Saturday, December 5, 2015

පෝස්ට් මෝටම්


ආහ්හ්...අයියෝ... මං දත්මිටි කාගෙන කෙදිගාන්නට ගත්තේ දැනුනු දැඩි වේදනාව හඩා පිටකරන්නට විදියක් නැති හින්දා..

කඩියෙක් කනවා වගේ දැනෙයි,..මිසී කිව්වේ නම් එහෙම.යකෝ කඩි කනකොට දැනෙන වේදනාව මුන් විදලා නැද්ද? ඒක සැපයි දෙයියනේ.

වයස කීයද දැන්,ඒක ඇහුවේ ලේඩි ඩොක්ටර්.
20යි, මං හිමීට මිම්ණුවා.ආහ් එහෙනම් ඕක මොකක්ද? ලොකු ලමයෙක්නේ!
 ආච්චිගේ රෙද්ද,ඇයි වයස වැඩිවෙන්න වැඩිවෙන්න "සෙන්සිටිව්" එක නැතිවෙනවද...මං තරහෙන් උනත් කට වහගෙන හිටියා.

ආහ්! දැන් හරි...දොස්තර නෝනා කිව්වෙ එහෙම.දැන් ටිකෙන් ටික එක පැත්තක ඉදන් හිරිවැටීගෙන යයි.ඔක්කොම හිරි වැටුනම කියන්නකො...එහෙම කියලා එයා පොඩ්ඩක් එහාට උනා.
***********************************************

එක පාරටම ආපු දඩ ලයිට් එලියෙන් මගෙ ඇස් දෙක නිලංකාර උනා.සෑහෙන පිරිසක් මගේ ඇද වටේ හිටගෙන ඉන්නවා.මගෙ මූන ඉස්සරහින් රෙද්දක් දාලා නිසා මට මොකුත් පෙන්නේ නෑ..දැනෙන්නෙත් නෑ.කස්ටිය අවි ආයුධ එහෙම අතට අරගෙන ලෑස්ති උනා..අට දැනුනේ මගෙ පෝස්ට් මෝටම් එක කරන්න යනවා වගේ.

"යකෝ මං මැරිලා නෑ!" මට හිතුනා එහෙම කෑ ගහන්න.එත් ඒක මගෙ කටින්  හඩක් විදියට පිට උනේ නෑ.

ඩොක්ටර්...
ම්ම්..එයා හරිම ලස්සනට මිමිණුවා.කොහොමද ඔයාලා මෙච්චර හිත හයිය කරගත්තේ?මං ඇහුවා...එයා මං දිහා බැලුවා..අහිංසක හිනාවකුත් එක්ක.ඒත් මොකූත්ම කිව්වෙ නෑ.

මට මතක තිබ්බෙ මෙච්චරයි..මාව උස්සලා වගේ අරන් ට්‍රොලියකට දා ගත්තා.ඒක තල්ලු කරගෙන හැරි හැරී ගොඩක් දුරක් යනවා දැනුනා..හරියට චිත්‍රපටයක් කැඩි කැඩී දුවනවා වගේ මතකයි.පස්සේ මාව ආයෙත් අරන් ඇදට දැම්මා.මට හිතුනේ මං කොච්චර අවාසනාවන්තයෙක්ද කියලා.නෑ බං..උබ පට්ට වාසනාවන්තයෙක්! හැම දෙයක්ම වෙන්නෙ උබේ හොදට..හා නැද්ද? හිත මගෙන් ඇහුවා.ඔව්මනේ..මටත් හිතුනා විතරයි..ආයෙමත් ඇස් පියවුනා.....

16 comments:

  1. ඇඳට දැම්මනම් අවුලක් නෑ... ඊට පස්සෙ තමුන් විකාරෙන් කියවපු එව්ව නම් අමතක තරමට හොඳයි. හෙහ් හෙහ්....
    (ඔපරේශන් එකක් කරලා වගේ? දැං ගුණ ය?)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හී හී..ඔව් පරණ ස්ටෝරියක්! දැන් ඔය ඉන්නේ යකා වගේ.

      Delete
  2. මොකක්ද අෆ්ෆේ මෙච්චර ආමාරුවෙන් කරේ ?? :o

    ReplyDelete
    Replies
    1. කවුද දෙයියනේ දන්නේ..
      හිරිවැටිලා නොවැ හිටියේ.

      Delete
  3. Replies
    1. මීටර් උනේ නැද්ද...හිතන්නනෙපා එහෙනම්!

      Delete
  4. ඇඳට දැම්මනම් අවුලක් නෑ.. මන් හිතුවේ මෝචරියට දාල කියලා පේන්න නැත්තේ.. හඃ හඃ හඃ..

    ReplyDelete
    Replies
    1. දැන් බිසීනේ මෙයා...පෙරුම් පුරලා පුරලා මේ ටිකත් කොටාගත්තේ :)

      Delete
  5. කුප්ප කතාවක් මතක් වුනා....හුග දවසකින් ඇවිත් එහෙම කියන එක හරි නෑ කියලා පස්සේ හිතුනා!

    ReplyDelete
    Replies
    1. උබ කිව්වොත් කියන්නේ කුප්ප කතාවක් තමයි! :(

      Delete
  6. මටත් මතක් උනේ කුප්ප කතාවක් තමයි .

    ReplyDelete
    Replies
    1. බඩු මාට්ටුද මංද!

      Delete
  7. උණ්ඩුක පුච්චේ අයින් කරලා වගේ... ඊට අමතරව ඉවට කියන්න තියෙන එක කුප්ප කතාවක් නිසා එක ලියන්නේ නැහැ ඔන්න..

    ReplyDelete
    Replies
    1. "ඉව" සමහර වෙලාවට හරියනවලු ඔන්න!

      Delete
  8. අඩේ මටත් ඒ ගැන ලියන්න හිතුනා

    ReplyDelete