Showing posts with label ඉරොටික්. Show all posts
Showing posts with label ඉරොටික්. Show all posts

Saturday, June 10, 2023

ස්පර්ශ | The Reveal of the Truth




මං ඇගෙන් බලාපොරොත්තු උනේ සියුම් සංතර්පණයක් විතරයි. විතරමයි!!! දිගු හුස්මක් වා තලයට මුසු කරමින් අඩක් දැවීගිය සිගරට්ටුව අලු බදුන මත හොවා මං පෑන අතට ගත්තා.

මට උවමනා කලා ඇගේ නියුවත් පයෝධරයන් මගේ පපුතුර හොවාගෙන ඈව සනහන්න. ඇගේ හිස අතගාන්න. ඇගේ ජීවිතේ කඩතොලු මතින් මගේ ආදරයේ පොටි තවරන්න.... ඈව සුවපත් කරන්න.

මගේ සුදුවන් පැහැති ඔපිස් කමිසයකින් උඩුකයද මගෙම කලිසම් කෑල්ලකින් යටිකයද  වසාගත් ඈ මා පපුතුර ඇලවුනේ මුවැත්තියක් විලසින්. බොත්තම් නොදැමූ කමිසයෙන් මතුව පෙනෙන රෝස පැහැති තනපට ඇගේ නිදහස, මා කෙරේ ඈතුල වූ විශ්වාසය මට තර කලා...

වර්ෂ දෙදහස් ගණනක් වූ  දුරුතු මස 27 වන සිකුරාදා
ස්ථානය- සැවෝයි සිනමා ශාලාව, බම්බලපිටිය

මං සැවෝයි සිනමා ශාලාවෙන් එලියට ආවෙ ඇත්තටම ගොඩාක් ලොකු සතුටකින්. මාස ගාණකට පස්සෙ හිතට සහනයක් දැනුන පැය කිහිපයක ඇවෑමෙන් ඔෆිස් එකේ කොල්ලො ටිකත් එක්ක චිත්‍රපටියක් බලලා පොඩි ආතල් එකක් අරගෙන ගෙදර යන්න හිතාගෙන. ඒ්ත් එක්කම දුරකතනයට ආපු නොටිෆිකේෂන් එකක් මගේ ජීවිතේ මෙච්චර කාලකණ්නි කරයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ.

-අයියෙ, ඔයාට ගෑණු ලමයෙක් ඉන්නවද?
+ඇයි එහෙම අහන්නෙ?
-මං දන්නව ඒ වේදනාව. ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක මැසේජ් කරනව කියල දැනගත්තම ඇතිවෙන වේදනාව.
+මං දන්නව නංගි. මං විදලා තියෙනව! මට එහෙම කෙනෙක් නෑ. මට ඔන ඔයා ලගින් ඉන්න. ඔයාට අමාරු වෙලාවෙ....
-හ්ම්. මගෙ නම්බර් ඒක 075....

වර්ෂ දෙදහස් ගණනක් වූ  දුරුතු මස 28 වන සෙනසුරාදා
ස්ථානය- බස් නැවතුම්පල අසල, ප්‍රසිද්ධ අගනගරයක්

මං එන්න ටිකක් පරක්කු උනා, විනාඩි 5ක් විතර. මං බයික් එක නවත්තලා එයාව අදුරගන්න ට්‍රයි කලා. නිල් පැහැ සුදු පැල්ලම් සහිත උඩු ඇදුමකින්ද, කලු පැහැති කලිසමකින්ද සැරසී සිටි යුවතියක් මා දෙස බලා මදහස පෑවා. ඇගේ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා තිබුනෙ. මං ඒ්කට ආසා කලා... ගොඩාක් ආස කලා...

-දන්නවද? ඔයා මාව තේරුම් ගන්නව. මාව අහන් ඉන්නව
+ම්..
-මට ආදරේ දැනෙනවා
+හැමෝම එහෙම නැද්ද ඉතිං
-අනේ මන්ද. මට ඔනෙ ඔයාව විතරයි. වෙන කිසිම කෙනෙක් මට ඔන නෑ. අනික...
+මොකක්ද?
-ඔයා මාව කිස් කරනකොට මාව ඇවිස්සෙනවා!
+නලලට කිස් ඒකක් දුන්නත්?
-ඔව්, මැජික් කිස් ඒකක් ඒ්ක නම්!!!

ස්පර්ශ | The Reveal of the Truth - ලගදීම | Will be Published Soon

Monday, January 18, 2021

පරිත්‍යාග | Nor The Abandoment


ඔව්, මං සතුටින්!
මේ ලෝකෙ ඉන්න කාටත් වඩා සතුටින්. කෑලි කපන්න පුලුවන් කට්ට කලුවරයි, උණහුම් සයනයයි, නිනව්වක් නැතිව ඇදහැලෙන මහ වරුසාවෙ සද්දෙයි... ඒ ඔක්කොම අස්සෙ මං ඉන්නෙ මත් වෙලා. මේ වැස්සෙ බයික් එකේ කොහෙවත් නැති පාරක රස්තියාදු ගහනවට වඩා, කෑම්පින් ටෙන්ට් එකක් අස්සෙ සීතලෙ ගැහෙනවට වඩා ඇදේ ගුලිවෙලා නිදාගන්න පුලුවන් උන එක ගැන මං දෙවියන් වහන්සේට ස්තූති කරනව. ඒත්... මීට මොහොතකට කලින්, ඒක එහෙමම නෙමෙයි තිබුනෙ. සම්පුර්ණයෙන් කණපිට පෙරලිලා....

මං ඩන්හිල් එක පත්තු කරලා දුමක් ඇද්දා.. ආයමත්? ඔව් ආයෙමත්. ඒක ආතල් එකට ඇද්ද දුමක් නොවන බව මට ආයෙ ආයම මතක් වෙන්න ගත්තා. සරමත් කැහැපට ගහගෙන ඉස්සරහ තිබුන පෝටිකෝව උඩින් කකුල් දෙකත් උස්සල තියාගෙන මං ආකාහෙ දිහා බැලුවා. ඈතින් කඩා හැලෙන හද එලිය රෑස්ස ගහක් අස්සෙන් පෙරිලා යාන්තමට බිමට පාත්උනා. වෙනද වගේ අදහස් හෝ ගාලා ගලාගෙන එන්න ඉඩදීලා මං බලාන හිටියා. ඒත් ඒ සතුට වැඩි වෙලාවක් තිබුනෙ නෑ.. පපුව මොකක්දෝ මංදා හේතුවකට බරවෙන්න ගත්තා. දුං පාරවල් ඔලුව ඇතුලෙ කැරකෙන්න ගත්තා. වරදකාරී හැගීමකින් මාව වෙලාගත්තා.. දිල්... මට එච්චරයි මතක් උනේ.

මං ඇවිත් ඉන්නෙ පාර ගාවට..
ආහ් එන්න අයියෙ ඇතුලට. මං ඉක්මනට ඉන්නම්.

මං ගෙදර අයගෙ පිලිගැනීම මැද්දෙන් ගේ ඇතුලට ගිහින් වාඩි උනා. ගේ කිව්වට, ඒක යංතං කාමරයයි, කුස්සියයි, ලොබි කෑල්ලකුයි විතරක් තියෙන ගරාවැටුන පරණ ගොඩනැගිල්ලක් විතරයි. විනාඩි කීපයක අවෑමෙන් ඈ එකපාරම මං ඉස්සරහින් තුවා කෑල්ලකුත් දවටගෙන කාමරේට දිව්වා. ඒක තමයි මං ඈව දැකපු පලමු වතාව. සුදුවන්, සිහින් සිරුරැති ඈව බොදවෙන තරම් රෑපයකින් මිස නිවැරදිව ග්‍රහණය කරගන්න ඇහේ ෂටර් ස්පීඩ් එක සමත් උනේ නෑ.

ඇගේ සුසුම් වල උණුහුමෙන් ගිණියම් වූ මා  ඇගේ ගතේ සෑම තැනක්ම රසවින්දා. ඒ තරමට මා ඇගේ සිහින් සිරුරැති නිරුවතට ආලය කලා.. මුලු හදවතින්ම. මගෙ සතුට වෙනුවෙන් සියල්ලම කැප කල ඈ මුවැත්තියක සේ කදුලු වගුරවමින් මා ගතට ගුලි උනා. අපි ගොඩාක් සතුටින් ජීවිතේ ගතකලා. පුලු පුලුවන් හැමතිස්සෙම හමුවුනා. ඇවිදින්න ගියා.  ඇගේ තොරතෝංචියක් නැති කියවිල්ල අහන් හිටියා. ඇගේ ආදරණීය දසවද ඉවසුවා. දෙවියන් වහන්සේ අපිව හැම දවසක්ම සතුටින් තිබ්බා. ඒත් එකම එක දවසක් තිබුනා, ඒ හැමදේම අනිත් පැත්තට පෙරලුනු.

සාතන්.. ඔව් ඒ සාතන්. එහෙමත් නැතිනම් ලුසිෆර්. ඌ මගෙ ඇගට වැහුණා. හැමදෙයක්ම අනිත් පැත්තට පෙරලුවා. මාවනැතිකලා. මං දන්නෙ නෑ මොන මගුලක්ද උනේ කියලවත්. ඒත්... ඌ මාව කෑවා. මං ඊට පස්සෙ මාස ගානකට රට රැකියාවකට ගියා. දිල් හැමදාම මාත් එක්ක කතා කලා. මට එයාට කතා කරන්න බැරි උනත්. අඩුම ගානෙ මට නත්තලට එයාට විෂ් කරන්න බැරි උනත් එයා මට කතා කලා. එක්කෝ ඒක හීනයක් නැතිනම් ඒක හරිම ලස්සනට පිටපත් රචනය කල රගපෑමක්! මට නත්තලෙන් පස්සෙ ලංකාවට ආවා. මට ඕන උනා දිල්ව හම්බෙන්න ආයෙම. ඒත්.. මට දැනුනෙ හිස්ට්‍රි එක රිපීට් වෙනව වගේ. එගේන් ඇන්ඩ් එගේන්... එයා අල්ලගන්න එක ලේසි උනේ නෑ. එහෙම නැතිනම් එයා එහෙම වෙන්න ඉඩ සැලැස්සුවා.

ඇයි උඹ එහෙ ගියෙ?
එයාව මීට් වෙන්න
එයා දැන් මගෙ
හහා.. කොච්චර කල් ඉදන්ද
මාස හයක් විතර
බොරු කියන්න එපා බං. මට ඒකිව හම්බෙලත් මාස හයක් නෑ තාම...

මං ඒ ඇමතුම බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. ඒක මට විශේෂ දෙයක් උනේ නෑ ඒත්... ඊලග ඇමතුම, ඒක එහෙම උනේ නෑ.

ඇයි ඔයා මට කරදර කරන්නෙ?
මං සද්ද නැතිව හිටියා. නෑ.. ඇත්තටම මං ගොලුවෙන්නැති. මට කියන්න දෙයක් තිබුනෙ නෑ. මං දැනගෙන හිටියේ ඒක ස්පීකර්දාලා ගත්ත ඇමතුමක් කියලා විතරයි.

ඒ කියන්නෙ මං ඉස්සෙල්ලාම ඔයාගෙ ගෙදර එද්දිත් ඔයා එයා එක්ක යාලුවෙලා හිටියා කියලද?
මාස ගාණක් මට බොරුකලා කියලද?
ඔයා විතරක් නම් කමක් නෑ, ගෙදර අයත්, අම්මත්???
මට ඒකට හරි හමන් උත්තරයක් ලැබුනෙ නෑ.

ඇයි එහෙනම් මං අන්තිම පාරට ගෙදර ආවමවත් ඒ ගැන කිව්වෙ නැත්තෙ. 
අම්මෝ කියන බොරු. මෙයා අපේ ගෙදර ආවලු. කවද්ද ආවේ?
ඒකනේ, ඒ මනුස්සසා බොරු කියන්නෙ...

මට කට කොනකින් හිනාවක් ගියා. නෑ.. මම මටම හිනාවුනා. මං හිමීට ආහාහෙ දිහා බැලුවා. ජේසුස් වහන්සේ මං දිහා බලානඋන්නා...

Saturday, February 10, 2018

තවත් එක් චරිතයක් නොව... | Not Another Character...


මගෙ දෑසට අහුවුනේ හෙමි හෙමිහිට කැරකෙන විදුලි පංකාවේ පෙති පමණි, අප්‍රාණික බවක් පෙන්නුම් කරමින් නගන්නාවූ කෙදාරිලි හඩ එහි පෞරාණික බව මොනවට විදහා දැක්වීය. එදා මෙදා තුර වසර ගණනාවක් මුලුල්ලේ කී දෙනෙකුගෙ කදුලු කතාවන් ඔහු ඉදිරියේ දිගහැරෙන්නට ඇත්ද, කී දෙනෙකුන් ඔහු හමුවේ නිරුත්තර වන්නට ඇත්ද, කී දෙනෙකුන් ඔහු ඉදරියේ නිරුවත් වන්නට ඇත්ද? තවත් සුලු මොහොතකින් මා හට  කාමරයේ වූ අබලන් වූ මකුලු දැල් බැදුනු සිවිලිම් තහඩු පේන්නට විය.ගැඹුරු සුසුමක් හෙලූ මා නැවතත් නිරුවත්වම සයනයේ වැතිරෙමින් දෑස් පියාගන්නට විය.
මගේ අවශ්‍යතාවය වුනේ තවදුරටත් මෙම මට්ටමේ සිටීම නොවේ. ඉහල ආදායමක් ලගා ගැනීමටයි, ඉහල පැලැන්තිය ඇසුරු කරන නමගිය චරිතයක් වීමටයි. "ටෘනා" කී සැනින් සුපිරි පැලැන්තියේ ගැහැනුන් ඉරිසියා කරන මට්ටමේ චරිතයක් වීමටයි. හැඩි දැඩි සල්ලිකාරයන් බල්ලන් සේ ඇදී එනු දැකීමයි. නමුත් මේ සියල්ල මගේ වය්‍යාපාරික අරමුණු පමණක්ම විනා සැබෑ අභිලාෂයන් නොවන බව ඔබ දත යුතුයි.

මා නිවසට පැමිණෙන විටත් වේලාව උදෑසන 10 පසුවී තිබෙන්නට අැති. ඒ වනවිටත් ඇන්ඩෘ උදෑසන පාතරාසය පිළියෙල කර තිබුනි. උණුසුම් හාදුවකින් හා මද සිනාවකින් මා පිළිගත්තද ඔහු සිටියේ එතරම් ප්‍රසාදයකින් නොවන වග මට වැටහුණි. ඇත්තටම කිව්වොත් අප්පිරියාවක්? මට එහෙම කියන්නට, ඊටත් වඩා හිතන්නට හේතු ගණනාවක් තිබුනි. පළවෙනිම කාරණය, ඔහු මා ගැන හොදහැටි දැන දැනම මා හට මෙතරම් ආදරයි කිරීමයි. නමුත් කෙතරම් ආදරය කරද එය  ශාරීරික සම්බන්ධයක් දක්වා ඉක්මවා නොයෑමට ඔහු සෑමවිටම කටයුතු කරයි. එය සැමවිටම මා හට දැනුනේ මා පහත් කොට සැළකීමක් වශයෙනි, නමුත් ඇන්ඩෘගේ පැත්තෙන් බලන කොට ඒක සාධාරණයක් නැත්තෙ නෑ. කවුද කැමති අනුන්ගෙ කුණු ඇගේ ගෑවෙනවට!

මොනව උනත් ඇන්ඩෘගෙ මං ආස කරපු තව දෙයක් තිබ්බා.ඔහුගෙ සරාගී  ස්පර්ශය. ඒක මං හැමදාම විදින දුක් කන්දරාව මොහොතකට අමතක කරන්න සමත් වෙනවා කිව්වොත් මං හරි. ඒ කියන්නෙ හරියට, සවර්ගයට යනව වගේ හැගීමක්.නපුරු කොටි නියපොතු තියෙන හැඩිදැඩි කොටියෙකුට අහුවෙන පුංචි මුව හමක තියෙන පහුරු, රිදුම් සුව කරන්නට සමත් ඒ ආදරණිය උණුසුම. වෘත්තීය ආචාර ධර්ම වලට අනුව මගේ තොල් පෙති පාවිච්චි කරන එකට මම තදින්ම විරුද්ධ උනත් ඇන්ඩෘ ඒ දිහා බලන්නවත් උත්සාහ කරන්නෙ නැත්තෙ ඇයි කියල මං දන්නෙ නෑ. ඒක හරියට අපි කොච්චර පම්පොරි ගැහුවත් "හෙට ලොව අපේ දරුවෝ" කියලා හිගන කොල්ලෙක් දිහා වපරැහින් බලනව වගේ වැඩක්. අපි පොඩ්ඩක්වත් කැමති නෑ ඒ ජරාවට. ඒ මොනව උනත් ඔහු නලලත මත තබන හාදුවයි, මාව පපුව මත රදවාගන්නා විදියයි හොදටම ඇති මට විශ්වාස කරන්න එයාගේ ආදරේ ගැන.

"මං කියන්නෙ නෑ මං මේක කරන්නෙ ආසාවෙන් කියලා, සමහරවිට ඒක මගේ දෛවය වෙන්න ඇති..." මං ඇන්ඩෘට එහෙම කියන හැම වෙලාවකම එයා මං දිහා රවලා බලන්නෙ මාව කන්න වගේ. "ඇයි ජීවිතේම දෛවයට බාරදීලා ඉන්නෙ, වෙනස්වෙන්න කැමති නැද්ද". ඇත්තටම මට උවමනාවක් නෑ වෙනස් වෙන්න, ඒත් මං කොහොමද ඒක ඇන්ඩෘට තේරුම් කරන්නේ. ඒක මගෙ "වේසකමකට" කියනව නෙමෙයි, ඒත් මං ගොඩ එන්න බැරි විදියට එරිලා ඉන්නේ, මේ ජරාව ඇතුලෙ.

පහුවදාත් වැඩ අධික දවසක්, දවසකට කස්ටමර්ස්ලා 12ක් කියන්නෙ සෙල්ලම් වැඩක්ද.වෙලාවකට මං ගැනම අප්පිරියාවක් මටත් නොදැනෙනව නෙමෙයි. එත් දැන් මට මේක පුරුදු වෙලා, මට තියෙන්නෙ සුදුමැලි වෙච්ච ඩමියක් වගේ ඔහේ ඉන්න විතරයි, ඒකෙ කිසිම ආත්ම තෘප්තියක් මටවත් නැතිව මං කොහොමද වෙන කාටවත් සතුටක් දෙන්නෙ. මං දන්නව ඒක මගෙ කැරියර් එකට ස්ට්‍රයික්ලි බලපානව කියල, ඩිමාන්ඩ් අඩුවෙන්න. එහෙම උනත් ඒ හැම වෙලාවකම මට මතක් වෙන්නෙ ඇන්ඩෘව, ඒ වෙලාවට කදුලක් ඇහැටත් හොරා වැටෙන්නෙ වේදනාව නිසා නෙමෙයි. ඒ වගේ අහිංසක මනුස්සයෙක් මං වෙනුවෙන් හැම වෙලාවකම වදවෙන හිංදා. එත් කවදාහරි මට ඕනෙ කරන්නෙ මේ තැනින් ගැලවිලා උඩට යන්න, එතකොට දවසකට කස්ටමර්ස්ලා දෙතුන් දෙනකේගෙන් බජට් එක ශේප් කරගන්න පුලුවන් වෙයි, ඔක්කොටම වඩා මට කලින්ම ගෙදර ගිහින් ඇන්ඩෘගෙ මූණ බලන්නත් පුලුවන්...