Tuesday, December 15, 2015

දෛවයේ සරදම!





මීට දින 601කට පෙර .....
අදුරු මතකය පිරි රැයක
වියෝ ගින්නෙන් මා දැවූ තැන
ඔව්..එතැනම...ඒ වාට්ටුවෙම,
එකම වෙනස,
එදා මං පුටුවක...
අද ඇදක...
එදා මා සොයාගිය මරු...
අද මා සොයා පැමිණි අපූරුව!
නැත දුකක්,
නැත කදුලක්,
ඇත්තේ හිස් හැගුමක්...
සමග මද සිනහවක්
හේතුවක් නොහදුනන...

සබැදිය-
(#Black_April)- http://maliyagesatahana.blogspot.com/2015/04/18-blackapril.html?

Saturday, December 5, 2015

පෝස්ට් මෝටම්


ආහ්හ්...අයියෝ... මං දත්මිටි කාගෙන කෙදිගාන්නට ගත්තේ දැනුනු දැඩි වේදනාව හඩා පිටකරන්නට විදියක් නැති හින්දා..

කඩියෙක් කනවා වගේ දැනෙයි,..මිසී කිව්වේ නම් එහෙම.යකෝ කඩි කනකොට දැනෙන වේදනාව මුන් විදලා නැද්ද? ඒක සැපයි දෙයියනේ.

වයස කීයද දැන්,ඒක ඇහුවේ ලේඩි ඩොක්ටර්.
20යි, මං හිමීට මිම්ණුවා.ආහ් එහෙනම් ඕක මොකක්ද? ලොකු ලමයෙක්නේ!
 ආච්චිගේ රෙද්ද,ඇයි වයස වැඩිවෙන්න වැඩිවෙන්න "සෙන්සිටිව්" එක නැතිවෙනවද...මං තරහෙන් උනත් කට වහගෙන හිටියා.

ආහ්! දැන් හරි...දොස්තර නෝනා කිව්වෙ එහෙම.දැන් ටිකෙන් ටික එක පැත්තක ඉදන් හිරිවැටීගෙන යයි.ඔක්කොම හිරි වැටුනම කියන්නකො...එහෙම කියලා එයා පොඩ්ඩක් එහාට උනා.
***********************************************

එක පාරටම ආපු දඩ ලයිට් එලියෙන් මගෙ ඇස් දෙක නිලංකාර උනා.සෑහෙන පිරිසක් මගේ ඇද වටේ හිටගෙන ඉන්නවා.මගෙ මූන ඉස්සරහින් රෙද්දක් දාලා නිසා මට මොකුත් පෙන්නේ නෑ..දැනෙන්නෙත් නෑ.කස්ටිය අවි ආයුධ එහෙම අතට අරගෙන ලෑස්ති උනා..අට දැනුනේ මගෙ පෝස්ට් මෝටම් එක කරන්න යනවා වගේ.

"යකෝ මං මැරිලා නෑ!" මට හිතුනා එහෙම කෑ ගහන්න.එත් ඒක මගෙ කටින්  හඩක් විදියට පිට උනේ නෑ.

ඩොක්ටර්...
ම්ම්..එයා හරිම ලස්සනට මිමිණුවා.කොහොමද ඔයාලා මෙච්චර හිත හයිය කරගත්තේ?මං ඇහුවා...එයා මං දිහා බැලුවා..අහිංසක හිනාවකුත් එක්ක.ඒත් මොකූත්ම කිව්වෙ නෑ.

මට මතක තිබ්බෙ මෙච්චරයි..මාව උස්සලා වගේ අරන් ට්‍රොලියකට දා ගත්තා.ඒක තල්ලු කරගෙන හැරි හැරී ගොඩක් දුරක් යනවා දැනුනා..හරියට චිත්‍රපටයක් කැඩි කැඩී දුවනවා වගේ මතකයි.පස්සේ මාව ආයෙත් අරන් ඇදට දැම්මා.මට හිතුනේ මං කොච්චර අවාසනාවන්තයෙක්ද කියලා.නෑ බං..උබ පට්ට වාසනාවන්තයෙක්! හැම දෙයක්ම වෙන්නෙ උබේ හොදට..හා නැද්ද? හිත මගෙන් ඇහුවා.ඔව්මනේ..මටත් හිතුනා විතරයි..ආයෙමත් ඇස් පියවුනා.....

Wednesday, November 4, 2015

දුර්වලයෙකුගේ ආත්මකථනය



ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...
සුපුරුදු එලාම් හඩින් අවදි වූ මා නින්දෙන්ම එය ක්‍රියාවිරහිත කොට දෑස් විවර කරන්නට විය.
වෙනදා තරම් ප්‍රබෝධමත් ගතියක් නොතිබුනද,කාලයට ඉඩදී ලකලෑස්ති වී දුම් රිය නැවතුම්පලට පැමිනියේ හිස් හැගීමකිනි.ඕනෑවට එපාවට මෙන් සෙනග මැදින් කෝච්චියේ එල්ලුන මා දුවන ගස් පහුකරන් යන දිහා ඔහේ බලා සිටියෙමි...
මොහොතකින් පියවි ලෝකයෙන් නික්මුන මගේ සිත ස්වයං සංවාදයක යෙදෙන්නට විය.
********************************************
මං සිදාදියට ආවේ කාසි විතරක් හොයාගෙන නෙමෙයි.ජීවිතෙත් හොයාගෙන,ඒ වගේම සතුට හොයාගෙන.මට තාම කාසි හම්බුනෙත් නෑ,ජීවිතේ හම්බුනෙත් නෑ.ඒත් සතුට හම්බුනා...ටිකක් විතර.මට තිබුනා ඕනෙනම් බොරු කියන්න ඔයාට..මං කරන්නේ "සුදු කරපටි" රස්සාවක් කියලා,මොකද ඔයා චෙක් කරලා බලනවා කියලද?ඒත් මං එහෙම කලේ නෑ,මොකද මට ඕනේ උනේ නෑ බොරු කරන්න ඔයාට.

දන්නවද...මං ඉස්සර හිතං හිටියේ "සතුට" තියෙන්නේ ආදරේ කියලා...පස්සෙ හිතුවා සල්ලිවල කියලා..ඊටත් පස්සෙ හිතුනා වැඩකරන එකේ කියලා..ඒත් මට දැන් දෙයක් තේරෙනවා,සතුට කියන්නේ ඒ හැම දේකම එකතුවක් කියලා..
මං උදේ ඉදන් වැඩකරලා මහන්සි වෙලා,පැය ගානක් පාරට රස්තියාදුවෙලා ගෙදර එන්නේ ඔයත් එක්ක ටිකක් කතාකරන්න.ඔයාත් එක්ක ගිරව් වගේ කියවනකොට..හිතේ අමාරුවයි,ගතේ අමාරුවයි ඔක්කොම අතුරුදහන්වෙලා යන්නේ මටත් නොදැනිම.ඉතිං අන්තිමට දැනෙනවා අද නම් හරිම ලස්සන දවසක් ගතකලේ කියලා.වැඩ කරද්දි උනත්,ලැබෙන පොඩි ඉඩකදි ඔයාට කතා කරන්න ට්‍රයි කරන්නේ...ඒකෙන් ආයෙත් වැඩකරන්න තරම් "ශක්තියක්" ආපහු ලැබෙන නිසා...


අම්මොහ්! මං හිතලා තියෙන දුර..කොටුවෙන් බැස්ස මං පයින්ම ගාලු මුවදොර පැත්තට ඇවිදගෙන ගියා.හිත අවුල් උන ගොඩක් වෙලාවට තනියම මේ පැත්තට ඇවිත් අරමුණක් නැතිව මූද දිහා බලන් හිටපු හැටි මතක් වෙන්න ගත්තා.

 මම බලාගෙන හිටියා මූද දිහා...ගොඩක් වෙලා..මං දැක්කා දෙයක්..ඈත මූදෙ ඉදං රළ පේලි පේලි වේගෙන් ඇවිත් පරවල වැදිලා කුඩු වෙන හැටි..නැත්නම් ඒවා වැල්ලේ වැදිලා බොදවෙන හැටි...ඔව්..ඒවා කොහොමත් විනාශ වෙනවා..හරියට අපේ බලාපොරොත්තු වගේ..ඒත් පුදුමෙ කියන්නේ එහෙම උනා කියලා රළ එන එක නවතින්නෙත් නෑ..හරියට අපි කොච්චර බිදෙන බව දැන දැනත් බලාපොරොත්තු ඇතිකරගන්නවා වගේ!
මට මුලින් හිතුනේ මුහුදෙ පාවෙලා යන්න..ගිහින් මූදු පතුලෙ හැංගෙන්න.ඒත් මට මතක් උනා බස්සි අක්කා කියපු කතාවක්.

"මූදූ වතුර නහයට උඩින් අඩියක් ගියත් එකයි,අගලක් ගියත් එකයි"

ඉතිං මං ආපහු හැරුනා.ඔව්..ඔයා කියනවා වගේ අපි "කාලයට ඉඩ දෙමු".මං යන්නම් ඈතට..ගොඩාක් දුරට,හැබැයි නවතින්න නෙමෙයි..මං ආයෙත් එනවා දවසක.හැමදාම ලගින් ඉන්න.එතකං,පරිස්සමින් ඉන්න...