Wednesday, March 7, 2018

සෝෂල් මීඩියා බ්ලොක්ද?


මේ දවස්වල අැතිවෙලා තියෙන හුට්ටප්පරත් එක්ක බුකිය, වට්ස්අැප්, වයිබර් අැතුලු සෝෂල් මීඩියා අවහිර කරන්න රජය පියවරක් ගත්තා. එ් ගත්ත තීරණය ගැන වාද විවාද කොච්චර තිබුනත්, එ්කෙ සාර්ථකත්වය ගැන කොච්චර ගැටලු තිබුනත් අපිට සොෂල් මීඩියා නැතිව ජීවත් වෙන්න පුලුවන්ද මෙයා? බෑනේ.. බෑනේ... එහෙනං අටුවා ටීකා ටිප්පනි නැතිව වැඩට බහිමු. මං කියන්න යන්නෙ අැන්ඩ්‍රොයිඩ් ඩිවයිස් භාවිත කරන අයට කිසිම අවහිරයක් නැතිව මේ සමාජ මාධ්‍ය භාවිතා කරන හැටි. මේක බහුතරයක් දන්නවා අැති ෂුවර් එකට, නොදන්න අය විතරක් බලාගන්න.

ඉස්සෙල්ලාම Play Store එකට ගිහින් Turbo VPN කියන අැප් එක බාගන්න.


අැප් එක open කලාම මේ විදියට Home Screen එක එයි. එ්කෙ දකුණු පැත්තෙ තියෙන ලෝක ගෝල අයිකන් එක ක්ලික් කරන්න.


ඊට පස්සේ මේ විදියට screen එකක් එයි. කැමති රටක් තෝරගන්න. යුරෝපියානු රටක් නම් හොදයි.


දැන් තියෙන්නෙ connect කරන්න.. චුට්ටම චුට්ටක් ඉවසන්න..


 සාර්ථකව Connect උනාට පස්සෙ මේ විදියට ස්ක්‍රීන් එක අාවා කියන්නෙ වැඩේ ගොඩ.


දැන් තියෙන්නෙ අැප් එක මිනිමයිස් කරලා කැමති සෝෂල් මීඩියා අැප් එකක් භාවිතා කරන්න. හැබැයි Close කරන්න එපා අැප් එක. එච්චරයි!

ප.ලි.- තොරතුරු දැනගන්න මිසක් රටට නරකක් වෙන විදියට භාවිතා නොකරනවා නම් තමයි හොද!
ප.ප.ලි- රජය මගින් බ්ලොග් අඩවිත් වාරණය කිරීම් හා පෙරාහැරීම් කටයුතු කරමින් පවතිනවා. දැනටමත් නිව්ස් වෙබ් කීපයක් සස්පෙන්ඩ් කරලා තාවකාලිකව.

40 comments:

  1. හරිම වටිනවා ඔයාගේ තොරතුර,

    කසුන් -- ගාල්ල

    ReplyDelete
  2. ස්තුතියි.ගොඩාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. වැඩක් ගත්තනම් එච්චරයි!

      Delete
  3. 🙏 thanks 🙏

    ReplyDelete
  4. Replies
    1. වෙරි එපා, ටිකක් hodatoma ඇති😁

      Delete
  5. දැං ප්ලේ ස්ටෝ යන්න දෙන්නෙත් නෑ බං ...

    ReplyDelete
    Replies
    1. Dialog ද? වෙන සිම් එකක් යූස් කරලා බලන්න.

      Delete
    2. මුට මාන්දම...
      මම ඊයේ රෑ 09:00 ට විතර ඩයලොග් වලින් ප්ලේ ස්ටෝ ගිහින් මලියා කියපු විදිහට අවුලක් නැතුව වැඩේ ගොඩ දා ගත්තනේ...

      Delete
    3. @ලොකු පුතාට
      අරූ සිගරට් කාලා මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ දැන්!
      මං බැලුවා එ්ත් තාම මැරිලා නැත්තෙ මොකෝ කියල....

      Delete
  6. උඹල වගේ අන්ඩපාල ලා ඉන්න බව දැන් උන් දන්නවා බං.. මමත් ඉතීම් නිකමට ප්‍රොක්සි එක හරහා ලොග් වෙන්න බැලුව.. උන් අයිඩෙන්ටිටි එක කන්ෆර්ම් කරන්න කියල ෆෝන් එකට sms කෝඩ් එකක් එවනවා එවනවා මට එන්නේ නෑ.. එතකොට දන්නේ ඉන්ටර්නැෂනල් මැසේජස් බ්ලොක් කරලා කියල.. ඉතීම් මෙහෙම ප්‍රසිද්ධියේ උන්ව දෙකයි පණහට දානකොට බ්ලොක් නොකර ඉඳියි ඇයි? හෙහ්.

    ReplyDelete
    Replies
    1. උන් එ්ක දන්නවා, එ්ත් මේ වගේ "සිදුරු" භාවිතා කරන්න දන්න අය ඉන්නෙ අන්තර්ජාලය භාවිතා කරන අයගෙන් 1%ක් කියලයි හිතාගෙන ඉන්නෙ (වෙබ් නිව්ස්). එ්ක වැඩි කරගන්න එක, දැනුම බෙදාගන්න එක අපේ වගකීම. ප්‍රශ්නෙ මූල බීජයට ප්‍රතිකාර කරන්නෙ නැතිව, අතීසාරෙට අමුඩෙ ගහන එක සාර්ථක වෙයිද?

      Delete
    2. මූලාශ්‍ර-
      http://www.lankanewscolumn.lk/after-the-prohibition/

      Delete
    3. //ඉන්ටර්නැෂනල් මැසේජස් බ්ලොක් කරලා// සිරාවටම?
      එහමෙ කරන්න බෑනෙ එතකෙ අපි වගේ අපනයන කරන ආයතන වල වැඩ වලට බාදාවක්නෙ?

      එස් එම් එස් නැත්තම් මේල් එකෙන් ගොඩ දාන්න පුල්වන් නේ?

      Delete
    4. //එස් එම් එස් නැත්තම් මේල් එකෙන් ගොඩ දාන්න පුල්වන් නේ//
      ගොඩාක් සේවා වලට මොබයිල් එක කන්ෆර්ම් කරන්න එන්නෙ ටෙක්ස්ට් මැසේජ් එකක්නෙ, ඔය කියන proxy සහා international msg අතර තියාන සම්බන්දෙ නම් මම දන්නෙ නෑ.

      Delete
  7. මුන්ට කරන්න ඕන උනෙත් ඔච්චරයි. අනික අපේ ගොන් හරක් දන්නෙ නැහැ හරියට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න. දැන් ලංකාව ලිබියාවක්. එච්චරයි. හෙට ලැහැස්ති වෙයං මේ ගොබ්බ හරක් නිසා තව අවුරුදූ 40 ක විතර යුද්දයකට. අන්න ඒක තමයි රටට අඩු. බලහන්කො ඔය ෆේස් බුක් වීරයො එතකොට යුද්දෙට යයිද කියල. රෙද්ද තමයි.

    ReplyDelete
    Replies
    1. අැත්ත, කටින් යුද්ධ කරන උන් නිසා තමයි මේක උඩුදුවන්න ගත්තෙ. නමුත් හොදම විහිලුව වෙන්නෙ ෆේස්බුක් ගේම් ගහල පාලනයට අාපු උන් විසින්ම එ්ක මර්ධනය කිරීම. එ්ක දෙෙවයේ සරදමක් නෙමෙයිද? රට මේ තත්වයට එන්න හේතුව හදුනාගෙන එ්කට උත්තර දෙන එක, නීතිය සැමටම නිවැරදිව ක්‍රියාත්මක කිරීම නෙමෙයිද වෙන්න ඔනෙ?

      Delete
  8. නියමයි.

    බුකිය බ්ලොක් කිරිල්ල මෝඩ වැඩක් විදියටයි මට හිතෙන්නෙ. කරන්න තිබුණෙ ජාතිවාදී දේවල් බුකියට දාන, ෂෙයා කරන උංව අල්ලගන්න එක.

    ReplyDelete
    Replies
    1. මට ජාතිවාදි ඒව එවපු එවුන් දන්නවා . මම කලේදවස් තිහකට unfollow කරපු එකයි. ඇත්තටම භිෂනය පතුරවන කල්ලි ලේසියන් අඳුන ගන්න පුළුවන් . බුද්ධි අංශවලට ඕනනම් ක්‍රම තියෙනවා.

      Delete
    2. බුකිය බ්ලොක් කිරිල්ල මෝඩ වැඩක් විදියටයි මට හිතෙන්නෙ. කරන්න තිබුණෙ ජාතිවාදී දේවල් බුකියට දාන, ෂෙයා කරන උංව අල්ලගන්න එක

      එහෙනම් ඉක්මට මාතලන්ව මාට්ටු කරපන් යුත් එකෙක්

      Delete
    3. //ජාතිවාදී දේවල් බුකියට දාන, ෂෙයා කරන උංව අල්ලගන්න එක//
      කී දෙනෙක් කියලා අල්ලන්නද Praසන්ன අයියා, උන්ට හිරබත් දෙන්නම වෙනම බජට් එකක් පාස් කරගන්න වෙයි

      //බුද්ධි අංශවලට ඕනනම් ක්‍රම තියෙනවා//
      මේක කරන්න තිබ්බෙ ගොඩක් කලින්, හැබැයි එ්කත් නීතිය එක් පැත්තට විතරක් ක්‍රියාත්මක වෙන්න ගත්තනං පොලීසියට ගහනවා ඔක්කොටම කලින්

      //එහෙනම් ඉක්මට මාතලන්ව මාට්ටු කරපන් යුත් එකෙක් //
      මාතලන් ම්ක්කැයි කොලේ අැනෝ, බැනලා පාඩුවෙ ඉන්නව මිසක්

      Delete
  9. Replies
    1. වැවල් ගහන උනුත් බ්ලොක් කරනවලු

      Delete
    2. //වැවල්//
      මං අාවා, අපේ පැත්තෙ කියන්නෙ වැටවල් කියලා හැක් හැක්!

      Delete
  10. නියමයි.
    ඇන්ඩ්‍්‍්‍්‍්‍්‍්‍්‍රොයිඩ් කස්ටියට ලේසිම විදිය තමයි
    opera VPN

    මේක හරි නොගිෙයාත් ඒකත් බලන්න පට්ට ෙල්සි
    බෑව ෙකාෙනක්ට් කරා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දැනුවත් කිරීමට, එ්කත් කරලා බලන්න කස්ටිය

      Delete
  11. VPN වලින් දැං යන්න බෑනේද¿¿¿¿¿

    ReplyDelete
    Replies
    1. තාම වැඩ මට නං, එහෙම අාරංචියක් අාවෙ නං නෑ...

      Delete
    2. Country එක මාරු කරලා බලන්න

      Delete
  12. කම්පියුටරයට දිගටම දාල තියන එකක් කියහං , ස්ලෝ වෙන්නේ නැ , ට්‍රයල් වර්ශන් එකක් නොවන එකක්

    ReplyDelete
    Replies
    1. TunnerBear එක තමයි හොද කියන්නෙ, අකවුන්ට් එකක් හදන්න වෙනවා එ්ත්...

      Delete
  13. මචන් App Store හරහා යන ක්‍රමයක් කියපන්කො... එස්බී යන්නැතුව වෙව්ලනවා මිටුරේ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒත් ,Tunnel Bear බාගන්න...
      iOS වලටත් support.

      Delete
  14. වැදගත් - වැඩ නැත්නම් Opera VPN අරන් try කරන්න.. ඒ්ත් වැඩ

    ReplyDelete
  15. Windows කොම්පියුටර් වල බැයිද?

    ReplyDelete
    Replies
    1. පුලුවන් Hide.me VPN එක බාගෙන බලන්න

      Delete