Monday, August 1, 2016

Night Firing!!!






දුරලා අවිදු අදුර
නැගෙනවිට පුරවක සද
නැගුනි මතකයට
එය පොසොන් සද බව
නොවීය අවස්ථාවක්
යන්නට පෙරදා මෙන්
අජානේය ස්කූටර මත
සොයා ආතල්,සොයා දන්සැල්

දැනුනත් නුපුරුදු හැගීමක්
සිටින නිසා නුපුරුදු ඉසව්වක
පිරැණා හද සොම්නසින්
සද කොතැනත් එකම නිසා

කපාගෙන ගණ අදුර
දැ‍වෙන විට ගිනි පුපුරු
මත ගැටී slip වී
වදින විට Tracers
වැටෙන විට සෙවනැලි
නගාගෙන මරහඩ
මැවෙයි අහස්කුස
නේක තරු රටා

ඒ නිමේෂයේ.....
පෙනෙයි සොදින් මට
රණබිම පොසොන් සද


Friday, June 3, 2016

Delivery වරුණ






යොමා උකුසු ඇස් ඔපිසය තුලට ගෙන
ඉල්ලා තමට අවසර බොස්ගෙන් සොදින
දමා පෙට්ටි බයිකය,බට්ටා දෙසට
මෙසේ අවසරයි කියනට  Delivery වරුණ 

 ඉල්ලූ items ටික stores වෙතින් ගෙන
නන්වා සොදින් ලොරියට ගැටගසා බැද
A/C දමා රිය සහයක අසුනෙ හිද 
යන්නට අවසරයි මිහිපිට රජෙක් ලෙස

රියදුරු අයියා පොඩි බට්ටා එලවන්නේ
ගුවන් විදුලියයි සවනත පිනවන්නේ
මනෝ පර සිත කුල්මත් කරලන්නේ 
 බඩු ටික රැගෙන අපි පාරේ දිවයන්නේ

 අඩියට දෙකට ඇල්විටිගල අපි ඉන්නේ
ට්‍රැෆික් එක නිසා මහමග කටු කන්නේ
Long cut දදා ගමනන්තෙට යන්නේ
Custermer අපේ උගෙ හිත නෑ පාරන්නේ

 ආකේඩ්,විහරමහ,MC පහුකරන
කුරුදුවත්තෙ පොෂ් කෙල්ලන් දකිමින්න
 පසුකරමින් යනවිට රියසක සෙමින
 නොසිතුනා නොවෙයි මට දුවගොස් ඉඹින්නට

 සුවිසල් ඇදුම් කඩ,ආහර කඩ ඇත්තේ
එනමුත් ඒවායින් කන්නට පින නැත්තේ
නොබලා එදෙස යන්නේ නොකරම සද්දේ
කවුරුද දන්නේ හදවත හඩනා සද්දේ

 ටිකෙක් ටික සිදාදිය මට හුරුවෙනවා
රියදුරු අයියා මට ඒ බව පවසනවා
තනිවම ගමන් යන්නට කාලය එනවා
පෙරලුන පිටත් හොද යැයි මට වැටහෙනවා

 හදිසියේම ටුවර් එකක් සෙට් වන්නේ
හම්බන්තොටට අපි බඩු ටික පටවන්නේ
ශේප් එකේ රියදුරු අසුනට යන්නේ
ආතල් එකේ මම රියසක පදවන්නේ

 කොම්පැනියෙන් මට බයිසිකලේ දෙන්නේ
Delivery  පාර මට නම් නෑ වරදින්නේ
OT පාර කරලයි ගෙදරත් එන්නේ
තාර පාර මත ජීවිතෙ ගතවන්නේ

 රෑ ජාමෙත් වැඩ කරලයි මම එන්නේ
පැය 3,4 විතරයි ගෙදරත් ඉන්නේ
හැටට හැටේ පිඹගෙන විත් ඉගිලෙන්නේ
වෙට්ටු දදා රෝද දෙකෙන් පියඹන්නේ

 කිලෝ ගනන් බර පෙට්ටිය තිය බැදන්
තත්පර දෙකට එතැනට ගොස් කතා කරන්
තට්ටු ගනන් බර උස්සා කරේ තියන්
කවුරුද දන්නේ අපෙ ඇත්තෝ විදින තරම්

 මතකෙට නැගෙන විට පෙර උන් හැටි නිදසින්
එලියට පනී කදුලක් දැසින් හොරැහින්
පඩිපත ගන්න විට ආඩම්බර දෝතින්
සිනහක් නැගේ දැනුවිට දෙපයින් නැගිටින්

 

Thursday, April 14, 2016

Disconnected !


පුරා මසකට පසුව
සිහිනයට log වූ පසු
දිස්වන්නට විය
ඔබේ මතකයන්
News Feed එක පුරා
අතරින් පතර
අදුරු පැහගත්
රිදුම් දෙන
වේදනාවන් සමග
නැත කිසිත් notification
එකදු පණිවිඩයක්වත්
එකම posts වැල
නොකඩවා එන
Update නොවුන
Offline මතකය මිස