Tuesday, October 13, 2020

තරු ආකාහෙ යට | Under the Starred Sky


බබාෂැල් වී මැරි නව්?

වෙලාව මැදියම් රැයට ආසන්නයි. මං ඇහුවෙ වෙලාවට ගැලපෙන ප්‍රශ්නයක් නෙමෙයිද මංද. ඒත්, මට තව තත්පරයක්වත් නාස්තිකරන්න ඕනි උනේ නෑ.

නව්?

යාහ්අන්ඩර් දිස් ස්ටාර්ඩ් ස්කයි...

යාහ්ෂුවර්... ටේක් මයි හෑන්ඩ්...

ඩාලින්ආර් යු රෙඩි...

යර්ස්...


👦අන්ඩර්  ස්ටාර්ඩ් ස්කයි..

👧අන්ඩර්  ස්ටාර්ඩ් ස්කයි..

👦ඉන්ෆ්‍රන්ට් ඔෆ්  වෝල් වර්ල්ඩ්..

👧ඉන්ෆ්‍රන්ට් ඔෆ්  වෝල් වර්ල්ඩ්..

👦වී පොමිස් ඊච් අදර්..

👧වී පොමිස් ඊච් අදර්..

👦වී විල් ෂෙයාර් අවර් සෝරෝස්සෑඩ්නස් ඇන්ඩ් හැපිනස්..

👧අයි විල් බෙයාර් යුවර් සෝරෝස් සෑඩ්නස් ඔන් බිහාෆ් ඔෆ් යූ ඇන්ඩ් ෂෙයාර් අවර් හැපිනස්..


මං ඈ දිහා රවලා බැලුවා. ඈ මුව පොව්වෙක් වගේ මගේ ඇස් දිහා බලාන හිනා වෙනව, ඇස් වලින්...


👦ඊවන් ඉන් ටෆ් ටයිම්ස්..

👧ඊවන් ඉන් ටෆ් ටයිම්ස්..

👦ඇන්ඩ් ලුක් ආෆ්ටර් ඊච් අදර්..

👧ඇන්ඩ් ලුක් ආෆ්ටර් ඊච් අදර්..

👦අන්ටිල්  ඩෙත්..

👧අන්ටිල් වී ගෝ ටු  හෙවන්.. 😇


ඈ හරිම දස්සයි. ඒ වගේම හරිම රොමෑන්තිකයි. මගේ හිත කිව්වා...


ගංගාවිල් යූ මැරි මී💍

යර්ස් ඩාලින්අයි විල් මැරි යූ.. 🥺

අයි ලව් යූ සෝ මච් මයි ලව්..

අයි ලව් යූ ටූ මයි හනී..💋


ඒක ඒ විදියටයි සිද්ද උනේ. මං හරියටම දන්නෙ නෑ මට ඒ අයිඩියා එක මොන දීපංකරේක ඉදන් ඔලුවට කඩා පාත් උනාද කියලවත්. ඒත් කාත් කවුරුවත් නැති කට්ට කලුවර රැයක, අටෝරාසියක් තරු වලින් ගහන සුන්දර අහසක යට, මං ආත්මාර්ථකාමීවිදියට ඈව මගේම කරගත්තා. ඈ මගේ ආදරණිය බිරිද බවට පත්වුනා...


කුමටද උපමා ඉතිහාසයේ උන්

ප්‍රේමවන්තයින්ගෙන්..

කුමටද ආදරයේ පෙම් සැමරුම්

පෙම් පාරාදීසේ..

ඉමක් කොනක් නැති ආකාසේ

තරු පායා එන සේමා..

ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ

පෙම් සිතුවිලි බෝමා..


මං දන්නවා, ඈ මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල නොවන වග. ඒත්, ඈ හරිම ලස්සනයි. ඒ හිනාවට මං හරි ලෝබයි. ඒ දිලිසෙන ඇස් හරිම ආදරණියයි. ඒ වගේම මැචුව(ර්)ඩ් ගතියට, ඒ ඔක්කොටමත් වඩා කියවිල්ලට.... 😍


මං තාම කල්පනා කරන්නෙ අපි කොහොමද හමුවුනේ කියලා. ඒත් ඈ කල්පනා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අහලපහලම හිටියට, ඉස්සර හැමදාම උදේට හවසට දැක්කට, ඇයි මං එයාව හෙයාගෙන එන්න අවුරුදු බර ගාණක් ලේට් උනේ කියලා. ඒක හරිම රොමෑන්තික චෝදනාවක්!


මං ඒ වෙලාවට කරන්නෙ ඈ දිහා බලලා හිනාවෙන එක. ඊට පස්සෙ හිමීට දකුණතේ ඇගිලි තුඩු වලින් හිස පිරිමදින එක... ඒක එයාව මත් කරන්නෙ නෑ කියල කියන්න පුලුවන් කාටද?


ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා

ඔබේ කතා ළඟ සිත නැවතුනු දා

ප්‍රේමය හැදින්නෙමි

ප්‍රේමය හැදින්නෙමි

මේ ලෝ තලයේ...



3 comments:

  1. Replies
    1. හැමදාමත් වගේ අර්ධ කල්පිතයක්!

      Delete
  2. "මම තාම කල්පනා කරන්නේ අපි කොහොමද හමු වුණේ කියලා"

    ReplyDelete