Friday, February 2, 2018

එන්න, නැවත පියඹන්නට...


නොසිතුවෙමි
කෙදිනකවත්
හැකි වේ යැයි
මෙමට
වාරු දෙන්නට
නැවත පියඹන්නට
ඉඩදෙන්නට
ලෝකය දකින්නට
නැවතත්
අත්තටු බිදුණ
කිරිල්ලියකට
නමුදු
වැටහුනෙමි
මායාකරුවෙක් බව
මෙමා
කළ හැකි අැයව
ෆීනික්ස්
අාදර යෂ්ටියෙන්
නොදොඩා වදනකුත්
නොපෙන්වා "ටියුටෝරියල්"
නොඑල්වා "L" බෝර්ඩ්
රැගෙන යන්නම්
දුර අෑත අාකාහෙට
අල්වා සුසිනිදු
තටුවකින්
කියලා දෙන්නට
නැවත පියඹන්නට
පරිස්සමින්
හැමදාමත්
මාත් එක්කම... 

14 comments:

  1. Replies
    1. අයියෝ, L බොර්ඩ් තිබ්බට ඒ කෙනෙක් ගැන

      Delete
  2. මතකනම් ඒ අතීතෙක විඳි හැඟුම් හැම තැන පැතිරිලා
    තවමනම් නැත නුඹේ සුවඳම හදවතින් මගෙ නික්මිලා
    රිදුමනම් හැමදාම කොතැනද සියල්ලම අමතකවෙලා
    එහෙමනම් අපි යළි වතාවක් ඈත යමු දැන් පියඹලා.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ලස්සනයි, ස්තූතිියි

      Delete
  3. Replies
    1. එ් අතරින් මතුවුන බලාපොරොත්තුවක් වෙන්න බැරිද?

      Delete
  4. මේ විගේෂ නිවේදනයයි ලගදීම මලියා කර ගැහීමට නියමිතයි.
    කමක් නෑ පුතී ඕව පිං වැඩ.
    ඔය මගුල් වලට ගිහින් රස්තිවාදුව නවත්තවනව එහමෙ ෙනමෙයි

    ReplyDelete
    Replies
    1. පල පල ඩෝ යන්ඩ, රස්තියාදුවට කොමාවත් දාලා තියෙන්නෙ බජට් එක පරාද උන නිසා...

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete