Monday, June 1, 2015

යකඩ මුද්ද




ඔයා හැමදාම මට මොනවහරි අරන් එනවනේ.ඉතින් මං අද ඔයාට පොඩි බඩ්ඩක් ගෙනාවා..
බඩුවක්ද? හිකිස්
යනවා යන්න...කෝ අත දෙන්නකෝ.
ම්ම්...ඔන්න දැන් හරි..ලස්සනද?
මේ මොකක්ද මේ...යකඩ කෑල්ලක්නේ
මේක මුද්දක් අනේ..
මුද්දක්!! කම්බියක් නමලනේ තියෙන්නේ.ඔයාද හැදුවේ..හික්ස්
මේක මාව මතක් වෙන්න තියාගන්න.මාව බලන්න එන හැමදාම මේක දාගෙන එන්න ඕනි හරිද?
හ්ම් හ්ම්...


මං ඉතින් හැමෝටම පේන්න කම්බි කෑල්ල ඇගිල්ලේ දාගෙන හිටියා දවස් ගානක්ම.හැමදාව උදේට ඉස්කෝලෙ යන්න රෙඩි වෙලා මතක් කරනවා ගන්න ඕන දේවල්...ලේන්සුව,ෆෝන් එක,පර්ස් එක...අම්මටසිරි යකඩ කෑල්ල...

අපේ පන්තියේ කොල්ලොත් අහනවා කොහෙන්ද බන් මේ කම්බිය කියලා.මං කියනවා,කෑල්ල දුන්නේ බන්...
මේක උඹට හරියන්නේ නෑ.දියන් බලන්ට මට.
ඉතින් හැම එකාම උන්ගේ ඇගිලිවලට දාලා බලනවා,සෙට් වෙනවද කියලා..
අඩෝ ඕක නැතිකරන්නේ එහෙම නෑ.සන්තකේටම මට ඒකිව මතක්වෙන්න තියෙන්නේ ඔච්චරයි.
දවසක් මේ විදියට අන්තිම පීරියඩ් එක වෙනකම්ම එකෙක් (අපේ බඩියා) ඕක දාගෙන හිටියා.ඉස්කෝලෙ ඇරිලා දඩිබිඩි ගාලා ගෙදර ගියාට පස්සෙයි මතක් උනේ.හුටා..යකඩ කෑල්ල..
යකෝ මගේ මුද්ද අරං වරෙන් මැරුම් නොකා..බඩියට මැසේජ් එකක් දැම්මා.
කෝ බොල මුද්ද??
මොන මුද්දද
ඇයි බොල තෝ ඊයේ දාගෙන හිටයේ..
අම්මටසිරි ඒක කොහෙද දන්නෙත් නෑ බන්..
තොගේ අම්මට.....(කියන්න හිතුනට කිව්වේ නෑ)
කමක් නෑ බන්,මොනව කරන්නද...ඕක යකඩ කෑල්ලක්නේ.

කාලය ගෙවිලා ගියා.මට මුද්ද අමතක උනා.ඔයාට මාව අමතක උනා.අවුරුද්දකට විතර පස්සේ ඔයා මාත් එක්ක FB චැටක් දැම්මා..මං ඒ ගැන හිතහිත ඉද්දි එකපාරටම මට මතක් උනේ මේ කතාව.ඔයා දුන්න මුද්ද මං ලග නෑ කියලා ඔයාට කියන්න බැරිඋනා නේද? ශිට්..

8 comments:

  1. කාලය ගෙවිලා ගියා.මට මුද්ද අමතක උනා.ඔයාට මාව අමතක උනා.

    ReplyDelete
  2. උඹට මුද්දක් වුනාට එයාට කන්දක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්,ඒ දවස්වල..
      දැන් මට ඒක කන්දක්..එයාට යකඩ කෑල්ලක්..

      Delete
  3. මොනවා කියන්නද බං මේවට.. කාලය සම්බණ්ඳකම් දුරස් කරද්දී මුද්දක් ගැන මොන කතාද?

    ReplyDelete
  4. මා කියවූ හොඳ කතාවක්!

    ReplyDelete
    Replies
    1. රසිකොලොජිස්ට්ගෙන් මේ වගේ ප්‍රතිචාරයක් ලැබීමට හැකිවීම ගැන ආඩම්බරයි!!!

      Delete