරියෙත් නෑ.

මං දැනං හිටියා..ඇය ඇගේ කලබලකාරී ජීවිතෙ හිරකාරියක් බව.ඒ උනත් මගේ ක්රැමක්කාර ජීවිතෙත් එක්ක බලද්දි..ඕවා මොනාද..එකදිගට පැය 48-55ක් ඇහැරීගෙන දුක්විදිද්දි..නොදැනුවත්වම ඇහැට කදුලක් නැගෙද්දි මතක්උනේ ඈව.වටහගන්නට බැරි උනා මට ඈ පැවසූ “ආදරය” නිකංම නිකං වචනයක් පමණක් බව.ඈ මායාවියක්ම යන වග.

ඔබ නොදැක මොහොතක් නැතිවූ කාලේ..
මගේ හුස්මත් ඔබ යැයි සිතූ ඒ කාලේ..
ජීවිතයෙන් ආදරයේ මොහොතේ..
මා හා හැරදා යාවී..
මායාවී යාවී මා හැරදා යාවී..
දිවි හිමියෙන් පෙම් කෙරුවත් යාවී..
මා යාවී යාවී ඔබ හැරදා යාවී..
මා රැවටූ ඔබ හැරදා යාවී..

Monday, August 1, 2016

Night Firing!!!






දුරලා අවිදු අදුර
නැගෙනවිට පුරවක සද
නැගුනි මතකයට
එය පොසොන් සද බව
නොවීය අවස්ථාවක්
යන්නට පෙරදා මෙන්
අජානේය ස්කූටර මත
සොයා ආතල්,සොයා දන්සැල්

දැනුනත් නුපුරුදු හැගීමක්
සිටින නිසා නුපුරුදු ඉසව්වක
පිරැණා හද සොම්නසින්
සද කොතැනත් එකම නිසා

කපාගෙන ගණ අදුර
දැ‍වෙන විට ගිනි පුපුරු
මත ගැටී slip වී
වදින විට Tracers
වැටෙන විට සෙවනැලි
නගාගෙන මරහඩ
මැවෙයි අහස්කුස
නේක තරු රටා

ඒ නිමේෂයේ.....
පෙනෙයි සොදින් මට
රණබිම පොසොන් සද


Friday, June 3, 2016

Delivery වරුණ






යොමා උකුසු ඇස් ඔපිසය තුලට ගෙන
ඉල්ලා තමට අවසර බොස්ගෙන් සොදින
දමා පෙට්ටි බයිකය,බට්ටා දෙසට
මෙසේ අවසරයි කියනට  Delivery වරුණ 

 ඉල්ලූ items ටික stores වෙතින් ගෙන
නන්වා සොදින් ලොරියට ගැටගසා බැද
A/C දමා රිය සහයක අසුනෙ හිද 
යන්නට අවසරයි මිහිපිට රජෙක් ලෙස

රියදුරු අයියා පොඩි බට්ටා එලවන්නේ
ගුවන් විදුලියයි සවනත පිනවන්නේ
මනෝ පර සිත කුල්මත් කරලන්නේ 
 බඩු ටික රැගෙන අපි පාරේ දිවයන්නේ

 අඩියට දෙකට ඇල්විටිගල අපි ඉන්නේ
ට්‍රැෆික් එක නිසා මහමග කටු කන්නේ
Long cut දදා ගමනන්තෙට යන්නේ
Custermer අපේ උගෙ හිත නෑ පාරන්නේ

 ආකේඩ්,විහරමහ,MC පහුකරන
කුරුදුවත්තෙ පොෂ් කෙල්ලන් දකිමින්න
 පසුකරමින් යනවිට රියසක සෙමින
 නොසිතුනා නොවෙයි මට දුවගොස් ඉඹින්නට

 සුවිසල් ඇදුම් කඩ,ආහර කඩ ඇත්තේ
එනමුත් ඒවායින් කන්නට පින නැත්තේ
නොබලා එදෙස යන්නේ නොකරම සද්දේ
කවුරුද දන්නේ හදවත හඩනා සද්දේ

 ටිකෙක් ටික සිදාදිය මට හුරුවෙනවා
රියදුරු අයියා මට ඒ බව පවසනවා
තනිවම ගමන් යන්නට කාලය එනවා
පෙරලුන පිටත් හොද යැයි මට වැටහෙනවා

 හදිසියේම ටුවර් එකක් සෙට් වන්නේ
හම්බන්තොටට අපි බඩු ටික පටවන්නේ
ශේප් එකේ රියදුරු අසුනට යන්නේ
ආතල් එකේ මම රියසක පදවන්නේ

 කොම්පැනියෙන් මට බයිසිකලේ දෙන්නේ
Delivery  පාර මට නම් නෑ වරදින්නේ
OT පාර කරලයි ගෙදරත් එන්නේ
තාර පාර මත ජීවිතෙ ගතවන්නේ

 රෑ ජාමෙත් වැඩ කරලයි මම එන්නේ
පැය 3,4 විතරයි ගෙදරත් ඉන්නේ
හැටට හැටේ පිඹගෙන විත් ඉගිලෙන්නේ
වෙට්ටු දදා රෝද දෙකෙන් පියඹන්නේ

 කිලෝ ගනන් බර පෙට්ටිය තිය බැදන්
තත්පර දෙකට එතැනට ගොස් කතා කරන්
තට්ටු ගනන් බර උස්සා කරේ තියන්
කවුරුද දන්නේ අපෙ ඇත්තෝ විදින තරම්

 මතකෙට නැගෙන විට පෙර උන් හැටි නිදසින්
එලියට පනී කදුලක් දැසින් හොරැහින්
පඩිපත ගන්න විට ආඩම්බර දෝතින්
සිනහක් නැගේ දැනුවිට දෙපයින් නැගිටින්