Friday, October 9, 2015

රේඩියෝවයි මමයි!



ටීවී එකේ දෙමල ෆිලුමක් බල බල ඉන්නකොට ම දැක්කා රේඩියෝ චැනල් එකක ඇඩ් එකක් යනවා.ඒකේ ෆ්‍රීක්වන්සි දෙකක් තිබුනා.ඒක දැක්කම මට ලස්සන කතා වගයක් මතක් උනා.ඉතිං ෆිලුම බලන එක පැත්තකට දාලා ලියන්න හිතුවා ඒ ගැන.
මගේ ජීවිතේ ඉස්සෙල්ලම වගේ රේඩියෝ සම්බන්ධ අත්දැකීමක් තියෙන්නෙ පොඩිකාලෙ..ම්ම්..මං එතකොට 4වසරෙ විතර ඇති.ඒ දවස්වල අපේ නැන්දා(කෙනෙක්) හිටියෙ එහා ගෙදර.ඉතිං හැම ඉරිදම එහෙට සිංහල පත්තරෙයි,ඉංග්‍රීසි පත්තරෙයි ගන්නවා.සිංහල එක දිවයින.මං ඒකෙ කියවන්නෙ "උදාරගෙ පිටුව" කියලා තියෙන පොඩිත්තන්ට වෙන්වුන මෙව්වා එක විතරයි.ඉංග්‍රීසි පත්තරේ නං නම මතක නෑ,ඒත් ඒකේ අනිවාර්යයෙන් බලන කෑලි 2ක් තිබ්බා.එකක් තමයි "මැගසීන්" අතිරේකය.(පත්තරේ මොකක්ද කියලා මතක අය කියන්නකො) අනිත් එක තමයි "ටීවී" අතිරේකය.මං එහෙම කිව්වට ඒකේ නමනං ඒක නෙමෙයි මයෙ හිතේ.ඒකෙ තියෙන්නෙ සතියේ රූපවාහිනි වැඩසටහන් පෙලගැස්ම.ඒක සෑහෙන්න වටින මෙව්වා එකක්.මං ඉතින් ලස්සන ප්‍රොග්‍රෑම්,ෆිලුම් එහෙම තියෙන දවස් පීර පීර බලන එකයි කරන්නෙ.ඒ වගේම ඒකේ සතියේ රේඩියෝ වැඩසටහන් පෙලගැස්මත් ගින්දර වගේ තියෙනවා.මං ඒ කාලෙ ලොවෙත් රේඩියෝ ඇහුවෙ නැති උනාට ඒකත් බලන්න අමතක කරන්නෙ නෑ.

ඊට පස්සෙ රේඩියෝ එකක් අතපත ගාන්නෙ මං 5 වසරෙදි.මොකද දවසක් අපිට තිබුන පාඩමකටද කොහෙද අපේ පන්තිබාර "දයාරත්න" සර් අපිව ඉස්කෝලෙ හෝල් එකට එක්කගෙන ඇවිත් රේඩියෝ එක ගැන ටිකක් කියල දුන්නා.එතනදි තමයි මං දැනගන්නේ ඔය ඇෆ්.ඇම්. වලට අමතරව AW1/AW2 හා SW කියලා ඒවත් තියෙනවා කියලා.මං ඉතින් එදා ගෙදර ගිහින් ඕවා ගැන පරීස්සන කොරන්ට කියලා හිතාලා ගෙදර මකුලුදැල් ගොඩේ තිබුන "නැෂනල්" වෑර්ලස් එක එලියට ගත්තා.ඕං ඉතින් ඒක ගත්තා විතරයි මට තව කතාවක් මතක්වෙනවා කියහංකෝ.ඒක තව ටිකකින් කියන්නම්..ම්ම්..ඉතිං මං වෑර්ලස් එක අරන් කරකව කරකව හිටියා.ඒකෙත් පුලුවන් අර ඇෆ්.එම්./ඇස්.ඩබලිව් මාරු කරන්න.ඒ දවස්වලත් ඒ.ඇම්. ශබ්ද තරංගවලින් විකාශය වෙන නාලිකා තිබුනා.නමුත් පැහැදිලි බව නම් ගොඩක් අඩුයි.ඉතින් ඒ විදියට තමයි මං ඉස්සෙල්ලම රේඩියෝ අහන්න පටන් ගත්තෙ.ඉතිං ඊට පස්සේ,කාලයක් යනකම්ම රේඩියෝ එක ඇද යට තියලා අහ අහ හිටියා.

ආහ් තව දෙයක් මිස් උනානෙ කියන්න.පොඩි කාලෙ අපි කැමති දේවල් තියෙනවනේ.ඒ කියන්නෙ කැමතිම ක්‍රීඩාව,චැනල් එක වගේ ඒවා.ඉතින් මං ඒ කාලෙ කැමතිම රේඩියෝ චැනල් එක උනේ "හිරු".අඩුගානෙ ම\ම් ඒක අහලවත් තිබුනෙ නෑ.ඒකට කැමතිවෙන්න හේතුව ර්හමයි,ඒකෙ ලෝගෝ එක ලස්සන වීම.එච්චරයි...

ඔන්න ඔය සීන් එකෙන් පස්සෙ මට ආයෙත් රේඩ්යෝ කතාවක් මතකෙට එන්නෙ 7,8 වසර වලදි අපේ "ගෝරිල්ලා" සර් රැස්වීමකදි කියපු කතාවක්.මහලොකු දෙයක් නෙමෙයි..සුපුරුදු බැනීමක් ගුවන්විදුලියට.දැන් කාලේ නිවේදිකාවෝ ....බ්ලා බ්ලා බ්ලා..හැබැයි ෆ්හැන් හොද චැනල් එකකට තියෙන්නෙ "සිටි ඇෆ්.ඇම්." එක විතරයි කියලා.

දැන් අර කතාවට එමු.ඔය රේඩියෝ රාජයා ටිකක් සයිස් එකක්.ඉතින් ඇදයට තමයි දාලා තියෙන්නෙ හොඩාක් වෙලාවට.ඒක ගොඩක් පරන නිසා වයරුත් මීයෝ කාලා,සෙලෝටේප් ගහල එහෙම තමයි තිබ්බෙ.ඉතින් දවසක් අපේ පැත්තෙ කැරකෙන "හොර පූසා" ගේ ඇතුලට ආවම පුරුදු විදියට මං එලෙව්වා.ඒත් කරුමෙට මූ කාමරේට ඇවිත් ඇද යටට රිංගුවා.ඒ කාමරේ(බෙඩ් රූම් එක) බිමට කොන්ක්‍රීට් විතරයි දාල තිබ්බේ.(තාමත් එහෙමයි) ඉතින් ඇද යටට රින්ගනවා කියන්නෙ දනිස් හූරගන්න වැඩක්.ඉතිං මං කලේ කොස්ස අරං ඇවිත් මිටෙන් අල්ලගෙන ඇද යටට එබුවා පූසව පන්නගන්න කියල හිතාගෙන.එක පාරටම මාව "වෙව්ලන්න" පටන් ගත්තා..කොස්ස අත ඇරල මං ටික වෙලාවක් කල්පනා කලා.මං හිතුවෙ පූසා කෝස්සෙ යටින් කටින් අල්ලගෙන හොලවන්න ඇති කියලා.ඕවා කොහෙද මාත් එක්ක කියලා ආයෙත් වැඩේට බැස්සා..අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.මෙන්න ආයෙත් කලින්ට වැඩි වෙව්ලීමක් එක්ක ඇග හිරිවැටිලා ගිහින් මාව විසිවුනා.බලං යද්දි වෙලා තියෙන්නෙ කොස්ස දාද්දි අත වැදිලා අර වෑර්ලස් එකෙ මීයෝ කාපු වයර් කෑල්ලක...ප්‍රිය හිතවතුනි.ඔන්න ඔහොමයි මංතුමාට මංගල කරන්ට් එක වැදුනේ!

මදැයි කොලා! ලියන්න ගියෙ වෙන කතාවක්,ලියවුනේ වෙනම කතාවක් නොවැ!
එහෙන්ං අපි දෙවැනි කොටසෙන් හමුවෙමුකො.එතෙක් මතකයේ තබාගන්න "ඊලග කෑල්ල තවත් රසවත්"

ප.ලි.- මේ දවස්වල "කටුස්සා" පෙන්නට නැත.සමහරවිට ගජරාමෙට "ගල් කඩනවා"ද විය හැක.ඕකා මේක දැක්කොත් නැවතත් මට බනින්නේ "නොදකින් තෝ..ලස්සනට කියවගෙන යද්දි බාගෙට නවත්තනවා" කියාය.

24 comments:

  1. හනේ බං උඹට පූස කරපු දෙයක්...! ඔය පූසො පස්සෙ එළවන්න එපා බං. උඹ තාම පෙඩි එකා. අර ගාථාවක් තියෙන්නෙ,
    මධුවා මඤ්ඤති බාලෝ (බාලයා මධුසමයේදි මඤ්ඤං කෙළියි)
    යාච පාපං න පච්චති (ඒක පච්ච පාපයක් වේ)
    යදාච පච්චති පාපං (යම් දාක පච්ච පාපයක් නොකිරීමට නම්)
    අථ බාලෝ දුක්ඛං නිගච්ඡති (බාලයා දුක සේ අත පාවිච්චි කළ යුතුයි)

    ReplyDelete
    Replies
    1. හපොයි! කවුද බං අයියේ ඒක දේසනා කොලේ?

      Delete
  2. හැක් ටොට හොඩ වෙඩේ
    හිහි
    කටුස්ස මේ දවස් වල හැළි අරක්කු හදන්න පුරුදු වෙනවලු... අරක්කු ගණං ගිය හිංද
    උඹලටත් ලෙසොං එකක් කරයි ඇවිත්
    හිහි

    ReplyDelete
    Replies
    1. අන්න ඒවාට තමයි වියාපාරික මෙව්වා එක කියන්නේ..මේ දවස්වල් කරනවන්ම් බිස්නොස්!

      Delete
  3. මලිෙයා,
    මටත් ෙමේක කියවනකොට කතා ගානක් මතක් වුනා.
    1. මමත් පොඩි කාලෙ ඔය වෑර්ලස් අහනවට වඩා කෑලි ගලවන්න හරිම කැමතියි. අපේ ගෙදර අගේට වැඩකරපු වෑර්ලස් එක මම බොහොම හොඳට ගලවලා කෑලි කරලා මදි නොකියන්න ගුටිත් කෑවා.

    2. මට මුලින්ම කරන්ට් එක වැදුනු දවස. ඒ දෙක වසර. අපිට බ්‍රේල් ලියන්න තියෙන්නෙ ලෝහ කූරක්. මේක දවසක් පන්තියෙ තිබුනු ප්ලග් එකට දැම්මා විතරයි. බුදු අම්මෝ. මාව විසිවෙලා ඩෙස් එකක වැදිල නැවතුනෙ. වෙලාවට ටීචර් නොහිටියෙ.

    3. ඔය වගේම ගෙදර හිටපු පූසව අල්ලන්න ගිහින් වෙච්ච වැඩේ. ඔන්න දැන් මම සුදු පූසා පස්සෙන් එලවනවා. මූ මගෙන් බේරෙන්න දුවගෙන ගිහින් අල්මාරිය උඩට නැග්ගා. මමත් වැඩේ අතහැරියෙ නෑ.ඔන්න අල්මාරියෙ එල්ලිලා බාගයක් නැග්ගා විතරයි මෙන්න දඩෝං ගාලා සද්දයක්. අල්මාරියෙ උඩ කෑල්ලත් එක්ක මම බිම.

    ReplyDelete
    Replies
    1. හී හී..සමාන්තර කතා නේද? තුන්වැනි එක මරු!

      Delete
  4. ..//අනිත් එක තමයි "ටීවී" අතිරේකය//..

    මම ඒ දවස්වල ඕක අතටගත්ත ගමන් බලන්නේ Baywatch තියෙන්නේ කවදටද කියලා.

    මටනම් කරන්ට් එක වැදුනේ අපේ ගෙදරට මුලින්ම කරන්ට් ලයින් එක ගත්ත දවසේ.කම්බියක් හැපුවා සුද්ද කරගන්න කියලා.

    ReplyDelete
    Replies
    1. මදැයි කොරලා තියෙන දේ..දවසක් මං කරන්ට් එක තියෙනවද බලන්න විහිලුවට වගේ වයර් එකක් දිවේ තිබ්බ කියහංකෝ.

      Delete
  5. ඕක තමයි කියන්නෙ එක එක ඒවා දාලා පූසන්ට අනින්න හොඳ නෑ කියලා.... කොහෙද පොඩි උන් ඕවා දන්නවයැ...
    අපෙ දිහා තියෙනවා පරණ වෑල්ව් රේඩියෝ එකක්. තාම වැඩ.
    කසුට්ටා යහතින් ඉන්නවා දැක්කා මේ ලඟදි. මේ දවස් වල බත් පැකට් ගහනවලු.

    ReplyDelete
    Replies
    1. හී හී..දැන් දන්නවා පූසන්ට සලකන්න ඕනෙ විදිය..
      කසුට්ටගෙන් වේටර් ජොබක්වත් ඉල්ලගන්න ඕනේ.මේ දවස්වල හිදිලා ඉන්නේ

      Delete
  6. උපදේශය: පූසන්ට ඇනීමට යාමෙන් කරන්ට් එක වැදේ..... සික් ඒක දකිනකොට මට මහ වැරදි දේවල් හිතෙනවනේ...........
    අපෙ අම්මා රේඩියෝ එක දාන්නෙ උදේට පිරිත් යන වෙලාවට විතරයි....... අර දිගට තියෙන කූර දෙකට මැදින් නවපු දවසෙ ඉදන් මට ඒක ඇල්ලීම සපුරා තහනං.........

    ReplyDelete
    Replies
    1. හා හා කට කට!
      හී ඉස්සර අපි කඩු පයිට් වලට ගන්නෙත් ඔය දිග කූරු.

      Delete
  7. අහ්... ඒ කරන්ට් වැදිල්ලෙන් තමයි උඹේ අප්සට් එක පටන් ගත්තේ නේද? තව සැරයක් වද්දා ගත්තොත් ආපහු හරියාවි මගෙ හිතේ.....

    ReplyDelete
    Replies
    1. අඩේ! එහෙමත් වෙන්න පුලුවන් තමයි...ජිම් පප්පා ස්ටයිල් එකේ ප්‍රතිකාරය.

      Delete
  8. තරංග මාලා නම්කිරීම මෙන්න මෙහෙම වියයුතුයි.

    FM = Frequency Modulation

    SW = Short Wave (1,2,3,4,)

    බොහොම ඉස්සර තිබුණා,
    AM = Amplitude Modulation.

    ReplyDelete
    Replies
    1. ඔව්..නිවැරදිකිරීමට බොහොම ස්තූතියි!

      Delete
    2. AM is still alive and Well.
      Here is a good one.

      http://www.coasttocoastam.com/
      http://tunein.com/radio/Coast-to-Coast-AM-p35675/

      Delete
    3. හිහ් හිහ්, කාලෙකට උඩදී අපි ඔන්න ඔහේ ලියලා දැම්මා දිග...............රේඩියෝ ලිපියක්

      මේ තියෙන්නේ

      Delete
  9. අර ඇඳ යටට රිංගපු පූසා තාම ජීවතුන් අතර ද???

    ReplyDelete
    Replies
    1. හී. දැන් නැහ් මං හිතන්න‍ෙ

      Delete
  10. ඔ්ක තමා කියන්නේ මලියෝ බැරි වැඩ නොකරං කියලා............. හැක්

    ReplyDelete
    Replies
    1. ඒවා නොකරනම් මෙහෙමවත් ලියන්න දෙයක් නැති වෙනව නෙහ්

      Delete
  11. කතාව අතරමඟ නතර කලෙ ඇයි

    ReplyDelete