Saturday, June 10, 2023

ස්පර්ශ | The Reveal of the Truth




මං ඇගෙන් බලාපොරොත්තු උනේ සියුම් සංතර්පණයක් විතරයි. විතරමයි!!! දිගු හුස්මක් වා තලයට මුසු කරමින් අඩක් දැවීගිය සිගරට්ටුව අලු බදුන මත හොවා මං පෑන අතට ගත්තා.

මට උවමනා කලා ඇගේ නියුවත් පයෝධරයන් මගේ පපුතුර හොවාගෙන ඈව සනහන්න. ඇගේ හිස අතගාන්න. ඇගේ ජීවිතේ කඩතොලු මතින් මගේ ආදරයේ පොටි තවරන්න.... ඈව සුවපත් කරන්න.

මගේ සුදුවන් පැහැති ඔපිස් කමිසයකින් උඩුකයද මගෙම කලිසම් කෑල්ලකින් යටිකයද  වසාගත් ඈ මා පපුතුර ඇලවුනේ මුවැත්තියක් විලසින්. බොත්තම් නොදැමූ කමිසයෙන් මතුව පෙනෙන රෝස පැහැති තනපට ඇගේ නිදහස, මා කෙරේ ඈතුල වූ විශ්වාසය මට තර කලා...

වර්ෂ දෙදහස් ගණනක් වූ  දුරුතු මස 27 වන සිකුරාදා
ස්ථානය- සැවෝයි සිනමා ශාලාව, බම්බලපිටිය

මං සැවෝයි සිනමා ශාලාවෙන් එලියට ආවෙ ඇත්තටම ගොඩාක් ලොකු සතුටකින්. මාස ගාණකට පස්සෙ හිතට සහනයක් දැනුන පැය කිහිපයක ඇවෑමෙන් ඔෆිස් එකේ කොල්ලො ටිකත් එක්ක චිත්‍රපටියක් බලලා පොඩි ආතල් එකක් අරගෙන ගෙදර යන්න හිතාගෙන. ඒ්ත් එක්කම දුරකතනයට ආපු නොටිෆිකේෂන් එකක් මගේ ජීවිතේ මෙච්චර කාලකණ්නි කරයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ.

-අයියෙ, ඔයාට ගෑණු ලමයෙක් ඉන්නවද?
+ඇයි එහෙම අහන්නෙ?
-මං දන්නව ඒ වේදනාව. ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක මැසේජ් කරනව කියල දැනගත්තම ඇතිවෙන වේදනාව.
+මං දන්නව නංගි. මං විදලා තියෙනව! මට එහෙම කෙනෙක් නෑ. මට ඔන ඔයා ලගින් ඉන්න. ඔයාට අමාරු වෙලාවෙ....
-හ්ම්. මගෙ නම්බර් ඒක 075....

වර්ෂ දෙදහස් ගණනක් වූ  දුරුතු මස 28 වන සෙනසුරාදා
ස්ථානය- බස් නැවතුම්පල අසල, ප්‍රසිද්ධ අගනගරයක්

මං එන්න ටිකක් පරක්කු උනා, විනාඩි 5ක් විතර. මං බයික් එක නවත්තලා එයාව අදුරගන්න ට්‍රයි කලා. නිල් පැහැ සුදු පැල්ලම් සහිත උඩු ඇදුමකින්ද, කලු පැහැති කලිසමකින්ද සැරසී සිටි යුවතියක් මා දෙස බලා මදහස පෑවා. ඇගේ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා තිබුනෙ. මං ඒ්කට ආසා කලා... ගොඩාක් ආස කලා...

-දන්නවද? ඔයා මාව තේරුම් ගන්නව. මාව අහන් ඉන්නව
+ම්..
-මට ආදරේ දැනෙනවා
+හැමෝම එහෙම නැද්ද ඉතිං
-අනේ මන්ද. මට ඔනෙ ඔයාව විතරයි. වෙන කිසිම කෙනෙක් මට ඔන නෑ. අනික...
+මොකක්ද?
-ඔයා මාව කිස් කරනකොට මාව ඇවිස්සෙනවා!
+නලලට කිස් ඒකක් දුන්නත්?
-ඔව්, මැජික් කිස් ඒකක් ඒ්ක නම්!!!

ස්පර්ශ | The Reveal of the Truth - ලගදීම | Will be Published Soon

Monday, January 31, 2022

එකම එක හදවතක්! | A heart only for you



මං ඈට දුන්නෙ රෝස මලක්වත්, චොකලට් එකක්වත් නෙමෙයි. පෑනක්!
ඒත් ඈ ඒකට ගොඩක් ආස උනා. 
ඈ ආසාවෙන් ඒක අරගෙන අතේ මොන මොනවාදෝ කුරුටු ගෑවා.

"තුඩ හීනි පෑනක්! මං හරි ආසයි ඒවට. 'සැහැල්ලුවෙන්' ලියන්න පුලුවන්."

ඈ කීවෙ එහෙම. මම එයා දිහා බලාගෙන හිනාවුනා. යන්තමට වගේ.
එයාත් මගෙ ඇස් දිහා බැලුවා. 

ඔය ඉතිං...!
-ටෙලිපතිද? 

මං ඇහුවෙ මේ තරම් ඉක්මන්ට හිත් කියවන්න ඈට මා තරම්වත් මට ඈ තරම්වත් වෙන කවුරුවත් කවදාවත් නොසිටි බවත්, කවදාවත් නොසිටින බවත් හොදටෝම දැනගෙන...

*********************************

කිලෝමීටර් සියගණනක් යතුරුපැදිය එක හුස්මට පැදගෙන ආපු මම වේගය හොදටෝම අඩුකරලා පාර අයිනෙ ‌හෙවනක නැවැත්තුවෙ පැය ගාණක මහන්සිය නිවන්න හිතාගෙන. කකුල් දෙකයි පස්සයි හොදටම රිදෙන හින්දා බයික් එකෙන් බැහැලා මං කකුලට පොඩි එක්සයිස් එකක් දෙන්න පටන්ගත්තා.
ඒත් එක්කම කෝල් එකක්! හිතපු නැති වෙලාවක හිතපු නැති කෙනෙක්ගෙන්.

අයියේ!
-ම්...
මොකද කරන්නෙ? 
-පාරෙ ඉන්නෙ මං
පාරට වෙලා මොකද කරන්නෙ
-මතක අහුලනවා
ඇයි පාරේ? මතක අහුලන්න යන්න අපේ ලිෆ්ට් එක ලගට, ස්ටෙයාක‌ේස් එකට... 
ඈ කිව්වෙ හරිම රොමෑන්තික විදියට.

-මට ඔනෙ මතක හදන්න. මං උත්තර දුන්නා.
ඒ කොහොමද?

එක පාරටම ඈ වීඩියෝ කෝල් එකක් ගත්තා. 
කොහෙද යන්නෙ?
-දිග... ගමනක්! කිලෝමීටර් සියගාණක් ඈතට.
මට කියන්න බැරි ගමනක්ද? ඒක අහපු විදියට මගෙ පපුව පිච්චිලා ගියා.
මං තත්පර කීපයක් ගොලු උනා.

-මං කියන්නෙ නෑ ඔයාට. ඒත් දැනෙන්න දෙන්නම්.
ඒ කොහොමද?

මං හිනාවුනා විතරයි. මං හිනාවුනා...

                                                      *********************************

මං හෙල්මට් එක ගැලෙව්වා. ඈ මං දිහා කට ඇරගෙන බලාන හිටියා. 
ඒක අපේ ඇගිලි තුඩු පලමුවරට වැදුනම ආපු කරන්ට් එක වගේ තිස් තුන්දාස් ගුණයට වැඩි මිසක් අඩු නොවන විත්තිය විතරයි මං දැනං හිටියෙ. ඒ තරමට ඒ කෙල්ල ‌ශොක් වෙලා හිටියෙ.

"පිස්සුද?" මූණට ආපු ‌එළිය හං‌ගගෙන නපුරු මූණක් බලෙන් හදාගෙන ඈ කිව්වා.
-ඔයා දන්නවනෙ!
"හොදටම පිස්සු!"
මෙච්චර වෙලාවක් තදකරන් හිටපු නපුරු මූණ කඩාගෙන සන්තෝසයයි, ලැජ්ජාවයි මික්ස් වෙච්ච ලස්සනම මූණක් මං ඒ වෙලාවෙ දැක්කා. තාමත් මට ඒක මැවිලා පේන තරමට ඒක මගෙ මතකයට වැදුනා.




Saturday, May 15, 2021

ක්ලයිමැක්ස් | Climax

 

මේක අලුත් කතාවක්. ඊටත් වඩා ගැලපෙනවා ඒක වෙනස්ම කතාවක් කිව්වොත්. මට ඕනි ඒ මට දැනෙන ක්ලයිමැක්ස් එකම ඔයාට දෙන්න. ඒක එතන ඉදන් අහන තරමට ඔයාට තේරුම්ගන්නත් ලෙසි වෙයි. මං කල්පනා කලා ඒ ෆෝ ප්ලේඑක ඔයාට දෙන විදියක් ගැන. ම්... වෙලාව මධ්‍යම රාත්‍රියට ආසන්නයි. පරිසරය හරිම නිහඩයි, ඒ වගේම අදුරුයි. හැබැයි උදේ ඉදන් චොර චොර ගගා වැටෙන වැහි වරුසාවෙ සද්දෙ ඇරෙන්න. මේ වෙලාවට මැච් වෙන්නත් එක්ක කෝපි කෝප්පයක් එක්ක මං ඇදේ හාන්සි උනා. ආහ් තව අඩුවක් පුරවන්න කසුන් කල්හාරගෙ ප්ලේ ලිස්ට් එකක් හොදටෝම ඇති. මං කෝපි රහත් එක්ක කල්පනා සාගරේ කිමිදුනා.

ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්. ජීවිතේදී අපි බලාපොරොත්තු වෙන දේම සිද්ද නොවෙනව වගේම අපි හීනෙන්වත් නොහිතන තැනක ඉදන් ආයෙ ආයෙ අපිවම රිවීව් කරන්න දෙන චාන්ස් එකටත් මං හරි ආසයි. ඒක හරියට හෙට දවසවත් හරියට ෂුවර් නැති ෆක්ඩ්සිටුවේෂන් එකක ඉදගෙන මං කෝපි කෝප්පයක් රසවිදිනව වගේ. මං මෙතන ඉදන්ම කාම් ෆීලින්ග් එකකින් පේරාදෙණිය පැත්තට යන්න පටන් ගත්තා.

මට දෙයක් කියන්න තියෙනව ඔයාට

ඒක අහපු පළමු වතාව නෙමෙයි මං. ඒ හින්දමද මංදා ඒක මට ෂොක් එකක් උනේ නෑ. පොඩ්ඩක්වත්. ඒත්, මං එක දෙයක් විශ්වාස කරනව. අපි හැමෝම ලග කවුරුවත් හරියටමනොදන්න රහස් කතාවක් තියෙනව කියලා. ඒක එකිනෙකාට වෙනස් යුනික්කතාවක්. ඉතිං මං ඒ කතාව අහන්න ලෑස්ති උනා.

මගේ ගෙවල් බුත්තල. බුත්තල xxx. මට අවුරුදු දෙකක් වෙද්දි මගෙ අම්මා නැති වෙනව. ඒක මොනව උනාද කියලා හරියටම දන්නෙ නැති උනාට මට ඒක ගැන සැකයි. පස්සෙ අපේ තාත්තා තව කසාදයක් කරගන්නවා. කුඩම්මගෙන් පුතාලා දෙන්නෙක් ඉන්නවා තාත්තට. මල්ලිලා දෙන්නෙක්. ඉතිං කුඩම්මා කෙනෙක් ඉද්දි මට ගෙදර තියෙන සැලකීම ගැන මං අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ ඔයාට. ඔහොම ඉද්දි මට රස්සාවක් හම්බුනා මොනරාගල. මං ඒ දවස්වල ගෙදර ඉදන් වැඩට ගියෙ. ඊටත් පස්සෙ මට ඒකෙම මහියංගනය බ්‍රාන්ච් එකට මාරුවීමක් ලැබුනා. එහෙදි තමයි මට එයාව අදුරගන්න ලැබුන, අපේ ඔෆිස් එකේ නුවර තිබ්බ මීටප් එකකදි. පස්සෙ එයා මාව කැන්ඩි බ්‍රාන්ච් එකට ගෙන්නගත්තා.

මං වීක් එන්ඩ් එකට ගෙදර ගියා. පුලුවන් හැම වෙලාවෙම. ඒ ගියපු වතාවක මට අමුතුම දෙයක් ගැන දැනගන්න ලැබුනා. කුඩම්මගෙ අලුත් සම්බන්ධයක් ගැන. ඒත් මං ඒ ගැන හොයන්න ගියෙත් නෑ කාටවත් කියන් ගියෙත් නෑ. කිව්වත් වැඩක් නෑ කියලා මට දැනුන නිසා. ඊටත් පස්සෙ දවසක මට අසනීප උනා. ඩෙංගු හැදිලා ඉස්පිරිතාලෙ නවතින්න උනා. දවස් ගානක් ඉස්පිරිතාලෙ ගතකලාට පස්සෙ මං ගෙදර අවා. ඒ හිටපු දවසක කුඩම්මා එක්ක අර මනුස්සයත් ගෙදර ආවා, මාව බලල යන්නත් එක්ක. ඒ මනුස්සයා මං ලගට ඇවිත් මාත් එක්ක විස්තර කතා කලා. ඒත් මට ඒ ආපු විදිය එච්චරම ඇල්ලුවෙ නෑ...

ඒ වෙනකොටත් අපේ ගෙදරින් මට ප්‍රපෝසල් ගේන්න පටන් අරන් තිබුනෙ. එදාට පස්සෙ දවසෙම එයා ඇවිත් ගෙදරට කෑ ගහලා මාව අරන් ගියා. මාව කාටවත් මැරි කරන්න දෙන්නෙ නෑ කියලා. ඒත් මට හිතුන විදියට එයා මාව අරන් ගිය එකට ගෙදරින් කැමැත්තෙන් හිටියෙ. කොහොමහරි එදා ඉදන් දවස් දෙක තුනක් මං එයාගෙ ගෙදර හිටියෙ. ඊටපස්සෙ මං බෝඩිමක් හොයාගත්තා, පේරා වලින්. අපේ කම්පැනි එකේ රූල්ස් වලට අනුව අපේ කම්පැනි එකේ දෙන්නෙක් අතර මැරි කරන්න බෑ. එහෙම වෙනවනම් එක්කෙනෙක් අයින් වෙන්න ඕනි. එයා දැනටමත් අවුරුදු ගානත් තිස්සෙ වැඩ කරපු තැන නිසා එයාගෙ කීම මත මං අයින් උනා ජොබ් එකෙන්.

මං ඈ දිහා බලලා නළලට කිස් එකක් දුන්නා.

මතක හැටියට එදා සිකුරාදාවක්. මං වැඩ අස්සෙ එයාට කෝල් එකක් දුන්නා. මං හෙට කැන්ඩි එනවා. වාහනේ පැත්තකට දාලා මං බස් එකේ නුවර ගියේ මොන හේතුවක් නිසාද කියන්න මං තාම දන්නෑ. ඒ වෙද්දිත් අපි නෙක්ස්ට් මන්ත් එන්ගේජ්මන්ට් එක ගන්න කතා කරගෙනයි හිටියෙ. ගැටඹේ පන්සලට මං එද්දිත් ගොඩාක් ලේට් වෙලා. ඈ මං එනකං බොහොම ඉවසීමෙන් වාඩිවෙලා බලාගෙන හිටියා.

පසුබිමෙන් ඇහෙන කල්හාරගෙ වොයිස් එක මාව ගල් කරන්න කලින් මං ආයෙමත් කෝපි උගුරකින් තොලකට තෙමාගත්තා.

 අතීතයෙ මා පෙම් බැඳි ළියන්ටයි
මේ ගීය ගයන්නේ
හමුවීම් වෙන්වීම් මැද ආදරයේ
බැඳිම් බිඳීම් අතර ජීවිතේ
ළඟ නොරැඳී රැඳී නික්මී ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
මේ ගීය ගයන්නේ

සිනාවක මතකයන්
තියා නෙතු ඉම දුරකින්
හදින් නොමැකෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුහිරෙන්
ළඟ නොරැඳී රැඳී
නික්ම ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ

සීතල කඳුළකින්
ලියා ළය රහසක්
අප අපම වූ
අනන්ත නිමේශයන්
විඳ දරා හදවතින්
ළඟ නොරැඳී රැඳී
නික්මී ගිය ඒ
නිල්වනුන් රන්වනුන්
ලදලියන් නිලැසියන්ටයි
මේ ගීය ගයන්නේ