Monday, June 19, 2017

නොඉදුල් පෙම


පුරා තෙවසරකට පසුව
ඒ් අපූරු මිතුදම
උන්මාදවූ පෙමකට
පෙරලුනු අපූරුව...
සැඩ කුණාටුවක් මෙන් නොව
ගතවූ සෑම තත්පරයක් පාසාම
බෙදාහදාගත් දුකසැප
බෙදාගත් ජීවිතය...
විටක,
සිදුවුවත් වන්නට දුරස්,
බිදීගියත් සබදතා
වූ නිසා යැපෙන්නට
රැකියාව මත
නොබිදුනි සෙනහස හිතරැදි
නොමැකුණි මතකය
සොදුරිය ඔබ කෙරහි..
සිටියත් දුරක
ගව් ගණනක් අෑතින්
බාධාවක්ද ඒය
අතින්වත් නොඅැල්ලූ
රාගෙයන් තොරවූ
නොඉදුල් අාදරයට...

Monday, May 8, 2017

ප්‍රීති වෙසක්!!!




සොදුරු මිතු කැල සමග
තුටු සිනා වගුරමින්
වරා නිදි... රැයපුරා
සිහින් දුම පතුරමින්
රෑ දවල් නොම තකා
පූජාකර කාසි මුදල්
සොයා ආමිසය
ලබනු වෙනුවට
නිරාමිස සුවය...

ඇත්තේ අණකි
සමරන ලෙස
සම්බුදු උපත
කළ යුතුය නිමාව
මෙ ලෙස මේ.. ලෙස
ඔවුන්ගේ ආකෘතියට
ඔවුන්ගේ කලාවට
ඔවුන්ගේ කාලයට
වෙනුවට නිරාමිස සතුට
පවතින්නේ පමණකි
ප්‍රීති වෙසක්
අම්මට හැමිනෙන...

 ප.ලි. - ගල් මුල් වලට විවෘතයි

Wednesday, March 8, 2017

තරැ කුමරිට පිලිතුරක්



කිසිවෙකුත් ලග නැතිව
තනිකමට පෙම්බැන්ද
හිතුමතට ජීවිතය
ගතවෙන්න ඉඩදුන්න

හෙට දවස නිමවන්න
සිහිනයක් මට දුන්න
තරැ කුමරි ඔබම විය
ජීවිතය මට දුන්න

කදුලු බිදු වැටෙන විට
ගතම වද විදින විට
සිහිවන්නෙ ඔබයි මට
නොම මැරී සිටින්නට

ඔබ නිහඩ සිටිනවිට
දැනේ දුක සොදින් මට
මට ලංව සිටින්නට
අවසරද සැමවිටම

පෙර නොවූ සිහිනයක්
තිබේ දැන් තවම මට
විදින්නට ජීවිතය
තරැ කුමරි ඔබ එක්ක...