Monday, September 7, 2015

මතක සුවද


බුද්ධි...ගොඩක් අය එයාට කතාකරන්නේ එහෙම.ඒත් මං එයාට කතාකරන්නේ "මේධා" කියලා.ඔව් එයා ලස්සනයි ගොඩක්.ඉගෙනගන්නේ අගනුවර ප්‍රසිද්ධ පාසලක.නෑ..එයා මගේ ගෑල්ලමයා නෙමෙයි.එහෙම වෙනවට අකමැත්තකුත් නෑ හැබයි...ඒත්,එයා තාම චූටි ලමයෙක්.ඉන්නේ 9 වසරේ.හැබැයි පෙනුමින් නම් ඕ ලෙවල් කරලත් ඉවරයි වගේ.මොකද මේ හදිස්සියේ කෙල්ලෙක්ව මතක් උනේ.මට එයාව සෙට් උනේ ලගදි..ම්ම්..සති 3ක් ඇති උපරිම.හරි හොද අහිංසක කෙල්ලෙක්.ඇත්ත කියන්න එපැයි,පොඩ්ඩක් මෝඩයි..හේතුව පොලොවට පය තියන්න අවස්ථාවක් නොලැබීම.අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.ඒක නෙමෙයි කතාව.අපිට වෙන් වෙන්න සිද්ධ උනා.දුකයි තමයි..ගොඩක්!අපි එකට හිටපු සති දෙක තුනේ මාත් එක්ක මාරම විදියට ෆිට් උනා එයා.අපි යාලු උනා,තරහ උනා,රැව්වා,ගහගත්තා,හිනා උනා...මට ජිවිතේ ලොකු පාඩමක් ඉගෙනගන්න අවස්ථාවක් ලබාදුන්න.ඉතිං මේ ඊයේ පෙරේදා අපි සමුගත්තා අපෙන්...මං කිව්වා මට මතක් වෙන්න මොනවාහරි දෙන්න කියලා.මේකි දුවලා ගිහින් කොහෙන්දෝ අරන් ඇවිත් දුන්නනේ මට මේ සුකුරුත්තම.(පොටෝ එක බලන්න).

දුන්නනේ මට මේ සුකුරුත්තම!

ඕවා අතේ දානවලු කස්ටිය..එයා හදපු මෙව්ව එකක්ලු.අනේ මංදා,මං ඉතින් සැහැල්ලුවෙන් ඉන්න කැමති මිනිහා හිංදා  "මතක් වෙන්න තියාගන්නම්" කියලා ඒක සාක්කුවට ඔබාගත්තා.ගෙදර ගිහින් නිකමට වගේ ඒකේ සුවද බැලුවා.ඔව්..ඒක මේධාවිගේ සුවදමයි."ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි".එහෙම කතාවක් අහල තියෙන නිසා මං ඒක ලාච්චුවේ තියෙන පොඩි පෙට්ටියට දාන්න හැදුවා.එක්වරම මගේ නෙත ගැටුනේ පොඩි බෝතලයක්.ඒකේ ගහලා තිබුනා "Pure Love" කියලා...

මං හිතන්නේ එතකොට මං 10 වසරේ.හා හා පුරා කියලා ගෑල්ලමයෙක් එක්ක යාලු උන අලුත.වෙනදට ඕනෑවට එපාවට වගේ ඉස්කෝලේ යන මං ඇදුම් මැදගෙන,ලස්සනට ඇදපැලදගෙන යන්න පටන් ගත්තා.ඒ දවස්වල උදේ වරුවෙන් වැඩි හරිය කණ්නාඩිය ඉස්සරහ.ඔහොම කාලේ ගතවෙද්දි මට හිතුනා පොඩ්ඩක් සුවද ගහගන්න.ඉතිං මං ඉස්කෝලේ ඇරිලා යන ගමන් යාලුවෙක් එක්ක "ලවර්" එකට ගොඩවැදුනා.ඔය කාලේ ලවර් එක කිව්වම හිතට දැනෙන්නෙත් අමුතු හැගීමක්.ඒ කිව්වේ "හිරි,ඔතප්" සම්බන්දව.ඔය මං ගිය ලවර් එක පිහිටලා තිබුනේ ගොඩනැගිල්ලක උඩුමහලේ.ඒකට යන්න තියෙන්නේ පිටතින් හදලා තියෙන පඩිපෙලකින්.ඉතින් මං එදා ජීවිතේ ප්‍රථම වතාවට ලවර් එකට ගොඩවැදුනේ පට්ට බයෙන් වටපිට බලබල..ඇයි දෙයියනේ අදුරන කවුරුහරි දැක්කොත් එහෙම මොන දෙයියන්ට කියන්නද? ඉතිං ඔහොම ඇතුලට ගිහින් එතන හිටපු අක්කට කිව්වා මට "සැන්ට්" එකක් අවශ්‍ය බව.ඉතිං තෝරලා තෝරලා සුවද එහෙම ටැස් කරලා මං මගේ ලෝ බජට් එකට හරියන මෙව්වා එකක් ගත්තා. ඒකේ මිල උනේ රු 95 වගේ මතක.හැබැයි ඒක කෙල්ලො යූස් කරන එකක්ද කියලත් මට සැකයි.මං ඇහුවාම කිව්වෙ එහෙම නෑ කියලා.

 
ඉතිං එදා ඉදන් මාස ගානක් ඕක ඉවර වෙනකම්ම මං යූස් කලා.උදේ පාන්දර ඉස්කෝලේ ගිහින්...ගෑල්ලමයට ආදරෙන් කිස් එකක් දෙනකොට,තුරුලු කරන් ඉන්නකොට මට එයාගෙන් ආපු අමුතු සුවදයි, මගේ සෙන්ට් එකේ සුවදයි කලවම් වෙලා අමුතු සුවදක් දැනුනා.. එයාගේ කම්මුල්වලින් මූණ අහකට ගන්න බැරි තරමට මං ඒ සුවදට වශී උනා.මට කියන්න බැරි උනානේ..ඒ සෙන්ට් එකේ නම "Pure Love ❤".ඔය කාලෙන් පස්සේ,ජීවිතේ විවිධ හැලහැප්පීම් වෙලා..අපිට වෙන්වෙන්න උනා.ඒත් එක දවසක්,මං මගේ පරණ ලාච්චුවක් අදිද්දි..මට හම්බුනා අර සෙන්ට් බෝතලේ.මං ඉබේටම වගේ ඒක ඇරලා සුවද බැලුවා.ඔව්..ඒ සුවදමයි,ඔයා මට තුරුල්වෙලා ඉන්නකොට මට දැනුනු ඒ සුවදමයි.මං එකදිගට විනාඩි 5ක් විතර ඒකේ සුවද නැහැයට අදින්න ඇති.නෑ..ඒක වැදුනේ නහයට විතරක් නෙමෙයි.ඒ සුවද දිගේ ගලාගෙන ආපු ඔයාගෙයි,මගෙයි රොමෑන්තික මතකයන් මගේ ඇග පුරාවට ගලාගෙන ගියා.මට සෑහෙන්න සතුටක්,සැහැල්ලුවක් දැනුනා.හරියට ඔයා මගේ ලග ඉන්නවා වගේ..ඔව්! මං දන්නවා ඒක මායාවක්.ඒත් මං කැමති ඇති ඒ මායාවට.ඊටපස්සේ..මං පරිස්සමට බෝතලේ වහලා දැම්මා,වෙන මොකටවත් නෙමෙයි..ලෝබකමට.ඉතුරු උන සුවද ටිකත් හුලගට අහුවෙලා යයි කියලා හිතලා.දන්නවද? මට හිතෙනවා වෙලාවකට..සයිබරයෙන් අපිට සුවදත් ශෙයාර් කරන්න පුලුවන් උනානම් කියලා.එහෙනම් ඔයාටත් ඒ ශෘංගාර සුවද විදින්න පුලුවන් වේවි!

22 comments:

  1. අතීතයේ සමහර දේවල් මතකයට එන්නේ නොහිතු විදිහට.ලගදි මගේ යාලුවෙක් මට දුන්න පෑනකින් ලියන්න පටන් විතරයි ඒකේ තීන්ත වලින් හමාගෙන ආව සුවද මාව අවුරැදු පහලවක් විස්සක් විතර ඈත අතිතයට අරගෙන ගියා.මට අමතකම වෙලා තිබුන මගේ 1st love එකේ මතකයන් එක දිගට ගලාගෙන ආවා.මාර කටිටක් කාලා මම එයාගෙන් කැමැත්ත ගත්තේ.මට මුලින්ම දුන්න ලියුම ලියලා තිබුනේ තීන්ත සුවද පෑනකින්.ඒ පෑන එයාට දුන්නේ රට ඉදලා ආව නැන්දා කෙනෙක් කීවා.මමත් ඉතින් තීන්ත සුවද පෑනකින් ලියුමි ලියන්න ඔන නිසා ඒ වගේ සුවද පෑනක් හැම තැනම හෙවිවා ඒත් ඒ වගේ එකක් නමි එදා හොයාගන්න බැරි වුනා.අවුරැදු ගානකට පස්සේ යාලුවා මට දුන්න පෑනෙත් තිබුනේ ඒ තීන්ත සුවදමයි.ඒ සුවදත් එක්ක බැදුන අතීතයට මම මොහොතක ගියා.කොහොම හරි දුවට ඔය පෑන අහුවෙලා දැන් ඒක මගේ නෙවෙයි එයාගෙ.

    ReplyDelete
    Replies
    1. හී හී..මං ලගත් තියෙනවා සුවද ගහන ලියුම්.ඒවා නං ලියලා තියෙන්නේ සුවද පෑන්වලින්ද කියන්න දන්නෙ නෑ.ඒත් අමුතු සුවදක් එනවා ඒවා බලද්දි...

      Delete
  2. සුවඳත් එක්ක මතකයන් බැඳුනාම ඒවා වෙන් කරන්න හරි අමාරුයි. ඇත්තම කිවුවොත් බෑ. පරණ මතක ආපහු මතක් කරවන්න සුවඳට තියෙන්නෙ පුදුම හැකියාවක්. පොඩි කාලෙ තිබුණු රබර් මකන කෑලි වල සුවඳ මතක් කරලා බලන්න නිකමට වගේ.
    පිරිමින්ට වටා ගෑනු අයට සුවඳ හඳුනාගැනීමේ හැකියාව වැඩී කියලයි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ බය කරන්න එපා බන් :p

      Delete
    2. ඇත්ත..මං අහලා තියෙනවා යමක් පාඩම් කරද්දි උනත් මේ සිද්ධාන්තය යොදාගන්න පුලුවන් කියන කාරණය.උදා-අපි ජොයින්ට් එකක් ගහගෙන පාඩම් කලොත්,එක්සෑම් එකේදිත් ලාවට දුමක් ආවොත් පටස් ගාලා මතක් වෙනවලු එදා පාඩම් කලේ මොනවද කියලා...
      (දැන් අහන්න එපා ඒක ප්‍රායෝගිකද කියලා...)

      Delete
  3. එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
    නැද්ද මචං... මතක විප්‍රකාරයක් බං වෙලාවකට... සමහර වෙලාවට ඔළුව කුරුකුට්ටං වෙන ඒව මතක් වෙව පුල් අන්දොස් එතකොට නං...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මං දන්නවනේ මහේෂ් අයියා ගැනත්..අපි දෙන්නම එකම බෝට්ටුවේ...

      Delete
  4. චැහ් අතීතීතීතීතෙටම ගිහිල්ලා වගේ...
    සුවඳ දැනී දැනී දැනෙනවා...


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. //සුවඳ දැනී දැනී දැනෙනවා...//
      හී..හී...

      Delete
  5. සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි මිහිරි අතීතය දැනුනේ... ඔබට මේ තරම් මා පෙම්කල බව... ..........නෑ දැනුනේ.. //

    ReplyDelete
    Replies
    1. හ්ම්...කමි අයියාටත් පරණ සීන් එකක් මතක්වෙලා වගේ..(හාමිනේ දැක්කොත් ඉවරයි)

      Delete
  6. පැරනි අතීතය තවමත් සුවඳයි...........
    මීට වඩා මොනවා කියන්න ද?

    ReplyDelete
  7. පරණ මතකයන් හැමදාම සුවදයි මලියෝ..............

    ReplyDelete
  8. කවුද බන් මේ මෙධා....??? මනඃකල්පිත නමක්ද??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..උඹ දන්නේ නෑ බං එයාව

      Delete
  9. මේක පට්ට බන්....... සිරාවටම සුවදට පුලුවන් ගොඩාක් පරණ දේවල් මතකයට ගේන්න...........

    ReplyDelete
  10. oyt liwumak ewwa.hambunada dnne na. mathaka suwada,,, mathakayan jeewath karawai hamadamath.(medha)

    ReplyDelete