Friday, June 3, 2016

Delivery වරුණ






යොමා උකුසු ඇස් ඔපිසය තුලට ගෙන
ඉල්ලා තමට අවසර බොස්ගෙන් සොදින
දමා පෙට්ටි බයිකය,බට්ටා දෙසට
මෙසේ අවසරයි කියනට  Delivery වරුණ 

 ඉල්ලූ items ටික stores වෙතින් ගෙන
නන්වා සොදින් ලොරියට ගැටගසා බැද
A/C දමා රිය සහයක අසුනෙ හිද 
යන්නට අවසරයි මිහිපිට රජෙක් ලෙස

රියදුරු අයියා පොඩි බට්ටා එලවන්නේ
ගුවන් විදුලියයි සවනත පිනවන්නේ
මනෝ පර සිත කුල්මත් කරලන්නේ 
 බඩු ටික රැගෙන අපි පාරේ දිවයන්නේ

 අඩියට දෙකට ඇල්විටිගල අපි ඉන්නේ
ට්‍රැෆික් එක නිසා මහමග කටු කන්නේ
Long cut දදා ගමනන්තෙට යන්නේ
Custermer අපේ උගෙ හිත නෑ පාරන්නේ

 ආකේඩ්,විහරමහ,MC පහුකරන
කුරුදුවත්තෙ පොෂ් කෙල්ලන් දකිමින්න
 පසුකරමින් යනවිට රියසක සෙමින
 නොසිතුනා නොවෙයි මට දුවගොස් ඉඹින්නට

 සුවිසල් ඇදුම් කඩ,ආහර කඩ ඇත්තේ
එනමුත් ඒවායින් කන්නට පින නැත්තේ
නොබලා එදෙස යන්නේ නොකරම සද්දේ
කවුරුද දන්නේ හදවත හඩනා සද්දේ

 ටිකෙක් ටික සිදාදිය මට හුරුවෙනවා
රියදුරු අයියා මට ඒ බව පවසනවා
තනිවම ගමන් යන්නට කාලය එනවා
පෙරලුන පිටත් හොද යැයි මට වැටහෙනවා

 හදිසියේම ටුවර් එකක් සෙට් වන්නේ
හම්බන්තොටට අපි බඩු ටික පටවන්නේ
ශේප් එකේ රියදුරු අසුනට යන්නේ
ආතල් එකේ මම රියසක පදවන්නේ

 කොම්පැනියෙන් මට බයිසිකලේ දෙන්නේ
Delivery  පාර මට නම් නෑ වරදින්නේ
OT පාර කරලයි ගෙදරත් එන්නේ
තාර පාර මත ජීවිතෙ ගතවන්නේ

 රෑ ජාමෙත් වැඩ කරලයි මම එන්නේ
පැය 3,4 විතරයි ගෙදරත් ඉන්නේ
හැටට හැටේ පිඹගෙන විත් ඉගිලෙන්නේ
වෙට්ටු දදා රෝද දෙකෙන් පියඹන්නේ

 කිලෝ ගනන් බර පෙට්ටිය තිය බැදන්
තත්පර දෙකට එතැනට ගොස් කතා කරන්
තට්ටු ගනන් බර උස්සා කරේ තියන්
කවුරුද දන්නේ අපෙ ඇත්තෝ විදින තරම්

 මතකෙට නැගෙන විට පෙර උන් හැටි නිදසින්
එලියට පනී කදුලක් දැසින් හොරැහින්
පඩිපත ගන්න විට ආඩම්බර දෝතින්
සිනහක් නැගේ දැනුවිට දෙපයින් නැගිටින්

 

Thursday, April 14, 2016

Disconnected !


පුරා මසකට පසුව
සිහිනයට log වූ පසු
දිස්වන්නට විය
ඔබේ මතකයන්
News Feed එක පුරා
අතරින් පතර
අදුරු පැහගත්
රිදුම් දෙන
වේදනාවන් සමග
නැත කිසිත් notification
එකදු පණිවිඩයක්වත්
එකම posts වැල
නොකඩවා එන
Update නොවුන
Offline මතකය මිස

Saturday, January 9, 2016

මතකද හැන්දෑවේ අපි දෙන්නා


අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ

හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති විදියට  නැවත අහන්නට ලැබුන ගීතයේ මුල් පද පෙලින්ම හදවත නැවතුන ගතියක් දැනෙන්නට පටන් ගත්තා.හීනියට "ආදරණීය වේදනාවක්" පපුව හරහා යද්දි මාව ආයෙත් ඒ අතීතයට ඇදිලා ගියා.

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

එදා...මං "සිංහාවලෝකනය" ෆිල්ම් එක බලන්න ගිය දවස.නගරයේ සිනමාශාලාවේ බැල්කනියට වෙලා චිත්‍රපටියෙ පලමු අර්ධය නිම වෙන්නට මොහොතකට පෙර මට නාදුනන නොම්මරයකින් කෝල් ගොඩක්...කට් කර කර ඉදල බැරිම තැන ඉන්ටවල් එක දුන්නා විතරයි ආන්සර් කලා.එහා පැත්තෙන් කතාකලේ එයාගෙ අක්කා...
"මල්ලි...මං xxxගෙ අක්කා..ඔයා ....................."

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

ඔව්..ඒ වෙසක් කාලේ..වෙසක් කිව්ව්ට ඊට ගොඩක් කලින්.අපි කැරකෙන කූඩුව ගහන කාලෙ.හැමදාම ඉස්කෝලෙ ඇරිලා ඇවිත්,නැතිනම් හවස ක්ලාස් ඇරිලා අපු ගමන් එතනට යන්නේ මාර ආසාවකින්.ඒ දවස්වල මං මාර සතුටින් හිටියේ..විශේෂ හේතුවක් කියලම නෑ..දවසට මාර වැඩ ගොඩක් කලේ.උදේ පාන්දර පාඩම් වැඩ,ඊට පස්සෙ ඉකෝලෙ,ආයෙත් පන්ති,ඊටත් පස්සෙ කූඩුවෙ වැඩ...ඉතින්..දැනුනා පට්ට සතුටක්.
එකපාරටම එයාගෙන් මැසේජ් එකක්..

"තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා"

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූතමයි ජීවිතේ

හ්ම්ම්..ඒක කදුලින් පිරුන ශෝකාන්තයක්. මට කරන්න ඉතිරිවෙලා තිබ්බෙ එකම එක දෙයයි.මගෙ පරණ "චයිනීස් ලෙපෝන්"එකට ගහපු හෑන්ඩ්ෆ්‍රී එක කනේ ගහගෙන එකම ප්ලේලිස්ට් එක අහ අහ නින්ද යනකම්..
.හ්ම්ම් ඔව්..එක තමයි....

මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා

කොච්චර අමතකවෙලා කියලා හිතුවත්..මේ වගේ සමහර දේවල් වලින් ආපහු වලදාපු දේවල් ගොඩගන්නවා.තුවාල හාරනවා වගේ...ඒත් සමහර වෙලාවට මට හිතෙනවා ඒ "වලට" බැහැලම ඉන්න තිබ්බනම් කියලා,ඒත් වාසනාවට හරි අවාසනාවට හරි...එවෙලෙම මට මැවිලා පේනවා.."කවුන්ට්ඩවුන් ටයිමර්" එක..ආපසු "යතාර්ථයට" යන්න තව විනාඩි ....කියලා..