ඉස්සර ඉස්කෝලේ යන කාලේ...ඉන්ටර්වල් එකට කැන්ටිම ඉස්සරහට වෙලා ඉදගෙන,ඒකට එන අදුරන උන්ගෙන් මුරුක්කු ටිකක් හිගාකෑවේ ආතල් එකට නෙමෙයි.ආසව තිබ්බට ගන්න සල්ලි නැතිනිසා...
පස්සෙ කාලෙක සිස්සත්වෙන් පාස්වෙලා ලොකු ඉස්කෝලෙකට ගිහිං පරණ පුරුද්දම කලාම අහගන්න උනේ "නොදකින් පෙරේතය" කියලා විතරයි..ඒත් සමහරු ජුන්ඩක් දීල ගියා.
ටික ටික ලොකුවෙද්දි..ලමයි බාලදක්ෂ,කැඩේට්,ගායන තරගවට යද්දි මං ඒවාට ගියෙ නැත්තේ ආස නැතිව නෙමෙයි.ඒවාට සල්ලි නැති නිසා...
පන්ති යන කාලේ...කොල්ලො කෙල්ලො ලස්සන ස්ටයිල් කර කර එද්දි..ඉරිසියා නොහිතුනා නෙමෙයි...
වයසේ වැරැද්දට කෙල්ලො එක්ක යාලු උනාට..මට එයාට දෙන්න කියලා ඉතුරුවෙලා තිබ්බේ "මගේ දුප්පත් ආදරේ" විතරයි...
ඒ ලෙවල් ඉවර වෙන්නත් කලින් සමහරුන්ට ගෙවල්වලින් බයික් අරන්දුන්නට,සමහරු බිස්නස් පටන්ගත්තට,සමහරුන්ට ලස්ස ගනන් වටින් බඩු අරන් දුන්නට..මං එවා ඉල්ලුවෙ නැත්තෙ ආසාව නැතිව නෙමෙයි..
පන්ති පීස් දෙන්න සල්ලි නැතිව..සර්ලගෙන් ෆ්රී කාඩ් හිගාකෑවේත්...අනිත් උන් වගේ ආතල් ගන්න නෙමෙයි.
සමහරු කේඑෆ්සී,පීසා හට් එකෙන් කෑම කද්දි..60 දශකයේ කඩේට ගිහින් ගල් බනිසක් කාලා බඩ පුරෝගත්තෙ කරන්න දෙයක් නැතිකමට..
කරුමෙට එක්සෑම් කෙල උනාට...ආයෙත් නාස්ති කරන්න තරම් කාලයක් තිබ්බේ එයාලට විතරයි..
පොඩි කාලෙ ඉදන් ජරා අසනීපයක් ඇගේ තියාගෙන,ඒ මදිවට ඔලුවත් අවුල්කරගෙන..මැරෙන්න හිතුනේ වරක් දෙවරක් නෙමෙයි...
හීන හැම එකක්ම ඇස් ඉදිරිපිට බිදවැටෙනකොට...ජීවිතේ එපාඋනේ වෙන කරන්න දෙයක් නැතිහිංදයි...
අතේ සතේ නැතිකොට..ඉල්ලගන්න කවුරුත් නැතිකොට...ඉන්ටර්වීව්වලට යන්න එන්න සල්ලිත් නැතිව,ජොබක් හොයන්නත් සල්ලි ඕනෙකොට..මං මටම වෛරකරන්නේ..මං කාලකන්නිය්රක් නිසයි..
හැමෝගෙන්ම බැනුම් අහනකොට..වැරදීමයි,අවාසනාවයි එකතුවෙලා මාව මරන්න පන්නනකොට..
මෙ හැමදේකින්ම මිදිලා යන්නම යන්න හිතෙන්නේ..ආයෙත් නො එන්නමයි!