Monday, January 18, 2021

පරිත්‍යාග | Nor The Abandoment


ඔව්, මං සතුටින්!
මේ ලෝකෙ ඉන්න කාටත් වඩා සතුටින්. කෑලි කපන්න පුලුවන් කට්ට කලුවරයි, උණහුම් සයනයයි, නිනව්වක් නැතිව ඇදහැලෙන මහ වරුසාවෙ සද්දෙයි... ඒ ඔක්කොම අස්සෙ මං ඉන්නෙ මත් වෙලා. මේ වැස්සෙ බයික් එකේ කොහෙවත් නැති පාරක රස්තියාදු ගහනවට වඩා, කෑම්පින් ටෙන්ට් එකක් අස්සෙ සීතලෙ ගැහෙනවට වඩා ඇදේ ගුලිවෙලා නිදාගන්න පුලුවන් උන එක ගැන මං දෙවියන් වහන්සේට ස්තූති කරනව. ඒත්... මීට මොහොතකට කලින්, ඒක එහෙමම නෙමෙයි තිබුනෙ. සම්පුර්ණයෙන් කණපිට පෙරලිලා....

මං ඩන්හිල් එක පත්තු කරලා දුමක් ඇද්දා.. ආයමත්? ඔව් ආයෙමත්. ඒක ආතල් එකට ඇද්ද දුමක් නොවන බව මට ආයෙ ආයම මතක් වෙන්න ගත්තා. සරමත් කැහැපට ගහගෙන ඉස්සරහ තිබුන පෝටිකෝව උඩින් කකුල් දෙකත් උස්සල තියාගෙන මං ආකාහෙ දිහා බැලුවා. ඈතින් කඩා හැලෙන හද එලිය රෑස්ස ගහක් අස්සෙන් පෙරිලා යාන්තමට බිමට පාත්උනා. වෙනද වගේ අදහස් හෝ ගාලා ගලාගෙන එන්න ඉඩදීලා මං බලාන හිටියා. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තිබුනෙ නෑ.. පපුව මොකක්දෝ මංදා හේතුවකට බරවෙන්න ගත්තා. දුං පාරවල් ඔලුව ඇතුලෙ කැරකෙන්න ගත්තා. වරදකාරී හැගීමකින් මාව වෙලාගත්තා.. දිල්... මට එච්චරයි මතක් උනේ.

මං ඇවිත් ඉන්නෙ පාර ගාවට..
ආහ් එන්න අයියෙ ඇතුලට. මං ඉක්මනට ඉන්නම්.

මං ගෙදර අයගෙ පිලිගැනීම මැද්දෙන් ගේ ඇතුලට ගිහින් වාඩි උනා. ගේ කිව්වට, ඒක යංතං කාමරයයි, කුස්සියයි, ලොබි කෑල්ලකුයි විතරක් තියෙන ගරාවැටුන පරණ ගොඩනැගිල්ලක් විතරයි. විනාඩි කීපයක අවෑමෙන් ඈ එකපාරම මං ඉස්සරහින් තුවා කෑල්ලකුත් දවටගෙන කාමරේට දිව්වා. ඒක තමයි මං ඈව දැකපු පලමු වතාව. සුදුවන්, සිහින් සිරුරැති ඈව බොදවෙන තරම් රෑපයකින් මිස නිවැරදිව ග්‍රහණය කරගන්න ඇහේ ෂටර් ස්පීඩ් එක සමත් උනේ නෑ.

ඇගේ සුසුම් වල උණුහුමෙන් ගිණියම් වූ මා  ඇගේ ගතේ සෑම තැනක්ම රසවින්දා. ඒ තරමට මා ඇගේ සිහින් සිරුරැති නිරුවතට ආලය කලා.. මුලු හදවතින්ම. මගෙ සතුට වෙනුවෙන් සියල්ලම කැප කල ඈ මුවැත්තියක සේ කදුලු වගුරවමින් මා ගතට ගුලි උනා. අපි ගොඩාක් සතුටින් ජීවිතේ ගතකලා. පුලු පුලුවන් හැමතිස්සෙම හමුවුනා. ඇවිදින්න ගියා.  ඇගේ තොරතෝංචියක් නැති කියවිල්ල අහන් හිටියා. ඇගේ ආදරණීය දසවද ඉවසුවා. දෙවියන් වහන්සේ අපිව හැම දවසක්ම සතුටින් තිබ්බා. ඒත් එකම එක දවසක් තිබුනා, ඒ හැමදේම අනිත් පැත්තට පෙරලුනු.

සාතන්.. ඔව් ඒ සාතන්. එහෙමත් නැතිනම් ලුසිෆර්. ඌ මගෙ ඇගට වැහුණා. හැමදෙයක්ම අනිත් පැත්තට පෙරලුවා. මාවනැතිකලා. මං දන්නෙ නෑ මොන මගුලක්ද උනේ කියලවත්. ඒත්... ඌ මාව කෑවා. මං ඊට පස්සෙ මාස ගානකට රට රැකියාවකට ගියා. දිල් හැමදාම මාත් එක්ක කතා කලා. මට එයාට කතා කරන්න බැරි උනත්. අඩුම ගානෙ මට නත්තලට එයාට විෂ් කරන්න බැරි උනත් එයා මට කතා කලා. එක්කෝ ඒක හීනයක් නැතිනම් ඒක හරිම ලස්සනට පිටපත් රචනය කල රගපෑමක්! මට නත්තලෙන් පස්සෙ ලංකාවට ආවා. මට ඕන උනා දිල්ව හම්බෙන්න ආයෙම. ඒත්.. මට දැනුනෙ හිස්ට්‍රි එක රිපීට් වෙනව වගේ. එගේන් ඇන්ඩ් එගේන්... එයා අල්ලගන්න එක ලේසි උනේ නෑ. එහෙම නැතිනම් එයා එහෙම වෙන්න ඉඩ සැලැස්සුවා.

ඇයි උඹ එහෙ ගියෙ?
එයාව මීට් වෙන්න
එයා දැන් මගෙ
හහා.. කොච්චර කල් ඉදන්ද
මාස හයක් විතර
බොරු කියන්න එපා බං. මට ඒකිව හම්බෙලත් මාස හයක් නෑ තාම...

මං ඒ ඇමතුම බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. ඒක මට විශේෂ දෙයක් උනේ නෑ ඒත්... ඊලග ඇමතුම, ඒක එහෙම උනේ නෑ.

ඇයි ඔයා මට කරදර කරන්නෙ?
මං සද්ද නැතිව හිටියා. නෑ.. ඇත්තටම මං ගොලුවෙන්නැති. මට කියන්න දෙයක් තිබුනෙ නෑ. මං දැනගෙන හිටියේ ඒක ස්පීකර්දාලා ගත්ත ඇමතුමක් කියලා විතරයි.

ඒ කියන්නෙ මං ඉස්සෙල්ලාම ඔයාගෙ ගෙදර එද්දිත් ඔයා එයා එක්ක යාලුවෙලා හිටියා කියලද?
මාස ගාණක් මට බොරුකලා කියලද?
ඔයා විතරක් නම් කමක් නෑ, ගෙදර අයත්, අම්මත්???
මට ඒකට හරි හමන් උත්තරයක් ලැබුනෙ නෑ.

ඇයි එහෙනම් මං අන්තිම පාරට ගෙදර ආවමවත් ඒ ගැන කිව්වෙ නැත්තෙ. 
අම්මෝ කියන බොරු. මෙයා අපේ ගෙදර ආවලු. කවද්ද ආවේ?
ඒකනේ, ඒ මනුස්සසා බොරු කියන්නෙ...

මට කට කොනකින් හිනාවක් ගියා. නෑ.. මම මටම හිනාවුනා. මං හිමීට ආහාහෙ දිහා බැලුවා. ජේසුස් වහන්සේ මං දිහා බලානඋන්නා...

Tuesday, October 13, 2020

තරු ආකාහෙ යට | Under the Starred Sky


බබාෂැල් වී මැරි නව්?

වෙලාව මැදියම් රැයට ආසන්නයි. මං ඇහුවෙ වෙලාවට ගැලපෙන ප්‍රශ්නයක් නෙමෙයිද මංද. ඒත්, මට තව තත්පරයක්වත් නාස්තිකරන්න ඕනි උනේ නෑ.

නව්?

යාහ්අන්ඩර් දිස් ස්ටාර්ඩ් ස්කයි...

යාහ්ෂුවර්... ටේක් මයි හෑන්ඩ්...

ඩාලින්ආර් යු රෙඩි...

යර්ස්...


👦අන්ඩර්  ස්ටාර්ඩ් ස්කයි..

👧අන්ඩර්  ස්ටාර්ඩ් ස්කයි..

👦ඉන්ෆ්‍රන්ට් ඔෆ්  වෝල් වර්ල්ඩ්..

👧ඉන්ෆ්‍රන්ට් ඔෆ්  වෝල් වර්ල්ඩ්..

👦වී පොමිස් ඊච් අදර්..

👧වී පොමිස් ඊච් අදර්..

👦වී විල් ෂෙයාර් අවර් සෝරෝස්සෑඩ්නස් ඇන්ඩ් හැපිනස්..

👧අයි විල් බෙයාර් යුවර් සෝරෝස් සෑඩ්නස් ඔන් බිහාෆ් ඔෆ් යූ ඇන්ඩ් ෂෙයාර් අවර් හැපිනස්..


මං ඈ දිහා රවලා බැලුවා. ඈ මුව පොව්වෙක් වගේ මගේ ඇස් දිහා බලාන හිනා වෙනව, ඇස් වලින්...


👦ඊවන් ඉන් ටෆ් ටයිම්ස්..

👧ඊවන් ඉන් ටෆ් ටයිම්ස්..

👦ඇන්ඩ් ලුක් ආෆ්ටර් ඊච් අදර්..

👧ඇන්ඩ් ලුක් ආෆ්ටර් ඊච් අදර්..

👦අන්ටිල්  ඩෙත්..

👧අන්ටිල් වී ගෝ ටු  හෙවන්.. 😇


ඈ හරිම දස්සයි. ඒ වගේම හරිම රොමෑන්තිකයි. මගේ හිත කිව්වා...


ගංගාවිල් යූ මැරි මී💍

යර්ස් ඩාලින්අයි විල් මැරි යූ.. 🥺

අයි ලව් යූ සෝ මච් මයි ලව්..

අයි ලව් යූ ටූ මයි හනී..💋


ඒක ඒ විදියටයි සිද්ද උනේ. මං හරියටම දන්නෙ නෑ මට ඒ අයිඩියා එක මොන දීපංකරේක ඉදන් ඔලුවට කඩා පාත් උනාද කියලවත්. ඒත් කාත් කවුරුවත් නැති කට්ට කලුවර රැයක, අටෝරාසියක් තරු වලින් ගහන සුන්දර අහසක යට, මං ආත්මාර්ථකාමීවිදියට ඈව මගේම කරගත්තා. ඈ මගේ ආදරණිය බිරිද බවට පත්වුනා...


කුමටද උපමා ඉතිහාසයේ උන්

ප්‍රේමවන්තයින්ගෙන්..

කුමටද ආදරයේ පෙම් සැමරුම්

පෙම් පාරාදීසේ..

ඉමක් කොනක් නැති ආකාසේ

තරු පායා එන සේමා..

ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ

පෙම් සිතුවිලි බෝමා..


මං දන්නවා, ඈ මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල නොවන වග. ඒත්, ඈ හරිම ලස්සනයි. ඒ හිනාවට මං හරි ලෝබයි. ඒ දිලිසෙන ඇස් හරිම ආදරණියයි. ඒ වගේම මැචුව(ර්)ඩ් ගතියට, ඒ ඔක්කොටමත් වඩා කියවිල්ලට.... 😍


මං තාම කල්පනා කරන්නෙ අපි කොහොමද හමුවුනේ කියලා. ඒත් ඈ කල්පනා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අහලපහලම හිටියට, ඉස්සර හැමදාම උදේට හවසට දැක්කට, ඇයි මං එයාව හෙයාගෙන එන්න අවුරුදු බර ගාණක් ලේට් උනේ කියලා. ඒක හරිම රොමෑන්තික චෝදනාවක්!


මං ඒ වෙලාවට කරන්නෙ ඈ දිහා බලලා හිනාවෙන එක. ඊට පස්සෙ හිමීට දකුණතේ ඇගිලි තුඩු වලින් හිස පිරිමදින එක... ඒක එයාව මත් කරන්නෙ නෑ කියල කියන්න පුලුවන් කාටද?


ඔබේ සිනා ළඟ නෙත නැවතුනු දා

ඔබේ කතා ළඟ සිත නැවතුනු දා

ප්‍රේමය හැදින්නෙමි

ප්‍රේමය හැදින්නෙමි

මේ ලෝ තලයේ...



Tuesday, September 15, 2020

අභිනික්මනට පෙරාතුව!

විදදරා ගනිමින් ‍‍
අනේක
දුක්ඛ දෝමනස්සයන්
රුදුරු අපහාසයන්
රැවුම් ගෙරවුම්
චිත්ත පීඩාවන්
ගතකලෙමි
කාලය
උදෙසා පමණක්
රන් කහවුණූ

නමුදු,
ගතවුවත් කාලය
උදේ රෑ යලි 
උදේ රෑ ලෙස
"හිර කූඩුවක"
වැටහුණි
මෙය නොවන බව
මාර්ගය "නිවන" ට

ඉදින් සොදුරිය
අවසරයි යන්නට
සොයා "නිවන"
සමග රැගෙන
අවධානම
අපහාසය සමගම

සොදුරිය,
පවසන් මට
ඉන්නවාද නුඹ
"ඕන රෙද්දකට"
මාත් සමගම?