Saturday, May 23, 2015

දවසේ කරුමය හෙවත් පොලිස් පාට්




මං හා හා පුරා කියලා බයික් එකකින් පාරේ යන්න පටන් ගත්තේ 9වසරෙදි විතර .ඒ කාලෙ පියාගේ CD 90 න් ගම වටේම වගේම අහල ගම් 7ම රවුම් ගහල තියෙවා.ඒ වගේම වෙසක් එකට එහෙම විශේෂයෙන් වෙසක් ටුවර් ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන විදියටම ගිහින් තියෙනවා කිසිම ලයිසමක් නැතිව.මේ විදියට රවුම් ගහමු මගේ වාසනාවටද කොහේද ජීවිතේටම මාව පොලෝසියෙන් නවත්තලා නෑ.ඒ ලෙවල් කරන අන්තිම කාලෙ බයික් පික්සුවක් ගහල රටවටේ හොයලා, හොද එකක් ගන්න සල්ලිත් තිබ්බෙ නැති නිසා පොඩි ජොබ් කට්ටක් මාසයකටත් අඩු කාලයක් කරලා CD 90ක්ම ගත්තා.ඒත් ඒක ගොඩක් කාලයක් ගෙදරක තිබුන එකක් නිසා ලියකියවිලි තිබුනත් ලයිසන්,ඉන්ෂුවරන්ස් අලුත් කරලා තිබුනේ නෑ.බයිසිකලේ පොඩි පොඩි අඩුපාඩු හදන්න අතේ තිබුන සල්ලි වියදම් උන නිසා ඒවා අලුත් කරන එක ගැන වැඩිය හිතුවෙත් නෑ.මෙතනදි මතක් කරන්නම ඕන කෙනෙක් ඉන්නවා බයික් ගැන මෙලෝ සංසාරයක් දැනගෙන හිටියෙ නැති මට මගේ දඩුමොනරා අරගන්න එකේ ඉදං රිපෙයාර් කරන එකේ ඉදල හැම දෙයක්ම කියලා දුන්නේ අපේ රුකා.(කොච්චර සප් එකක් දුන්නද කියනවනම් හදාගන්න හදිස්සි වැඩිකමට එන්ජිම බාපු වෙලාවක ඒකෙ කෑලි හූරලා,හෝදලා එකඑක විකාර කරකර බාස්ට ගෝලයා උනෙත් ඌ තමයි)කොහොමහරි මාසෙකට විකර පස්සේ යංතං සල්ලි ටිකක් හොයාගෙන ඉන්ෂුරන්ස් එක නම් දාගත්තා.

ඉස්කොලෙන් අවුට් උනාට පස්සේ රියදුරු බලපත්‍රය ලබාගත්තට පස්සේ නම් රවුම් ගැහිලි වල සීමාවක් තිබුනේ නෑ.වේයන්ගොඩ,මිනුවන්ගොඩ,නිට්ටඹුව,මීරිගම,ගම්පහ,රාගම,වැලිසර,‍ගනේමුල්ල,කඩවත,දිවුලපිටිය,අත්තනගල්ල,....හැම රෙද්දකම වගේ රස්තා ගහන්න මගේ තනියට හිටියේ මගේ කෙලි පොඩ්ඩ තමයි.මෙච්චර කල් ලයිසන් නැතිව දුවපු මට හෙනහුරා සෙට්වෙන වැඩක් අද උනා.

අද උදේම මං මගේ පොඩි වැඩකට වතුපිටිවල ඉස්පිරිතාලෙට යන්න පිටත් උනා.ඒ වැඩෙත් කරගෙන එහෙම කාරිය දවල් 12ට විතර ආපසු එන්න පිටත් උනා.නිට්ටඹුව හරියෙදි විතර චූස් ගාලා හෝන් එකක් ගහලා පොලෝසියෙන් මාව අල්ලගත්තා.මං ඉතින් අයිනකට කරලා නවත්තලා කාරිය ලොක්කා ලගට ගියා.(හරිනම් පොලීසියෙන් වාහනය ලගට එන්න ඕන කියලා තමයි නීතිපොතේ තියෙන්නේ කියලා තමයි අපි අහලා තියෙන්නේ) ඔක්කොම ලියකියවිලි බැලුවට පස්සේ කිව්වා ලයිසන් අලුත් කරලා නෑ....අනම් මනම් කතා වගයක්.කේස් එක කියන්නේ අන්තිමට අලුත් කරලා තියෙන්නේ 2012දි,අවුරුදු 3ක ඇරියස් එකක්.මේකට නම් දඩ ගහන්න බෑ.උසාවි දාන්නයි වෙන්නේ කියලා කිව්වා.නයි කයිද රෝස් පාන් කිව්වලු.අතේ සතේ නැතිව රෝල ගහන් ඉන්න මේ දවස්වල උසාවි ගානේ රස්තියාදු වෙන්නයි,5000ක විතර ගෙවන්න ගියොත් කෙල වෙනවනේ.ඉතින් මං හිමීට ටෝක දැම්මා.දඩයක්වත් ලියලා දෙන්න කියලා..........සෑහෙන කතාබහකින් අනතුරුව මගේ අතට ලයිසන් එක දීලා ගියා.මං තැන්කූ පාරක් දාලා බයික් එක ලගට යනකොට අනිත් ඩයල් එක ආ‍යෙත් මට කතාකලා.අර සර්ට තේකක් බීලා යන්නවත් කීයක්හරි දීලා යනවා..මට දැන් පොඩ්ඩක් බයෙත් බෑ.මං හිමීට පොරගෙන් ඇහුවා සර්..කමක් නැද්ද සර්..මට බනීද දන්නේ නෑ කියලා.(ඇයි යකූ මුන් **** ගන්නවා කියලා අහල තිබුනට අල්ලස් දීමත් වැරැද්දක්නේ.මට ඇමතුවොත් එහෙම කියලා) මූ කියනවා ප්‍රශ්නයක් නෑ කීයක් හරි දීලා යන්න කියලා.මං ඉතින් ඇහුවා සෑර් කීයක් විතරද කියලා..අඩුගානේ 100ක්වත් දීලා යනවා කිව්වා.ඉතින් එතුමාගේ උපදෙස් පරිදි ලයිසන් එක අස්සට 100ක් දාලා ෂේප් එකේ ඒක අනිත් පොලිස් ලොක්කට දීලා එතනින් මාරු උනා.

ඔන්න ඊට පස්සේ කවදාවත් නැති බයක් හිතුන හින්දා ඒ ගමන්ම ගෙදර ගිහින් පොත අරගෙන ඇවිත් ග්‍රීන් ටෙස්ට් එක කරගත්තා.ඉස්සල්ලාම සැරේ බඩු ෆේල්.ඒ වෙලාවෙ පොඩි වැඩකට මීරිගමට යන්න තිබුන නිසා රිපෙයාර් කරන අදහස පෝස්ට්පෝන් කරලා කාරිය මීරිගම බලා පිටත් උනා.ඒ වැඩෙත් කරගෙන 3.30ට විතර ආයෙත් එහෙන් පිටත් වෙලා එනකොට කරුමෙ කියන්නේ මීරිගම ෆිල්ම් හෝල් එක ගාවදි ආයෙත් ඇල්ලුවා කියහන්කෝ,සෙද්ද.මේ සැරේනම් හරියන පාටක්වත් නෑ වගේ.ටෝක් කරලා කරලා,දුම් පරීක්ෂණ රිපෝට් එකත් පෙන්නලා එහෙම දඩයක් ගෙවන්න මං එකගඋනා.ඒ පාර මගේ ලයිසන් එකත් අරගෙන,අර ලයිසන් එක වෙනුවට දෙන කොලෙත් දීලා...රු 110ක දඩකොල 2ක් දුන්නා මට ඉක්මනට දැන්ම ගෙවාගෙන ව‍රෙන් කියලා.එකක් මට,අනිත් එක ති‍බුනෙ වෙන නමකට..මුන්ගෙ මොකක්හරි ගේමක් තමයි.ජීවිතේට දඩ කාලා නැති මට ඉතින් හෙන එක්ස්පීරියන්ස් එකක්.දඩේ ගෙවන්නේ කොහෙටද කියලවත් දන්නේ නැතිව හිටපු මං මගේ මිතුරාගේ උපදෙස් අනුව එවෙලෙම මීරිගම පෝස්ට් ඔෆීස් එකට ගොහින් මේ මගුල ගෙවලා ඉවර වෙලා ඒවා අයෙත් පොලිස්කාරයන්ට දීලා එවෙලෙම ලයිසන් එක ගත්තා.ඒ වෙලාවෙයි මං දැක්කෙ මට පස්සේ අල්ලපු එකෙක්ටත් අර වගේම දඩ කොල 2ක් දෙනවා වෙන එකෙක්ගෙ එකකුත් එක්ක.අපොයි දෙයියනේ,ඉදලා ඉදලා මං කාපු කට්ටක්.එදයින් පස්සෙනම් බයික් එකේ ඔක්කොම ලියකියවිලි හරියට හදාගන්නකම් ඒකට අත තියන්නෙවත් නෑ කියලා මං හිතාගත්තා.

ප.ලි// මුන් අල්ලස් ගන්නවා කියලා හැමතිස්සෙම බනින්නේත් අපිමය.නමුත් ඇල්ලූවිට කීයක් හරි අතමිට මොලවා පැනයන්නේද අපිමය...

5 comments:

  1. මලියා,මම හිතන විදිහටනම් ඔය දඩ කේස් එක හදලා තියෙන්නේ පොලිසීයේ උදවියට කීයක් හරි හම්බකරගන්න.මිනිස්සුත් රස්තියදුවෙලා ඕක ගෙව ගෙව ඉන්නවට වඩා කැමති එතනින්ම වැඩේ ඉවරකරලා ශේප් වෙන්නනේ.ඔය දඩ එතනදිම ගෙවන්න ක්‍රමවේදයක් හැදුවනම් ඔය තත්වය ඔහොම වෙන එකක් නෑ.හැබැයි එතනදී ඒ ගෙවන දඩෙන් ප්‍රතිශතයක් ඒ නිළදාරීන්ටත් ලැබෙන්න ඕනේ.එහෙමවුනොත් මාර්ග නීති කඩකිරීමත් අඩුවෙයි. අල්ලස් ගැනීමත් අඩුවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අයිඩියාවනම් මරු...කරනවනම් මෙන්න වැඩ!

      Delete
  2. අල්ලස්-
    දීලත් නැත
    දෙන්නේත් නැත!

    ReplyDelete
    Replies
    1. එම ප්‍රතිපත්තියේ දිගටම රැදී සිටීමට ශක්තිය ධෛර්ය ලැබේවා!
      කැන්ගරු දේසේ නම් අල්ලස් ගන්නෙත් නැතිව ඇති?

      Delete
    2. This comment has been removed by the author.

      Delete