Saturday, January 9, 2016
මතකද හැන්දෑවේ අපි දෙන්නා
අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූ තමයි ජීවිතේ
හිතුවෙවත් නැති වෙලාවක හිතුවෙවත් නැති විදියට නැවත අහන්නට ලැබුන ගීතයේ මුල් පද පෙලින්ම හදවත නැවතුන ගතියක් දැනෙන්නට පටන් ගත්තා.හීනියට "ආදරණීය වේදනාවක්" පපුව හරහා යද්දි මාව ආයෙත් ඒ අතීතයට ඇදිලා ගියා.
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
එදා...මං "සිංහාවලෝකනය" ෆිල්ම් එක බලන්න ගිය දවස.නගරයේ සිනමාශාලාවේ බැල්කනියට වෙලා චිත්රපටියෙ පලමු අර්ධය නිම වෙන්නට මොහොතකට පෙර මට නාදුනන නොම්මරයකින් කෝල් ගොඩක්...කට් කර කර ඉදල බැරිම තැන ඉන්ටවල් එක දුන්නා විතරයි ආන්සර් කලා.එහා පැත්තෙන් කතාකලේ එයාගෙ අක්කා...
"මල්ලි...මං xxxගෙ අක්කා..ඔයා ....................."
තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
ඔව්..ඒ වෙසක් කාලේ..වෙසක් කිව්ව්ට ඊට ගොඩක් කලින්.අපි කැරකෙන කූඩුව ගහන කාලෙ.හැමදාම ඉස්කෝලෙ ඇරිලා ඇවිත්,නැතිනම් හවස ක්ලාස් ඇරිලා අපු ගමන් එතනට යන්නේ මාර ආසාවකින්.ඒ දවස්වල මං මාර සතුටින් හිටියේ..විශේෂ හේතුවක් කියලම නෑ..දවසට මාර වැඩ ගොඩක් කලේ.උදේ පාන්දර පාඩම් වැඩ,ඊට පස්සෙ ඉකෝලෙ,ආයෙත් පන්ති,ඊටත් පස්සෙ කූඩුවෙ වැඩ...ඉතින්..දැනුනා පට්ට සතුටක්.
එකපාරටම එයාගෙන් මැසේජ් එකක්..
"තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා"
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූතමයි ජීවිතේ
හ්ම්ම්..ඒක කදුලින් පිරුන ශෝකාන්තයක්. මට කරන්න ඉතිරිවෙලා තිබ්බෙ එකම එක දෙයයි.මගෙ පරණ "චයිනීස් ලෙපෝන්"එකට ගහපු හෑන්ඩ්ෆ්රී එක කනේ ගහගෙන එකම ප්ලේලිස්ට් එක අහ අහ නින්ද යනකම්..
.හ්ම්ම් ඔව්..එක තමයි....
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා
කොච්චර අමතකවෙලා කියලා හිතුවත්..මේ වගේ සමහර දේවල් වලින් ආපහු වලදාපු දේවල් ගොඩගන්නවා.තුවාල හාරනවා වගේ...ඒත් සමහර වෙලාවට මට හිතෙනවා ඒ "වලට" බැහැලම ඉන්න තිබ්බනම් කියලා,ඒත් වාසනාවට හරි අවාසනාවට හරි...එවෙලෙම මට මැවිලා පේනවා.."කවුන්ට්ඩවුන් ටයිමර්" එක..ආපසු "යතාර්ථයට" යන්න තව විනාඩි ....කියලා..
Tuesday, December 15, 2015
දෛවයේ සරදම!
මීට දින 601කට පෙර .....
අදුරු මතකය පිරි රැයක
වියෝ ගින්නෙන් මා දැවූ තැන
ඔව්..එතැනම...ඒ වාට්ටුවෙම,
එකම වෙනස,
එදා මං පුටුවක...
අද ඇදක...
එදා මා සොයාගිය මරු...
අද මා සොයා පැමිණි අපූරුව!
නැත දුකක්,
නැත කදුලක්,
ඇත්තේ හිස් හැගුමක්...
සමග මද සිනහවක්
හේතුවක් නොහදුනන...
සබැදිය-
(#Black_April)- http://maliyagesatahana.blogspot.com/2015/04/18-blackapril.html?
Saturday, December 5, 2015
පෝස්ට් මෝටම්
ආහ්හ්...අයියෝ... මං දත්මිටි කාගෙන කෙදිගාන්නට ගත්තේ දැනුනු දැඩි වේදනාව හඩා පිටකරන්නට විදියක් නැති හින්දා..
කඩියෙක් කනවා වගේ දැනෙයි,..මිසී කිව්වේ නම් එහෙම.යකෝ කඩි කනකොට දැනෙන වේදනාව මුන් විදලා නැද්ද? ඒක සැපයි දෙයියනේ.
වයස කීයද දැන්,ඒක ඇහුවේ ලේඩි ඩොක්ටර්.
20යි, මං හිමීට මිම්ණුවා.ආහ් එහෙනම් ඕක මොකක්ද? ලොකු ලමයෙක්නේ!
ආච්චිගේ රෙද්ද,ඇයි වයස වැඩිවෙන්න වැඩිවෙන්න "සෙන්සිටිව්" එක නැතිවෙනවද...මං තරහෙන් උනත් කට වහගෙන හිටියා.
ආහ්! දැන් හරි...දොස්තර නෝනා කිව්වෙ එහෙම.දැන් ටිකෙන් ටික එක පැත්තක ඉදන් හිරිවැටීගෙන යයි.ඔක්කොම හිරි වැටුනම කියන්නකො...එහෙම කියලා එයා පොඩ්ඩක් එහාට උනා.
***********************************************
එක පාරටම ආපු දඩ ලයිට් එලියෙන් මගෙ ඇස් දෙක නිලංකාර උනා.සෑහෙන පිරිසක් මගේ ඇද වටේ හිටගෙන ඉන්නවා.මගෙ මූන ඉස්සරහින් රෙද්දක් දාලා නිසා මට මොකුත් පෙන්නේ නෑ..දැනෙන්නෙත් නෑ.කස්ටිය අවි ආයුධ එහෙම අතට අරගෙන ලෑස්ති උනා..අට දැනුනේ මගෙ පෝස්ට් මෝටම් එක කරන්න යනවා වගේ.
"යකෝ මං මැරිලා නෑ!" මට හිතුනා එහෙම කෑ ගහන්න.එත් ඒක මගෙ කටින් හඩක් විදියට පිට උනේ නෑ.
ඩොක්ටර්...
ම්ම්..එයා හරිම ලස්සනට මිමිණුවා.කොහොමද ඔයාලා මෙච්චර හිත හයිය කරගත්තේ?මං ඇහුවා...එයා මං දිහා බැලුවා..අහිංසක හිනාවකුත් එක්ක.ඒත් මොකූත්ම කිව්වෙ නෑ.
මට මතක තිබ්බෙ මෙච්චරයි..මාව උස්සලා වගේ අරන් ට්රොලියකට දා ගත්තා.ඒක තල්ලු කරගෙන හැරි හැරී ගොඩක් දුරක් යනවා දැනුනා..හරියට චිත්රපටයක් කැඩි කැඩී දුවනවා වගේ මතකයි.පස්සේ මාව ආයෙත් අරන් ඇදට දැම්මා.මට හිතුනේ මං කොච්චර අවාසනාවන්තයෙක්ද කියලා.නෑ බං..උබ පට්ට වාසනාවන්තයෙක්! හැම දෙයක්ම වෙන්නෙ උබේ හොදට..හා නැද්ද? හිත මගෙන් ඇහුවා.ඔව්මනේ..මටත් හිතුනා විතරයි..ආයෙමත් ඇස් පියවුනා.....
Subscribe to:
Posts (Atom)


