Friday, June 23, 2017

හිතුවක්කාර සංචාරකයා - නන්පේරියල්,කලුපහන,බඹරකන්ද හරහා යකාගෙ පඩිපෙල තරණය



ඔව් ඒක පිස්සුවක්.මං දන්නව ඒ්ක.ඒ්ත් පොඩ්ඩක් හිතලා බලන්න, අවිෙව්ක,ඒ්කාකාරී, කාර්යබහුල ජීවිතෙයන් මොහොතකට අත්මිදිලා මනුස්ස වාසෙයන් තොර, අති දුෂ්කර, නමුත් අති සුන්දර පරිසරයක අපූර්වත්වය හුදකලාව අත්විදින්න. නිදහස් හුස්මක ආශ්වාදය ලබන්න..ඔව් හුදකලාව සොබාදහමේ ආශ්වාදය විදිමින් පෙනහලු පිරෙනකම් ගැඹුරැ හුස්මක් අරගත්තම දැනෙන සතුට..ඒක..ඒක ඔයා විදින්නම ඕන.ඒ තෘප්තිය කවදාවත් සල්ලිවලට ගන්න බෑ.ඉතිං..එන්න මාත් එක්ක, දේශාටනය කරන්න..ජීවිතය...

ඒක පටන්ගන්නෙ මෙහෙමයි.දිනය 2017 බක්මස 10වන දින.අරමුණ- නන්පේරියල්,කලුපහන,බඹරකන්ද හරහා ඔහියට ප්‍රසිද්ධ යකාගෙ පඩිපෙල තරණය කිරීම.පයින්? මොන පිස්සුද??? බයිසිමොටෝවෙන්...
මසකට පමණ පෙර යාමට සැලසුම් කර තිබූ චාරිකාවට හිතුවක්කාරයත් සමග තවත් මිතුරෙක් සහභාගි වන්නට නියමිතව සිටියත්, හදිසි රාජකාරිමය කටයුත්තක් මත ඔහුට පැමිණීමට නොහැකි වෙනවා... ඉතිං පෙරැම් පුරාගෙන දින ගණන් කරපු දෙයක් පොඩ්ඩක්වත් එහෙ මෙහෙ කරන්නට අකමැති මේ හිතුවක්කාරයා උදෑසන 7ට පමණ ගමන ආරම්භ කරනවා... නිකන් නෙමෙයි.තවත් අපූරු සංචාරයක මිහිර විදගැනීමේ ලොකූ බලාපොරොත්තුවක් එක්කයි.

වේයන්ගොඩ,නිට්ටඹුව,ඌරාපොල,අවිස්සාවේල්ල හරහා රත්නපුර පාරට පිවිසෙන හිතුවක්කාරයා හැටට හැටේ යන චාරිකාවට මද විරාමයක් ගන්නෙ රත්නපුර සීවලී විද්‍යාලය ලගින්..එතනින් විනාඩි දෙක තුනක් අරගෙන හිමීට බෑග් එකේ තිබුන වතුර බෝතලයක් හිස් කරන ඔහු නැවත යතුරැපැදිය පණගන්වන්නේ නන්පේරියල් මුදුනින් දුෂ්කර ගමන අරඹන්න හිතාගෙනයි.පැල්මඩුල්ල නගරය පහුකරගෙන වේගයෙන් ඇදෙන හිතුවක්කාරයට අප්‍රසන්න අත්දැකීමකට මුහුණදෙන්න වෙන්නෙ බලන්ගොඩ ප්‍රදේශයෙන් ගමන් කරන විටයි.. නොනවත්වා ගමන්කරන යතුරැපැදිය මාර්ගයේ තිබූ තනි ඉරක් සිබින්නට ගොස් රු.500ක දඩයක් කෑමට සිදුවීම හිතට මහත් වේදනාවක් ගෙනදෙන්නට සමත් උනා.
කොහොම කොහොමහරි සබරගමුව කැම්පස් එකට හැරෙන පබහින්න හන්දිය පසුකරන කොට නම් හිතුවක්කාරයගෙ  හිතට මොකක්ද අවුලක් නොදැනුනා නෙමෙයි.නන්පේරියල් හන්දියෙන් වමට දාලා යුධ හමුදාවට අයත්, නමුත් සබරගමුව සරසවිය යටතට පත්කර ඇති රක්ෂිත ප්‍රදේශයක් ඔස්සේ කැලෑබද මාර්ගය හරහා ගමන් කරද්දි නං හිතට දැනුනේ පට්ට සතුටක්.. විසල් ගස්වලින් වටවුන සීතල මාර්ගයේ තැන් කීපයක නැවතී සිරි අසිරි විදගන්නටත් හිතුවක්කාරයා අමතක කලේ නෑ... ඒ අතර විසිතුරැ පයිනස් කැලෑවක් අසල නැවතිලා විවේක ගන්නත් එයාට පුලුවන් උනා.
 










ආහ් යන ගමන අතරතුරේ දුෂ්කර මාර්ගයේ පසෙක හෙලකට වන්නට පිහිටා තිබූ හිරිකටුඔය තොරතුරු මධ්‍යස්ථාන දැන්වීම් පුවරැව දැක බයිසිමොටෝව නැවැත්වූ හිතුවක්කාරයා,යතුරැපැදිය අගුල් දමා අඩිපාර තරණය කරන්නට පටන්ගත්තේ කිනම් හෝ තොරතුරක් දැනගැනීමේ අපේක්ෂාවෙන්.. දුෂ්කර,නමුත් අපූරැ නිර්මිත අඩිපාර ඔස්සේ මිනිත්තු 15 පමණ කාලයක් ඇවිද ගිය පසු ඔහුට දක්නට ලැබුනේ ස්වාභාවික ලෙස නිර්මිත පැල්පත් කීපයක් හා බීමත් මිනිසුන්ගේ සාජ්ජත් පමණයි.. නමුත් ඒ අවට වූ ජලාශ්‍රිත පරිසරය නෙතට සිසිලක් ගෙනදෙන්නට සමත් උනා.එය සැබැවින්ම දිනක් හෝ දෙකක් නැවතී සිට විදිය යුතු අත්දැකීමක්.හුදකලා පරිසරයක නන්නාදුනන බීමත් පුද්ගලයන් සමග රැදීම නොතරම් වන හෙයින් නැවත මාර්ගයට අවතීර්ණ වූ ඔහු ගමන ආරම්භ කලා.


ඉහලට යන්නට යන්නට දුෂ්කර උන පාර දිගේ නන්පේරියල් තේ කර්මාන්තශාලාව අසලටම පැමිණෙන්නට පුලුවන් උනත්, හිත හදාගෙන ආපසු හැරෙන්නට සිදුවුනේ නග්‍රක් ඩිවිෂන් එකට,නග්‍රක් බංගලාවට හා ලෝකාන්තයට යන්නට ඇති මාර්ගය වසාදමා තිබූ නිසයි. ඉතා අපහසුවෙන් නැවත කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට පැමිණි හිතුවක්කාරයා ආවේ පට්ටම බඩගින්නකින්.. පාර අයිනේ කෑම කඩයක් හොයාගෙන හොයාගෙන හොයාගෙන ගියපු ගමන නැවතුනේ බෙරගල හෝටලයක් ලග.ආහ් කියන්න අමතක උනානෙ, නන්පේරියල් මුදුනෙදි ජංගමේ සිග්නල් නැවතුන පාර ආයෙ මාරම ගේමක් දීලා නෙට්වර්ක් එකක් මැනුවල් අල්ලගත්තේ බෙරගල හෝටලයේ රයිස් එකක් කකා ඉන්න අතරයි..ජී.පී.එස්. ඕන් කරලා බැලුවමයි මීටර් උනේ ඊලග රූට් එක පටන්ගන්න පොයින්ට් එක මිස් කරලා කි.මී.8ක් විතර ඇවිත් කියලා.එතන ඉදන් බණ්ඩාරවෙල අවසන් නවාතැනට තිබුනෙ කි.මී. 16ක් උනත් සවාරියේ ආතල් එක වටින නිසාත්, Life is a journey; Not a destination කියලා කවුදෝ කියලා තීන නිසාත් ආපහු හරවගත්තු යතුරැපැදිය කලුපහන හංදිය සොයාගෙන ගියේ දැඩි ඕනෑමකින්...
තුන්සක රියදුරැ අයියා කෙනෙක්ගෙ උදව්වෙන් කලුපහන හන්දියෙන් උඩට දාපු හිතුවක්කාරයා බඹරකන්ද ඇල්ල දෙසට ඇදුනේ කිසිදා නොවිදි අත්දැකීමක් ලබාගැනීමේ අරමුනින්..ඇල්ලට බසින පාර ලගදී සංචාරකයන් විශාල පිරියක් ඇල්ල නැරඔීමට පැමිණ තිබූ නමුත්,ඇල්ල අසලටම තනියම යාම පසුවට කල් දැමූ ඔහු බඹරකන්ද ඇල්ල පසුකරමිින් කොන්ක්‍රීට් යෙදූ කුඩා මාර්ගයේ  ඉදිරියට ඇදෙන්නට උනා.සැතපුමට පමණ පසුව කොන්ක්‍රීට් දැමූ මාර්ගය කොන්ක්‍රීට් ටයිල් (බැසිල් ගඩොල්) යෙදූ මාර්ගයක් බවට පත්වූවත් මාර්ගය දැඩි සේ කීපවරක්ම නායයාමට ලක්වූ බවට සාධක පෙනෙන්නට තිබුනා..දුෂ්කර බව දැඩිවන මාර්ගය ඔස්සේ ටික දුරක් යත්ම මාර්ගය ගල් වලින් නිර්මිත මාර්ගයක් බවට පත්වුනා.එනම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යකාගේ පඩිපෙලක් බවට පත්වුනා. 







යකාගේ පඩිපෙල ඔස්සේ කි.මී.10ක් පමණ ගිය තැන මාර්ගයේ අනෙක් පසින් ඉදිරියට ඇදෙන 5-6 පමණකින් යුත් කණ්ඩායමක් හිතුවක්කාරයාට මුණගැසුනා.පයින් ගමන්කිරීමටත් අසීරු යකාගේ පඩිපෙල හරහා යතුරුපැදිය හසුරවන හිතුවක්කාරයා දුටු ඔවුන් මවිත වූ බැව් පෙන්නුම් කලා.යතුරුපැදිය නවත්වා ඔවුන් සමගද අදහස් හුවමාරු කරගත් හිතුවක්කාරයා තවත් පැය බාගයක පමණ ගමනකට පසුව ගල් කුට්ටිවලින් යුත් මාර්ගය හැරදා නිම්නයක් ඔස්සේ වැටී තිබූ අලංකාර මගකට පිවිසුනා.
එතැන් පටන් නැවතත් ජංගම දුරකතනයේ සංඥා ක්‍රියාවිරහිත වූ අතර ජී.පී.එස්, වැඩ කලත්, එහි පිහිටුම පෙන්වීම අසත්‍ය බව හැගී ගිය හිතුවක්කාරයා පේනා තෙක් මානයක් මනුස්ස වාසයක් නොපෙනෙන හුදකලා බිමක නියමිත මාර්ගය සොයා ගැනීමය දැඩි වෙහෙසක් දරන්නට උනා..කීප වරක්ම මග වැරදී ගිය බව පෙනුනද දැඩි පරිශ්‍රමයකින් අනතුරුව එලවලු වත්තක්  ඔස්සේ ඔහිය දුම්රිය ස්ථානය කරා ලගාවන්නට සමත් උනා. (පසුව දැනගත් පරිදි-එම මාර්ගයේම ඊට පෙරදින ගමන්කල මාගේ නෑදෑ සහෝදරයෙකු කී පරිදි ඔවුනගේද භූගොලීය පිහිටුම් පද්ධතියේ එම ස්ථානය නිවැරදි පෙන්නුම් නොකල බව දැනගන්නට ලැබුනි.)
ඉන්පසු හැකි ඉක්මනින් ගිමන් නිමාගැනීම සදහා ගමනාන්තය වෙතයාම හිතුවක්කාරයාගේ අරමුන වූ හෙයින්, ඹහිය,බොරලන්ද, දියතලාව යුධ හමුදා කදවුරු පාර ඔස්සේ කෙටි මගක් භාවිතා කරමින් ගමනාන්තය වූ බණ්ඩාරවෙල නවාතැනට සේන්දු උනා.

13 comments:

  1. වාව්.. තනියෙම .. උඹේ හිතුවක්කාර ගමන් සගයාට මගේ ආචාරය! ට්‍රේල් බයික් එකක් උනානං වැඩිය ලේසී වෙයි නේ..

    ReplyDelete
    Replies
    1. හී.. හොදට තෙල් කරන නිසා හොදයි ඉතින්.. නැත්නම් 1st එකේ අල්ලපු ඇල්ලිල්ලට බවුසරයක් අරන් යන්න වෙනවා..

      Delete
  2. වාව්.. තනියෙම .. උඹේ හිතුවක්කාර ගමන් සගයාට මගේ ආචාරය! ට්‍රේල් බයික් එකක් උනානං වැඩිය ලේසී වෙයි නේ..

    ReplyDelete
    Replies
    1. ඩබල් ආදිපාද ආයෙත්

      Delete
    2. ෆෝන් එකෙන් කොමෙන්ට් කරන කොට එන්නේ .. කොමෙන්ට් කරලා වින්ඩෝ එක ක්ලෝස් නොකර බැක් ගියොත් තමයි ඩබල් වෙන්නේ.. හිටපු ගමං ඒ බුල ගහනවා :))

      Delete
  3. මම හිතන්නේ ඔය වගේ ගමන් වලට Honda AX-1 බයික් එක තමයි ගැළපෙනම බයික් එක...
    ට්‍රේල් බයික් එකක් උනාට මොනෝ ෂොක් එක එහෙම ගොඩක් ස්මුත්...
    දෙන්නෙක් නැග්ගට පස්සෙත් පිටිපස්සේ බෑග් ගැටගහගන්න පුළුවන් විදිහට ලගේජ් එකක් හදල තියෙනවා...
    අනික හොඳ පවර්ෆුල් 250cc බයික් එක...
    ඉන්දියන් ඒවා තරම් තෙල් නොකලත් 35 ක් විතර කරන බව තමයි අහල තියෙන්නේ...
    ඉස්සර එයින් බයික් එකක් ගැන හීන මැව්වත් ගන්න ලැබුනේ Suzuki GSXR 250 ක්...

    ඔය යකා වංගුව පාරේ SUV එකකින් යන්න බැරිද...

    ReplyDelete
  4. හීනයක් තිබ්බා AX-1 ඒකකට මීට අවුරුදු ෙදකකට විතර කලින් නම්.ඒ්ත් ෙහාද බඩුවක් ෙහායාගන්න පට්ට කට්ටක් කන්න ඔනි.ම් suv ඒෙක් යන්න..බැරිකමක් නම් නෑ.ඒ්ත් ඔහිය හරිෙයදි පාර ටිකක් පටුයි.පරිස්සමින් යන්න ඔනි.

    ReplyDelete
  5. නන්පේරියල් වත්තෙන් උඩට නග්‍රක් යන්න ඒ අයගෙන් අවසර ඕන එහෙම නැත්නං නග්‍රක් බංගලාව බුක් කරන්න ඕන. 2012 දී විතර වතු අධිකාරයත් එක්ක එකතු වෙලා පාරක් හදන්න පටන් ගත්ත බෝඩ් එක තමා පඹහින්නෙන් හැරෙන කොටම තියෙන්නේ.. වැඩේ නං කෙරිල නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දැනුවත් කිරිමට!

      Delete
  6. හිතාගෙන ඉන්නව 4DR5 එකේ යන්න... මඟදි කෑප්ම් කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. කෑම්පින් කරන්න පුලුවන්.. මං දෙවැනි පාර යද්දි නම් පාර නාය ගිහින් තිබුනා. සමහරවිට දැන් හදලා ඇති. ඒක බලලා යන්න වාහනේක යනවනං. අපි බයික් ටිකත් අමාරුවෙන් දාගත්තෙ

      Delete