ගෙවා යොදුන් සිය ගනන්
ඈත පුරවරයක සිටන්
පැමිණියෙමි...
අජානේය තුරගා මත නැග
දැක බලා ගැනුමට
පමණක් නොව විදගැනුමට...
ඒ අපූරැ මිතුදම, සෙනෙහස...
මොහොතක අත්විදීම
නොහැකි උනි මකන්නට
ගිනිගත් හදවතට
වතුර පොද මෙන් වැටෙන
උමතු විය සන්තානයම
ලැබෙන තුරැ ඇගෙ
හද යතුර
සමග ඇගෙ කිචිබිචිය...සදාකල්!
ඉර දිළෙන රැස් දහර පරදවා කඩිමුඩිය
ReplyDeleteදුර ගෙවා නුඹ ආවෙ දැකගන්න පෙම්බරිය
පෙර දිනක දුටුව ඇගෙ හැඟුම්බර කිචිබිචිය
සිර වෙන්න හිතෙනවද අසළ ඇගෙ ඉඟිබිඟිය.......
ජයවේවා!!!
සිර වෙන්න හිතෙනවා අසල ඇගෙ ඉගිබිගිය...
Deleteඑනමුත් එකට එක්වන්නට කල් වැඩිය..
බල බල සිටිනවා විසදෙන තුරැ පැනය..
කැන්දන් යන්නෙ බයිසි මොටෝ මත නැගය...
හ්ම්ම්....ආදර අන්දරය.....හරි අපූරුයි ! 😉
ReplyDeleteසෑහෙන කාලෙකට පස්සෙ.. එලියට දැම්මෙ නිර්මාණයක්
Delete