යොමා උකුසු ඇස් ඔපිසය තුලට ගෙන
ඉල්ලා තමට අවසර බොස්ගෙන් සොදින
දමා පෙට්ටි බයිකය,බට්ටා දෙසට
මෙසේ අවසරයි කියනට Delivery වරුණ
ඉල්ලූ items ටික stores වෙතින් ගෙන
නන්වා සොදින් ලොරියට ගැටගසා බැද
A/C දමා රිය සහයක අසුනෙ හිද
යන්නට අවසරයි මිහිපිට රජෙක් ලෙස
රියදුරු අයියා පොඩි බට්ටා එලවන්නේ
ගුවන් විදුලියයි සවනත පිනවන්නේ
මනෝ පර සිත කුල්මත් කරලන්නේ
බඩු ටික රැගෙන අපි පාරේ දිවයන්නේ
අඩියට දෙකට ඇල්විටිගල අපි ඉන්නේ
ට්‍රැෆික් එක නිසා මහමග කටු කන්නේ
ට්‍රැෆික් එක නිසා මහමග කටු කන්නේ
Long cut දදා ගමනන්තෙට යන්නේ
Custermer අපේ උගෙ හිත නෑ පාරන්නේ
Custermer අපේ උගෙ හිත නෑ පාරන්නේ
ආකේඩ්,විහරමහ,MC පහුකරන
කුරුදුවත්තෙ පොෂ් කෙල්ලන් දකිමින්න
කුරුදුවත්තෙ පොෂ් කෙල්ලන් දකිමින්න
පසුකරමින් යනවිට රියසක සෙමින
නොසිතුනා නොවෙයි මට දුවගොස් ඉඹින්නට
නොසිතුනා නොවෙයි මට දුවගොස් ඉඹින්නට
සුවිසල් ඇදුම් කඩ,ආහර කඩ ඇත්තේ
එනමුත් ඒවායින් කන්නට පින නැත්තේ
එනමුත් ඒවායින් කන්නට පින නැත්තේ
නොබලා එදෙස යන්නේ නොකරම සද්දේ
කවුරුද දන්නේ හදවත හඩනා සද්දේ
කවුරුද දන්නේ හදවත හඩනා සද්දේ
ටිකෙක් ටික සිදාදිය මට හුරුවෙනවා
රියදුරු අයියා මට ඒ බව පවසනවා
රියදුරු අයියා මට ඒ බව පවසනවා
තනිවම ගමන් යන්නට කාලය එනවා
පෙරලුන පිටත් හොද යැයි මට වැටහෙනවා
පෙරලුන පිටත් හොද යැයි මට වැටහෙනවා
හදිසියේම ටුවර් එකක් සෙට් වන්නේ
හම්බන්තොටට අපි බඩු ටික පටවන්නේ
හම්බන්තොටට අපි බඩු ටික පටවන්නේ
ශේප් එකේ රියදුරු අසුනට යන්නේ
ආතල් එකේ මම රියසක පදවන්නේ
ආතල් එකේ මම රියසක පදවන්නේ
කොම්පැනියෙන් මට බයිසිකලේ දෙන්නේ
Delivery පාර මට නම් නෑ වරදින්නේ
Delivery පාර මට නම් නෑ වරදින්නේ
OT පාර කරලයි ගෙදරත් එන්නේ
තාර පාර මත ජීවිතෙ ගතවන්නේ
තාර පාර මත ජීවිතෙ ගතවන්නේ
රෑ ජාමෙත් වැඩ කරලයි මම එන්නේ
පැය 3,4 විතරයි ගෙදරත් ඉන්නේ
හැටට හැටේ පිඹගෙන විත් ඉගිලෙන්නේ
වෙට්ටු දදා රෝද දෙකෙන් පියඹන්නේ
පැය 3,4 විතරයි ගෙදරත් ඉන්නේ
හැටට හැටේ පිඹගෙන විත් ඉගිලෙන්නේ
වෙට්ටු දදා රෝද දෙකෙන් පියඹන්නේ
කිලෝ ගනන් බර පෙට්ටිය තිය බැදන්
තත්පර දෙකට එතැනට ගොස් කතා කරන්
තට්ටු ගනන් බර උස්සා කරේ තියන්
කවුරුද දන්නේ අපෙ ඇත්තෝ විදින තරම්
තත්පර දෙකට එතැනට ගොස් කතා කරන්
තට්ටු ගනන් බර උස්සා කරේ තියන්
කවුරුද දන්නේ අපෙ ඇත්තෝ විදින තරම්
මතකෙට නැගෙන විට පෙර උන් හැටි නිදසින්
එලියට පනී කදුලක් දැසින් හොරැහින්
එලියට පනී කදුලක් දැසින් හොරැහින්
පඩිපත ගන්න විට ආඩම්බර දෝතින්
සිනහක් නැගේ දැනුවිට දෙපයින් නැගිටින්
සිනහක් නැගේ දැනුවිට දෙපයින් නැගිටින්
අදයි මේ පැත්තෙ ආවෙ...
ReplyDeleteවැඩි කතාවට ලක් නොවන මාතෘකාවක්....
අපූරු කවි පෙළ.....
අද වෙන්න බෑ..අක්ක මීට කලින් මෙහෙට ගොඩවැදිලා තියෙන්වා!
Deleteස්තූතියි අදහස් දැක්වීමට
එහෙමද.. මට මතක නෑනේ... කොහොම උනත් නිර්මාණය අගෙයි...
Deleteසේල්ස් රෙෆ් ලව දැක්කම දුක හිතෙනවා, අව්වේ ටයි පොලු දාගෙන ....
ReplyDeleteඒකනම් එහෙම තමයි..ඒත් මං මෙතන නං අදහස් කලේ එයාලා ගැන නෙමෙයි!
Deleteමලිත් ඩිලිවරි කියන්නේ ලේසි පාසු රස්සාවක් නෙමේ. යුරෝපයේ රටවල පවා කොතරම් පහසුකම් තිබුනත් කට්ටක් තියෙනවා. කෑම ඩිලිවරි ඔයිටත් අමාරුයි.
ReplyDeleteමොනවා වුනත් කවුරුත් කවි නොකරපු, කතා නොකරපු අපි වගේම බඩ වියතට දහඩිය හෙලන තවත් පිරිසකගේ කතාවක්. අගෙයි!!
ම්ම්..අත්දැකීමක් පදනම් කරගෙන ලියවුනේ.
Deleteකවුරුවත්ම වගේ කතා නොකරපු දෙයක් කියලා වැටහුනේ පස්සෙ..සතුටුයි අදහස් දැක්වීමට
බොහොම කාලෙකින්නෙ මලියා.
ReplyDeleteඒකත් ලේසි වැඩක් නෙවෙයි බලාගෙන යනකොට.
ලේසි නෑ නේන්නම්! පික්සු හැදෙනවා.
Deleteමේ දවස්වල ට්‍රේනින් නිසා ඔන්ලයින් එන්න වෙන්නෙ මාස ගානකට සැරයක් නොවැ අයියණ්ඩි.ඒකයි වැඩිය පේන්න නැත්තේ.
බලන් ගියාම ලේසි කියල කිසිම රස්සාවක් නැහැ වගේ :(
ReplyDeleteලේසි නැහැ නේන්නම්!
Deleteමෙම පැදි පෙළ මෙසේ වූවානම් වඩා හොඳයි කියා මා යෝජනා කරනවා.
ReplyDeleteආකේඩ් විහරමහ MC පසු කරමින්න
කුරුදුවත්තෙ පොෂ් කෙල්ලන් දකිමින්න
දඟයුග පෙන්නමින් යනවිට පුක වනමින්න
නොසිතුන නෙමෙයි පැනලා ගොහින් කරිමින්න
ලස්සන කවි...
ReplyDeleteMaliya? E kawuda? Mata mathaka nane.. monawa unath mechchara kalayak kawuruth liyapu nathi kathawak.. jayawewa..
ReplyDeleteThnkz wewa!!!
Deleteමරු
ReplyDeleteඑල
Deleteරිය පදවනවා මිස රියසක පදවනවා කියා යොදනවා මින් පෙර අසා නැත.
ReplyDeleteවැරදියි තමයි, මට ඔන විදියට වෙනස් කරගන්න පුලුවන් නේද නිර්මාණයක් කරද්දි?
Delete