Monday, May 8, 2017

ප්‍රීති වෙසක්!!!




සොදුරු මිතු කැල සමග
තුටු සිනා වගුරමින්
වරා නිදි... රැයපුරා
සිහින් දුම පතුරමින්
රෑ දවල් නොම තකා
පූජාකර කාසි මුදල්
සොයා ආමිසය
ලබනු වෙනුවට
නිරාමිස සුවය...

ඇත්තේ අණකි
සමරන ලෙස
සම්බුදු උපත
කළ යුතුය නිමාව
මෙ ලෙස මේ.. ලෙස
ඔවුන්ගේ ආකෘතියට
ඔවුන්ගේ කලාවට
ඔවුන්ගේ කාලයට
වෙනුවට නිරාමිස සතුට
පවතින්නේ පමණකි
ප්‍රීති වෙසක්
අම්මට හැමිනෙන...

 ප.ලි. - ගල් මුල් වලට විවෘතයි

13 comments:

  1. හැමිනෙන එකත් මාර ගේමක් තමා වෙලාවකට...

    ReplyDelete
  2. ඔය තැන එහෙම තමයි!! නිවාඩුත් කැන්සල් ඇති නේ..

    ReplyDelete
    Replies
    1. අනේ මංදා...කරන දේකුත් නෑ..නිකං බොරැව විතරයි තියෙන්නේ.හැමදේකම

      Delete
  3. කුම්බලා මාලු කෑවනම් විඳවපන් බළලෝ....

    මම එදත් කිවුවා,අදත් කියනවා... ඔය උඹට ගැලපෙන තැන නෙමෙයි. ඒත් ඒක උඹේ කැමත්ත

    ReplyDelete
    Replies
    1. ඔව් මට මතකයි කටුසු අයියා එදා කිව්ව කතාව..ඒත් මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑනෙ..අදටත් මං හොයනවා විකල්ප..

      Delete
  4. ප්‍රීති වෙසක්
    අම්මට හැමිනෙන...
    හහහහහහහා............

    ReplyDelete
    Replies
    1. 😄 දැන් දැක්කෙ කියහංකො!

      Delete