meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/> මලියගෙ සටහන මලියගෙ සටහන: අපිළිවෙල සටහන්, සිංහල සිනමාව සහ කලර්

Saturday, February 24, 2018

අපිළිවෙල සටහන්, සිංහල සිනමාව සහ කලර්

 

කලාව කලාව උදෙසාද? කලාව මිනිසා උදෙසාද? මේක අැවිල්ලා අතීතයේ ඉදන්ම වාද විවාද වලට ලක් උන කාරණයක්.එ්කෙ හරි වැරැද්ද මොකක් උනත් මටත් හිතෙනව මේ ගැටලුවට තවත් මගේම පෞද්ගලික අර්ථකතනයක් දෙන්න. "කලාව අාත්මතෘප්තිය උදෙසාය" මං නිවැරදි නම්, හැම කලාකරුවෙක්ම එළියට විසිකරන්නෙ තමන්ගෙ හිතේ තෙරපෙන හැගීම්. දුක,සතුට, සිනහව, කදුල, විරහය, අාදරය, වෙෙරය, පළිගැනීම, අනුකම්පාව, කරුණාව, බය, කෝපය, ලිංගිකත්වය, ප්‍රචංඩත්වය, ඊර්ශ්‍යාව... වගේ මිනිස් සන්තානයේ අැතිවන හැම හැගීමක්ම (රංග කලාවේ භාවිතා වන නව නලු රසයන් අැතුලුව), "සංයමයකින් යුක්තව" එළියට දාන්න තියෙන හොදම මාධ්‍ය විදියට මං දකින්නේ කලාව. එ්කෙනුත් මං අාසම කරන "එක" කොටසක් තමයි චිත්‍රපට කියන්නෙ. පොදු සමාජ මතය අනුව සිංහල සිනමාව කිව්වම "අෑක්කා" කියන බහුතරයක් හිටියට ලංකා සිනමා කර්මාන්තය තුළ විශිෂ්ඨ ගණයේ නිර්මාණ කීපයකුත් නැතිවාම නෙමෙයි. එ් ගෞරවය සම්පූර්ණයෙන්ම අයිතිකරගන්නෙ අධ්‍යක්ෂක වරුන් කීප දෙනෙක් අතර විතරක් වීම එයාලගෙ වැරැද්දක් වත්, අධිකාරීත්වයක් තබාගැනීමක් නිසාවත් නෙමෙයි... ඔඩියන්ස් එකයි, මාකට් එකයි, ප්‍රසිද්ධ රුගුම් පාලක මණ්ඩලයයි තුනම එ් වැරැද්ද බාරගන්න ඔනි කියලයි මගේ පුද්ගලික මතය.

ලංකාවෙ සිංහල සිනමා මාකට් එක කොටස් දෙකකට කඩන්න පුලුවන්, වාණිජ සිනමාව හා සම්භාව්‍ය සිනමාව විදියට. එ්ත් එ්වට හරිහමන් අර්ථකතනයක් දෙන්න නං මං හිතන්නෙ නෑ කවුරුවත් සමත් වෙලා තියෙනවා කියල.එ්ත් රජ කතා, ළමා චිත්‍රපටි කියන රැල්ලෙන් මිදිලා සාර්ථක දෙයක් කරන්න පුලුවන් මිනිස්සු හරිම අඩුයි වගේම එ්වාට කැපිලි කෙටිලි නැතුවාමත් නෙමෙයි. හොදම උදාහරණය ළමා චිත්‍රපටි කර්මාන්තයේ අධිකාරීත්වයක් තියාගෙන ඉන්න සෝමරත්න දිසානායක දේශපාලන බලයෙන් තමන්ගෙ චිත්‍රපටි කිව් එකෙන් ඉස්සරහට දාගෙන පහුගිය දවස්වල කරපු නාඩගම. එ් කෙසේ වෙතත් තවමත් හොද නිර්මාණවලට මාකට් එකක් නෑ කියල නම් හිතන්න පුලුවන්කමක් නෑ. මොකද පසුගිය අවුරුදු කීපයේ උනත් සෑහෙන  වෙනසක් කරන්නට සමත් උන සාර්ථක වාණිජ චිිත්‍රපට කීපයක් රසවිදින්නට ලැබුන නිසයි. එ් අතරින් මට නරඹන්නට ලැබුනු සාර්ථකම හා ප්‍රියතම වාණිජ චිත්‍රපටය විදියට "සමනළ සංධ්වනිය (2013) " හදුන්වන්න පුලුවන්.

අායෙත් ට්‍රැක් එක අැතුලට අාවොත්,  අශෝක හදගම අධ්‍යක්ෂණය කළ ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය තහනම් කරන ලද අක්ෂරය, අැගේ අැස ලග හා ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල අාකාස කුසුම්, උසාවිය නිහඩයි, ජැක්සන් අැන්තනී අධ්‍යක්ෂණය කල අැඩ්‍රස් නෑ, ජයන්ත චන්ද්‍රසිරිගේ ගරිල්ලා මාකටිං, සුරංග ජයසූරියගෙ මෝටර් බයිසිකල්, නිලේන්ද්‍ර දේශප්‍රියගේ තණ්හා රතී රගා, අරුණ ජයවර්ධනගෙ නිකිණි වැස්ස, නැවතත් තහනමට ලක්වුන සංජීව පුෂ්පකුමාරගෙ ඉගිලෙන මාළුවෝ, තිසර ඉඹුලානගෙ නිනෝ ලයිව් කියන්නෙ ගතවුන දශකයේ බිහිවුන පෞද්ගලිකව මං අාසාවෙන් නරඹපු සිංහල චිත්‍රපට කීපයක්. වෙනස් කතා තේමාවක් ඔස්සේ වෙනස්ම මානයක් දකින්නට සලස්වන එක, මං හිතනව එ්ක තමයි විය යුත්තේ කියලා.

සාමාන්‍යයෙන් සිනමා නිර්මාණයක් වර්ග දෙකකට වෙන් කරන්න මං කැමතියි. පළවෙනි ගෘප් එක ෆැන්ටසිය, හරියටම කියනවනං දමිළ සිනමාව මාකට්වෙන්නෙ මේ කියන කන්සෙප්ට් එක මත. තමන් ජීවත්වෙන්න දගලන, හෙම්බත්වුන ජීවිතේ මොහොතකට අමතක කරලා දාන්න පුලුවන් වීරයෙක්, පරණ මතකයට නැවත යන්න පුලුවන් අාදර කතාවක්, එහෙමත් නැතිනම් ගලේ ගගහ අපුල්ලන්න පුලුවන් පෞඪ ඉතිහාසයක්, ලස්සන සිංදු ටිකක් එ් වගේ වැඩකට හොදටම ප්‍රමාණවත්.එ්ත් එ්ක සාර්ථක නිර්මාණයක් වෙන්න නං ස්ටෝරිලයින් එක, ඩිරෙක්ටිං හා සාර්ථක රංගනය හැකියාවක් අනිවාර්ය වෙනව.මං මෙතනදි අදහස් කරන්නෙ නෑ මේ ඔඩියන්ස් එක බාල ගණයට අයත් වෙනව කියන එක. අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ කුලක දෙකට අයිති වෙනව එ් වෙලාවෙ අපි ඉන්න හා අපට රසවිදින්න පුලුවන් මානසිකත්වය මත. එ්ක හරියට මියුසිකල් ෂෝ එකකදි බුදු ගුණ ගීත කියල වැඩක් නෑ වගේම තමයි.

දෙවන ගෘප් එක ෆැන්ටසියට එහා ගිය යථාර්තවාදී සිනමාව.එතනින් කලාකරුවා බලාපොරොත්තු වෙන්නෙ ඔඩියන්ස් එකට නව මානයක් දකින්න, මතුපිටින් දකින දේක අභ්‍යන්තරයට කිමිදෙන්න, සමාජීය අත්දැකීම් ලබාගන්න චාන්ස් එකක් දෙන්න වගේම අවසානයේදී  "ටොක්කක්" අනින්න. මේ දෙකම කලවමේ තියෙන චිත්‍රපටත් නැතිවා නොවේ. මට සුපුරුදු විදියටම අවුරුදු ගානකට පස්සෙ නැවතත් මට ලැබෙනවා මේ කුලක දෙකටම දාන්න තවමත් හිතාගන්න බැරි ලස්සන චිත්‍රපටයක්. එ් තමයි ඉසුරු වීරසිංහමුදලි ගේ කුලුඳුල් සිනමා අධ්‍යක්‍ෂණය "කලර්" (2012). බලන්න කොච්චර පෙරුම් පිරුවත් අවුරුදු 5කටත් පසුව රසවිදින්නට ලැබුන මේ සිනමා නිර්මාණය මාව ෆැන්ටසියත්, යතාර්ථයත් අතර මොහොතකට හිර කලා කිව්වොත් නිවැරදියි.

මං විශ්වාස කරනව අපි හැමෝටම ජීවිතේ අන්තිමටම උවමනා කරන්නෙ අාත්ම තෘප්තිය කියලා. අාදරය, සතුට, සල්ලි, බලය හැම දේකින්ම අපි ලගාකරගන්න හදන්නෙ එ්ක කියලා, එ්ත් අපි එච්චර මහන්සි වෙලාත් එ්ක නොලැබෙනව නම්, එතන අවුලක් තියෙනවා නේද? එ් නිසයි මං වැඩියෙන්ම යථාර්තවාදී සිනමාවට අාදරේ කරන්නෙ. අපි පය ගහල ඉන්න ගෙන්දගම් පොලොව ජීවිතේ ගැටගහගන්න අපේම සහෝදරයෙකුගෙ, සහෝදරියකගෙ ජීවිතෙන් බිදක් වෙනස් විදියට දකින්න කැමති වෙන්නෙ. රසවිදින්න අනිවාර්යයෙන් "කලර්", එ් වගේම සමාවෙන්නට මට... එ් දැනෙන හැගීම බෙදාගන්න මගෙ වචන අසමත්වීම ගැන. එ්ක සමහරවිට ඔබේ කතාව වෙන්න පුලුවන්, මගේ කතාව වෙන්නත් පුලුවන්.

"ජීවිතය පුරා පිරී අැත්තේ හිස් බවකි - COLOUR"

8 comments:

  1. උඹට මක් වෙලාද බොල?‍

    මටනම් හිතෙන්නෙ ඔය දෙකටම නැති ඒවත් තියනෙව කියල.


    සුමර් මෑනුයි අයර්න් මෑනුයි එක ගොඩකට දාන්න මගෙ හිත එකග නෑ.

    ඒක හරියට නිකන් කැප්ටන් කූල් එක්ක අරෝව එක පැත්තට දාන්න හිතනේනෙ නෑ වගේමයි.

    රන්ජනුයි,රුජිනිනාන් එක වගේ උනාට ෙටාම් කෘස්, ෙජ්යන් වගේ උන් ඒ බෝට්ටුවට දාන්න මගෙ හිත කැමති නෑ.


    උඹ උත්සාහ කලේ සිනමා පටය ගැන කියන්න උනාට මගෙ හිතට දැනුන ටික ලීවෙ.


    ReplyDelete
    Replies
    1. අවධානයට- මෙතන කියන්නෙ "සිංහල සිනමාව" ගැන...
      ඔය මෑන්ලා ටික මම නම් දාන්නෙ comics කැටගරියට

      Delete
    2. මම කියන්න්න උත්සාහ කලේ එකම ගොඩක් ඇතුලට දාන එක වැරදී කියන එක.
      උදාහනයක් විදියට තමයි කොමික්ස් චරිත දෙකක් එක්ක සහ මූවි ස්ටාර්ල දෙන්නකේ කම්පයො කොරේ
      රන්ජව ගත්තෙ අර මම ඉස්සර ගමේ ඉන්න කාලෙ බලපු පිල්ම් වල හිටියෙ අෟ හින්ද දැන් තව උන් ඇති.

      සිංහල ජෝකර්ල ගත්තම ෙටනි බන්දු කියන්ෙන කුනුහරප කියල හිනස්සන උන් හැබැයි ෙපාඩි මල්ලි චූටි මල්ලි ඊට වෙනස්.

      ඉතින් තෝ කීයන්න හදපු එක මට තේරුනේ නෑ උඹ මොකක්ද වර්ග කිරීමක් කරල තිබ්බ ඒක ගැලපෙන්නෙ නෑ වගේ දැනුනිසා තමයි මම දන්න විදි්යට කීවෙ.

      Delete
    3. Comedy කියන්නෙ වාණිජ සිනමාවෙ සබ් කැටගරියක්, ඒත් ලංකාවෙ එහෙම ලස්සන ඒවා අඩුයි. බංදුවයි ටෙනියයි ⁣ඩබලගෙ කුණුහරුප වලට හාස්‍ය රසයක් එනවද?

      Delete
    4. මෝටර් බයිසිකල් කන්සෙප්ට් එක හොදයි.
      උන් දෙන්න ලව් කරපු විදිය විතරයි ඒකෙ තාත්වික.
      බයික් එකගත්තු විදිය, ෙවන එකෙක්ගෙ බයික් එකක ගිහින් මැරුනු එක එහෙම මට දිරෙව්වෙනෑ.
      උඹ දාපු අනිත් එකක්වත් මට දිරෙව්වෙ නෑ බං සිරාවටම කියනවනම්.

      Delete
    5. //බංදුවයි ටෙනියයි ⁣ඩබලගෙ කුණුහරුප වලට හාස්‍ය රසයක් එනවද?//
      ගුලියක් කාල පිහාටුවකින් කතිකැව්වම එනව.

      Delete