Monday, August 28, 2017

නන්දන උයන


මීට අවුරැදු 4කට විතර කලින්.. ඒ කියන්නෙ 2012/13 වගේ අවුරුදු වල.. ඒ කාලෙ මායි රේඩියෝවයි අතර තිබ්බෙ අවියෝජනීය බැදීමක්.මගේ රේඩියෝවයි මමයි පෝස්ටුවේ ඒ ගැන ලස්සන කතන්දරයකුත් තියෙනවා.ඒ තරම්ම නොවුනත් නිවාඩුවක් හම්බුන හැම වෙලාවකම තාමත් ඒ පුරුද්ද අත්ඇරගන්න අමාරුයි.ඒත් ඉස්සර තරම් හදවතට දැනෙන වැඩසටහන් හොයාගන්න අමාරුයි.මං රේඩියෝත් එක්ක මූව් වෙන වෙලාවෙ තියෙන අවුලක්ද දන්නෙ නෑ.ඒක එහෙම තමයි.

ආයෙත් මාතෘකාවට, ඒ දවස්වල පැය 24ම රේඩියෝ වැඩසටහන් එක්ක සම්බන්ද වෙලා හිටපු නිසා දවසේ ඕනම වෙලාවක රේඩියෝව ඕන් කලොත් දාන්න ඕනෙ මොන චැනල් එකද කියන එක ගැන පට්ට අවබෝධයක් තිබ්බා.ඒ විදියට හුරුවුන..ඊටත් වඩා ඇබ්බැහි උන ප්‍රෝග්‍රෑම් එකක් තමයි, නන්දන උයන.මට මතක හැටියට රාත්‍රී 8 පැයේදී ප්‍රවෘත්ති විකාශයෙන් පසුව 8.15ට විතර රන් FM එකේ තමයි විකාශය උනේ.
මට ඒක කියන්න තේරෙන්නෙ නෑ..ඒත් ඒ විදීම තාමත් දැනෙනවා.ඒ අපූරු පසුතල සංගීතය, නිවේදකයගෙ ගැඹුරු හඩ, සංයමය, මියුරු සංගීතය, ජීවිත අර්ථකතනය හෙම්බත් හදවත් පැයක් පුරාවට නිසල කරන්නට සමත් උනා.එම වැඩසටහන් පෙළගැස්ම එකල රන් FM වෙබ් අඩවියෙහි බාගත කිරීමේ පහසුකම් සහිතව තිබුනත්, පසුකාලීනව හොදට හෝ නරකට ඉන් වසර කීපයකට පසු නන්දන උයනේ රස නැවත විදීමට අඩවියට පිවිසෙන විටයි දැන ගත්තෙ 70-80 යුගයේ මියුරු ගීත රජකල රන් FM කාලයේ ඇවෑමෙන් රන්වන් වී ඇති බව.ඒ වගේම “නන්දන උයන” වැනි ඉතා වටිනා වැඩසටහන් සමූහයක දත්තද පැරණි අඩවියත් සමගම අභාවයට ගිහින්.ගූගල් දෙයියා සතුව වත් එම වැඩසටහන පිළිබදව කිසිදු විස්තරයක් සදහන් නොවන අතර පෝස්ටුවක පවා සදහන් වන්නේ නෑ..

ඉතිං.. පාඨක ඔබ සතුව මෙම වැඩසටහන ඇත්නම්, එය රසවිද ඇත්නම් ඒ පිළිබදව මෙහි සදහනක් දමා ගියොත් වරදක් නැතිවෙයි නේද?

Saturday, August 5, 2017

තරැ කුමරි - දෙවන කොටස


තනියම ඉන්නකොට
දැනෙනව අයියෙ හොඳටම
ආදරේ තරම මට ලැබුන
උහුලන වේදනා තරමටම.....

කවුරුත්ම නෑ මේ තරුවට
බෙදාගන්න වේදනාව,
තරැ කුමරැ නැති තැන...
දන්නවද...?තරු කුමරු ඒ ගැන.....

කඳුලු නෑ දැන් මට,
වේදනා දියකරලම...
දුකක් නෑ තව මට,
හිතත් එක්ක ඔට්ටු වෙලාම....

තනියම විඳ ගන්නම් මම....
සනීප වෙලා ආවම,
හිනස්සනවද මාව....?
වෙනද වගේම.......


                                                                                                     තරු කුමරී......
                                                                                           (ගෞරවය තරු කුමරි සතුයි)