Saturday, May 30, 2015

මැලේනා බඩුවක්ද?




කාලෙකට පස්සේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියක් රසවිදින්නට අත්දැකීමක් ලැබුනා.ඒ ඇසුරින් යන දෙයක් ගැන තමයි අද මං කතාකරන්න හිතුවේ.චිත්‍රපටයේ නම මැලේනා.මට මේක ලැබුනේ ලගකදි උනාට මේක බලපු කස්ටියනම් ඇති අනිවාර්යෙන්ම.මේක ඉස් ඉස්සෙල්ලම බලද්දි මට බලලා පුරුදු ගතියක් දැනුනා.පස්සෙයි මට මීටර් උනේ,මේ ෆිලුමේ වීඩියෝ එකක් එඩීට් කරලා ලස්සන සිංහල සින්දුවකට දාලා තිබුනා.මොකක්ද සින්දුවේ නම.....ආහ්..කැමීලියා මල් සුවදට.. මේක මැලේනා නම් සුරූපි යුවතියක් වටා ගෙතුන අපූරු කතාවක් වගේම සමාජ යථාර්තයක් ගැන කතිකාවතක් ඉදිරිපත් කිරීමක් විදියටත් හදුන්වන්න පුලුවන්.ඇත්තෙන්ම මං ලබා තියෙන සමාජ අත්දැකීම් අනුව 100% ක් ලංකාවට ගැලපෙන කතාවක්.

කතාවට පසුබිම් වෙන්නේ දෙවන ලෝක යුධ සමයේදී යුද්ධය නිසා අසරණවූ සුරූපි වැන්දඹුවකගේ ජීවන අරගලය සම්බන්ධ කතා පුවතක්.කතාව කියන්නේ නැතිව මට ඒ ගැන කතා කරන්න අමාරුයි වගේ.ඒ හින්දා කෙටියෙන් කියන්නම්.මේ මැලේනා කියන්නේ ජර්මානු යුධ හමුදා නිලධාරියෙක්ගේ අලුත බැදපු මනමාලී.එයා එයාගේ ගමේ ඉදන් ස්වාමියාගේ ගමට ඇවිත් ඉන්නේ.මැලේනාට තියෙනවා සුරූපී,පට්ට,සුපිරි,පිස්සු හැදෙන ලස්සනක්.දැක්කොත් ඕනෑම පිරිමියෙක් දෙවරක්,තෙවරක් නොව සිව්වරක් හෝ හැරී බලන තරම් ලස්සනයි.මේ අතරදි වයස අවුරුදු 16ක විතර පාසල් සිසුවෙක් මැලේනාට ආදරව කරන්නට පටන් ගන්නවා.මේක ඇවිල්ලා ඒක-පාර්ශවික,පරම පිවිතුරු හා අසම්මත ආදරයක්.
ටික කාලයක් යද්දි මැලේනාගේ ස්වාමියා යුද්ධයෙන් මියයනවා.ඒ සමගම මැලේනාට විවිධ කටකතා පැතිරෙන්නට පටන් ගන්නවා එයා අනාචාරයේ යෙදෙනවාය කියලා.නමුත් විහිලුවට කරුණ වන්නේ එසේ කියනා සෑම දෙනාම ඈ හට පැණි හැලීමයි.මේ අතරවාරයේ ඇය නිසා පවුල් ආරවුලක් ඇතිවුනා ඇයි පැමිණිල්ලකින් පසුව ඇය හට උසාවි යාමට සිදුවෙනවා.මෙහිදී ඇය නිදහස් උනත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයාට ගෙවීමට තරම් මුදලක් ඇය සතුව පවතින්නේ නැහැ.මෙහිදී ඇයට වෙනත් ගෙවීමක් ලබාදීමට සිදුවෙනවා.මේ ආකාරයට මුදල් නොමැතිකම නිසා තමන්ට අවශ්‍ය ආහාර ලබාගැනීමට පවා මැලේනාට අනුන්ට යටත්වීමට සිදුවෙනවා.එතකොට අර පොඩි කොල්ලගේ ලව් එකට මොකදැයි වෙන්නේ.ඒකට උත්තරේ හොයාගන්න සම්පූර්ණ කතාවම බලන්න වෙනවා. 

දැන් බලමු මේ තත්වය ගැන, යුද්ධය...කුරුරු යුද්ධය නිසා ගැහැණියෙකුට විදින්නට සිදුවන සිදුවීම් සමයි මීට පුධාන වෙන්නේ.මෙරට තත්වයේත් කිසිම වෙනසක් නැහැ.වැන්දඹුවකට සමාජය (විශේෂයෙන්ම ආසියානු සමාජය) තුල හිමිවන සැලකීම ඉතාම අවම වීම නිසා ඇයටත් දරුණු යුද්ධයකට,ජීවන අරගලයකට මුහුණදීමට සිදුවෙනවා.මේකටත් මූලික සාධක 2ක් මං දකිනවා.ඒවා තමයි ආරක්ෂාව හා මුදල්‍.තමාට ආරක්ෂාව ලබාදුන්(නාමිකව හෝ) ස්වාමියා මිය ගිය පසු සමාජය ඒ දිහා බලන්නේ වපර ඇසින්.ඒකට හේතු කීපයක්ම තියෙනවා වගේම එම බලපෑම් වලින් මිදිලා ඉන්නටත් හැකියාවක් තියෙනවා  අනිත් සාධකය,එනම් මුදල් තියෙනවනම්.තම කුටුම්භයේ වියදම් සදහා වන මුදල් හිගවන තත්වයක් ඇතිඋවහොත් තමයි මුලින් සදහන් කල ආකාරයේ ගැටලු පැන නගින්නේ.නමුත් මුදල් කියන සාධකය නොමැති උවවහොත් ඇයට මුහුණදීමට සිදුවන්නේ ශෝචනීය ඉරණමකටයි.ඒ බව මෙම චිත්‍රපටය මගින් මනාව පැහැදිලි කර දෙනවා.ඉතින් අපිට තීරණය කරන්න වෙනවා වැරැද්ද කාගෙද කියලා...

8 comments:

  1. මුදල් හොයාගෙන මොන දේ කරත් ඒ වගේ කාන්තාවන්ට මුදල් අතට ආවම ලොකු අප්‍රියතාවයක් දැනෙනවා ඇති කියල මට හිතෙනවා. ඒ මුදල් වෙනුවෙන් තමන්ව විවිධාකාරයෙන් සූරා කෑමට ලක්වුනා කියන ආත්මානුකම්පිත සිතුවිල්ල නිසා

    ReplyDelete
    Replies
    1. වෙන්න පුලුවන්...මොනවා කරන්නද,සමහරවිට ඒ එයාලගෙ අන්තිම තුරුම්පුව වෙන්න ඇති...

      Delete
  2. ලස්සන ෆිල්ම් එකක්. හැමෝම බලන්න. 18ට වැඩී නම් :P

    ReplyDelete
    Replies
    1. අනිවා...18ට අඩු උන් බලලා මාට්ටු වෙනවා එහෙම නෙමෙයි ඕං!

      Delete
  3. මම බලපු ලස්සනම ෆිල්ම් වලින් එකක්.. වැන්දඹුවක් දිහා සමාජයක් බලන්නේ කොහොමද කියන එක ගැන බටහිට ච්ත්‍රපටියකින් කියවුන හොදම කතාවක් මේක..

    ReplyDelete
    Replies
    1. සිරාවට..මේ වගේ නිර්මාණ වලින් අපිට හිතන්න යමක් ඉතුරු කරනවා.

      Delete
  4. මං ඕක බලපු කාලෙ සබ්ටයිටල් තිබ්බෙ නෑ. ඒ හින්ද තෙරුනේ නෑ. ඕං දැනුයි බඩු තේරුනෙ මට.

    ReplyDelete
    Replies
    1. දැන් හරි තේරුණ එක ලොකු දෙයක් නොවැ..

      Delete