meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/> මලියගෙ සටහන මලියගෙ සටහන: තවත් එක් චරිතයක් නොව... | Not Another Character...

Friday, February 9, 2018

තවත් එක් චරිතයක් නොව... | Not Another Character...


මගෙ දෑසට අහුවුනේ හෙමි හෙමිහිට කැරකෙන විදුලි පංකාවේ පෙති පමණි, අප්‍රාණික බවක් පෙන්නුම් කරමින් නගන්නාවූ කෙදාරිලි හඩ එහි පෞරාණික බව මොනවට විදහා දැක්වීය. එදා මෙදා තුර වසර ගණනාවක් මුලුල්ලේ කී දෙනෙකුගෙ කදුලු කතාවන් ඔහු ඉදිරියේ දිගහැරෙන්නට ඇත්ද, කී දෙනෙකුන් ඔහු හමුවේ නිරුත්තර වන්නට ඇත්ද, කී දෙනෙකුන් ඔහු ඉදරියේ නිරුවත් වන්නට ඇත්ද? තවත් සුලු මොහොතකින් මා හට  කාමරයේ වූ අබලන් වූ මකුලු දැල් බැදුනු සිවිලිම් තහඩු පේන්නට විය.ගැඹුරු සුසුමක් හෙලූ මා නැවතත් නිරුවත්වම සයනයේ වැතිරෙමින් දෑස් පියාගන්නට විය.
මගේ අවශ්‍යතාවය වුනේ තවදුරටත් මෙම මට්ටමේ සිටීම නොවේ. ඉහල ආදායමක් ලගා ගැනීමටයි, ඉහල පැලැන්තිය ඇසුරු කරන නමගිය චරිතයක් වීමටයි. "ටෘනා" කී සැනින් සුපිරි පැලැන්තියේ ගැහැනුන් ඉරිසියා කරන මට්ටමේ චරිතයක් වීමටයි. හැඩි දැඩි සල්ලිකාරයන් බල්ලන් සේ ඇදී එනු දැකීමයි. නමුත් මේ සියල්ල මගේ වය්‍යාපාරික අරමුණු පමණක්ම විනා සැබෑ අභිලාෂයන් නොවන බව ඔබ දත යුතුයි.

මා නිවසට පැමිණෙන විටත් වේලාව උදෑසන 10 පසුවී තිබෙන්නට අැති. ඒ වනවිටත් ඇන්ඩෘ උදෑසන පාතරාසය පිළියෙල කර තිබුනි. උණුසුම් හාදුවකින් හා මද සිනාවකින් මා පිළිගත්තද ඔහු සිටියේ එතරම් ප්‍රසාදයකින් නොවන වග මට වැටහුණි. ඇත්තටම කිව්වොත් අප්පිරියාවක්? මට එහෙම කියන්නට, ඊටත් වඩා හිතන්නට හේතු ගණනාවක් තිබුනි. පළවෙනිම කාරණය, ඔහු මා ගැන හොදහැටි දැන දැනම මා හට මෙතරම් ආදරයි කිරීමයි. නමුත් කෙතරම් ආදරය කරද එය  ශාරීරික සම්බන්ධයක් දක්වා ඉක්මවා නොයෑමට ඔහු සෑමවිටම කටයුතු කරයි. එය සැමවිටම මා හට දැනුනේ මා පහත් කොට සැළකීමක් වශයෙනි, නමුත් ඇන්ඩෘගේ පැත්තෙන් බලන කොට ඒක සාධාරණයක් නැත්තෙ නෑ. කවුද කැමති අනුන්ගෙ කුණු ඇගේ ගෑවෙනවට!

මොනව උනත් ඇන්ඩෘගෙ මං ආස කරපු තව දෙයක් තිබ්බා.ඔහුගෙ සරාගී  ස්පර්ශය. ඒක මං හැමදාම විදින දුක් කන්දරාව මොහොතකට අමතක කරන්න සමත් වෙනවා කිව්වොත් මං හරි. ඒ කියන්නෙ හරියට, සවර්ගයට යනව වගේ හැගීමක්.නපුරු කොටි නියපොතු තියෙන හැඩිදැඩි කොටියෙකුට අහුවෙන පුංචි මුව හමක තියෙන පහුරු, රිදුම් සුව කරන්නට සමත් ඒ ආදරණිය උණුසුම. වෘත්තීය ආචාර ධර්ම වලට අනුව මගේ තොල් පෙති පාවිච්චි කරන එකට මම තදින්ම විරුද්ධ උනත් ඇන්ඩෘ ඒ දිහා බලන්නවත් උත්සාහ කරන්නෙ නැත්තෙ ඇයි කියල මං දන්නෙ නෑ. ඒක හරියට අපි කොච්චර පම්පොරි ගැහුවත් "හෙට ලොව අපේ දරුවෝ" කියලා හිගන කොල්ලෙක් දිහා වපරැහින් බලනව වගේ වැඩක්. අපි පොඩ්ඩක්වත් කැමති නෑ ඒ ජරාවට. ඒ මොනව උනත් ඔහු නලලත මත තබන හාදුවයි, මාව පපුව මත රදවාගන්නා විදියයි හොදටම ඇති මට විශ්වාස කරන්න එයාගේ ආදරේ ගැන.

"මං කියන්නෙ නෑ මං මේක කරන්නෙ ආසාවෙන් කියලා, සමහරවිට ඒක මගේ දෛවය වෙන්න ඇති..." මං ඇන්ඩෘට එහෙම කියන හැම වෙලාවකම එයා මං දිහා රවලා බලන්නෙ මාව කන්න වගේ. "ඇයි ජීවිතේම දෛවයට බාරදීලා ඉන්නෙ, වෙනස්වෙන්න කැමති නැද්ද". ඇත්තටම මට උවමනාවක් නෑ වෙනස් වෙන්න, ඒත් මං කොහොමද ඒක ඇන්ඩෘට තේරුම් කරන්නේ. ඒක මගෙ "වේසකමකට" කියනව නෙමෙයි, ඒත් මං ගොඩ එන්න බැරි විදියට එරිලා ඉන්නේ, මේ ජරාව ඇතුලෙ.

පහුවදාත් වැඩ අධික දවසක්, දවසකට කස්ටමර්ස්ලා 12ක් කියන්නෙ සෙල්ලම් වැඩක්ද.වෙලාවකට මං ගැනම අප්පිරියාවක් මටත් නොදැනෙනව නෙමෙයි. එත් දැන් මට මේක පුරුදු වෙලා, මට තියෙන්නෙ සුදුමැලි වෙච්ච ඩමියක් වගේ ඔහේ ඉන්න විතරයි, ඒකෙ කිසිම ආත්ම තෘප්තියක් මටවත් නැතිව මං කොහොමද වෙන කාටවත් සතුටක් දෙන්නෙ. මං දන්නව ඒක මගෙ කැරියර් එකට ස්ට්‍රයික්ලි බලපානව කියල, ඩිමාන්ඩ් අඩුවෙන්න. එහෙම උනත් ඒ හැම වෙලාවකම මට මතක් වෙන්නෙ ඇන්ඩෘව, ඒ වෙලාවට කදුලක් ඇහැටත් හොරා වැටෙන්නෙ වේදනාව නිසා නෙමෙයි. ඒ වගේ අහිංසක මනුස්සයෙක් මං වෙනුවෙන් හැම වෙලාවකම වදවෙන හිංදා. එත් කවදාහරි මට ඕනෙ කරන්නෙ මේ තැනින් ගැලවිලා උඩට යන්න, එතකොට දවසකට කස්ටමර්ස්ලා දෙතුන් දෙනකේගෙන් බජට් එක ශේප් කරගන්න පුලුවන් වෙයි, ඔක්කොටම වඩා මට කලින්ම ගෙදර ගිහින් ඇන්ඩෘගෙ මූණ බලන්නත් පුලුවන්...

9 comments:

  1. චරිත අතරත පරි කල්පන ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොලියානා...

      Delete
  2. මොක්කද බං මේ උඹ හෙන දවසක ඉදල කියන්න උත්සාහ කරන්නෙ.
    සිරාවටම මට හෙන ප්‍රශ්නයක් බං.

    ReplyDelete
    Replies
    1. උඹ මං ගැන හෙන මීටරෙන් ඉදල තියෙනව නෙහ්!

      Delete
  3. මේකා ලඟදි පැන්න කොටුවකදි කෙල්ල කියපු දුක් බර කතාවට තමයි හිත උනු වෙලා මේ ටොක් දෙන්නෙ...... බලපන්කො තව ටික දවසකින් මද්දො

    ReplyDelete
    Replies
    1. කොටු පැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත😂

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete