Wednesday, June 10, 2015

බූට් කෑමේ කලාව



ලංකාවේ  කාලෙන් කාලෙට එකඑක රැලි එනවා.විලාසිතා වේවා,ස්ටයිල්ස් වේවා(ආහ්..දෙකම එකයිනේ) මරු මරු අයිටම්ස් බහිනවා.ගීතය කියන එකත් ඒ  ඒ කාලවලදි විවිධ රැලිවලට අහුඋනා.අතීතය බැලුවොත් උත්තරභාරතීය සංගීතය වගේ දකුණු ඉන්දියානු ශෛලින් ආශ්‍රයෙන් තමයි මෙරට සංගීතය ගොඩනැගිලා තිබුනේ.පස්සේ ජෝතිපාලලගේ කාලෙ වෙනකොටත් හින්දි තනුවලට පද ටිකක් එකලස් කරගෙන නොවැ ජනප්‍රිය සින්දු බිහිඋනේ.

පොඩ්ඩක්  මාතෘකාවෙන්  පිට පනින්නම්.සාමාන්‍යයෙන් අපි ටිකක් සමාජය ඇසුරැ කරන්න ගන්නේ අපි ඉස්කෝලේ 8,9 කාලෙදි වගේනේ. මං කියන්නේ සුද්ද හිංගලෙන් කියනවනම් රස්තියාදු ගහන්න පටන් ගන්නේ මේ කාලෙදිනේ.ඉතින් මේ කාලෙදි අපිට එක එක ජාතියේ වීරයෝ ඉන්නවා හිතේ හරි.ඔයකාලෙතමයිඅපි සින්දු කෑලි මුමුන මුමුන ඉන්න පටන් ගන්නේ.ඉතින් ඒ කාලේ ඉදං අද වෙනකන් ලංකාවේ සින්දු හිට් උන විදිය ගැන ම‍ව තියෙන්නේ මේ වගේ අදහසක්.

අපි මෑත කාලීන සංගීතය දෙස බැලුවොත් ගීතය,නැතිනම් සුද්ද හිංගලෙන් කියනවනම් සින්දු විශේෂ පෙරලියකට ලක්උනේ විසි එක්වන සියවස ආරම්භයත් සමගයි.මට මතකයි ඒ කාලේ(දෙදහස් මුල් ගණන්වල) ලොකුවටම හිට්උනේ බීඑන්එස් ලා..එයාලගේ නේත්තරා ඇල්බම් එකත් එක්ක ලංකාවට අමුතුම සම්ප්‍රධායක් අරන් දෙන්න එයාල සමත්උනා(දැන් නම් හුලං බැහැලා වගේ.ඒක වෙනම කතාවක්)
ඊටත් පස්සෙ ලංකාවට ආවා රැප් කලාව.ඒක තරුණයන් අතර සෑහෙන්න ප්‍රචලිත උනා.මං හිතන්නේ අපි තමයි ඒකය ගොදුරුවුන පලමු බැච් එක.(අපි කිව්වේ අනූ ගණන්වල සෙට්එක) ඒ කාලේ ඉරාජ් එහෙම අපේ හෙන වීරයෝ(පසුගිය චන්දේ කාලේ මරාට සප්එක දෙන්න ගිහින් සෑහෙන්න පද වගයක් අහගන්න උනා තමයි) ඉතින් අපි ට්‍රිප් ගියාම එහෙම කියන්නෙම උගෙ කොත්තු,වැලිකඩ,ගේමක් දීලා වගේ සිංදු තමයි.හරියටම දන්නේ නැති උනත් හද හද හරි රැපත් දානවා.

ඊටත් පස්සේ ආවා ලව් සෝන්ග්ස් වයිරස් එක.කොත්තු කාලා කාලා එපා වෙලා හිටපු අපිට ‍මේක සෑහෙන්න හිතට ඇල්ලුවා.ලන්දූ වගේ ලස්සන සින්දු එහෙම ආවේ ඒ කාලෙ.එතකොට සෙන්ට්‍රිග්‍රේඩ්ස්ලත් කලඑලි බැස්සේ ඒ උනුසුමේම තමයි.මෙහෙම කාලයක් ආදරෙන් හිටියම ඒකත් එපා වෙනවනේ..නැද්ද හා..ඊට පසසේ කලඑලි බැස්සේ ඉරාජ්ලගේ බාසාවෙන් කියනවනම් මල් සින්දු..මේකේ ආරම්භය ගත්තේ රොමේෂ් අයියගේ දිගුදෑසින්.මේවායේ විශේෂත්වයක් තිබුනා,ඒක තමයි සින්දුව කියන එකා ඒක කියන්නේ අඩාගෙන,වැලපීගෙන,පොලොවෙ පස් කකා...එක විකාරයයි.හැබැයි මොන හේතුවකටද මන්ද මේ ස්ටයිල් එක මිනිස්සු මාර විදියට වැලදගත්තා.(සමහරවිට පෞද්ගලික අත්දැකීම් නිසාද කියන්න දන්නේ නෑ) 

හැමදාමත් වගේ බුකියෙත් ලස්සනා පෝස්ටුවක් දැක්කා මේ ගැන තියෙන.ඒකෙන් අද කතාවට විරාමයක් තියන්න හිතුවා..

Wednesday, June 3, 2015

කට්ට කාපු ජීවිතේ






ටික දවසක ඉදන් මට පොඩි කට්ටක් කන්න හම්බුන නිසා බොග පැත්තේ එන්නවත් බැරිඋනා. ඉදලා හිටලා මේ පැත්තේ ආවාමයි දැක්කේ හිට්ස් ටික හෙන ගහලා වගේ කඩාපාත්වෙලා තිබුන නිසා මගේ පපුව හෝස් ගාලා ගියා..(ප.ලි-මේක ලිව්වේ කලින්..ඩ්‍රාෆ්ට් එකේ තිබුනට මොකද පබ්ලිස් කොරේ නෑ නොවැ)

අද මං කතාකරන්න හිතුවේ කට්ට ගැන.මේ ගැන තව කවුරුහරි ලියලා තියෙනවද කියන එක මං පොඩි සර්ච් පාරක් දාලා බැලුවට හරියටම මං හොයන එක හම්බුනේ නෑ.ඉස්සෙල්ලම කියන්න දෙයක් තියෙනවා,මං හා හා පුරා කියලා බොග දාන්න පටන් ගත්තේ සතුට වෙනුවෙන්. කියන්නේ හිතේ මොකක් හරි ප්රශ්නයක් (හරියටම කියනවනම් අවුලක්) තියෙනවනම් හිතේ තියෙන ඔක්කොම දේවල් ලියද්දි හිතට මාර නිදහසක් දැනෙනවා. වගේමයි පෝස්ට් එකක් ලියලා ඒක පබ්ලිස් කොරාම හිතට එන අමුතුම හැගීමකින් හිත මාර විදියට පිරිලා යනවා.මං හිතනවා බොග දාන හැමෝටම එහෙම වෙන්න ඇති කියලා.නැතිනම් තමන්ගේ කාලය වියදම් කරගෙන කිසිම ආදායමක් එන්නේ නැති දේයකට (මං එහෙම අදහස් කලේ 99% සිංහල බ්ලොග්වල ඇඩ් නැති හින්දා) කාලය මුදල් වැයකරන ගොඩාක් අය සිටින නිසා.

ම්ම්..අපි ආයෙත් ට්රැක් එකට එමුකෝ.අපි පොඩි කාලේ ඉදන්ම එක එක කටු කනවා. 5 ශිෂ්යත්වේ, අපොසසාපේ, අපොස උපේ,කැම්පස් අවුරුදු 4..මේක තමයි නෝමලි ගොඩක් දෙනෙක් ගමන්කරන පාර.ඉදල හිටලා මේ ට්රැක් එක පනින කිහිප දෙනෙකුත් නැතිවා නෙමෙයි. ශිෂයත්වේ නම් ෆේල් උනා කියලා වෙන්න තියෙන ලොකුම දේ ජනප්රිය ඉස්කෝලයක් නොලැබෙන එක විතරක් නිසා වර්තමානය වෙනකොට අඩුම ගානේ ලංකාවේ අධ්යාපනය සාපේ දක්වාවත් බහුතරය ඉගෙනගන්නවා.එතනින් 50% ක් විතර හැලෙනවානේ. කට්ටිය බහුතරය කරන්නේ එතනින්ම ජොබ් කට්ටකට පැන ගන්න එක(එතනදි නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජොබ් කට්ටක් තමයි හම්බවෙන්නේ.කොහොමහරි ලෙවකාගෙන ඉන්න එකා කවදහරි ගොඩයනවා)

අනිත් අය කිසියම් වෘත්තීය පුහුණුවකට යොමුවෙලා කිසියම් තැනකට යනවා.මෙතනදී තැන කියලා අදහස් කරන්නේ පුහු සමාජීය අර්ථකතනයට අනුව කිට මරලා යන ජොබ් නෙමෙයි.නිදහස් මනසකින් යුතුව වැඩක් කරගන්න පුලුවන් තත්වයක්.තවත් කස්ටියක් ඉන්නවා උපෙ කරන ගමන්ම තමන්ගේ පාත් එක හොයාගන්න උන්.මං අදුරන ඩයල් එකකුත් ඉන්නවා එක්සෑම් පැත්තක දාලා බයික් පාට්ස් කඩයක් දාගත්තු පොරක්. වගේ මේ අවධියෙදි හැලෙන්නේ තමන්ගේම හීන පස්සෙන් යන කස්ටිය.ඊලගට වෙන්නේ උපෙ ඉවර කරලා කෙලවුන කස්ටිය හා යන්තම් ගොඩ සෙට් එක. අයට නම් එක එක පාත් තියෙනවා ගොඩාක්(ඒත් වියදම සැරයි).ඒත් තාමත් කටුවල ඉවරයක් නම් නෑ.


කැම්පස් පැන ගත්තු උන්ටත් තාම කට්ටේ ඉවරයක් නෑ.හරිහමන් කෑමක් බීමක් නැතිව,මොක්කුද වගේ පාඩම් කරන්න පටන් ගන්න වෙනවා ආයෙත්.ඒකත් අවුරුදු 4ක් කියන්නේ ලේසිද? අනික ලංකාවේ කැම්පස් අවුරුද්දෙන් බාගයක්ම වහල තියන්න වෙන නිසා අඩුම අවුරුදු 5ක්වත් මේ කට්ට කන්න වෙනවා.මේ විිිටෛටටෙමේ‍මේ විදියට කොහොම කොහොමහරි තමන්ගේ ද්විතීය,තෘතීය හාහහා වෘත්තීය අධ්‍යාපනය නිමා කලාය පස්සේ අපිට හිතෙනවා හම්මේ..ඇති යන්තම් කියලා‍.ඔන්න පස්සෙ තමයි තේතේ‍ොටටෙටෙයයතේරෙන්නේ ඉවරඉවරයි කියලා හිතුවට ඉවරෙටම ඉවර නෑ..තව තියෙනවා..කියලා..


ඔන්න දැන් තියෙන්නේ ‍හොද ජොබ් එකක් හොයාගන්න තියෙන කට්ට.සපත්තුවේ කට්ට ගෙවෙනකම් රස්තියාදු වෙලා දන්න අදුනන කෙනෙකුගේ මාර්ගයෙන් හෝ රස්සාවක් හොයාගන්නවා.ඊට පස්සේ තියෙන්නේ නවකයෙක් විදියට රැකියාව කරන තැන ඉන්න උන්ට බල්ලො වගේ ඉන්න ඕන කාලේ.කොහොම කොහොමහරි අත්දැකීම් ලබාගත්තට පස්සේ පොඩ්ඩක් ඔලුව උස්සගෙන හිටියට මොකද උදේ පාන්දර ඉදන් රෑ වෙනකන් වැඩ කරනකොට ඒකත් එපාවෙන කට්ටක්.ඊට හපන් යන්නයි,එන්නයි පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරද්දි කන්න වෙන කට්ට.

ඔන්න දැන් කලවයසත් හරි යාගනෙ එනකොට වටේ පිටේ ඉන්න උන් අහනවා(ලු) එකා දෙන්නා වෙන්න කල්පනාවක් නැද්ද කියලා.ඔන්න උන්ට තියෙන අමාරුව නිසාම හිරයක් එහෙම කරගෙන කාරිය නිදහසේ ඉන්න හදද්දි තව මරාලයක්.දෙන්නා තුන්දෙනා වෙන්නේ කවදටද?? මුන්ගේ අ**ට.... ඔන්න ඔය ප්‍රශ්නෙන් මිදෙන්න කියලා පොඩි එකෙකුත් හදාගෙන කාරිය ටිකක් ලොකු වෙනකම් ඉන්නවා.ඔන්න ආයෙත් ප්‍රශ්නයක්.මූව දාන්නේ මොන ඉස්කෝලෙටද? ව්‍යාජ ලියකියවිලි හදලා එහෙම මාර කට්ටක් කාලා,ඕපිනාට පොඩි ගතමන්ට් එකකුත් දීලා පොඩි එකාව ඉස්ඉස්කෝලෙට දාගන්නවා.දැන් ඉතින් තුන් දෙනෙක්ට කන්න අදින්න දෙන එක ලේසි වැඩක්ද බොලව්.
ඔලුවේ අත ගහගෙන මං කල්පනා කරන්න පටන් ගත්තා....