Wednesday, March 8, 2017

තරැ කුමරිට පිලිතුරක්



කිසිවෙකුත් ලග නැතිව
තනිකමට පෙම්බැන්ද
හිතුමතට ජීවිතය
ගතවෙන්න ඉඩදුන්න

හෙට දවස නිමවන්න
සිහිනයක් මට දුන්න
තරැ කුමරි ඔබම විය
ජීවිතය මට දුන්න

කදුලු බිදු වැටෙන විට
ගතම වද විදින විට
සිහිවන්නෙ ඔබයි මට
නොම මැරී සිටින්නට

ඔබ නිහඩ සිටිනවිට
දැනේ දුක සොදින් මට
මට ලංව සිටින්නට
අවසරද සැමවිටම

පෙර නොවූ සිහිනයක්
තිබේ දැන් තවම මට
විදින්නට ජීවිතය
තරැ කුමරි ඔබ එක්ක...


17 comments:

  1. ලස්සනයි...කවුරු උනත් තරු කුමරි වාසනාවන්තයි ඇයව

    ReplyDelete
    Replies
    1. ම්ම්..ඔව් මං හිතන්නෙ

      Delete
  2. තරු කුමරිත් එක්ක 25 වරෙන් වෝටර්ස් එජ්.. :)

    ReplyDelete
    Replies
    1. හෑහ්..එහෙ මොකක්ද තියෙන්නෙ?

      Delete
    2. https://www.facebook.com/events/223570678114166/

      මෙතනට ගිහින් එනබව තහවුරු කරන්න ආසන සංඛාව සීමිතයි

      Delete
  3. සුබ පතනවා තරු කුමරිය එක්ක ඔබේ අනාගතයට

    ReplyDelete
    Replies
    1. තැන්කූ ආහ්..ලැජ්ජ හිතෙනවා අප්පා

      Delete
  4. තරු කුමරි කිව්වා නෙ

    ReplyDelete
  5. මලියා....
    ගිය පාර පෝස්ට් එකේ ඇගේ හද යතුර ලැබෙනකන් බලා හිටිය කිව්වේ මේ තරු කුමරි ගැනමද ?
    ලස්සන පදවැලක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැන් දීපල්ලකො උත්තර

      Delete
    2. දැන් දීපල්ලකො උත්තර

      Delete
  6. ජය වේවා .!!!
    සුබ අනාගතයක් ..

    ReplyDelete
    Replies
    1. විශ්වාසනීය වෙනසක්

      Delete
    2. විශ්වාසනීය වෙනසක්

      Delete